ඇය පසු වූයේ මහත් නොඉවසිල්ලෙනි. සති ගණනාවකට පසු ඇගේ ප්‍රේමවන්තයා ඈ හමුවන්නට පැමිණෙන්නේ එදින ය. අවසන්වරට හමු වූ දින ඔහු වෙත ලබා දුන් සමරු පොතේ ද ඔහු යමක් සටහන් කරගෙන එනු ඇත. නොඉවසිල්ලෙන් ගෙවුණු හෝරා ගණනකට පසු අවසන ඒ මොහොත උදා විය. ඇගේ කාර්යාලය අසළ සුපුරුදු අවන්හළේදී ඔහුත් ඇයත් මුණ ගැසුණි. ආගිය තොරතුරු කතාබස් කරමින් ක්‍රීම් බනිස්, කිඹුලා බනිස්, මාළු බනිස් ආදිය කා ඔහු උණු උණු ප්ලේන්ටියක්ද, උණුසුම් පානයන්ට වැඩි කැමැත්තක් නැති ඇය සීතල කිරි පැකට්ටුවක්ද බී තවත් වේලා දොඩමින් කල් ගෙවූහ. අවසන සමුගන්නට මොහොත ආසන්න වූ කළ, එතෙක් ඔහුම දෝතට පත් කරනු ඇතැයි සිතමින් පුල පුලා බලා සිටි සමරු පොත පිළිබඳව ඇය විමසුවාය. එවෙලේ සිහිපත් වූ ලෙසින් ඔහු එය ඒ මොහොතේදී සිය ගමන් මල්ල තුළින් පිටතට ගත්තේය. අනතුරුව ඇගේ මිතුරියන් එහි ලියා ඇති ඕපාදූප පිළිබඳව ඔහු පිටුවෙන් පිටුවට පැන විචාරන්නට පටන්ගත්තේය. පාසැල් වියේ කෙළි කවටකම් ගැන සොඳුරු මතක මිතුරියන්ගේ අකුරින් සටහන් වූ සමරු පොතේ ඔහුගෙන් සැඟවිය යුතු කිසිවක් තිබුණේ නැත. (තිබුණානම් එය ඔහු අතට ඈ දෙන්නේද නැත.) ඔහුගේ පැනයන්ට රතු වූ මුහුණින්, විටෙක විරිත්තමින්, විටෙක මිහිරි මතකයන්ගෙන් දෑස් බොඳ කරගනිමින් ඇය පිළිතුරු ලබා දුන්නාය. සියල්ල අවසන ඔහු පොත ඈ අතට ලබා දුන්නේය. "ඉතින් කෝ දැන් අයියා ලියපු එක?" ඇය එය අතට ගනිමින් විමසුවාය.
"මං මුකුත් ලිව්වෙ නෑ..." ඔහුගේ පිළිතුර විය.
"ඈ?"
"ඇයි?"
"මෙච්චර දවස් මේක තියං ඉඳලා මුකුත්ම ලිව්වෙ නෑ?"
"මං ඕවායේ ලියන්න දන්නෙ නෑ අනේ..."
ඇගේ මුහුණ හොඳ නැත. වැහිබර වූ අහසක් මෙනි. "ඇයි ඉතිං මං මේක දෙද්දි කිව්වෙ නැත්තේ... දන්නෙ නැත්තං මොනවාම හරි ලියන්න තිබුණානේ හිතලා... මං කොච්චර ආසාවෙන්ද බලං හිටියේ ලියපු එක කියවන්න... එක්කො දෙනකොටම කියන්න ඕනෙ බැහැයි කියලා... එහෙනං මං නොදී ඉන්නවනේ... එතකොට මට මෙච්චර ආසාවෙන් බලං ඉන්න වෙන්නෙ නෑනේ..." ඇය කියාගෙන ගියාය.
"එහෙම වුණානං මං කොහොමද ඔයාගෙ යාළුවෝ ඔය ලියලා තියෙන ඒවා කියවන්නේ..." ඔහුට ගණනක් නැත. ඇගේ නෝක්කාඩු ගැන, ඇගේ බලාපොරොත්තු කඩ වූ සිත ගැන, ඇගේ තැලුණු රිදුණු හදවත ගැන ඔහුට ගණන නැත. ඔහු සිනාසේ.
"මගේ හොර අල්ලන්න ඕවා කියවන්න ඕනෙ නෑ... අල්ලගන්න හොරයක් මගෙ ඇත්තෙත් නෑ..."
"ඕක කියෙව්වෙ නැත්තං ඉතිං මං හරියටම දන්නෙ නෑනේ ඒ ගැන..."
"මාව විශ්වාස නෑ එතකොට?"
"මොකද නැත්තෙ... ඕක කියෙව්වාම ඒ විශ්වාසේ තව වැඩි වුණා..."
"මං යනවා යන්න!" ඇය තරහින් නැගිට සමරු පොතද බෑගයේ ඔබාගෙන ආපසු නොබලා ම යන්නට ගියා ය. ඇගේ බස් රථය පැමිණෙන තුරු ඔහුද පාරෙන් අනික්පස සිය යතුරුපැදිය අසළට වී සිටගෙන සිටියද ඈ නිකමටවත් ඔහු දෙස බැලුවේ නැත. මෙවන් සුළු දෙයකට එපමණ තරහා වී සිටිය යුතු නැති බව ඈ දැන සිටියද ඇගේ සිත් තැවුල ගණනකතවත් නොගෙන ඔහු සිනාසෙමින් සිටි අන්දම ඈ වඩාත් කෝප ගැන්වීය. එබැවින් ඈ දිගටම එලෙසින්ම සිටියාය. ඈ යාමට නියමිත බස් රථය බස් නැවතුම් පොළට ආසන්න වන මොහොතේදී පමණක් ඈ යාන්තමට ඔහු දෙස බැලූ අතර ඔහු සුපුරුදු සිනහවෙන් යුතුව ම සිය සුරත ඔසවා ඇයට අත වැනුවේය. ඒ මොහොතේදීම බස් රථය ඔවුන් දෙදෙනාගේ දර්ශන පථය ආවරනය කළෙන් තමාද අත වැනිය යුතුද නැත්දැයි සිතා වෙහෙසෙන්නට ඇයට ඉඩක් නොවීය. කෙසේ හෝ සෙනග අතරින් රිංගා ඔහු සිටි දෙසට මුහුණ ලා සිටගත් මොහොතේදී ඔහුත්, ඔහුගේ යතුරුපැදියත් තව දුරටත් එහි පෙනෙන්නට නොමැති බව ඇය දුටුවාය. ඔහුද ඈ හා උරණ වූවාදැයි හැඟීමක් පළමුවරට ඇගේ සිතෙහි ඇති විය.
නිවසට ගොස් එදින සියලු කටයුතු නිමා කර නිදන්නට ආ මොහොතේදී ඇය සිය ගමන් මල්ල තුළින් සමරු පොත පිටතට ගත්තාය. බොහෝ දිනකින් එහි ඇති සොඳුරු මතක තුළ කිමිදෙන්නට ඉඩක් නොලද්දෙන් ඇය පිටු එකින් එක පෙරළමින් තනිවම සිනාසෙන්නට වූවාය. බොහෝ සටහන් ලියැවී තිබුණේ තනි පිටුවකය, නැතහොත් දෙකක ය. නමුදු ඇගේ සමීපතම මිතුරියන් හත් දෙනා ම පිටු දහය දොළහ බැගින් අයිති කරගෙන තිබුණි. ඒ සියල්ල යළි මතකයට කැඳවා ගනිමින් ඇය අවසන් පිටුව දක්වාම සමරු පොතේ පිටු පෙරළාගෙන ගියාය. පෙරදී එහි නොවූ යමක් එහි අවසන් පිටුවේ සටහන්ව තිබුණි.
එය ඇගේ අති සුන්දර ආලේඛ්‍ය සිතුවමකි. ජීවමානව එතරම් කිව යුතු සුන්දරත්වයක් නොමැති ඇයගේ සුන්දර සිතුවමකි...
එයට යටින් සටහන් කොට තිබුණේ 'මගේ' යන හිමිකාරීත්වයද එක් කරමින්, ඔහුම පමණක් ඈ අමතනා ඒ සොඳුරු ඇමතුමයි...
ඇගේ දෑසින් සට සට ගා කඳුළු කඩා හැලෙන්නට විය. කිසිවක් නොලියූ බව පැවසූ ඇගේ සමරු පොතේ ඔහු සිය සිතැඟි සියල්ල කැටි කොට එම සිතුවම ඇඳ තිබුණි... ඇය නොපමාව සිය ජංගම දුරකතනය අතට ගත්තාය...
***
ආ, දැං බලං හිටියේ කෝල් කරපු ඒවත් අහගන්නද? ඒවා ඕන නෑ ඔයැයිලාට. ඒ ඇවිල්ලා සිත්තමීගෙයි, සිත්තරාගෙයි ප්‍රේම පුරාණයේ පුංචි කතාවක්. හද වෙණ සත්සර ගැන නොකියා මේවා කියන්නේ මොකටදැයි අහලා බණිනවා නෙවෙයි ඔන්න. අද ඇවිල්ලා සිත්තරාගේ උපන් දිනේ. හෙට ඇවිල්ලා අපි දෙන්නාගේ විවාහ සංවත්සරේ. ඉතිං අපි දෙන්නාට සුබ පතන්ඩලා. :D
රිදුම් දෙන රුදු තියුණු කටු තුඩු රළු ඉපල් රැල් සහසකි
සුවඳ විහිදන සිනා පුබුදන සුමුදු මල් දස දහසකි
විටෙක සහසම පරයමින් දස දහස අහසට නැගි සැටි
සිතා ගන්නට තවම බැරි මේ මහරු අසිරිය අරුමැති
HAPPY NAUGHTY FORTY TO MY LOVING HUSBAND!!!

සිත්තරාගේ උපන්දිනේටයි ... ඔය දෙන්නගෙ ඇනිවසරියටයි ඔන්න තුශානිත් හදවතින්ම සුබ පතනවා ...
ReplyDeleteහද වෙණ සත්සරත් ඉක්මනට ලියන්ඩෝ....
ගොඩාක් ස්තූතියි නංගි! හද වෙණ සත්සර නේද..... හ්ම්ම්ම්.... ඇත්තට මොකද්ද ඒ? :P
Deleteඔය දෙන්නට සුභම සුභ විවාහ සංවත්සරයක් වගේම ඔයාගේ සිත්තරාට සුභ උපන්දිනයක් වේවා.
ReplyDeleteගොඩාක් ස්තූතියි අක්කේ! :)
Deleteසුබම සුබ අනාගතයක් දෙපළටම
ReplyDeleteස්තූතියි සෙන්! :) මොකෝ පහුගිය ටිකේ පේන්න හිටියෙ නැත්තෙ?
Deleteඅම්මපා කිව්වත් වගේ පේන්න හිටියේ නෑ නේන්නං. කාරණා කාරණා කීපයක්ම තිබුනා. කොහොම උනත් කාලෙකින් සහොදරීගෙ කවිපොත පෙරළිල නැති හින්දමයි මේ බලල යන්න ආවෙ.
Deleteකොහොමද ඉතින්....
අපිනම් මේ දවස්වල බොහොම කලබල කාලවකවානුවක් ගත කරන්නේ. ඒකයි කතාව ලියාගන්නත් ඉස්පාසුවක් නැත්තේ. ඊළඟ කොටස දාද්දි කියන්නම්කෝ මොකද කියලා. සෙන් තුමාලගෙ පැත්තේත් හැමදේම හොඳින් කියලා හිතනවා.
Deleteහෑ මේක මරු අපෙත් ඔය වගේමයි සත්තලන්ගේ උපන්දිනේ දවසෙමයි අපේ ආදර ඇනවසරි එකයි දෙකම තියෙන්නේ. ... සුබ පැතුම් ඔයාලටත් ජීවිතේ දිගු ගමනකට.
ReplyDeleteගොඩාක් ස්තූතියි සොඳුරු සඳවතී! :)
DeleteSuba pethum.... lassana anagathayak pathanawa dennatma....👌
ReplyDeleteගොඩාක් ස්තූතියි ඔයාටත්! :)
Deleteපන්සල්! පන්සල්!! පන්සල්!!!
ReplyDeleteමේ.. දෙන්න ඉස්ඉ ස්සෙල්ලම පන්සල් ගිය සීන්ස් එකත් සවිස්තරව ලියලම අර සම්පතා බාප්පගෙ කතාවට යමු ...හාද?
සුබ පැතුම් ටු බෝත් ඔෆ් යූ ෂිට්රා ඇන්ඩ් ෂිට්මී..:)...:)
ඒ කතාව මං හිතන්නේ අයියාම ලිව්වා අපේ අර අන්දර මල්දමේ කමෙන්ට් එකක. ඉතිං මං ආයෙ මෙතන කියන්ඩ ඕනෙ නෑනේ. :P
Deleteසම්පතා බාප්පා.... කවුද හැබෑටම ඒ....? ආ, හරි හරි, අර පිණි කියලා නාට්ටියක් ගියේ, ඒකෙ හිටිය මෑන්ස් නේද? හරි හරි, මං සුමානෙට එක කොටසක් ගානේ බැලුවා, හිතුවෙ නැති විදිහට ඉවර වුණානේ ඒක. :P
ටැන්ක්යූ සෝ මච් බිග් බ්‍රඩර්! :)
සිත්තරා අයියගෙ උපන්දිනේටයි, ඔයාලගෙ ඇනවසරියටයි අපෙන් සුභ පැතුම්!
ReplyDeleteසුභ අනාගතයක් දෙන්නටම!
ගොඩාක් ස්තූතියි මල්ලි! :)
Deleteඑහෙමයි කියල කතාව පරක්කු කරනව නෙවෙයි හරිය? දැනටමත් සති ගානක් පරක්කුයි. තව පරක්කු වුනොත් මේ රසික රසිකාවියො කෘස් මිසයිල, බැලස්ටික් මිසයිල එහෙම ගහන්න බැරිත් නෑ.
ReplyDeleteබිසී බොලං. කතන්දර ලියනවා තියා ලියලා තියෙන එකක් කියවගන්ඩවත් වෙලාවක් නෑ. :(
Deleteසීතල පිනි බින්දු බින්දු
ReplyDeleteරෑ තරු මත රැන්දු රැන්දු
ඇගේ නුවන් තෙමී කැලුම් පාවේ
ආදර සුව සිහින කැන්දු
මීවිත මුව රැන්දු රැන්දු
මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ
පීදෙන සඳ රේණු පාවි
මේ මාවත සුවඳ දේවි
සොඳුර ඔබේ මගේ සිතැඟි යාවේ
මේ රෑ නැගි රෑහි ගීත
තනිවී සවනේ රැඳේවි
ඔබ මා වෙත රැඳී ඉන්න සිහින ලතාවේ
සීතල පිනි බින්දු බින්දු
රෑ තරු මත රැන්දු රැන්දු
ඇගේ නුවන් තෙමී කැලුම් පාවේ
ආදර සුව සිහින කැන්දු
මීවිත මුව රැන්දු රැන්දු
මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ
රෑ කල යහනේ රැඳේවි
මා හා තනියට ඉඳීවි
නිබඳ මගේ සිතේ තනිය පාවේ
ඔබ මා ගැයු ප්රේම ගීත
ගොලුවී දෙහදේ රැඳේවි
යලි මා වෙත ළඟා වන්න හංස ලතාවේ
සීතල පිනි බින්දු බින්දු
රෑ තරු මත රැන්දු රැන්දු
මේ සින්දුව කනට හුරු වුණාට මේ වචන හිතේ රැඳිලා තිබ්බෙ නෑ. ස්තූතියි පූස්. මේ වචන දකිද්දි මට මතක් වුණේ 'රන් දහදිය බිංදු බිංදු ඉසුරු සුවඳ රැන්දු රැන්දු' :)
Deleteඑය ඇගේ අති සුන්දර ආලේඛ්‍ය සිතුවමකි. ජීවමානව එතරම් කිව යුතු සුන්දරත්වයක් නොමැති ඇයගේ සුන්දර සිතුවමකි...
ReplyDeleteඑයට යටින් සටහන් කොට තිබුණේ 'මගේනේ' යන හිමිකාරීත්වයද එක් කරමින්, ඔහුම පමණක් ඈ අමතනා ඒ සොඳුරු ඇමතුමයි...
මේ හරිම ලස්සන සින්දුවක්නේ. ආයෙමත් ඔන්න ලොකු තැන්ක් යූ එකක්. ඒකේ විෂුවල් එකත් අමුතුයි, හරි ලස්සනයි.
Deleteවට්ස්ට් ද වෙඩින් බොල , මුන් සිංදුවක් වත් අහල නැති කොස් ඇට මීයෝනේ සෙද්ද
Deleteඅපි සින්දු අහ අහ හිටියනං මේ කතා ලියන්නෙ කවුද දන්නෑ! :P
DeleteBeautiful story, happy anniversary
ReplyDeleteThank you very much Ian! :)
Deleteසුභ පැතුම් දෙන්නටම.... සිට්‍රාටත් සුභ උපන්දිනයක් වේවා.... හද වෙණ සත්සර පරක්කු කරන්න එපා....
ReplyDeleteස්තූතියි යාළු! සත්සර පරක්කු වෙයි අනේ, සෑහෙන්න බිසී මේ දවස්වල. :(
Delete//"හෙන්න බිසී මේ දවස්වල. :("// බම්බුව , ටොම් පච
Deleteඅකුරු බාගෙට අත ඇර උපුටාගන්නා උදෘතයන් valid නැත. එබැවින් මෙම ප්‍රකාශය අළුයම ලූ කෙළ පිඬක් මෙන් නොසලකා හරිමි. :P
Deleteසිත්තරා මල්ලීට හැපි බර්ත්ඩේ එකක් වේවා !!!!
ReplyDeleteඔබ දෙපලටම හැපි ඇනිවසරියක් වේවා !!!
ගොඩාක් ස්තූතියි! :)
Deleteසුභ පැතුම්
ReplyDeleteමෙයාද දන්නේ නෑ රඛිත
Deleteස්තූතියි අජිත් අයියා! :)
Deleteලව්පූස්, කවුද ඒ? :P
ඒ තමයි , මහා පරාක්‍රමබාහුගේ ලොකු අම්මගේ බාලපුතා
Deleteආහ් එයාද? මං හොඳට අඳුරනවනේ... අපෙ කිරි අත්තත් එක්ක ඉස්කෝලෙ එක පන්තියේ ඉඳලා තියෙන්නේ. :D
Deleteසිත්තරාට සුභ උපන් දිනයකටත් , සිත්තරා-සිත්තමී යුවලට සුභ විවාහ සංවත්සරයකටත් උණුසුම් සුභ පැතුම්! තව ඔන්න මගෙන් කවි තෑග්ගකුත් තියෙනව හොඳේ.
ReplyDeleteබලා සිටියෙමි ඇඟිලි ගැන ගැන නැවත අප මුණගැසෙනකන්
සමරු පිටුවක නුඹත් ලස්සන කවක් මං ගැන ලියනකන්
කියෙව්වට කවි ලියන්නට දන් නෑනෙ නුඹ කිව් පසු ඉතින්
දුක සිතීලා අඳුරු විය සිත වහින්නට එන අහස මෙන්
අතට අරගෙන සමරු පොත පෙර මතක අතරෙහි කිමිදුණා
සිනා සරදම් කවටකම් මැද එකින් එක පිටු පෙරළුනා
සැඟව පිටුවක තිබුණු සිතුවම මොහොතකට හද නැවතුනා
නුඹේ දෙනෙතින් ඉතා සොඳුරුව දුටුව මම, මට හමු වුනා
එදා සිට මෙතුවක්ම දෙසිතක් ආවෙ මෙ ගමන එකටමයි
කුරුළු පැටියෙකු නගන කිචි බිචි, අපේ ලෝකයෙ සැනසුමයි
නැගෙන සිතුවිලි සිත්තමට මගෙ සොඳුරු කවි පොත නුඹ තමයි
සසර සරනා තුරා ඔය නෙත් ළඟ රැඳෙන්නට අවසරයි !
අනේ මේකනම් හරිම වටින තෑග්ගක් පූ! ස්තූති කරන්න වචන නෑ මට! ආදරෙයි මේ වචනවලටත්, අපි දෙන්නා වෙනුවෙන් ඒක ලියපු ඔයාටත්! :)
Deleteසුභ පැතුම් !!
ReplyDeleteස්තූතියි පී ජේ! :)
Delete"හද වෙණ සත්සර" මැද්දට මේ දැන්වීමක් ඇවිත් තියෙන්නේ මොකක්ද කියලා බැලුවා.
ReplyDeleteදෙන්නාටම සුබ පැතුම් අක්කේ...!
එහෙම තමයි, නාට්ටි මැද්දෙන් ඇඩ් යන්නත් එපැයි. :P
Deleteටැන්කිව් ටැන්කිව්! :)
සිත්තරා මචං.. ඔය කවි කතන්දර ලියල විශ් කරන්නේ මක්ක හරි ඇති ඇණයක් වෙන්න.. ඕවට අහුවෙන්න එපා.. හෙහ්.. ආ.. වෙල්කම් ටු ෆොර්ටි ක්ලබ්..හතළිහත් වයසක්ද නෙහ්.. ජයවේවා!
ReplyDeleteහා, මං ඒ මචංට කියන්නංකෝ මේ මචං මෙහෙම කිව්වයි කියලා. :D
Deleteඅපේ පැංචා මේ ළඟදි දුවගෙන දුවගෙන ඇවිත් මට කියනවා "අම්මි, තාත්තිට 'මෂං' කියලා යාළුවෙක් ඉන්නවා!" කියලා. මං ඇහැව්වා බබා කොහොමද දන්නෙ කියලා. "තාත්තිට අර කෝල් එකක් ආවේ ඒ මෂංගෙන්..." :D
ඔය දෙන්නට සුභම සුභ විවාහ සංවත්සරයක් වගේම ඔයාගේ සිත්තරාට සුභ උපන්දිනයක් වේවා. :)
ReplyDeleteගොඩාක් ස්තූතියි මානවී! :)
Deleteඅර සත්සෙර් ඩබල වැටිලා ඉන්නේ ශිශිර නිද්‍රාවකට වෙන්ටැති මගේ හිතේ.. :( .
ReplyDeleteඔව්වොව්! ආන්න ඒම එහෙකට තමායි! :D
Deleteමොන මගුලක්ද මේ , එක්කෝ කතාව දාපම්, බැරිනම් ඒත් දාපම් . සෙද්ද
ReplyDeleteඅනේ සොරි අයියෝ, මං මේ මගේ යාළුවෝ හැමෝටමයි සොරි කියන්නේ. මට දැම්මම කතාවට හිත යොදන්න විදිහක් නෑ. අපි සිත්තර පැංචා ලබන අවුරුද්දේ එක වසරට යනවා. ඉතිං මේ දවස්වල ඒ ඇප්ලිකේෂන්වල වැඩ. ලේසිපාසු වැඩක් නෙවෙයි. ඒ අස්සේ තැපැල් ස්ට්‍රයික් එකක්. ඉතිං රෑ දවල් වෙනසක් නැතුව, ගෙදරද ඔෆිස් එකේද කියලා වෙනසක් නැතුව මං ඒ වැඩ. කතාවට දැම්ම හිත යොදන්න අමාරුයි. එකක්, ඒක ගැන හිතන්න ගත්තොත් මට අනිත් වැඩ කරන අස්සෙත් ඒකේ ඒවා හිතෙනවා. අන්තිමට කොහොමද මං ඇප්ලිකේෂන්වල පියාගේ නමට සම්පත්ගේ නම දාලා තිබ්බොත් එහෙම? :D :D :D අනිත් එක හරි අවධානයක් නැතුව කලබලේට කතාව ලියලා ඔයාලටත් හරියට රසවිඳින්න බැරි වෙයි. ඒ නිසා මේ වැඩේ පොඩ්ඩක් ඉවර වෙනකල් ඉවසා වදාරන සේක්වා! මගේ ආදරණීය යාළුවෝ හැමදෙනාටම ආදරෙයි ගොඩාක්! :)
Deleteහෑ...... අපිටත් ඊට පස්සේ කියවන්න වෙන්නේ නෑ, බස් ස්ට්‍රයික් , කොච්චි ස්ට්‍රයික්, වෑන් ස්ට්‍රයික්, ත්‍රී වීල් ස්ට්‍රයික් , නැව් ස්ට්‍රයික් ,
Delete//"අන්තිමට කොහොමද මං ඇප්ලිකේෂන්වල පියාගේ නමට සම්පත්ගේ නම දාලා තිබ්බොත් එහෙම?"// ඉතිං මොකෝ අම්මගේ නමට අමන්දි කියලා දාපම් .
හා හා ඕව එකලාසයක් කරගනින් පුතේ නිවී හැනහිල්ලේ, මගේ මේ ඇස දෙක පියවෙන්ට කලියෙන් මේ කතාවෙ අගක් මුලක් සහ සුද්දෙන් දැනගන්ට ඕන ඕඕන් . මේ ඉන්න ටික දොහේ ඕක කියවාලා හිත සතුටෙන් මැරිලා යන්ට කියල බැලුවේ , හොක් හොක් හොක්
Got back to writing! Expect the next episode soon! :) :) :)
ReplyDeleteKo naane
ReplyDeleteඉන්ඩ ඉතිං, දවස් දෙකෙන් ලියන්ඩ පුළුවනෑ? :)
Deleteදැන් අර මගුල දන්නේ නැද්ද ?
ReplyDeleteමගුල අවමගුලක් වෙලාද කියලා මාත් මේ හොයලා බලන ගමන්. :D
Delete