අද සිත්තමීගේ උපන් දිනේ. කීවෙනි එකද කියලා අහන්න එපා ඉතිං, හරි නෑනේ. අද මං ඔයාලට රහසක් එළි කරන්නයි යන්නේ. රහසක් කිව්වට මේක මේ වෙද්දි හුඟක් දෙනෙක් දන්නවා. ඒ වුණාට කමක් නෑ අහං ඉන්ඩකො.
සිත්තමී මේ වෙද්දි මේ බ්ලොග් එකේ නව කතා තුනක් ලියලා තියෙනවා. මුල් දෙකනම් දැනට ඔයාලට පේන්න නැහැ, ඒවා මම කාලෙකට පස්සේ හංගගත්තා. තුන් වෙනි එක මේ ළඟදී ලියපු 'හද වෙණ සත්සර'. මං ඒ මුල් දෙක හංගගත්ත හේතුව වුණේ, මම ඒ කතන්දරවලින් පොත් පෙළක් කරන්න හිතපු නිසා. පළවෙනි කතාන්දරේ මතක අය ඉන්නවානම්, එඩ්වඩ්-වැනේසා දෙන්නාව ඔයාලාට හම්බවුණේ ඒ කතාවෙන්. එකෝමත් එක කාලෙක. 2016දී තිබුණ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලේදී මට බ්ලොග් නවකතා අංශයෙන් දෙවෙනි ස්ථානය ලැබුණේත් ඒ කතාවට. දෙවෙනි කතාව තමයි ජේම්ස්-ලීසල් දෙන්නාව ඔයාලට මුණගැහුණ කිරුළක උරුමය. ඉතින් දැන් ඔය කතන්දර දෙකෙන් පළවෙනි එක ඔන්න පොතක් වෙලා තියෙනවා. සරසවි ප්‍රකාශනයක් විදිහට ඒ පොත නිකුත් වුණේ මේ සතියේ.
ඉතින් දැන් රහස දැක්කනේ. ඔය තියෙන්නේ සිත්තමීගේ හැබෑ නම. පහුගිය කාලේ මහ රෑ නිදි මරාගෙන 'හද වෙණ සත්සර' ලියන අතරෙදි ඔයාලගෙ කමෙන්ට්වලට නිදි මරගාතේ උත්තර දෙද්දී වැරදිලා සිත්තමීගේ නමින් නැතුව මගේ හැබෑ නමින්ම ඒවාට උත්තර වැටුණා. විගහට ඒවා මකලා ආපහු සිත්තමීගේ නමින් උත්තර දුන්නා වුණත් ඒවා දැකපු අය ඇති ඔයාලා අතර නොවැරදීම. 2016, 2017 නෙළුම් යාය උත්සවවලදිත් මගේ හැබෑ නම ඇහෙන්න ඇති කට්ටියට.
ඒත් ඉතිං තව දුරටත් මේ හැංගි මුත්තම ගැන හිත හිත ඉන්නේ නැතුව, මේ වෙලාවෙදි මේ පොත ගැන ඔයාලට කියන එක මගේ යුතුකමක් කියලා මට හිතුණා. මේ කතාව සම්පූර්ණ කතාවක් විදිහට ලියාගන්න මට පුළුවන් වුණේ, එතනින් නවතින්නේ නැතුව දෙවෙනි කතාවකටත් යන්න පුළුවන් වුණේ, ඉස්සරහට කතන්දර පෙළක්ම ලියන්න තරම් හිතට දිරියක් ලැබුණේ මේ බ්ලොග් ලෝකේ ඉන්න මගේ ආදරණීය යාළුවෝ ඔයාලා හැම දෙනාම නිසා. ඉතිං ඔයාලා හැම දෙනාටම ගොඩාක් ස්තූතියි.
මේක මගේ මුල්ම ස්වතන්ත්‍ර කෘතිය. මේ පොතේ, බ්ලොග් එකේ ලියපු කතාවේ චරිතවලට වඩා නම් එහෙම ටිකක් වෙනස්. සිදුවීම්වලත් පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. ඒ නිසා පොත කියවලා රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. මීට කළින් 2015 අවුරුද්දෙදි මම පරිවර්තනයක් කළා. ඒකත් සරසවි ප්‍රකාශනයක්. මේ තියෙන්නේ ඒක. කළින් වතාවකදි මම මේ ගැන නිකම් බොහොම පොඩියට කිව්වා.
දැන් ඉතින් ඔයාලා මගේ නම දැනගත්තා වුණාට, බ්ලොග් ලෝකෙදි මම කැමති 'සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත' නමින් ම ඉන්න. එහෙමත් නැත්තම් ඔයාලා මට කියන 'සිත්තමී' නමින් ම ඉන්න. ඒ නිසා ඒ නමින්ම විතරක් මට මෙහෙදි කතා කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් එහෙනම් ඔයාලා හැමදෙනාටම ආයෙමත් ගොඩාක් ස්තූතියි. :)



හෑ...සිත්තමී සිත්තමී ඒ ඔයාද ...අම්මො ඔයනම් හරිම හොර ගෙඩියෙක් අප්පා... සුබ පැතුම් ඔයාට මගේ මුලු හදවතින්ම... පොතනම් අනිවාර්යෙන් ගනිමි.
ReplyDeleteගොඩාක් ස්තූතියි සොඳුරු සඳවතී! ඒ මං තමයි ඉතිං... :)
Deleteසුබ උපන් දිනයක්! සිත්තමී. ඔයාගෙ උපන් දිනේට ඔයාම අපිට තෑග්ගක් දීලානේ. බොහොම ස්තූතියි
ReplyDeleteඒ වගේම සුබ පැතුම් ඔයාගෙ මුල්ම පොතටත්. අර ඔයා ලස්සන පරිවර්තනයක් කරේ, ඒක ප්‍රකාශයට පත් කරන්න අදහසක් නැද්ද?
මමනම් ඔයාගෙ නම දැනන් හිටියා, මතක නෑ දැනගත්තෙ කොහොමද කියලනම්
ගොඩාක් ස්තූතියි සඳූ! නම දැනං ඉන්න ඇති ඉතිං ඔය කොහොමහරි, මාත් ඔයාගෙ නම දන්නවනේ. මොන පරිවර්තනය ගැනද කියන්නේ? ෆ්ලොස් නදිය අසබඩ ද? ඒ කතන්දරේනම් දැනට පොත් තුන හතරක්ම තියෙනවා පරිවර්තනය වෙලා. අර නමක මහිම නං පොඩි නාට්‍යයක්නේ, ඒක පොතක් කරන්න මදි, තව ඒ වගේ කීපයක් එකතු කරගන්න වෙනවා එහෙමනම්. රෝමයේ නිවාඩුව ඉතිං පරිවර්තනයක්ද, අනුවර්තනයක්ද මොකද්ද කියලා මටම හිතාගන්න බැරි එකක්නේ. ඒකෙදි මං කළේ, මං බලපු චිත්‍රපටයේ කතාව ස්ක්‍රිප්ට් එකත් උදව් කරගෙන ඔයාලට කිව්ව එක. කොහොම වුණත් ස්තූතියි සඳූ! :)
DeleteGot ur book. Will read it again
DeleteThank you Sandu! ❤️
Deleteහෑ! මේ ඔයා?
ReplyDeleteහා හා එසේ කරන්නම් තුමියනි!
යනවා යන්ඩ! මැටි පූසා! :P
Deleteසුබ උපන් දිනයක් අක්කේ...! ඒ වගේම පොතටත් සුබ පැතුම්...!
ReplyDeleteඅක්කාගේ පරිවර්තනයත් හරි ලස්සනයි.ඒ පොත මට දීපු එකටත් ගොඩක් ස්තුතියි.
අම්මෝ එක පාරක් ඔය නම කමෙන්ට් එකක ලියලා වෙච්චි අලකලංචියක්.:D
ගොඩාක් ස්තූතියි මල්ලි!!! :)))
Deleteඒ වගේ අලකලංචි වුණේ ඔයාට විතරක් නෙවෙයි, තව කට්ටිය මගෙන් බැණුං ඇහැව්වා ඒ ගැන. :D :D :D
ඔය බැන්නෙ මට ...:(
Deleteඔව්වොව්, මේ අයියත් බැනුං ඇහැව්වා. :D තාම මේ පැත්තට ඇවිත් නැති නංගි කෙනෙකුත් බැනුං ඇහැව්වා :D :D :D තව දෙතුන් දෙනෙකුට මං හිතන්නේ මං පොඩි තර්ජනේකුත් කළා. ඇයි වදේ රහසක් කිව්වහම රහස රැකගෙන ඉන්ඩ බෑනේ මුන්දැලාට. ඉතිං මංම ඔන්න ඔහෙ ඒක කියලා දැම්මා. :D
DeleteMatath tharjanayak damma...😁
Delete😊😛
Deleteහප්පා මරු දවසකනෙ මට සිත්තමීගේ බ්ලොග් එකට ගොඩ වදින්න හිතුනේ..
ReplyDeleteසුබ උපන්දිනයක් වේවා සිත්තමී !
පොත එළිදැක්වීමටත් සුබ පැතුම් !! කියවලා බලලන්නම් යථා කාලයේදී..
ගොඩාක් ස්තූතියි සෙන්නා! බ්ලොග් එකේ ඒක ලියපු කාලෙදි කියවන්න බැරි වෙච්ච එකේ පොත ම කියවලා බලන්නකෝ එහෙනම්. :)))
DeleteMany happy returns of the day මීයෝ
ReplyDeleteකේක් කන්න බෑ. ඔය කට්ලට් පැටිස් ටිකක් තිබ්බනං ඇති
මී ගෙදර තියෙන්නේ පාන් වාටියි, කෙහෙල් ලෙලියි,වී ඇටයි, අල පොතුයි ඩෙවල් කරලා හදාපු කොත්තු. වෙජි මීල් එකක්, අවුලක් නෑනේ? කට්ලට් පැටිස් නෑ ඉතිං. :P
Deleteඒ පාන් Gluten free ද දන්නෑ නේ ද?
Deleteදන්නැහ්. මීයොංට මොකෝ ආයෙ ඕකෙ වෙනසක් තියේයැ. :P
Deleteසිත්තරා කිව්වා මෙන්න මේක ඔයාට කියන්න කියලා
ReplyDeleteදැං මං තැන්කිව් කියන්ඩෝනෙ ඔයාටද, සිත්තරාටද? :D
Deleteසුභ උපන්දිනයක් අක්කේ....
ReplyDeleteපොතටත් සභ පැතුම්... තවත් මේ වගේ නිර්මාණ කරන්න සුභ පතනවා...
ගොඩාක් ස්තූතියි නංගි! ඔයාලාගේ සුබ පැතුම් මට ගොඩාක් වටිනවා. :)
Deleteසිත් තම් කෙරූ සිතුවිලි මා බැලූවෙමී
ReplyDeleteපොත් තව ලියන්නට නිති දිරි පතන්නෙමී
හිත් සතුටකින් ඉතිරෙන්නට පතන්නෙමී
සිත් තමීගෙ උපන් දිනට ජය පතමී....
ජයවේවා!!!
සුපැතුම් හද පිරුණු සතුටින් පිළිගනිමී
Deleteකවි පද ගොතන සොයුරාටත් ජය පතමී :)))))
HBD, Congrats & best wishes, Mrs. MLV
ReplyDeleteSame to SSNKP (if you prefer)
DeleteThanks PJ! Yes, I prefer the second one. :)
Deleteහද පිරි සුබපැතුම්..උපන්දිනයට වගේම පොතටත්! අද තමා ඇත්ත නම දැනගත්තෙ ඔන්න...
ReplyDeleteගොඩාක් ස්තූතියි හෂාන්! :)
DeleteHappy birthday Madam. Congrats of the book, as well.
ReplyDeleteThank you so much Ian! :)
DeleteCongratz! And All the best for more books!!
ReplyDeleteNow's the time to re-write හද වෙණ සත්සර & get ready to publish.
Sorry! Forgot. Many Happy Returns!!
Deleteගණිත මඤ්ඤමකිං වගේ සිත්තමීගෙ සැබෑ වයස හොයන්ට දුන්නොත් නරක ද? ;)
34 yrs
Deleteමං ගණං හදලා අනුමාන කරලා තිබුනෙ 32ක් විතර වෙන්ටැති කියලා
Deleteමුන්දෑ ම අවුරුදු තුනකට කලින් ලියලා දාලා තියෙන්නෙ “මට අදට හරියටම අවුරුදු 30යි“ කියලා... :O
DeleteThank you so much Ser Bur! 'හද වෙණ සත්සර'නම් පොතක් කරන අදහසක් තිබුණෙ නෑ. බලමුකො. කොහොමත් ඊට කළින් මේකෙම දෙවෙනි එක, කිරුළක උරුමය පොතක් වෙයි. :)
Delete34ත් වැරදියි, 32ත් වැරදියි. ඔය අන්තිමේදි අයියාම හොයං තියෙන්නේ වයස හොයාගන්න ඉඟිය. ;D
මට දැන් මතක් වුනේ මේ උන්දැ සපත්තු අඩියක් දාලා මොකක් හරි ඔය වගේ සෙල්ලමක් දාලා තිබ්බා තමයි උපන් අවුරුද්ද හොයන.
Deleteකෝ ඒ පොස්ට් එක හොයා ගන්න බැහැනේ.
මොන සපත්තු අඩියක්ද අනේ? බූර් සෑර් ඔය කියලා තියෙන්නේ මෙන්න මේ පෝස්ට් එක ගැන.
Deleteමේ පොස්ට් එකට ඔය මමත් කමෙන්ට් කරලා තියෙන්නේ.එත් මට අරහෙම පොස්ට් එකක් ගැනත් මතකයිනේ.
DeleteHappy Birthday Dear Madam ...:)
ReplyDeleteThank you so much big brother! :D
Deleteපොත එළිදැක්වීමටත් සුබ පැතුම්!
ReplyDeleteගොඩාක් ස්තූතියි අය්යේ! :)))))
DeleteWish you a very happy birthday sis!
ReplyDeleteThank you very much Cen! :)
Deleteසුභ උපන් දිදිනයක් සහ හදවතින්ම සුභ පැතුම්.
ReplyDeleteගොඩාක් ස්තූතියි අජිත් අයියා! :)
DeleteHi Dear,
ReplyDeleteHappy Birthday and best wishes for your book...
One question? Did siththara draw the cover for your book...?
Thank you very much Samadhi! :)
DeleteNo, I wanted him to draw a picture for the cover, but he was busy. :( (ඇත්තම කතන්දරේ කිව්වොත්, කොච්චර බිසී වුණත් එයා මට පින්තූරයක් ඇඳලා දෙන්න ගොඩක් මහන්සි වුණා. ගෙදරම ඉඳං අඳිනකොට ඉතිං මට ඕකට එබෙන්නෙ නැතුව ඉන්න බෑනේ. ඉතිං අඳින අඳින එක හරියට ඉවර කරන්නත් කළිංම මං ඔහොම නෙවෙයි අරහෙම වෙනස් වෙන්ඩ ඕනෙ, මෙහෙම වෙනස් වෙන්ඩ ඕනෙ කිය කිය කියන්ඩ ගිහිං එයා වැඩේ අල්ලලා දැම්මා. :/ )
ඔය කවරේ සම්පූර්ණයෙන්ම හැදුවේ සරසවි එකේ graphic designing කරන girl කෙනෙක්. :)
Haffoii enna beri una tikata siththami upan dinayakut samarala, anyway, late wishes.. "Happy birthday siththami"
ReplyDeletePothath hoyagnnm man
Thank you Geethika! :)
Deletemama honda wwlawata blog eken me potha kiyola thibbe na..dan aragenama kiyewwahaki..all the best siththamiyo...
ReplyDeleteThank you akka! එහෙනම් පොතෙන්ම කියවලා කියන්නකෝ ඔයාගේ අදහස කතන්දරේ ගැන. :)
DeleteWish you a very happy birthday Siththami. Congratulations!
ReplyDelete(Heartiest wishes from a fellow September baby)
Thank you Manavee! And wish you the same then. 😊❤️
Deleteපරක්කුයි ඉතින් හැමදාම වගේ.. ඒ වුනාට සුභ උපන් දිනයක් වේවා! එඩ්වර්ඩ් වැනේසා ලව් එක මගේ බොක්කටම වැදිච්චි කතාවක්. පොතක් අරගෙන ආයෙම කියවන්න ලැබෙන එක හොඳයි. ආ.. ඇත්ත නම දන ගන්න ලැබුන එකටත් සතුටුයි. ඒ වුනාට අපිත් කැමති අපි දන්නා සිත්තමිට තමයි. ජයවේවා!
ReplyDeleteටැන්කිව් ටැන්කිව්. :)))))))
Deleteඅනේ මම අද තමයි කාලෙකින් මේ පැත්තට ආවේ.. සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාට..පොතටත් උණුසුම් සුබ පැතුම්..පොත අරගෙන කියවල බලන්නම්කො..ඇත්ත නම දැනගත්තෙත් අද තමයි ඔන්න..:D
ReplyDeleteගොඩාක් ස්තූතියි පූ. පොත කියවලා කියන්නකෝ එහෙනම් කතාන්දරේ කොහොමද කියලා. :)
Deleteගොඩාරියක් පරක්කු වෙලා ආපු නිසා උපන්දිනේට සුභ පතන්න බැරි වුණානෙ සිත්තමී. සමාවෙන්න ඕනේ ඒකට. ඒත් පොත් ගැන රහස හෙළි කිරීම නම් හරිම වැදගත්. ස්තූතියි.
ReplyDeleteඔයාටත් ස්තූතියි සඳවතී. පොත කියවලා මට කියන්නකෝ ඔයාලාගේ අදහස්. :)
Deleteඋපන්දිනයටත්, පොත් එලි දැක්වීමටත් උණුසුම් සුබ පැතුම් !!!!
ReplyDeleteබොහොම ස්තූතියි අයියාටත්! :)
Delete