ඇසළ පෝය සඳ - නුබ හිස බැබැළෙන
බෙදනා සිහිලස - මුදු නළ පහසක
සුපහන් කරවයි - කම්පිත වූ මන
ඇසෙනා අමයුරු සදහම් රාවේ
ඉසිපතනේ මිගදායේ.....
සුදු ඇත් පොව්වෙකු වී - මව් මහමායා
කුස වෙත වැඩියා සුර කුමරා
ඇසළ පෝය සඳ - දිලෙන අහස යට
සිදුහත් බෝසත් සුර කුමරාණන්
මිහිකත නැළැවූවා.....
කිරිකැටි රන් පුතු - රාහුල කුමරුන්
හැරදා සෙනෙහැති යශෝදරාවන්
ඇසළ පෝය සඳ - දිලෙන අහස යට
මහ අභිනික්මන් කළ නිරිඳාණන්
තුන් ලොව සැනැසූවා.....

Esena amayuru sadaham raawe.....
ReplyDeleteLassana padha pelican. ..
ස්තූතියි ගීතිකා! :)
Deleteලස්සනයි. ඒත් කතාවක් නැතුව හරි පාලුයි අනේ.
ReplyDeleteස්තූතියි පූ. අලුත් කතාවක් ලියන්න පරණ කතාව හිතෙන් අහක් කරගෙන ඉන්න එපැයි. ඒත් මට තාම අර ඩබලව හිතෙන් දොට්ට දාගන්න බැරුව ඉන්නේ. :D
Delete