රුදු විස පිරි කටු අකුලේ සුවඳැති මල් පුබුදුවන්න
ගිනියම් වූ අඟුරු මතට වැහි පොද වී ඇද හැලෙන්න
හඳ නැති රෑ කළුවර මැද තරු එළියක් වී දිලෙන්න
අකුරුවලට ඇහැකිය ඒ අරුමැසි විසිතුරු මවන්න
චණ්ඩව මහ රළ නගනා සමුදුර මැද රුවල් ලන්න
ගිගුරුම් දෙන අසනි සරට මල්මද මුදු සිනහ දෙන්න
දුම් දමනා ගිනි කන්දක ලෝදිය කඳ නිවාලන්න
අකුරුවලට ඇහැකිය ඒ අරුමැසි මායම් මවන්න

කෝ අරකෙ ඉතුරු ටික?
ReplyDeleteකෝකෙද අනේ?
Deleteඅර වැස්සෙ තෙමුන කෙල්ලගෙ කතාව..?
Deleteඒක ඉතිං එච්චරයිනෙ. මට ඕන වුණේ රවි අයියාගෙ මුල් කතාවේ වෙන් වෙච්ච දෙන්නාව ආපහු එකතු කරන්න. ඉතිං ඔය පුස්තකාලෙදි හම්බවුණේ. :)
DeleteLetters are among the most significant memorial a person can leave behind them.
ReplyDelete- Johann Wolfgang von Goethe
I'm tired of wasting letters when punctuation will do, period.
- Steve Martin
Thanks PJ! :)
Deleteකියාගන්න බැරි සමහර දේවල් ලගම අයට මම තවමත් ලියලා දෙනවා.සමහරවිට කටින් කියනවාට වඩා අකුරු කරලා දෙන එහෙම දේවල් හරිම ලෙන්ගතුව දැනෙනවා.
ReplyDeleteඒකනම් ඇත්ත. හැබැයි මේකනම් මම ලිව්වෙ තද වෙච්ච වෙලාවක. :D
Deleteබම්බුව
ReplyDeleteබම්බු නෙවී, ඒ තමයි ඇත්ත! අම්බානක තද වෙච්චි වෙලාවක ඔය අකුරු ටික ලියලා තමයි කූල් ඩවුන් වුනේ. :P
DeleteThada wela liuwa unath kohmahari age athi padha peli tika,
ReplyDeleteThank you Geethika! :)
Delete