භාරත ගී වින්දන ගැන ලියපු සටහනේදී මම කිව්වා මගේ ප්‍රියතම ඉංග්‍රීසි ගීත ගැනත් සටහනක් ලියන්න හිතාගෙන ඉන්න බව. ඔන්න මේ ලෑස්ති වෙන්නේ ඒ ගැන ලියන්න.
1. Westlife සංගීත කණ්ඩායමේ බොහෝ ගීත වලට මම හුඟක් කැමතියි. මේ ඒ අතුරින් වඩාත් කැමතිම ගීතය. මෙයට අමතරව Seasons in the Sun, My Love ගීත දෙකත් හරිම ආසාවෙන් රස විඳින ගීත.
You raise me up, so I can stand on mountains;
You raise me up to walk on stormy seas;
I am strong when I am on your shoulders;
You raise me up to more than I can be.
VIDEO
2. Boyzone සංගීත කණ්ඩායමේ මම කැමතිම කටහඬ තිබුණේ මේ Ronan Keating ගායකයාට. ඔහු තනියම ගායනා කරන මේ ලස්සන ගීතය, නිකුත් වෙච්ච කාලයේ ඉඳලා මේ වෙනකල්ම මම හරිම ආදරේ කරන ගීතයක්.
The smile on your face lets me know that you need me.
There's a truth in your eyes saying you'll never leave me.
The touch of your hand says you'll catch me wherever I fall.
You say it best when you say nothing at all.
VIDEO
3. Disney චිත්‍රපට සමග නිකුත්වෙන ගීතත් බොහෝ වෙලාවට ඒ චිත්‍රපට වාගේම ආදරේ දිනාගන්නවා. මේ, තියෙන්නේ මම කැමතිම Disney චිත්‍රපට ගීතය. Tangled චිත්‍රපටය වෙනුවෙන් මෙය ගායනා කරන්නේ එහි ප්‍රධාන චරිත ද්විත්වයට හඬකවාපු Mandy Moore සහ Sachary Levy. මෙය හැරෙන්නට මම කැමතිම අනිත් Disney චිත්‍රපට ගීත තමයි Aladdin චිත්‍රපටයේ It's a Whole New World ගීතය සහ Pocahontas චිත්‍රපටයේ Colors of the Wind ගීතය.
All those days watching from the windows
All those years outside looking in
All that time never even knowing
Just how blind I've been
Now I'm here blinking in the starlight
Now I'm here suddenly I see
Standing here it's all so clear
I'm where I'm meant to be
VIDEO
4. ඒ දවස් වල මම ආච්චිත් එක්ක SLBC ගුවන් විදුලි සේවයේ විකාශය වුණ House Wife's Choice වැඩසටහනට කන් දෙන්න පුරුදු වෙලා හිටියා. ඒ වැඩසටහනෙන් ගොඩක් වෙලාවට ඇහුණේ Cowboy Songs. Jim Reeves, Marty Robbins, Hank Snow මම අඳුනගත්තේ එතනින්. මේ ගීතය Jim Reevesගේ සුන්දර ගැඹුරු හඬින් ගැයෙන ආදරණීය ගීතයක්.
Adios amigo, adios my friend
The road we have travelled has come to an end
When two love the same love, one love has to lose
And it's you who she longs for, it's you she will choose
VIDEO
5. මම ගිය ප්‍රාථමික පාසැලේ බටහිර සංගීතය වෙනුවෙන් අපිට දීපු ගීත පොතක් තිබුණා. ගුරුතුමිය ඒ පොතෙන් නියම කරන ගීතය ඊළඟ දවසෙදි හොඳට පාඩම් කරගෙන ඇවිත් පංතියේදී ගායනා කරන අයට රතු තරු ලකුණු ලැබුණා. ඒ වැඩේ මට බොහොම අමාරු වුණා. ඒත්, කිසිම ආයාසයක් නැතුව මට ඉබේම පාඩම් හිටපු ගීතය තමයි මේක. මං හිතන්නේ ආච්චිත් එක්ක පැරණි බටහිර ගීතවලට කන් දීලා හිතේ පැලපදියම් වෙලා තියෙන්න ඇති, සින්දු කියලා ගත්ත මුල්ම රතු තරුව එදා හම්බවුණා. Jamaica Farewell. අන්තර්ජාලයේ විවිධ ගායකයන්ගේ හඬින් මේ ගීතය අහන්න ලැබුණත්, මම දන්න හැටියට මුල් ගායකයා Harry Belafonte.
But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town
VIDEO
6. 1999 වසරේදී නිකුත් වූ මෙම Millennium Prayer ගීතය එළැඹුණු නව සහශ්‍රය වෙනුවෙන් වූ ප්‍රාර්ථනාවක්. Cliff Richard ගායකයාගේ මෙම ගීතයට අමතරව Christmas Time ගීතයටත් මම හරිම කැමතියි.
Our Father who art in heaven,
Hallowed be thy name.
Thy Kingdom come. Thy will be done
On earth as in heaven.
VIDEO
7. Zorro චිත්‍රපටය වෙනුවෙන් Mark Anthony සහ Tina Arena ගයන මේ ගීතයේ සංගීතයත් ඔවුන් දෙදෙනාගේ හඬ මුසුවත් සමග දෑස් පියාගත්තාම කොහේදෝ ඈතක අතරමං වෙනවා.
Moon so bright night so fine
Keep your heart here with mine
Life's a dream we are dreaming
Race the moon catch the wind
Ride the night to the end
Seize the day stand up for the light
I want to spend my lifetime loving you
If that is all in life I ever do
VIDEO
8. ගුවන් විදුලියෙන් අහලා පුරුදු, ගොඩක් කැමති ගීතයක්. මේ ගායකයාගේම Country Roads ගීතයත් හරිම ලස්සන මම ආස තව ගීතයක්. You Fill Up My Senses - John Denver
You fill up my senses like a night in the forest,
like the mountains in springtime, like a walk in the rain,
like a storm in the desert, like a sleepy blue ocean.
You fill up my senses, come fill me again.
VIDEO
9. මම පාසැල් ගිය වෑන් රථයේ ගුවන් විදුලිය හරහා දවස ගානේ, උදේ දවල් ඇහිලාම, නොදැනීම රසවිඳින්න, ආදරේ කරන්න පෙළඹුණ ලස්සන ගීතයක්. Right Here Waiting for You - Richard Marx
Wherever you go
Whatever you do
I will be right here waiting for you
Whatever it takes
Or how my heart breaks
I will be right here waiting for you
VIDEO
10. Celine Dione ගායිකාවගේ ගීත බොහොමයකට මම ඉතාම කැමතියි. මේ ඉදිරිපත් කරන ගීතය ඇරෙන්න My Heart Will Go On සහ All Coming Back to Me ඒ අතරින් විශේෂයි.
When you want it the most there's no easy way out
When you're ready to go and your heart's left in doubt
Don't give up on your faith
Love comes to those who believe it
And that's the way it is
VIDEO
11. Oscar Harris ගායකයා ළමුන් පිරිසක් සමග ගයන මේ ගීතය තරමක් පැරණියි. ඉතාම සුන්දර ගීයක්. ඔහුගේ කටහඬ ඉතාමත් අපූරුයි.
Some are black, some stay white
Is it wrong or is it right?
Feeling strong, feeling light
Every day and every night
VIDEO
12. Heal the World ගීතය පිළිබඳ විශේෂ හැඳින්වීමක් අවශ්‍ය නැහැ කියා හිතනවා. Michael Jackson ගායකයා මනුෂ්‍යත්වය වෙනුවෙන්, සොබාදහම වෙනුවෙන් ගැයූ ගී සදා අමරණීය වනු ඇති බව මගේ හැඟීමයි.
Heal The World
Make It A Better Place
For You And For Me
And The Entire Human Race
There Are People Dying
If You Care Enough
For The Living
Make A Better Place
For You And For Me
VIDEO
13. A Walk to Remember චිත්‍රපටයේදී එහි ප්‍රධාන චරිතය රඟ දක්වන Mandy Moore විසින් ගයනු ලබන Only Hope ගීතයටත් මම ඉතාම කැමතියි. ඒ සමහරවිට ඒ A Walk to Remember නිසා වෙන්නටත් ඇති. :)
There's a song that's inside of my soul
It's the one that I've tried to write over and over again
I'm awake in the infinite cold
But You sing to me over and over and over again
VIDEO
14. ඉංගිරිස් සින්දු වල නෙවෙයි සිංහල සින්දු වලවත් තේරුමක් නොතේරෙන තරම් චූටි කාලේ ඉඳන් මම මේ සින්දුවට, ඒ වචන ගලාගෙන යන රිද්මයට හරිම ආසයි. Sealed with a Kiss - Jason Donovan
Though we've got to say goodbye for the summer
Darling, I promise you this
I'll send you all my love everyday in a letter
Sealed with a kiss
VIDEO
15. ආදරේත් එක්ක හිතට දැනෙන නුහුරු, මිහිරි හැඟුම් ගැන මේ තරම් ලස්සනට ගැයෙන වෙන ගීතයක් තියෙනවද මන්දා. ඉස්සර ඉඳන්ම ගොඩක් ආස ගීතයක්. Top of the World - The Carpenters
I'm on the top of the world lookin' down on creation
And the only explanation I can find
Is the love that I've found ever since you've been around
Your love's put me at the top of the world
VIDEO
16. මේ Wooden Heart ගීතයත් නොයෙක් වර විවිධ ගායක ගායිකාවන් ගයා තිබෙනවා. ඒ අතරින් මම මෙහි පළ කරන්න තෝරාගත්තේ G. I. Blues චිත්‍රපටයේ Elvis Presley ගායනා කරන අපූරු ගීතය.
Can't you see
I love you
Please don't break my heart in two
That's not hard to do
'Cause I don't have a wooden heart
VIDEO