ඕන්න කාලෙකට පස්සේ ගණිත ගැටළු ටිකකුත් අරගෙන ගණං ටීච ආවලු. බලමු අද කවුද මේ ටික මුළින්ම විසඳන හපනා කියලා. :)
1.
බූවලු ලෝකේ රජ්ජුරුවන්ට හිටියා කකුල් හයේ, හතේ, අටේ සේවකයෝ. මේ සේවකයන්ගෙන් කකුල් හතේ අය කිව්වොත් කියන්නේ බොරුමයි. කකුල් හයේ අයයි අටේ අයයි කියන්නේ ඇත්ත විතරමයි.
දවසක් මේ සේවකයෝ හතර දෙනෙක් හම්බවුණා.
මේ හතර දෙනාගෙන් ඇත්ත කියන්නේ මොන පාට බූවල්ලාද කියන්න බලන්න.
2.
අමරයි මාලායි අයියයි නංගියි. මාලාට ඉන්න සහෝදරයන් ගාණටම සහෝදරියනුත් ඉන්නවා. අමරට ඉන්න සහෝදරයන් ගණන වගේ දෙගුණයක් සහෝදරියන් ඉන්නවා. ඒ පවුලේ මුළු සහෝදරයන් ගණන කීයද? සහෝදරියන් ගණන කීයද?
3.
ඒකෝමත් එක ගමක තිබුණ ලොකු චතුරශ්‍රාකාර පොකුණක් මැද්දේ චතුරශ්‍රාකාර දූපතක් තිබුණා. මේ දූපතට පොකුණේ ඉවුරේ ඉඳලා හතර පැත්තෙන්ම තිබුණේ අඩි 20ක දුරක්. දවසක් එක මනුස්සයෙකුට මේ දූපතට යන්න ඕන වුණා. ඒත් එයා ළඟ තිබුණේ අඩි 19ක් දිග, අඩියක් විතර පළල ශක්තිමත් ලෑලි දෙකක් විතරයි. එයා කොහොමද තෙමෙන්නේ නැතුව ඒ දූපතට යන්නේ?
4.
දවසක් ළමයි පස් දෙනෙක් පිට්ටනියක ක්‍රිකට් ගහ ගහ හිටියා. එක්කෙනෙකුගේ අතින් බෝලෙ වැදිලා ළඟ තිබුණ ගේක ජනේලයක් බිඳුනා. ඒ ගැන අහපු වෙලාවේ ළමයි පස් දෙනා එක්කෙනෙක් වාක්‍ය තුන ගානේ කිව්වා. ඒ වාක්‍ය තුනෙන් 2ක් ඇත්ත, එකක් බොරු. මේ තියෙන්නේ ඒ එක එක්කෙනා කියපු වාක්‍ය.
ජන්තු:
1. මං නෙවෙයි ඒක කළේ.
2. සිඟිති කියයි ඒක කළේ කවුද කියලා.
3. අපෙන් එක්කෙනෙක් ලොකු අමාරුවක වැටෙන්නයි යන්නේ.
මහතුන්:
1. ටිකිරි තමයි ඒක කළේ.
2. මං නෙවෙයි ඒක කළේ.
3. මං ක්‍රිකට් ගහන්න ආසත් නෑ.
බිංදු:
1. මං නෙවෙයි ඒක කළේ.
2. ටිකිරියි මමයි හොඳ යාළුවෝ.
3. සිඟිති දන්නෙ නෑ ඒක කළේ කවුද කියලා.
ටිකිරි:
1. මං ඒක කළා කියලා මහතුන් කිව්වෙ බොරු.
2. මං මීට කළින් කවදාවත් බිංදුව දැකලා නෑ.
3. මං ජීවිතේට කවදාවත් ජනේලයක් කඩලා නෑ.
සිඟිති:
1. මං දැක්කා ටිකිරි ජනේලෙ කඩනවා.
2. මංනං ජනේලෙ කැඩුවේ නෑ.
3. මට ගෙදර යන්න ඕනෙ.
කවුද ඇත්තටම ජනේලෙ කඩලා තියෙන්නේ?
කමෙන්ට් පස්සෙ පබ්ලිෂ් කරන්නං. බය නැතුව උත්තර ලියලා යන්ඩ. :)
***
1.
බූවලු ලෝකේ රජ්ජුරුවන්ට හිටියා කකුල් හයේ, හතේ, අටේ සේවකයෝ. මේ සේවකයන්ගෙන් කකුල් හතේ අය කිව්වොත් කියන්නේ බොරුමයි. කකුල් හයේ අයයි අටේ අයයි කියන්නේ ඇත්ත විතරමයි.
දවසක් මේ සේවකයෝ හතර දෙනෙක් හම්බවුණා.
- නිල් පාට බූවල්ලා කිව්වා 'අපි හතරදෙනාගෙම කකුල් ගණන එකතු වුණාම කකුල් 28ක් තියෙනවා' කියලා.
- කොළ පාට බූවල්ලා කිව්වා 'අපි හතරදෙනාගෙම කකුල් ගණන එකතු වුණාම කකුල් 27ක් තියෙනවා' කියලා.
- කහ පාට බූවල්ලා කිව්වා 'අපි හතරදෙනාගෙම කකුල් ගණන එකතු වුණාම කකුල් 26ක් තියෙනවා' කියලා.
- රතු පාට බූවල්ලා කිව්වා 'අපි හතරදෙනාගෙම කකුල් ගණන එකතු වුණාම කකුල් 25ක් තියෙනවා' කියලා.