62. හිරු උදාව...



බලා හිඳිනෙමි
ඇඟිලි ගනිමින්
දෑස් දල්වා 
නොඉවසිල්ලෙන්
මල් කැකුළු පොඩි පුබුදමින්
විහඟ ගී නද පතුරමින්
ගං දියේ රැළි නංවමින්
මඳ නළට ජීවය දෙමින්
වඩිනා තුරා හිරු
ලොවම එකළු කරමින්...




61. හැඟුම්...


අකුරු කරනට බැරි හැඟුම් ඇත
හදේ තෙරපී ඉතිරෙනා
මහා සයුරක් ලෙසින් රැළි නැග
නොනැවතී ගී මුමුණනා...

උත්තරීතර සිතුම් පොදි බැඳ
සෙනෙහෙ වැල් පටකින් ඔතා
තබා සුරකිමි හද මඬල තුළ
කිරුළු පළඳා බැතියෙනා...