56. අවුරුදු තෑගි...

අළුත් අවුරුදු පහු වෙලා වෙසක් මාසෙත් ඇවිල්ලා. ඒත් ඉතිං මේ මං අළුත් අවුරුද්දෙ දාන පළවෙනි ලිපියනේ. ඒ නිසා ඉස්සෙල්ලාම හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා! :)





අද ලිපියත් ගණිත විනෝදයට සම්බන්ධයි. ඒත් ඔන්න ගැටළු නෑ, කෙළින්ම තෑගි විතරයි හැමෝටම. ගැටළු හොයාගන්න පුළුවන් ඕනෙනම් ඒ තෑගි ලිහලා බලලා. 

මේ තියෙන්නේ තෑගි ලැයිස්තුව.

මුළින්ම බෙදාගන්නේ මම වැඩියෙන්ම ආස එක. රහස් පද පෙරළි හොයන්න තියෙන්නේ මේකෙ. http://www.cryptograms.org/play.php

ඊලඟට ගණිත විනෝදයටම සම්බන්ධ සබැඳියක්. http://www.mathsisfun.com මේ තියෙන්නේ ඒකෙ මම කැමතිම ක්‍රීඩාව. තව අපූරු ඒවා ගොඩාක් තියෙනවා.

මේක තර්කානුකූලව හිතලා විසඳන්න තියෙන ගැටළුවක්. පුරුදු වෙන්න ටිකක් අමාරුයි. ඒත් වැඩේ අල්ලගත්තට පස්සේ හරි විනෝදයි. http://www.logic-puzzles.org/

කාලෙකට කළින් ටැන්ග්‍රැම් ගැන ලියද්දී ඒක අන්තර්ජාලය හරහා සෙල්ලම් කරන්න පුළුවන් සබැඳියක් දුන්නා මතකයි. මෙන්න ඒකම ආයෙත්. http://www.primarygames.com/math/tangram/

මෙතනත් තියෙනවා මොළය දියුණු කරගන්න උදව් වෙන අපූරු ක්‍රීඩා එකතුවක්. http://www.gamesforthebrain.com/

අන්තිමට මෙන්න මේක. මේකේ තියෙන ගැටළුනම් ගොඩාක් ගණිතයට සම්බන්ධයි. මමත් තාම උත්සාහ කරලා නෑ ඒ එකක්වත්. ඒත් මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් අය ඉඳියි කියලා හිතුණ නිසා බෙදා ගන්න හිතුවා. http://projecteuler.net/problems



8 comments:

  1. මේ සිසිනැකපො නම් මගේ තරහ කාරයෙක්ද කොහෙද! ගණංමනේ දෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මෙන්න බලන්න මෙයා කියන බොරූඌ... මේකෙ කොහෙද ගණං? පළවෙනි එකේ තියෙන්නෙ අකුරු විතරයි. රහස් පද පෙරළි. ඊලඟ එකේ තියෙන්නෙ ගණිත විනෝදය. ඒ කියන්නෙ ගණං නෙමෙයි. සෙල්ලම්. බලන්න ඒකෙ මම ආසම සෙල්ලම කියලා දීලා තියෙන එක. පින්තූර විතරනේ තියෙන්නේ. ලොජික් පස්ල් වලත් ගණං නෑ අයියා, තියෙන්නෙ ඉංග්‍රීසි වාක්‍ය විතරයි. ඊට පස්සෙ දීලා තියෙන්නෙ ගණං තියා අකුරක්වත් නැති එකක්. පොඩි කෑලි හතරක් එහෙට මෙහෙට කරලා රූප හදන්න. ඇයි මොකෝ ඔයා පොඩි කාලේ ජිග්සෝ පස්ල් හදලා නැද්ද? ඊලඟ එකෙත් සෙල්ලම් තියෙන්නෙ. ඔන්න අන්තිම එකේනම් ඉතින් ගණං තමයි තියෙන්නේ. ඒකනේ මාත් ඒකෙ මුකුත් කළේ නෑ කිව්වෙ. :P :P :P :P :P

      ඇත්තටමයි කියන්නේ අයියේ. කම්මැලි නැතුව පොඩ්ඩක් ඒ ලින්ක් වල තියෙන ඒවා කරලා බලන්න වෙලාවක් ලැබුණාම. පොඩ්ඩෝ දෙන්නටත් හොඳයි ඒවා. :)

      Delete
  2. බොහොම ස්තූතියි නංගි..අපූරුම අවුරුදු තෑග්ගක්.මේක වටින්නෙ හවස වැඩ ඇරිල දරු මල්ලංගෙ බාර්යාවංගෙ, සුවාමියංගෙ මූණු බලන්ට ගෙදර දුවන අයට නෙවෙයි අපි වගෙ හද්ද කාන්තාරෙ තට්ට තනියම ඉන්න එවුංට..අම්මප කිව්වම මොකද හීංවට දෙකක් ඇණ ගත්තම පෙහේලිකා ටික විසඳුවැකි සං සං ගාල....කොහොමද?..සං සං, සං ..සං...

    හෙහ්, පොඩ්ඩෙන් නං මතක බැරිවෙනව..ශිත්‍රාස් සහ උඹ යන දෙන්නටම සුබම සුබ අළුත් අවුරුද්දක් ඔන්න ..හරිය....අපි කිව්වොත් ආය කිරි ගහට කෙලමෝලෙං ඇන්න වගෙ තමයි..හරියටම හරි..හිත හොඳිං , බොක්කෙම්ම කියන එකනෙ බාං...නැද්ද හා???

    ReplyDelete
    Replies
    1. /*අම්මප කිව්වම මොකද හීංවට දෙකක් ඇණ ගත්තම පෙහේලිකා ටික විසඳුවැකි සං සං ගාල*/

      මේ කියන්නෙ ඔළුව හිල් වෙන්න ටොකු දෙකක් ඇනගත්තහම වෙන්ඩැති! :D :D :D

      ස්තූතියි අයියේ සුභ පැතුමටත්. :)

      Delete
  3. මෙයින් කීපයක් අපේ ඔපීසියේ ඕපන් වෙන්නෙ නැහැ.. හැබැ‍යි අපරාදෙ කියන්න බැහැ අර පලවෙනි එක නං ඕපන් වෙනවා... මම තාම ඉන්නෙ වෙරි ස්ලෝ ගොඩේ...

    අනික්වා හිමින් සීරුවේ ගෙදරදි ඇරලා බලන්න ඕනේ... රවි අයියා කියලා තියනවා වගේ අපි වගේ අය මේක පටං ගත්තොත්, ගෙදර විසුමක් වෙන්නේ නෑ...

    මොනවා උනත් අවුරුද්දට හිත හොඳින් දීලා තියන දේ නෙ.. ඔන්න එහෙනං වැඩි වැඩියෙං ලැබේවා කිව්ව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර අයියේ! පටන් ගනිද්දි වෙරි ස්ලෝ උනාට කමක් නෑ. ටික ටික ඉස්සරහට යන්න පුළුවනි. මටනං දැනට දෙසරයක් විතර වෙරි ෆාස්ට් ගොඩට එන්න පුළුවන් වෙලා තියෙනවා. අනිත් එව්වත් වෙලා තියෙන හැටියට බලන්නකෝ. :)

      Delete
  4. මේක නම් මොලේ කරකුට්ටං වෙන වැඩක් අප්පා..ඒත් තෑගි නිසා එපා කියලා කොහොමද?
    තැන්කූ සිත්තමී..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ, මෙහෙම තෑගි ලේසියෙන් හම්බ වෙන්නෙ නෑ. :) :) :)

      Delete