Showing posts with label උපුටාගැනීම්. Show all posts
Showing posts with label උපුටාගැනීම්. Show all posts

206. සක්විති කිත් රැස යුත් සිරි ලංකා - වික්මැති පුත් පෙළ ලත් සිරි ලංකා...



සක්විති කිත් රැස යුත් සිරි ළංකා
වික්මැති පුත් පෙළ ලත් සිරි ළංකා
සෙත් සිරි ළංකා - සෙත් සිරි ළංකා
සසිරි අසිරි සිරිනී සිරි ළංකා

මහ සම්මත මනු ලෝ මුල් නිරිඳුන්
රං පරපුර දඹදිවට ද හෙළි දුන්
තෙදණින් කිරණින් පැරැයූ දිනිඳුන්

සසිරි අසිරි සිරිනී සිරි ළංකා
අමල කොමළ ලලනී සිරි ළංකා
මිහිරි රුසිරි කුමරී සිරි ළංකා
                  
රන් ගොයමින පැහැ ගෙනැ බබලන්නී
ගංගා ඇළ දොළ සේල අඳින්නී
සදහම් මිණි කැන් බෙදමින් යන්නී

කඳු බඳු දාගැබ් වළා සිඹින්නී
මූදට නෑ කම් වැවු හඟවන්නේ
මිහිපිට දෙව් ලොව මැනුණා වැන්නේ

අසුර රකුස් යක් නා සිව් හෙළයන් 
එක්සත් වී සුපහළ සිංහළයන්
පෙරැ කළ පින් පල පළ කළ බිම හෙළ

අමළ කොමළ ලලනී සිරි ලංකා
මිහිරි රුසිරි කුමරී සිරි ලංකා  
සසිරි අසිරි සිරිනී සිරි ලංකා.......

~~~~~

පද රචනය: අරිසෙන් අහුබුදු ශූරීන්
තනු නිර්මාණය හා ගායනය: පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන්

203. ගණිත විනෝදය.....09

ඕන්න කාලෙකට පස්සේ ගණිත ගැටළු ටිකකුත් අරගෙන ගණං ටීච ආවලු. බලමු අද කවුද මේ ටික මුළින්ම විසඳන හපනා කියලා. :)

***

1. 

බූවලු ලෝකේ රජ්ජුරුවන්ට හිටියා කකුල් හයේ, හතේ, අටේ සේවකයෝ. මේ සේවකයන්ගෙන් කකුල් හතේ අය කිව්වොත් කියන්නේ බොරුමයි. කකුල් හයේ අයයි අටේ අයයි කියන්නේ ඇත්ත විතරමයි.

දවසක් මේ සේවකයෝ හතර දෙනෙක් හම්බවුණා.

  • නිල් පාට බූවල්ලා කිව්වා 'අපි හතරදෙනාගෙම කකුල් ගණන එකතු වුණාම කකුල් 28ක් තියෙනවා' කියලා.
  • කොළ පාට බූවල්ලා කිව්වා 'අපි හතරදෙනාගෙම කකුල් ගණන එකතු වුණාම කකුල් 27ක් තියෙනවා' කියලා.
  • කහ පාට බූවල්ලා කිව්වා 'අපි හතරදෙනාගෙම කකුල් ගණන එකතු වුණාම කකුල් 26ක් තියෙනවා' කියලා.
  • රතු පාට බූවල්ලා කිව්වා 'අපි හතරදෙනාගෙම කකුල් ගණන එකතු වුණාම කකුල් 25ක් තියෙනවා' කියලා.

මේ හතර දෙනාගෙන් ඇත්ත කියන්නේ මොන පාට බූවල්ලාද කියන්න බලන්න.

***

2.

අමරයි මාලායි අයියයි නංගියි. මාලාට ඉන්න සහෝදරයන් ගාණටම සහෝදරියනුත් ඉන්නවා. අමරට ඉන්න සහෝදරයන් ගණන වගේ දෙගුණයක් සහෝදරියන් ඉන්නවා. ඒ පවුලේ මුළු සහෝදරයන් ගණන කීයද? සහෝදරියන් ගණන කීයද?

***

3.

ඒකෝමත් එක ගමක තිබුණ ලොකු චතුරශ්‍රාකාර පොකුණක් මැද්දේ චතුරශ්‍රාකාර දූපතක් තිබුණා. මේ දූපතට පොකුණේ ඉවුරේ ඉඳලා හතර පැත්තෙන්ම තිබුණේ අඩි 20ක දුරක්. දවසක් එක මනුස්සයෙකුට මේ දූපතට යන්න ඕන වුණා. ඒත් එයා ළඟ තිබුණේ අඩි 19ක් දිග, අඩියක් විතර පළල ශක්තිමත් ලෑලි දෙකක් විතරයි. එයා කොහොමද තෙමෙන්නේ නැතුව ඒ දූපතට යන්නේ?

***

4.

දවසක් ළමයි පස් දෙනෙක් පිට්ටනියක ක්‍රිකට් ගහ ගහ හිටියා. එක්කෙනෙකුගේ අතින් බෝලෙ වැදිලා ළඟ තිබුණ ගේක ජනේලයක් බිඳුනා. ඒ ගැන අහපු වෙලාවේ ළමයි පස් දෙනා එක්කෙනෙක් වාක්‍ය තුන ගානේ කිව්වා. ඒ වාක්‍ය තුනෙන් 2ක් ඇත්ත, එකක් බොරු. මේ තියෙන්නේ ඒ එක එක්කෙනා කියපු වාක්‍ය.

ජන්තු:
1. මං නෙවෙයි ඒක කළේ.
2. සිඟිති කියයි ඒක කළේ කවුද කියලා.
3. අපෙන් එක්කෙනෙක් ලොකු අමාරුවක වැටෙන්නයි යන්නේ.

මහතුන්:
1. ටිකිරි තමයි ඒක කළේ.
2. මං නෙවෙයි ඒක කළේ.
3. මං ක්‍රිකට් ගහන්න ආසත් නෑ.

බිංදු:
1. මං නෙවෙයි ඒක කළේ.
2. ටිකිරියි මමයි හොඳ යාළුවෝ.
3. සිඟිති දන්නෙ නෑ ඒක කළේ කවුද කියලා.

ටිකිරි:
1. මං ඒක කළා කියලා මහතුන් කිව්වෙ බොරු.
2. මං මීට කළින් කවදාවත් බිංදුව දැකලා නෑ.
3. මං ජීවිතේට කවදාවත් ජනේලයක් කඩලා නෑ.

සිඟිති:
1. මං දැක්කා ටිකිරි ජනේලෙ කඩනවා.
2. මංනං ජනේලෙ කැඩුවේ නෑ.
3. මට ගෙදර යන්න ඕනෙ.

කවුද ඇත්තටම ජනේලෙ කඩලා තියෙන්නේ?

***

කමෙන්ට් පස්සෙ පබ්ලිෂ් කරන්නං. බය නැතුව උත්තර ලියලා යන්ඩ. :)



130. ගණිත විනෝදය.....08

අද ඔන්න මම කාටවත් ගණං හදන්න දෙන්නෙ නෑ. කතන්දර ටිකක් තමයි කියන්නේ. මේවා ඇවිල්ලා ගණං කතා.
 

***

දවසක් එක නෝනා කෙනෙක් රත්තරං බඩු සාප්පුවකට ගිහින් පවුමක් වටින මුද්දක් සල්ලි දීලා අරගෙන ආවලු. පහුවදා එයා ආපහු ඒ සාප්පුවටම ගිහිල්ලා, ඒ මුද්ද මාරු කරගන්න ඕනේ කියලා ඒ පවුමෙ මුද්ද තියලා පවුම් දෙකක මුද්දක් අරගෙන මුදලාලිට ලස්සනට හිනා වෙලා ස්තූති කරලා යන්න හැරුණලු. කලබල වෙච්ච මුදලාලි විගහට ඉතිරි පවුම ඉල්ලුවාලු. මේ නෝනා කේන්තියෙන් වගේ පැහැදිලි කරන්න පටන්ගත්තාලු මෙන්න මෙහෙම: 'මං ඊයෙ ඇවිත් පවුමක් ගෙව්වනේ, දැන් අද මේ පවුමක් වටින මුද්දකුත් දුන්නනේ. ඉතිං පවුම් දෙක හරිනෙ. තවත් මොනවද මං ගෙවන්න ඕනේ?' ඔළුව අවුල් වෙච්ච මුදලාලි ඇඟිලි ගැන ගැන ගණං හදන අතරේ අර නෝනා සුළි සුළඟක් වගේ සාප්පුවෙන් එන්න ආවලු.
 

***


ඔන්න එක ඉලන්දාරියෙක් වතාවක් රස්සාවකට ඉල්ලුම් කළාලු. සම්මුඛ පරීක්ෂණේදි එයා කළමණාකාරතුමාට කිව්වලු එයා අවුරුද්දකට පවුම් තුන්සීයක වැටුපක් බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට කළමණාකාරතුමා ඔළුව දෙපැත්තට වනලා මෙන්න මෙහෙම කිව්වලු: 'මේ බලනවා, අවුරුද්දට තියෙන්නේ දවස් 365යි. ඔහේ දවසකට පැය 8ක් නිදියගත්තොත් ඒ කියන්නේ සම්පූර්ණ දවස් 122ක් නිදියනවා. එතකොට ඉතිරි වෙන්නේ දවස් 243යි. දවසට තව පැය අටක් විවේක ගන්නවා, ඒ කියන්නේ තවත් දවස් 122ක්. එතකොට ඉතිරි වෙන්නේ දවස් 121යි. ඔහේ අවුරුද්දට තියෙන සති පණස් දෙකේ ඉරිදා දවස් වැඩ කරන්නෙ නෑනේ. එතකොට ඉතුරු වෙන්නේ දවස් 69යි. සෙනසුරාදා දවස් වලිනුත් දවස් බාගයක් නිවාඩුයි - ඒ කියන්නේ එතන දවස් 26ක් ඉවරයි. එතකොට ඉතුරු වෙන්නේ දවස් 43යි. ඒ දවස් වලිනුත් දවසට පැය ගානේ කෑම වෙලාවට අයින් කළාම එතන දවස් 15ක් ඉවරයි. ඉතුරු වෙන්නේ දවස් 28යි. එතකොට සති දෙකෙන් දෙකට හම්බ වෙන නිවාඩුව ගත්තම ඉතුරු වෙන්නේ දවස් 14යි. එතකොට පාස්කු නිවාඩු, බැංකු නිවාඩු, නත්තල් නිවාඩු අයින් කළාම ඉතුරු වෙන්නේ දවස් කීයද? ඔහේ හිතන්නේ ඔහේ දවස් දහයක් වැඩ කරනවට මං පවුම් 300ක් ගෙවන්න ඕනේ කියලද?'
 

***


දවසක්දා මිනිස්සු හත් දෙනෙක් පොඩි හෝටලේකට ආවලු නවාතැන් ගන්න. ඒ එක එක්කෙනාට වෙන වෙනම කාමර ඕනේ කියලා තමයි කිව්වේ. ඒත් හෝටලේ ඉතිරි වෙලා තිබුණේ කාමර හයයි. ඒත් කළමණාකාරතුමා කිව්වා එයා අමුත්තන්ගේ ඉල්ලීම ඒ විදිහටම ඉටු කරන්නම් කියලා. එයා පළවෙනියව පළවෙනි කාමරේට එක්ක ගිහිල්ලා තව එක්කෙනෙකුට ටික වෙලාවක් ඒ කාමරේ නතර වෙලා ඉන්න කියලා කිව්වා. ඊලඟට තුන්වෙනියව දෙවෙනි කාමරේට එක්ක ගියා, හතර වෙනියව තුන් වෙනි කාමරේට එක්ක ගියා, පස් වෙනියව හතර වෙනි කාමරේට එක්ක ගියා, හය වෙනියව පස් වෙනි කාමරේට එක්ක ගියා. ඊට පස්සේ ආපහු පළවෙනි කාමරේට ගිහිල්ලා ඒකේ ටික වෙලාවකට නතර වෙච්ච හත් වෙනියව හය වෙනි කාමරේට එක්ක ගියා. හැමෝටම කාමර හම්බ වුනා. නැද්ද?
 

***


ඔන්න එකෝමත් එක කාලෙක තිබ්බලු එක ලඟ තිබුණ රාජධානි දෙකක්. නෑ නෑ, ෆැසිනෝඩියාවයි නෝවෙල්ස්ට්‍රයිනුයි නෙවෙයි, වෙන දෙකක්. අපි කියමු මොහෙන්දජාරෝයි, හරප්පායි කියලා. ඔය රටවල් දෙකේ ආණ්ඩු දෙක කතා වුනාලු රටවල් දෙකේම ඩොලර් අගය එක සමානව තියාගන්න. ඒත් දවසක්දා මොහෙන්දජාරෝවේ ආණ්ඩුව ඒ එකඟතාවෙ කඩ කරලා ඒ රටේ නීති කෙටුම්පත් වෙනස් කළාලු ඉන් ඉදිරියට හරප්පා ඩොලරයක් වටින්නේ මොහෙන්දජාරෝ ශත අනූවක් විතරයි කියලා. ඕක ආරංචි වෙච්ච හරප්පාවෙනුත් ඒ රටේ නීති කෙටුම්පත් වෙනස් කළාලු ඉන් ඉදිරියට මොහෙන්දජාරෝ ඩොලරයක් වටින්නේ හරප්පා ශත අනූවක් විතරයි කියලා. ඔය රටවල් දෙක අතර මායිමේ පදිංචි වෙලා හිටියලු මොළේ ඇති හාදයෙක්. මෙයා ඔන්න පහුවදා උදේම මොහෙන්දජාරෝ කඩේකට ගිහිල්ලා ශත දහයක් වටින රේසරයක් අරගෙන මොහෙන්දජාරෝ ඩොලරයක් දුන්නලු. ඉතුරු විදිහට එයාට මොහෙන්දජාරෝ ශත අනූවක් වටින හරප්පා ඩොලරයක් හම්බ වුනාලු. මෙයා ඒකත් අරගෙන හරප්පා කඩේකට ගිහින් තව ශත දහයක් වටින බ්ලේඩ් තල පැකට් එකක් අරගෙන අතේ තිබ්බ හරප්පා ඩොලර් එක දුන්නලු. එයාට ඉතුරු විදිහට හරප්පා ශත අනූවක් වටින මොහෙන්දජාරෝ ඩොලරයක් හම්බවුනාලු. එයා ඉතිං ඒකයි බඩු ටිකයි අරගෙන ගෙදර ගියාලු. අන්තිමට බැලුවම එයා ලඟ මුලින් එයා ලඟ තිබ්බ මොහෙන්දජාරෝ ඩොලරයත් තියනවා, එයා ගත්ත බඩුත් තියනවා. මුදලාලිලා දෙන්නටත් ශත දහය ගානේ හම්බවුනා. එතකොට කවුද දැන් රේසරේටයි බ්ලේඩ් තල පැකට් එකටයි ගෙවලා තියෙන්නේ?
 

***

අදට ඔය ඇති නෙහ්? මෙව්වා කියවලා කරකෝලා අත ඇරියා වගේ දැනුණනං ගණං ගන්න එපා. මේ ලියපු මාත් එහෙම හිටං තමයි ලිව්වේ. :D




මෙව්වා හොයාගත්තේ ඔන්න ඔය පොතෙන්


125. පින් පුරව් සිහළුනි සදා ඉපදී මැරෙන්නට සිංහලේ...

Image Source: http://www.steuartholidays.com/destinations-in-sri-lanka/anuradhapura-sri-lanka/


නන් සුරන් බැතියෙන් පිදූ සරු පින් බිමක් විය මිහිතලේ
රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ

දෙස් විදෙස් පතාලවු කිත් යසසින් ලෙවන් පසුබා සැදී
මී මුතුන් සුවහස් දනන් විය මව් බිමේ නාමෙන් බැඳී
සීහලේ සුවඳින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී
උන් මළත් අපගේ විකුම් විමසා සදා නොනිඳා ඉඳී

දැන් නැතත් ඒ ශ්‍රී විභූතිය ඒ ලෙසින් සදනා යුගේ
උන් ගැයූ අභිමාන ගී ස්වරයෙන් සැළේ හදවත් අපේ
මින් මතුත් මේ මව් කුසේ උණුසුම් පැතූ දරුවන් ලෙසේ
පින් පුරව් සිහළුනි සදා ඉපදී මියෙන්නට සිංහලේ

ගායනය: බණ්ඩාර ආතාවුද
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
සංගිතය: රෝහණ වීරසිංහ






76. I See the Light...


Rapunzel:
All those days watching from the windows
All those years outside looking in
All that time never even knowing
Just how blind I've been
Now I'm here, blinking in the starlight
Now I'm here, suddenly I see
Standing here, it's oh so clear
I'm where I'm meant to be

(Chorus)
And at last I see the light
And it's like the fog has lifted
And at last I see the light
And it's like the sky is new
And it's warm and real and bright
And the world has somehow shifted

All at once everything looks different
Now that I see you

Eugene(Flynn):
All those days chasing down a daydream
All those years living in a blur
All that time never truly seeing
Things, the way they were
Now she's here shining in the starlight
Now she's here, suddenly I know

If she's here it's crystal clear
I'm where I'm meant to go

Rapunzel & Eugene (Flynn):
And at last I see the light

Eugene (Flynn):
And it's like the fog is lifted

Rapunzel & Eugene (Flynn):
And at last I see the light

Rapunzel:
And it's like the sky is new

Rapunzel & Eugene (Flynn):
And it's warm and real and bright
And the world has somehow shifted

All at once, everything is different
Now that I see you,
Now that I see you!


73. රුසියානු ලී බෝනික්කා...

මෙන්න හය වෙනි ගණිත විනෝදය ගැටළුව මුළින්ම විසඳුව ජයග්‍රාහී බුරම්පි නිළමේ තුමාගේ තෑග්ග. 


මගේ බුර බුරා නැගෙන සන්තෝසය සමග සුභ පැතුම් පිළිගන්න. :D



රුසියානු වදන් උපුටගත්තෙ මෙතනින්.

Кто доброй сказкой входит в дом,
Кто с детства каждому знаком,
Кто не ученый, не поэт,
А покорил весь белый свет.
Кого повсюду узнают,
Скажите, как его зовут?
Бу-ра-ти-но,
Бу-ра-ти-но.

На голове его колпак,
Но околпачен будет враг,
Злодеям он покажет нос,
И рассмешит друзей до слез.
Он очень скоро будет тут,
Скажите, как его зовут?
Бу-ра-ти-но,
Бу-ра-ти-но.

Он окружен людской молвой,
Он не игрушка, он живой,
В его руках от счастья ключ,
И потому он так везуч.
Все песенки о нем поют,
Скажите, как его зовут?
Бу-ра-ти-но,
Бу-ра-ти-но,
Бу-ра-ти-но,
Бу-ра-ти-но.

Who is a good tale enters the house, 
Who from childhood to each sign, 
Who is not a scientist, not a poet, 
And conquered the whole world. 
Everywhere who learn 
Tell me, what's his name? 
Bu-ra-ti-but 
Bu-ra-ti-no. 

Cap on his head, 
But be fooled by the enemy, 
The wicked he will nose 
And friends laugh to tears. 
He will be here very soon, 
Tell me, what's his name? 
Bu-ra-ti-but 
Bu-ra-ti-no. 

It is surrounded by gossip, 
It is not a toy, it's alive, 
In his hands the key of happiness, 
And because he is so lucky. 
All songs sung about him, 
Tell me, what's his name? 
Bu-ra-ti-but 
Bu-ra-ti-but 
Bu-ra-ti-but 

Bu-ra-ti-no.

රුසියන් බසින් ඉංග්‍රීසියට නැගුවේ ගූගල් ට්‍රාන්ස්ලේටරයෙන්. ඒක හරිද වැරදිද කියන්නනං ඉතිං මම දන්නෙ නෑ. පොඩි පොඩි එහා මෙහා වීම් තියෙනවා වගේ කියලා ටිකිරි මොළේට පොඩ්ඩක් තේරුණ නිසා කොච්චර ආසාව තිබ්බත් ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරන්න බෑ වගේ කියලා හිතුණා. සමාවෙන්න බූරො අයියේ ඒ ගැන. කම්මැලි තෑග්ගක් තමයි, ඒත් තරහා වෙන්නෙ නැති වෙයි කියලා හිතනවා.


69. LOVE AND ARITHMETIC...




A tutor went one day to teach
A rich man's lovely daughter
The four rules of arithmetic
And this is how he taught her.

The first rule was a simple one
He showed by love's tuition,
He kissed her once, he kissed her twice,
And said, "Now that's Addition."

And so he added kiss to kiss,
In joyful satisfaction,
And then he took a few, from her,
And said, "Now that's Subtraction."

And so they sat there side by side
In mututal admiration,
He said, whilst paying back tenfold,
"This is Multiplication."

But papa thought he heard one day
The sounds of osculation.
He asked his daughter what it meant,
By mild expostulation.

And when he learnt the truth from her
He shouted in derision,
He kicked the tutor from the door
And said, ''That's Long Division!"


by
Cuthbert Rose and Winifrid Fairley


42. දැං මොකෝ කරන්නෙ ඉතිං...?

මේ මං පුංචි කාලේ ඉඳන් ආසාවෙන් අහපු, තාමත් ආදරේ කරන අපූරු ඉංග්‍රීසි ගීතයක්. 



There's a hole in the bucket, dear Liza, dear Liza,
There's a hole in the bucket, dear Liza, a hole.
Then mend it, dear Henry, dear Henry, dear Henry,
Then mend it, dear Henry, dear Henry, mend it.

With what shall I mend it, dear Liza, dear Liza?
With what shall I mend it, dear Liza, with what?
With a straw, dear Henry, dear Henry, dear Henry,
With a straw, dear Henry, dear Henry, with a straw.

The straw is too long, dear Liza, dear Liza,
The straw is too long, dear Liza, too long,
Then cut it, dear Henry, dear Henry, dear Henry,
Then cut it, dear Henry, dear Henry, cut it.

With what shall I cut it, dear Liza, dear Liza?
With what shall I cut it, dear Liza, with what?
With a knife, dear Henry, dear Henry, dear Henry,
With a knife, dear Henry, dear Henry, with an knife.

The knife is too dull, dear Liza, dear Liza,
The knife is too dull, dear Liza, too dull.
Then sharpen it, dear Henry, dear Henry, dear Henry
Then sharpen it, dear Henry, dear Henry, sharpen it.

On what shall I sharpen it, dear Liza, dear Liza?
On what shall I sharpen it, dear Liza, on what?
On a stone, dear Henry, dear Henry, dear Henry,
On a stone, dear Henry, dear Henry, a stone.

The stone is too dry, dear Liza, dear Liza,
The stone is too dry, dear Liza, too dry.
Well wet it, dear Henry, dear Henry, dear Henry,
Well wet it, dear Henry, dear Henry, wet it.

With what shall I wet it, dear Liza, dear Liza?
With what shall I wet it, dear Liza, with what?
try water, dear Henry, dear Henry, dear Henry,
try water, dear Henry, dear Henry, water.

In what shall I fetch it, dear Liza, dear Liza?
In what shall I fetch it, dear Liza, in what?
In a bucket, dear Henry, dear Henry, dear Henry,
In a bucket, dear Henry, dear Henry, a bucket.

There's a hole in my bucket, dear Liza, dear Liza,
There's a hole in my bucket, dear Liza, a hole.
Use your head, then! dear Henry, dear Henry, dear Henry,
Use your head, then! dear Henry, dear Henry, use your head!


පිදුම: අන්දර මල්දමේ මාත් එක්ක මල් ගොතන්න එකතු වෙන මගේ ආදරණීය යාළුවෝ පස් දෙනාට... ;)




27. බීග්ල්ස්ගේ දර්ශනය...


පාසැල් යන කාලයේදී මම බොහොම ආසාවෙන් කියවපු පොත් පෙළක් තමයි 'බීග්ල්ස් පොත් පෙළ' (Biggles Series). ලෝක යුධ සමයේ රාජකීය ගුවන් හමුදා (R.A.F. - Royal Air Force) නිලධාරියෙකු ලෙස සේවය කළ W. E. Johnes විසින් රචනා කරන්නට යෙදුණු මේ පොත් පෙළ ජේම්ස් බිග්ල්ස්වර්ත් (James Bigglesworth) නැමැති රාජකීය ගුවන් හමුදා නිලධාරියා හා ඔහුගේ සගයින් වටා ගෙතුණු අපූරු වික්‍රමාන්විත සිද්ධින් රැගත් පොත් පෙළක්. මෙම පොත් කිහිපයක්ම පී. බී. සේනානායක මහතා දැනට සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා.

මම අද ලියන්නේ Biggles ගැනවත්, ඒ පොත් පෙළ ගැනවත් නෙවෙයි, ඒ කතා මාලාවේ පොත් 101 අතරින් 24 වෙනි කතාව වන 'Spitfire Parade' නැමැති පොතේ එන, බීග්ල්ස් විසින් ඉදිරිපත් කරන අපූරු දර්ශනයක් (Biggles's Philosophy) ගැන කියන්නයි. 

ඒ පොතේ ඒක සඳහන් වෙන්නේ මෙහෙමයි:


When you are flying, everything is all right or it is not all right.
If it is all right there is no need to worry. If it is not all right one of two things will happen. Either you will crash or you will not crash.
If you do not crash there is no need to worry. If you do crash one of two things is certain. Either you will be injured or you will not be injured.
If you are not injured there is no need to worry. If you are injured one of two things is certain. Either you will recover or you will not recover.
If you recover there is no need to worry. If you don't recover you can't worry.

කොයි තරම් අපුරු තර්කයක්ද නේද?