28. ඔබ වෙනුවෙන් මගේ පැතුම...


මේ උදාවෙන 2013 අවුරුද්ද 
ඔයගොල්ලෝ හැමෝටමත්, 
ඔයාලගේ ආදරණීයතමයන් හැමෝටමත් 
හිතේ සතුට සැනසුම පිරුණු, 
නිදුක් නිරෝගී බවින් පිරුණු, 
සුන්දර මතක ගොඩාක් ජීවිතයට එකතු කරන 
ලස්සන, වාසනාවන්ත අවුරුද්දක් වේවා! 
ඔයාලා හැමෝගෙම 
ලස්සන සිහින, බලාපොරොත්තු හැම එකක්ම 
මේ අවුරුද්දෙදි ඉටු වේවා! 


12 comments:

  1. එසේම වේවා සිත්තමීටත්..

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ගොඩ වැදුණාට ගොඩාක් ස්තූතියි රූ. සාදරයෙන් පිළිගන්නවා. මං දැක්කා, රවි අයියා පෙන්නාපු පාර දිගේනේ ඇවිත් තිබ්බෙ නේද? :)

      Delete
  2. සිත්තමීටත් එසේම වේවා...!!!

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්ද මෙයාටනං වැරි වැරි ඉස්පෙෂල්නේ නේද? ඒ සුන්දර විශේෂත්වය, ඒ රසය මේ අවුරුද්දේ විතරක් නෙවෙයි මුළු ජීවිතේ පුරාවටම රැඳිලා තියේවා කියලා මං ඔන්න ඉස්පැෂල්ම විෂ් එකක් කරන්නංකෝ හොඳද. :D

      Delete
  3. ඔබටත් එසේම වේවා. 2013 දී ගොඩක් දේ ලියන්න ලැබේවා!!
    මැණික්

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි මැණික්! ලියන්න ආස මට ඔයාගේ මේ පැතුම මට ගොඩක් විශේෂයි දන්නවද? :)

      Delete
  4. සිත්තමීටත් එසේම වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි නිශ්! සාදරයෙන් පිළිගන්නවා ඔයාවත්! අළුත් අවුරුද්ද ජයම වේවා! :)

      Delete
  5. සිහින බලාපොරොත්තුනං ඒ හැටි නෑ නඟේ.....හෙහ්, හෙහ්, මගෙ Motto එක ඇවිල්ල ළමයා Come come type hit door jamb…..:) :).....හරි කොහොම හරි කමක් නෑ...ඔයාල ඇවිල්ල දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන ඉන්න උදවිය නෙව...ඒ බලාපොරොතු ඔක්කොම නොවෙතත් බහුතරයක් මේ වසරේදී ඉටු වේවා!!!

    ReplyDelete
    Replies
    1. හපොයි මෙයාගෙ මොටෝ එක තේරුංගන්ඩ මට ගිය වෙලාවක්! ඒ හැටි නැති උනාට කමක් නෑ, තියෙන බලාපොරොත්තු ටික හරි ඉටුවෙන්ඩනෙ ඉතිං මං සුභ පැතුවෙ. මොකෝ කියන්නෙ, සුභ පැතුම බාරගන්නවද, එපානං මං ආපහු ගන්ඩද? :P

      Delete
  6. ඈ බොලං කෙල්ලේ, බලාපොරොත්තු ඔක්කොම මේ අවුරුද්දෙ ඉටුවුනාම 2014 මක්කැයි කොරන්නේ.!!??

    බොලාටයි, අර අසරණ අහිංසක සිත්තරාටයිත් සුබ 2013ක් වේවා.!!

    ReplyDelete
    Replies
    1. ඔන්න මෙයාටනං මට දිග උත්තරයක් ලියන්ඩ වෙනවා.

      දැං බූරො අයියේ, දැනට අයියගේ හිතේ තියෙන බලාපොරොත්තු ගැනම හිතලා බලන්නකෝ. ඔව්වා ඔක්කොම ඉපදෙන කොටම හිතේ තියාන ආපු එව්වය? නෑනේ. මේ ජීවත් වෙච්ච අවුරුදු බර ගාණ තිස්සේ හිතේ එකතු වෙච්ච එව්වා නෙව. ඔන්න මං කියන්ඩද අයියගේ ජීවිතේදි ඉස්සෙල්ලාම හිතේ ඇති වෙච්ච බලාපොරොත්තුව? කොට් එකේ වැටෙං පනින්ඩ. බොරුද? :D ඕං ඔය වගේ සුට්ටි සුට්ටි බලාපොරොත්තු අවුරුද්දෙන් අවුරුද්ද හිතේ ඇති වෙලා, හෙමින් හෙමින් එව්වා එකින් එක ඉටු කරගෙනනේ මේ දැන් ඉන්න තැනට ඇවිදිං ඉන්නේ. ඉතිං 2014 ගැන බය වෙන්ඩ එපා. මේ 2013 ඉවර වෙද්දි ඒ ඊලඟ අවුරුද්දට සෑහෙන්ඩ බලාපොරොත්තු තොගයක් අයියගේ හිතට ඇවිල්ලා තියෙයි. එව්වා ඔක්කොම ඉටු වෙන්ඩ කියලා මං ආයෙ 2014 ලබද්දි සුභ පතන්නංකෝ. :D

      /*බොලාටයි, අර අසරණ අහිංසක සිත්තරාටයිත් සුබ 2013ක් වේවා.!!*/

      අයියෝ එයාගෙ නම අහිංසක නෙමෙයි අනේ. :P

      Delete