27. බීග්ල්ස්ගේ දර්ශනය...


පාසැල් යන කාලයේදී මම බොහොම ආසාවෙන් කියවපු පොත් පෙළක් තමයි 'බීග්ල්ස් පොත් පෙළ' (Biggles Series). ලෝක යුධ සමයේ රාජකීය ගුවන් හමුදා (R.A.F. - Royal Air Force) නිලධාරියෙකු ලෙස සේවය කළ W. E. Johnes විසින් රචනා කරන්නට යෙදුණු මේ පොත් පෙළ ජේම්ස් බිග්ල්ස්වර්ත් (James Bigglesworth) නැමැති රාජකීය ගුවන් හමුදා නිලධාරියා හා ඔහුගේ සගයින් වටා ගෙතුණු අපූරු වික්‍රමාන්විත සිද්ධින් රැගත් පොත් පෙළක්. මෙම පොත් කිහිපයක්ම පී. බී. සේනානායක මහතා දැනට සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා.

මම අද ලියන්නේ Biggles ගැනවත්, ඒ පොත් පෙළ ගැනවත් නෙවෙයි, ඒ කතා මාලාවේ පොත් 101 අතරින් 24 වෙනි කතාව වන 'Spitfire Parade' නැමැති පොතේ එන, බීග්ල්ස් විසින් ඉදිරිපත් කරන අපූරු දර්ශනයක් (Biggles's Philosophy) ගැන කියන්නයි. 

ඒ පොතේ ඒක සඳහන් වෙන්නේ මෙහෙමයි:


When you are flying, everything is all right or it is not all right.
If it is all right there is no need to worry. If it is not all right one of two things will happen. Either you will crash or you will not crash.
If you do not crash there is no need to worry. If you do crash one of two things is certain. Either you will be injured or you will not be injured.
If you are not injured there is no need to worry. If you are injured one of two things is certain. Either you will recover or you will not recover.
If you recover there is no need to worry. If you don't recover you can't worry.

කොයි තරම් අපුරු තර්කයක්ද නේද?



8 comments:

  1. සිත්තමියා බ්ලොග් එකක් ලියන්ට පට්ටාං ගත්තා කියලා අපට යන්තංවත් කිවුවෙ නැත්තෙ අපි බලන්ට එයි කියලා වෙන්ටෑ.. හරි හරි නගේ, බලාගමු.. :(

    ReplyDelete
    Replies
    1. අනේ බූරො අයියේ, කියන්න ඕන කම තිබ්බා. ඒත් කොහොමෙයි කියන්නේ? මගේ ලියුං පෙට්ටියෙ උන්නු පස් හය දෙනාටනං ලියුං යවලා කිව්වා. ඔයාලට කියන්න තිබ්බ එකම විදිහ වළව්වනේ. ඒත් ඉතිං පොඩි මැණිකේ නැති අල්ලපනල්ලේ මං කොහොමෙයි ඔතන ගෙහුං ඇඩ්වටීස්මන්ට් දාන්නේ. ඒකයි නිකා හිටියේ. කොහොමහරි හොයාගෙන ආවට ගොඩාක් ස්තූතියි බූරො අයියේ. ගොඩාක් සතුටුයි.

      Delete
  2. මරු දර්ශනය බොලේ මේක...උපේක්ෂාව කියන්නෙ ඔන්න ඕකටනෙ....හෙහ්, හෙහ්, මෙත්තා, මුදිතා, කරුණා, උපෙක්ඛා කියල බුදු හාමුදුරුවො දේශනා කලා දන්නව නේද? මෙත්තා කියන්නෙ මෛත්‍රිය, කරුණා - කරුණාව, දන්නවය මුදිතා කියන්නෙ මොකක්ද කියල?....ගොඩක් අය ඕක වැරදියට තේරුම් අරං ඉන්නෙ...මුදිතා කියන්නෙ මුචලින්ද නම් නා රජු තම දරණය දිගහරින්නේ යම්සේද තා එලෙස තෘෂ්ණාව අතහල යුතුයි කියන එක...තේරුණය?.....:) :) උපෙක්ඛා කියන්නෙ උපේක්ෂාව, සිදුවන කිසිම දෙයකින් නොසැළී මහමෙර මෙන් නිසලව ඊට මුහුණ දීම....

    ඔයා මම කියන්නද?....අර මුතූ කෙලීටත් කියාදෙන්න මේ බිග්ල්ස්ගෙ දර්ශනය....ඔන්න මෙහෙමයි එතකොට වෙන්නෙ....හරිද?

    When she asks him the most important question at last, one of two things will happen. Either he will say yes or he will say no.
    If he says yes there is no need to worry. If he says no there are two options,
    Either you can just get on with your life forgetting him or just cry a little & ask him again,
    If you can forget him there is no need to worry. If you ask him again one of two things will happen. Either he will say yes or again say no.
    If he says yes there is no need to worry. If he says no there are two options,
    Either you can just get on with your life forgetting him or hit him over the head with a club & ask him again,
    If he says yes there is no need to worry, you would just have to treat his wound & marry him. If he says no there are two options,
    Either you can just get on with your life forgetting him or squeeze his neck with all your strength & ask him again,
    If he gasps yes there is no need to worry, you would just have to let go of his neck & marry him. If he says no there are two options,
    Either you can just get on with your life forgetting him or shoot him with your fathers gun at point blank range,
    If he is killed there is no need to worry because its all over. If he survives there are two options.
    Either you can just get on with your life forgetting him or shoot him again.
    If he is killed there is no need to worry because its all over. If he survives there are two options.
    Either you can just get on with your life forgetting him or shoot him again.

    ReplyDelete
    Replies
    1. ආ, දැං අයියා බලං ඉන්නෙ මුතූ ගිහිං වික්‍රමගෙන් අහනකල්ද? හහ්! එව්වා හඳේ ඈ! මුතූ ඇවිල්ලා සෑහෙන ආඩම්බර කෙල්ලෙක්. එහෙම වැඩ කරන් නෑ එයා. ඔන්න බලන්නකො බොරුද කියලා අමා අක්කා අන්තිම කොටස ලිව්වහම.

      ඒ හන්දා ඔය ලොජික් එක අනිත් පැත්ත හරවමු. ඕක මුතූ ඇහුවොත් නෙවෙයි, වික්‍රම ඇහුවොත් මොකද වෙන්නෙ කියලා. එතකොට ඔන්න ඔය කීව විදිහ කරත හැකි. හැබැයි ඉතිං අන්තිම එක නෙවර් එන්ඩිං ලූප් එකක් වෙයිද දන් නෑනේ. ඒ හන්දා එක සැරයක් දෙසැරයක් කෙල්ලට වෙඩි තියලා හරි ගියෙ නැත්තං අන්තිම ඔප්ෂන් එකට දාමු තමන්ටම වෙඩි තියාගන්න එක. එතකොට එතනින් එහාට කෙළින්ම බීග්ල්ස්ගේ න්‍යායම ආදේශ කරත හැකි.

      කමෙන්ට් එකේ අග ටික කියවද්දි මුල ටික අමතක වෙච්ච නිසා ඔන්න අයියා අදට බේරුණා කියලා හිතාගන්ඩකො!

      Delete
  3. සිත්තමියේ දැන් දාන්ට ඇඩ් එක...ඔයාගේ බ්ලොගේ තියෙනබව මම දැනගත්තේ ගිහින් ආවට පස්සේ. බූරාට කියන්ට බැරි උනා එයා මේ දවස්වල මා එක්ක කතා නොකරන හන්දා...:D:D:D

    ReplyDelete
    Replies
    1. හොඳමයි පොඩි මැණිකේ. පිං සිද්ද වෙච්චාවේ දුන්නු අවසරේට. ඉන්ඩකො ඈ, වළව්වෙ නෝටිස් බෝඩ් එකේ දාන්ඩ යන දැන්වීම වෙච්චි ඔහේ ආවට ගියාට දාන්ඩ පුළුවනෑ. මං මේ පාට පාට අකුරෙං ලියලා, මල් මල් බෝඩරයක් හෙම ඇඳලා, දිලිහෙන කුඩු එහෙම ඉහලා අරං එඤ්ඤංකෝ දැන්වීම. ඔන්න ඉඩක් වෙන් කොරලා තියන්ඩ ඕනෑ අපෙ පොඩි මැණිකේ. :D

      ඒයි, බූරො අයියේ, ආං ලොකු මැණිකේ අහනවා මොකෝ මේ බුරුත ළමයා ගොරවන්නේ කියලා. :D

      Delete
    2. ගොරවන්නේ ‍මොකද ‍නේද? ඒක මං බලාගඤ්ඤං‍කො ඔය ලොකු මැණිකෙගෙ මහ ලොකු මිණිබිරී පොඩ්ඩ එක්ක.. ;)

      Delete