ඉයන්ගේ සොඳුරු අභියෝගයට මාත් මූණ දෙන්න හිතාගත්තා. ඇත්තටම අභියෝගයක් වුනා. සිත් ගත් ගී ගැන කල්පනා කරමින් ලැයිස්තුවක් හදාගෙන ඒ ලැයිස්තුවේ අනුපිළිවෙල වරින් වර මාරු කර කර, විස්සක විසි පහක විතර ලැයිස්තුවකින් අන්තිමට උඩටම ආපු දාසය තෝරගත්තා. ස්තූතියි ඉයන්. ඒ වගේම ඒ රැල්ලෙන් ගසාගෙන ආපු සොඳුරු ගී එකතු ඉදිරිපත් කරලා තිබුණ අනිත් බ්ලොග් සහෘදයන්ටත් ස්තූතියි. ඒ ලිපි අතරින්නම් කියවන්න වුනේ බොහොම ටිකයි. මෙන්න එහෙනම් මගේ දාසය.
1. අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
මුලින්ම අහපු දිනයේ පටන් හිතේ නෙවෙයි, හදවතේම රැඳිලා තිබුණ ගීතයක්. සොඳුරු පද රචනයක්, ලයාන්විත, හැඟීම්බර ගායනයක්. මගේ ප්‍රියතම ගී අතරින් මේ ගීය ඉහළින්ම තියෙන්න තවත් විශේෂ හේතුවක් තියෙනවා. සිත්තරාගේ කටහඬින්, ඒ දවස් වල මගේ ප්‍රියතම ගීය වෙලා තිබුණ මේ ගීය නොඇහෙන්න අපි දෙන්නාගේ කතාන්දරය දැන් තියෙනවාට වඩා බොහොම වෙනස් වෙන්න තිබ්බා. :)
පැන මඩකඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඩුවමක් පැතූ
රන් මසු පටපිළී අභරණ උරන වෙලා
සමන් පිච්ච කැකුළිය ගෙයි මිලිණ වෙලා
ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
පැන මඩකඩිති...//
ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය: මහින්ද චන්ද්‍රසේකර
සංගීතය: රෝහණ වීරසිංහ
2. සඳ රැසේ එළිය සේ බිළිඳු සිනා සැලේ
මේ ගීතය මුළින්ම මට ඇහුණේ මගේ පැංචා හම්බවෙන්න ඉන්න කාලේ. එදා ඉඳන් ඇහෙන හැම වතාවකදීම ඉතාමත් ආදරෙන් රස විඳින ගීයක්. අපූර්ව ස්වර පරාසයක විහිදෙන හඬ යුග්මයත්, සොඳුරු තනු නිර්මාණයත් පද රචනයට පෙර මගේ හිතට කාවැදුණ බව කියන්න ඕනෙ.
විමනේ දිනිඳු මගේ
ඔබ වේ සසර මඟේ
සඳ රැසේ එළිය සේ බිළිඳු සිනා සැලේ //
ජීවිතේ සිහිනයේ සුවඳ විහිදුවා
ගීතයේ මිහිසරේ මිහිර අතුරලා
සොඳුරු මේ දිවිතෙරේ //
තරුව ඔබය සදා
පුතුගේ සිඟිති නෙතේ
ඔබගේ මුහුණ පෙනේ
සඳ රැසේ එළිය සේ බිළිඳු සිනා සැලේ
ම් ම් ම්...
ම් ම් ම්...
මිරිඟුවේ තිමිරයේ හැබෑ රුව වෙලා
ඝණඳුරේ පහන සේ විමන දිදුළවා
රුදුරු මේ මං පෙතේ //
තරුව ඔබය සදා
විමනේ දිනිඳු මගේ
ඔබ වේ සසර මඟේ
සඳ රැසේ එළිය සේ බිළිඳු සිනා සැලේ
ගිනිදැල් සතර දෙසේ
රසුදැල් නඟන ලෙසේ
ඔබද හා පුතු සදා රකිමි දෙනෙත ලෙසේ ///
ගායනය: දීපිකා ප්‍රියදර්ශනී සහ අමල් පෙරේරා
පද රචනය: බන්දුල නානායක්කාරවසම්
සංගීතය: රෝහණ වීරසිංහ
3. ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා
හදවතේ තත් අතරට ආදරය කා වැදී නව රිද්මයක් වයන්නට ගත් වකවානුවේදී නිතර මා මිමිණූ ගීයකි. ඒ සොඳුරු පැතුම සැබෑ වූවායෙන් පසුව පෙරදී තරම් මුවගට ගලා ආවේ නැතත්, ඒ ගැන යළි සිහිපත් කරද්දී එදා තරම්ම අදටත් මා මෙම ගීයට ආදරය කරනා බව මා හටම පසක් විය.
අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට //
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
අසුරු සැණින් එක මොහොතකදී...
සෙනෙහෙ විමානේ කිරුළ දරන දා
සිඟිති තොලක කිරි හිනා දකින්නට //
එක සෙවණකදී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
අසුරු සැණින් එක මොහොතකදී...
ගායනය: යමුනා විනෝදනී
පද රචනය: කුසුම් පීරිස්
සංගීතය: ?
4. බුදුන් ලඟට අපගේ දුක දන්නේ මව්නි පියාණනි ඔබ දෙපලයි
දූ දරුවන් ගැන මව් පියන්ගේ සිත් තුළ ඇති නොසිඳෙන සෙනෙහස ගැන කියවෙන මේ ගීතය, අම්මා ගැන තාත්තා ගැන වෙන් වෙන්ව ගැයෙනා සොඳුරු ගීත ගොන්න අතුරින් මට වඩාත්ම තදින් සිතට දැනෙනවා. සොඳුරු නාද රටා මවනා සංගීතඥයෙකු ලෙසින් පතළ රෝහණ වීරසිංහයන් ගැයූ ගීත අතළොස්ස අතරින් මෙයද එකකි.
නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
මව්නි පියාණනි ඔබ පමණයි
බුදුන් ලඟට අපගේ දුක දන්නේ
මව්නි පියාණනි ඔබ දෙපලයි
කල්ප ගණනකින් අප නුදුටුව මුත්
උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ
පරාජයෙන් අප අසරණ වූ දා
රැකවරණයි ඔබගේ සෙවනැල්ලේ
නැති බැරි මොහොතක...
අපේ නමට ඇස කඳුළු උනන්නේ
ඔබට පමණි මේ සිතිජ වලල්ලේ
සැබෑ පෙමත් සෙනෙහසත් ලබන්නේ
ඔබේ උතුම් නිය රැස් ගඟුලැල්ලේ
නැති බැරි මොහොතක...
ගායනය: රෝහණ වීරසිංහ
පද රචනය: සුනිල් ආරියරත්න
සංගීතය: රෝහණ වීරසිංහ
5. පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිණිත්තෙන්
හෙළයේ මහා ගාන්ධර්වයාණන්ගේ ගීයක් තම ප්‍රියතම ගී ගොන්න අතරට ඇතුළත් නොවූ කිසිවෙකුත් සිංහල ගී රස විඳින්නන් අතර ඇතැයි මා සිතන්නේ නැත. එතුමන්ගේ සොඳුරු ගී මිණි අතරින් ඉතා අපහසුවෙන් තෝරාගත් මේ ගීය මගේ ගී ලැයිස්තුවට එකතු කරන්නට සිතාගතිමි.
සතර වරම් දෙව් මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන්
පළා පෙති බැඳන් ගෙල වට හංස පියාපත් සලමින
නුඹේ පා යටින් සඳකඩ පහණ පායලා
බ්‍රහස්පතී තාරකාව මුදුන් වී සරත් නුබ ගැබ
ස්වර්ණමාලි මහ සෑ අග කොත් පලන්දලා
කලා වැව් දියේ උත්පල නෙලා ගෙනැ ඇඟිලි පොකුරට
අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා
වළාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස
ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා
ගායනය: පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
6. හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින්
මේ ගීය ඇහෙද්දි මාව කොහේදෝ අතරමං වෙනවා. සිත්තරාගේ හඬින් මම අහන්න කැමතිම ගීයක් මේ. අන්දර මල්දමේ ගොතපු කතාවක කොටසකටත් මම මේ ගීතය යොදාගත්තා. ඉතාම සුන්දර, ප්‍රේමණීය ගීයක්.
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි
සොඳුර ඔබෙ නමින්
අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළු වෙලා
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළී
ළැම හසුන් රැඟුම් පා මනමත් කළා දෝ
රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනාවේ ඔබමය මගේ හිතත්
ඔබ ළඟ නැවතිලා
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා...
ගායනය: එඩ්වඩ් ජයකොඩි
පද රචනය: අමරසේන කංකානම්ගේ
සංගීතය: රෝහණ වීරසිංහ
7. ගලනා දිය අප හැමටයි සියාතුවේ
මම මුළින්ම හදපු ලැයිස්තුවේ තිබුණ ගීත දිහා බැලුවාම ඒ අතුරින් වැඩි හරියක් සුනිල් එදිරිසිංහයන්ගේ ගීත. දහසයක් තෝරලා බේරලා ගත්තත් එතනින් අයින් කරන්නම බැරි වුන ඔහුගේ ගීත කිහිපයක් ඉතිරි වුනා. රූපවාහිනිය අබලන් වෙලා අලුත් එකක් ගේනකල් ගුවන් විදුලිය විතරක් අපේ ලෝකය වෙලා තිබුණ කාලයක් තිබුණා අපි පොඩි කාලේ අපේ ගෙදර. ඒ කාලෙදි අහපු, එදා ඉඳන් අද වෙනකලුත් ආදරේ කරන, කවදාවත් හිතෙන් ගැලවිලා නොයන සුගායනයක්.
සියාතුවේ මා මිතුරේ
අඳ කුඹුරට ආල වඩන සියාතුවේ
සියාතුවේ මා මිතුරේ
සැදුවා පැලපත සත්තයි නුඹේ අතින්
ලැබුණා බැත පෙර කන්නේ බුසල් බරින්
වැසුවා වැසුවා සොරොව්ව වතුර හොරුන්
දැවුනා සිත දැවුනා කෙත කර සුළඟින්
සියාතුවේ...
අඬලා කුමට ද මිතුරේ සියාතුවේ
හැමදා මුව රළ වාගේ සිටිනු නොහේ
ඇරලා එමු මහ සොරොව්ව මෙදා වැවේ
ගලනා දිය අප හැමටයි සියාතුවේ
සියාතුවේ...
ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය: වසන්ත කුමාර කොබවක
සංගීතය: රෝහණ වීරසිංහ
8. සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ
මේ අති සුන්දර පද වැලෙන් ගීයක් නොතැනුණත් කමක් නැතැයි මට සිතේ. ඒ පද වැල තුළම හද මන්මත් කරවන රිද්මයක් කැටිව ඇත. වදන් පෙළ දෙස බැලූ පමණින් හදවතේ තත් එම රිද්මයෙන් සුසර වන්නට පටන්ගනියි. නමුත් වික්ටර් රත්නායකයන් එම පදවැළට කිසිදු අසාධාරණයක් කර නැත. ඔහුගේ මධුර මනෝහර රිද්මයත්, ගායනයත් සමගින් එම පදවැලට සදාකාලික ජීවමානත්වයක් ලැබී ඇත.
ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ
හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කැලතිලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ
නා ගසක් දළු දමා වසන්තය එළඹිලා
මද පවන් රැළි නැගී සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ
යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ
අහස්තල පොළෝ තල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළඟම සැලෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ
ගායනය: වික්ටර් රත්නායක
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: වික්ටර් රත්නායක
9. හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානි
නන්දා මාලිනියගේ ගායනය සජීවීව අත්විඳින්නට මා පින් කර තිබුණි. ශ්වේත රාත්‍රියේදී කඳුළු සලමින් ඇගේ ගී රසවිඳි මා කුඩා වියේ පටන් ඇළුම් කරන ඇගේ ගී සමූහයක් අතරින් එකකි මේ. එම ගීතයේ වදන් වැල් ගාථාවක් කියන්නාක් මෙන් පූජනීය හැඟීමක් මගේ සිතට ගෙන ඒමට සමත් ය.
බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ
නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී //
තණ්හා උපාදාන පරිදේව වියැකී
අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ
හඬවා නුවන් දැල් මංගල්‍ය ප්‍රීතී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී...
භෘංගාවලී රාව ප්‍රතිරාව නංවා
බන්දා ප්‍රශංසා ජය කේතු කේලී
දසතින් ගලා ක්ෂීර පායාස ධාරා
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී...
ගායනය: නන්දා මාලිනී
පද රචනය: සුනිල් ආරියරත්න
සංගීතය: නන්දා මාලිනී
10. ඔබයි ගෙන ආවේ... වසන්තය මලක් සේ...
අප කුඩා වියේදී රූපවාහිනියේ විකාශය වූ ටෙලි නාට්‍යක ගීයකි. මෙය හැරුණු කොට මට මතක අන්දමට 'ඉර පායා' ගීයද අයත් වූයේ එම නාට්‍යයටමය. හිමිදිරියේ සුන්දරත්වය ගැන කියැවෙන 'ඉර පායා' ගීතය පමණක් දැන සිටි මට මෙම ගීතය හමු වූයේ මෙහි එන එක් සොඳුරු වදනක් නිසාය. ඒ එම වදන සහිත ගී මා සොය සොයා කටපාඩම් කළ සමයයි. එයද, මාගේත් සිත්තරාගේත් කතාන්දරයට සබැඳි තවත් මිහිරි මතකයකි. :)
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී... ඔබයි ගෙන ආවේ..
වසන්තය මලක් සේ...
නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්
සිනා පිපෙනා...
නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සගවමි හද සෙනේ සුසුමින්
සිනා පිපෙනා...//
ගායනය: සමිතා මුදුන්කොටුව සහ ලක්ෂ්මන් විජේසේකර
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය: ලක්ෂ්මන් විජේසේකර
11. මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ
මේ මා අතරමං කරවන තවත් අති සොඳුරු වූ ගීයකි. ඇසූ දා පටන් සොඳුරු ගම්මානයක සිරි සිත පුරා අඳිමින් සිත්තම් කළ මේ ගීයටත්, ඒ සොඳුරු කලාකරු - රෝහණ බැද්දගේ ශූරීන්ගේ කටහඬටත් මම එදත් අදත් එකසේ ආදරය කරමි.
කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ //
වෙල්යායේ දොල පාරේ නිල්වන් ජලාසේ
ගං තීරේ ගුරුපාරේ සිරි දෙව් සිනාසේ //
ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
සංකේත වු වාසනාවේ ගම්මානේ
කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ //
අල හේනේ රැක් සෙවනේ ගෙපැලේ විහාරේ
පුජාවේ බෙරනාදේ ගැමි ගීත රාවේ //
මා පුංචි කාලේ ලැබු ආදරේ සුන්දරත්වේ
යයිදො නවොදෙන් මැකීලා ගම්මානේ
කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ //
ගායනය: රෝහණ බැද්දගේ
පද රචනය: ?
සංගීතය: රෝහණ බැද්දගේ
12. චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා
පුදුමාකාර පෞරුෂයකින් හෙබි ආදරණීය කටහඬකි. ඔහුගේ ගී සියල්ලක්ම පාහේ මා ඉතාමත් ආදරය කරන ගී ගොන්න අතරට ඇතුළත්ය. එම සුගායනීය හඬ කෙදිනකවත් අමතක නොවනු ඇත.
ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොළු වූවා
ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා ගිනිසිළු සේමා
මල්සර දුනුවර ළැමැද හොවාලා ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන් දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා
ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ
මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ
මා හද රහසේ බැඳුනා පහසේ
ගඟ දිය රැලි ඔබ නාඬන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උනුසුම් සුව ගැවසේ
ඔබ රුව ඡායා සැඟවේ පායා
මල්සර දුනුවර ළැමැද හොවාලා ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන් දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා
ඔබ රුව ඡායා සැඟවේ පායා //
ගායනය: විජය කුමාරතුංග
පද රචනය: ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය: නිමල් මෙන්ඩිස්
13. අපි කවුරුද
මෙවැනි මහ හඬින් ගැයෙන වැයෙන ගී වලට මාගේ එතරම් මනාපයක් නැතත් මෙහි රිද්මයට, අර්ථයට පෙම් නොබැඳ සිටින්නට නොහැකි විය. අපූරු හඬ සංකලනයකින් හා වාද්‍ය භාණ්ඩ මුසුවකින් එය වඩාත් අලංකාර වී ඇත.
සී සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙණ කැටි වාගේ...නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියම...
සිහින ආකරේක වැටුනා වාගේ...නිමක් නෑ...
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදියට..
ගිනියම් ඉර....සඳ සිසිලස....
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
ගීයකි ලොව...සිතුවම් කල...
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...
ඉර බැස යන ගොම්මන් යාමේ..
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ..හෝ...
ගලා හැලෙන රිද්මේ නැහැවී...
ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී..සුලග සේ..
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
දැනෙනවා කාටත් එක විදියට..
ගිනියම් ඉර....සඳ සිසිලස....
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
ගීයකි ලොව...සිතුවම් කල...
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...
ගායනය : WAYO (සංගීත් විජේසූරිය)
පද රචනය : සේනක බටගොඩ
සංගීතය : සේනක බටගොඩ
14. අත්තල නගයි තුරුපත් පවා
මෙම අපූරු ගීතය ඇසෙන විට මා තුළ කොහේදෝ සැඟව සිටින රිද්මයක් පිටතට එයි. තනිව සිටින මොහොතකනම් මෙය ඇසෙනා විට මා නොනටා සිටින්නේ නැත. එසේ කරන්නට නොහැකි විටෙකදී අතේ ඇඟිලි හෝ මාද නොදැනුවත්වම මෙම රිද්මයට නර්තනයේ යෙදෙන්නට පටන්ගනියි. එවැනි ලෙඩක් මා හට ඇති බව මා නිසැකවම දැනගත්තේ මෙම ගීතය මුළින්ම ඇසුණු දිනයේදීමය. එයට පෙර යන්තමින් හෝ එම රෝග ලක්ෂණ මා තුළ මතු කරන්නට සමත් වූයේ කුඩා කළ ඇසුණු 'දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ (ඉවාන් පවුලූශා)' ගීතයයි.
මල් පිට මල් හැලෙන දිගු මාවතේ
පිය මත පිය තබමින් හිනැහෙන නුබේ
ඉගි නළුවට වශි වී
අත්තල නගයි තුරුපත් පවා
අත්තල නගයි තුරුපත් පවා //
දිය පිට දියරැලි නගන ගං දියේ
සැඩ රළ මතින් ඔරුවක නැගි
එතෙරට යනු දැක ඔබයි මමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි
මල් පිට මල්...
වැහි පිට වැහි හැලෙන රාත්‍රියේ
උණුහුම් වෙමින් තුරුලත වෙලී
මුදු රස විදින සඳ ඔබයි මමයි
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි
මල් පිට මල්...
ගායනය: අමල් පෙරේරා
පද රචනය: ?
සංගීතය: ?
15. අපටයි මේ මිහිතලේ
භාතිය සන්තුෂ් විප්ලවකාරී පිවිසුමකින් සිංහල සංගීත ලෝකයට පා තැබූ අති දක්ෂයන් දෙදෙනෙකි. දිගින් දිගටම ඔවුන් සිදු කළ බොහෝ නිර්මාණ මා ඉතාමත් කැමැත්තෙන් රස විඳි නමුත්, ඔවුන් මුල් කාලයේදීම බිහි කළ මේ ආදරණීය ගීතය තවමත් මගේ ප්‍රියතම ගී ගොන්න තුළ ඔවුන්ගේ ගී අතරින් ඉහළින්ම සිටියි.
සුළඟක් හමා යයි දසතේ
ගෙන එයි සොබාදම් අරුමේ
නැගෙනා ඒ රිදමයයි ලොවේ විහිදෙනා සුවයමයි
ලෝ තලේ....
වන මල් සුගන්ධයයි පැතිරෙනා
තුරුලතා මතුයෙන් පිබිදෙනා
පලසක් හෙලු සේ පෙනෙනා
නිල් වන් වනයයි විහිදෙනා....
අපටයි මේ මිහිතලේ
මව වේ අපේ දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි....
විහඟුන් ගී හඬින් ඇරඹෙනා
විකසිත මලින් මුතුකැට වෙනා
පිණි බිඳුවයි හිරු කිරණින් දිදුලනා
වරුසාවයි ලොවම නහවනා
වන සතුන් සුවසේ ගැවසෙනා
ඵල බරිත අතු අතු පතර සැඟවෙනා
දිනයකි මෙවන් ලෝකයට පිදෙනා
තිළිණයයි සතුටිනා....
අපටයි මේ මිහිතලේ
මව වේ අපේ දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි..
ගායනය: භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන් ඇතුළු පිරිස
පද රචනය: ?
සංගීතය: භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන්
16. හදවතින් අප යුද බිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ
පාසැල් වියේ පටන් මම මේ ගීතයට ඉමහත් සේ ආදරය කළෙමි. සිත්තරා මුණ ගැසෙන තුරුම මා සිතා සිටියේ මා කෙදිනක හෝ ආදරය කරනු ඇත්තේ ත්‍රිවිධ හමුදාවට අයත් කෙනෙකුට වනු ඇති බවයි. එම තත්ත්වය දැන් වෙනස් වී තිබුණද, තවමත් ඔවුන් කෙරෙහි ඇති භක්තියත්, ගෞරවයත් අඩු වී නැත. 'ආයු රක්ඛන්තු ආවඩා' ගීතයත් මේ හා සමානවම මා ආදරය කරන මේ වර්ගයේ ගීයක් වුවද එය හා මෙය අතුරින් මෙය තෝරාගන්නට මම තීරණය කළෙමි.
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ
ළෙහි හොවා වැඩු සිය පුතුන් ඇත අවි දරා වැද රණ මතින්
පෑ විකුම් මැද දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන්
මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්
තුන් හෙළේ හැම මව්වරුන් ළය කිරි එරී ඇත උන් නමින්
රන් මලක් ...
මවු කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් විරු දරුවනේ
අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ
නෑ සියත් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ
හදවතින් අපි යුද බිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ ...
ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ
ඔන්න මගේ ප්‍රියතම ගීත දාසය. සොඳුරු ආවර්ජණයක යෙදෙන්නට අපව යොමු කරපු ඉයන්ට ආයෙමත් මගේ ස්තූතිය. ගී සබැඳි ටිකනම් අහන්නෙ නැතුව නිකම්ම ලින්ක් වලින් හොයලා තමයි දැම්මේ. ඒ නිසා කොලිටියනම් කොහොමද දන්නෙ නෑ. විවේකයක් ලැබුණු විගසම ඒ ටික අහලා අඩුපාඩු තිබුණොත් හොඳ ඒවා හොයලා දාන්නම්.