බ්ලොග් ඉසව්වේ අවන්හළට ගොඩවැදුණු වෙලාවකදි නෙත ගැටුන 'කවි මී මදු' පෙළකට මගේ අතින් ලියවුණා පිළිතුරු කවියක්.
මේ තියෙනේ අවන්හළේ මහේශ් සොයුරාගේ කවි සිත්තමේ සබැඳිය. කවිය සටහන් කෙරුණු සේයාරුව උපුටාගත්තේ ද ඔහුගේ අවන්හළෙන්. 🙏
මේ තියෙන්නේ මගේ පිළිතුර.
බ්ලොග් ඉසව්වේ අවන්හළට ගොඩවැදුණු වෙලාවකදි නෙත ගැටුන 'කවි මී මදු' පෙළකට මගේ අතින් ලියවුණා පිළිතුරු කවියක්.
මේ තියෙනේ අවන්හළේ මහේශ් සොයුරාගේ කවි සිත්තමේ සබැඳිය. කවිය සටහන් කෙරුණු සේයාරුව උපුටාගත්තේ ද ඔහුගේ අවන්හළෙන්. 🙏
උදා රන් ගිර වලා පෙළ මැද වැඩී දිනිසුරු දෙවිඳු තෙද බල
මහා මෙරු පව් මතින් පැනැ නැග සුළං දහරා මැවී මද නල
විදා සුකොමල කුසුම් පෙති මල් සුවඳ නල හා මුසු වනා කල
ගයා විහඟුන් උදා ගී සර පෙළ ගැසී තුරු හිස'ග සුලකළ
නිශා යම මිහි සිරිය දකිනුව පැමිණි තරු ලෙද දිලුණු පිණි රැළ
සොයා ගගනත යළිඳු දිව ගිය අසිරි දැක තණ පත් සිනා සල
බදා තුරු බඳ ලතා වැල් මත සුපිපි කුසුමන් හිනැහෙනා කල
මුදා වරලස ගලන ගඟුලෙක ඉල්පෙනා මන්මත් මසුන් කැළ
නිදා උන් රත් පියුම් පෙති හැරැ අවදි වී මුදු සිනහ පෑ කල
අහා ආ හැඩ අනඟ බිඟු කැළ සමනලුන් පිරිවරා මනකල
සොබා ඉඳුදුනු පැහැය මුසු කර දිනය පැහැසර වණින් එළි කළ
ප්‍රභා කැල්මෙන් සතුටු සිත් ඇති දනන් අවදිව දියත සුවිපුල
ගිනි පුළිඟු ඇවිලෙනා බැල්මක්
එ'ගිනි නිවනා සුපෙම්වත් හසකැල්මක්
එක විට එකම මුහුණෙක
සිත්තම් කරවනා මායාකාරියක්