ඉතිං මේ අළුත විවාහ වුන තරුණ යුවළ බොහොම ආදරෙන් සතුටින් කල් ගත කරන්න පටන් ගත්තා. තරුණියත් එයාගේ සැමියාත් තරුණියගේ අම්මා දීපු මංගල තෑග්ග ඒ උපදෙස් අනුවම පාවිච්චි කළා. ඔහොම ටිකින් ටික කාලෙ ගත උනා. මේ දෙන්නට දරුවෙකුත් ලැබුණා. ටිකෙන් ටික, නොදැනීම මේ දෙන්නා අතර පුංචි පුංචි ආරවුල් ඇති වෙන්න පටන් ගත්තා. ටිකෙන් ටික මේ ආරවුල් දුර දිග ගිහින් අන්තිමට මෙච්චර කලක් සතුටින් ආදරෙන් හිටපු මේ යුවළ වෙන් වෙන්න තීරණය කළා. මේ බව ඒ තරුණිය තමන්ගේ අම්මාට ඇවිත් කිව්වා. එතනදි කිසිම විරුද්ධත්වයක්වත් අවවාදයක්වත් පළ නොකර ඒ අම්මා මෙන්න මෙහෙම තමන්ගේ දුවට කිව්වා.
"ඒක ඉතිං ඔයාලා දෙන්නගේ තීරණයක්නේ. මං ඒකට මුකුත් කියන්නෙ නෑ. ඒත් ඔය දෙන්නා වෙන් වෙනවනම් එහෙම කරන්න කළිං එක දෙයක් කරන්න ඕනේ. අර බැංකු පොතේ තියන ඔක්කොම සල්ලි ආපහු අරන් ඒ ටික වියදම් කරන්න. ඔයාලා වෙන් වෙනවනම් ඒ ගිණුම තියං ඉඳලා වැඩක් නෑනේ."
අම්මාගේ අදහසට එකඟ වෙච්ච තරුණිය බැංකු පොතත් අරං ගියා බැංකුවෙන් සල්ලි ගන්න. මුදල් ලබාගන්න පෝලිමේ ඉන්න ගමන් එයා නිකමට ඒ පොතේ පිටු එකින් එක පෙරළලා බැලුවා. හැම තැන්පතු මුදලක් යටින්ම පුංචි පුංචි දේවල් ලියලා තියෙනවා එයා දැක්කා. තමන්ම ලියපුවා එතන තිබුණත් එයාට ඒවා ආයෙත් කියවන්න හිතුණා. මුලම පේළිය අම්මගෙන්.
'සුභ අනාගතයකට ඔයාලා දෙන්නටම අම්මගෙන් සුභ පැතුම්!'
ඊලඟ පේළිය, 'අපි බැඳලා මාසයයි. එයා මට ලස්සන ඇඳුම් ගොඩක් අරන් දුන්නා.'
ඊලඟ පේළිය, 'අද එයාගේ උපන් දිනය. අපි දෙන්නා අද කඳුකරයට යනවා නිවාඩුවකට.'
පේළියෙන් පේළිය කියවගෙන ගිය එයා පෝලිමෙන් අයින් වෙලා පුටුවක වාඩි උනා. 'අද අපේ පළවෙනි සංවත්සරය. මං එයාට ගොඩාක් ආදරෙයි.'
ඇස් දෙකේ කඳුළු පිරීගෙන එන බව එයාට තේරුණා. 'අද අපේ ජීවිතේ සතුටුම දවස. මං අම්මා කෙනෙක් වෙන්න යන බව දොස්තරලා කිව්වා.'
'අද මගේ උපන් දිනය. එයා මාව ගොඩාක් පුදුම කළා. මං ගොඩාක් වාසනාවන්තයි මේ වගේ මහත්තයෙක් ලැබෙන්න.'
ඔහුගෙන් වෙන් වන අදහස එයාගෙ හිතෙන් ඒ වෙන කොට තුරන් වෙලා තිබුණේ.
'අපිට පුතෙක් ලැබුණා. අපි දෙන්නම ගොඩක් සතුටින්.' ඒ වාක්‍යයත් එක්ක තමයි ඒ පොතේ වැඩිම මුදලක් තැන්පත් වෙලා තිබ්බේ. තවත් පොත කියවන්න පමා නොවුණු ඒ තරුණිය ඉක්මණින්ම තමන්ගේ සැමියා සොයාගෙන ගියා. ඒත් ඔහු ලඟදි වැඩි වෙනසක් පෙන්නන්නේ නැතුව එයා මෙහෙම කිව්වා.
"අම්මා කිව්වා අපි වෙන් වෙන්න යන නිසා මේ බැංකු ගිණුම තවත් තියං ඉන්න එපා කියලා, මේකේ තියන සල්ලි ඔක්කොම අරන් අපි වෙන් වෙන්න කළිං වියදම් කරන්න කිව්වා."
"ඉතිං ඔයාම ඒක කරන්න, ඇයි මට කියන්නේ?" ඇයව ගනන් නොගෙනම ඔහු කිව්වා.
"පුතාට ටිකක් සනීප මදි වගේ, මං එයා ලඟ ඉන්න ඕනේ. මේක විතරක් මට කරන අන්තිම උදව්ව විදියට කරන්න බැරිද? අනික මේකේ අපි දෙන්නගෙම සල්ලිනෙ තියෙන්නේ."
කොහොම හරි අන්තිමේදී සැමියා ඒක කරන්න කැමති උනා. මුදල් ගන්න පෝලිමේ ඉන්න ගමන් එයාටත් එයාගේ බිරිඳට කරන්න හිතුණ දේම කරන්න හිතුණා. කොහොමහරි ඒක කියවගෙන යද්දී එයාට සිද්ධ උන දේවල්ම මෙයාටත් සිද්ධ උනා. අතීතයේ සුන්දර මතකයන් ආපහු එකින් එක එයාට මැවිලා පේන්න පටන් ගත්තා. එයා ගෙදර යන කොට බිරිඳ හිටියේ මුළුතැන් ගෙය අස් කර කර. අඩි ශබ්ධය ඇහිලා එයා හැරිලා බැලුවා. සැමියාගේ මුහුණ දුටුව එයා හැම දේම තේරුම් ගත්තා. එයාගේ දෑසින් කඳුළු වැටෙන්න ගත්තා. එයා ලඟට ආපු සැමියා ආදරෙන් එයාව තුරුළු කරගත්තා.
"අපි කවදාවත් වෙන් වෙන්නේ නෑ."
"ඔව්, හැමදාටම අපි අපේමයි."
ඒ තරුණ යුවලට හරි මාර්ගය තේරුම් ගන්න උදව් වුන අම්මාව බලන්න ඒ දෙන්නා පුංචි පුතත් එක්ක එවෙලේම පිටත් උනා. ඉන් පස්සේ ආයි කවදාවත් ඒ දෙන්නා අතර පුංචිම පුංචි නෝක්කාඩුවකට වඩා දෙයක් ඇති උනේ නෑ. හැම දෙනාම සතුටින් ජීවිතේ ගත කළා.
~ පරිවර්තනය කළේ email ලිපියක් ඇසුරෙනි

රායිට් ළමායිස්..ඔන්න එහෙනං මේ අපූරු පේම කතාවෙ ඉතිරි කොටස කියවන්නකො දැන්............
ReplyDelete/ ඒ තරුණ යුවලට හරි මාර්ගය තේරුම් ගන්න උදව් වුන අම්මාව බලන්න ඒ දෙන්නා පුංචි පුතත් එක්ක එවෙලේම පිටත් උනා. ඉන් පස්සේ ආයි කවදාවත් ඒ දෙන්නා අතර පුංචිම පුංචි නෝක්කාඩුවකට වඩා දෙයක් ඇති උනේ නෑ. හැම දෙනාම සතුටින් ජීවිතේ ගත කළා. /
ඉතින් ඔහොම මේ දෙන්න බොහොම සන්තෝසෙන් කාලය ගත කලා. අන්තිමට අර පුතා ලොකු වෙල ඔන්න කසාදයක් බඳින්නත් ලං වුනා කියමුකො හොඳද?...දැන් මේ දෙන්න කල්පනා කරනව දහ අතේ කොහොමද කසාදෙට වියදම් කරන්නෙ කියල....මොකද පුතාට හොඳට උගන්නන්න මෙයාල දෙන්න හම්බ කරපුව ඔක්කොම වගෙ වියදම් කරලයි තියෙන්නෙ මේ වෙනකොට..
'' ඒයි අපේ අර බැංකු පොත තියෙන්නෙ.....ඒකෙ සල්ලි ටික ගමු...කීයක්වත් කවදාවත් ගත්තෙ නැති නිසා හොඳ ගානක් ඇති....'' ඔහු කිව්ව
ඇයත් හිස වැනුව බොහොම සන්තෝසෙං....'' හරි එහෙම කරමු....ඒ මුදල කියන්නෙ අපෙ ආදරයෙ සංකේතය, ඒක අපේ පුතා වෙනුවෙන් වියදම් කරන එක තරම් එයාට දෙන්න පුළුවන් හොඳම තෑග්ග..... ''
ඔන්න දෙන්නම ගියා පොතත් අරගෙන බැංකුවට...කවුන්ටරේ හිටිය තරුණ නිළධාරිනිය බැංකු පොත පෙරලල බැලුව..ඒ කරල මේ දෙන්නගෙ මූණ දිහාත් ටික වෙලාවක් බලා හිටිය.
'' සමාවෙන්න මම ඉක්මනට එන්නම්....'' එහෙම කියල එයා නැඟිටල ගියා.
ඇයයි ඔහුයි මූනෙන් මූණ බලා ගත්ත. ඔහු ඇයි මේ?...කියල ඇස් දෙකෙන් ඇහුව....දන්නෙ නෑ..ඇය යටි තොල පෙරලුව. විනාඩි දහයක් පහළවක් ගියා...නිළධාරිනිය ආයෙම ආසනයට ආව...ඔවුන් දෙන්නම කවුළුවට කිට්ටු උනා.
'' ඇයි මිස්?....මොකුත් ප්‍රශ්නයක්ද?....'' ඇය ඇහුව.
'' ඔව්...මේ පොතේ තියන මුදල ගෙවන්න විදිහක් නෑ.. ''
'' ඈ...ඒ මොකද?....'' දෙන්නම ඇහුවෙ එක සැරේ...
'' බැංකු ආඥා පණතෙ දහහතරවන වගන්තියෙ 3 ආ උප වගන්තිය අනුව බැංකු පොත කියන්නෙ බැංකුවට අයිති දේපලක්, තමන්ගෙ බැංකු පොතේ උනත් කිසිම දෙයක් ලියන්න බෑ ගිණුම් හිමියට උනත්, ඒක ගැනෙන්නෙ රාජ්‍ය දේපල අයථා පරිහරණය කියන වරද යටතට, ඔයාල මේ පොතේ ලියල තියෙන දේවල් හරිම ලස්සනයි, ඒත් කණගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ ඔයාල කරල තියෙන්නෙ වරදක්, ''
'' එතකොට අපිට මේ සල්ලි ගන්න වෙන්නෙ නැද්ද? '' ඔහු ඇහුවෙ ඇහෙන නෑහෙන ගානට,
'' කණගාටුයි...සල්ලි ගන්න විදිහක් නෑ..අනික ඔයාලට විරුද්ධව නඩු පවරන්නත් සමහරවිට සිද්ධ වෙයි. ඒ තීරණය තියෙන්නෙ අපේ මැනේජර්ගෙ අතේ… ''
ඔහුයි ඇයයි කතා බහකින් තොරවම බැංකුවෙන් එළියට බැස්ස.
' හනේ..තමුසෙලගෙ අම්ම.....'' බැංකුව දිහා ආයෙම පාරක් හැරිල බලල ඔහු කිව්වෙ අහක බලාගෙන...
**********************************************
තරහ අවසර ගරු මැතිණියනි, හුදෙක් විනෝදාස්වාදය උදෙසා ලියූවකි. අද ලෝකාවසාන දිනයෙහි සිත සතුටින් සිටීම ඉතා වැදගත් ලෙස සිතුනු බැවින් මෙසේ ලියූවෙමි.
අද ලෝකාවසාන දිනයෙහි ලෝකාවසානය සිදු වීමට පෙර පිළිතුරු බැඳිය යුතු වූවෙන් අනෙකුත් සියලු වැඩ පසෙක ලා මෙය ලිවීමට උත්සුක වූයෙමි. :P :P :P
ReplyDelete*********************************
ඊට පස්සෙ මෙන්න මෙහෙමලු උනයි කියන්නේ...
"අපි මැනේජර් මහත්තයත් එක්ක කතා කරලා බලමුද?" ඇය කීවේ හදිසියෙම යමක් මතක් වෙලා.
"ආයෙ මොනවා කතා කරන්ඩද? දැං ඇහුණනේ අර ඉස්සරහා උන්නු ළමයා කියපු දේවල්."
"ඒ උනාට කමක් නෑ, කතා කරලා බලමු. අමුතුවෙන් නැති වෙන්න දෙයක් නෑනේ."
"අනේ ඇත්තට, මෙහෙම දෙයක් දන්නවනං මං ඔය පොතේ එක සතයක් දාන් නෑ," ඔහු තවමත් කේන්තියෙන්.
"නිකං ඉන්න අනේ බොරුවට කෑ නොගහා. ඔය පොත තිබ්බෙ නැත්තං අපි දෙන්නා ඉඳියි මෙහෙම. දැං එන්න මෙන්න මෙහෙ යන්න මාත් එක්ක," ඇය ඔහුවත් ඇදගෙන නැවතත් බැංකුවට ඇතුල් වෙලා කළමණාකාරතුමාගේ කුටිය වෙත ගියා.
පරිගණක තිරයට විරිත්තගෙන උන්නු තරුණ කළමණාකාරතුමාගේ මූණ, දොර ලඟ රැඳිලා හිටපු මැදිවියේ යුවළ වෙත යොමු උනා. "එන්න, ඉඳගන්න," ඔහු බොහොම සුහද සිනහවකින් ඔවුන් දෙදෙනාව පිළි අරගෙන අසුන් පැනවූවා.
"මැනේජර් මහත්තයෝ, අපි මේ ආවේ..." ඇය කතාව පටන්ගෙන තමන්ගේ සැමියා දිහා බැලුවා. ඒත් ඔහු බුම්මගෙන ඇස් දෙකෙන් ගලෝලා අතට අරන් හිටපු උපැස් යුවළ පිහදානවා. ඇය නැවතත් කළමණාකරු වෙතට හැරුණා. "අපි මේ ආවේ අපේ මේ බැංකු ගිණුමක් තියෙනවා. දැනට අවුරුදු තිහකට උඩදි ඉඳන් ඒකේ ඉතුරු කළා මිසක් අපි සතයක්වත් ආපහු ගත්තෙ නෑ. දැන් මේ පොඩි මුදල් හදිසියකට අපිට ඒකෙන් මුදල් ටිකක් අරගන්න ආවා මහත්තයෝ බැංකු පොතත් අරන්. ඒත් අර ඉස්සරහින් කිව්වානෙ ඒ පොතෙන් මුදල් ආපිට ගන්න බෑ කියලා." ඇය වචන ගලප ගලපා කිව්වා.
කළමණාකාරතුමාගේ නළල රැළි උනා. "ඒ මොකද?"
"මේ... ඒකෙ අපි මේ..."
එවර ඇගේ සැමියා කතා කළා. "මැනේජර් මහත්තයෝ, අනේ අපිට ඒ පොතේ සල්ලි නැතිවට කාරි නෑ. ඒ මිසී කිව්වා නඩු දාන්න උනත් පුළුවන්ය කියලා. අන්න ඒ කරදරෙන් අපිව බේරලා දෙන්ඩ, පිං අත්වෙයි මහත්තයෝ. ඔව්වට ගෙවන්න කාසි නෑ අපි ලඟ."
"කෝ ගන්න බලන්න ඔය කියන පොත.." කළමණාකාරතුමා බැරෑරුම් මුහුණෙන්ම ඉල්ලා හිටියා.
ඇය අත්බෑගය තුළින් අරගත්ත බැංකු පොත අත් දෙකෙන්ම ඔහුට පිළිගැන්වුවා. කළමණාකාරතුමා එකින් එක පිටුව පිටුව පෙරළුවා. මුළින්ම අර බැරෑරුම් මූණේ පහළට රැළි වෙලා තිබ්බ නළල ඉහළට රැළි උනා. ඊලඟට කටත් ඇරුණා. ඊටපස්සෙ තමුන් ඉදිරියෙන් වාඩිවෙලා උන්නු වැඩිහිටියන් දෙන්නා දෙස හොඳට බලලා ආපහු පොතේ පිටු පෙරළන්න ගත්තා. ගිණුම් දත්ත සටහන් වෙලා තිබ්බ අන්තිම පිටුවටම පෙරළලා ඊලඟට මේසේ උඩ තිබ්බ පරිගණක තිරයට එබුණා. කළමණාකාරතුමාගේ මූණේ ටිකෙන් ටික හිනාවක් ඇඳෙන්න ගත්තා. ඒ තිරෙන් මූණ අහකට අරගෙන ආපහු පොතේ පිටු අග ඉඳන් මුළට පෙරළලා ඒ පොත ආපහු ඒ දෙදෙනාගේ අතට දෙද්දී කළමණාකාරතුමාගේ මූණේ තිබුණේ ඉතිරිලා පැතිරිලා යන හිනාවක්. වැඩිහිටි යුවළ කිසිවක් තේරුම් ගන්න බැරුව මූණෙන් මූණ බලාගත්තා.
"මේකෙන් කවදාවත් සල්ලි ආපහු අරගෙන නෑ කිව්වට එක වතාවක් ගන්න හැදුවා නේද?" ඔහුත් ඇයත් ආපහු මූණෙන් මූණ බලාගත්තේ කුමක් පවසන්නදැයි හිතාගන්නට බැරුව. "හරි හරි, මට ඒකට උත්තර ඕනෙ නෑ. මං ලියුමක් ලියලා දෙන්නං, අම්මයි තාත්තයි මේ පොතත් එක්ක ඒ ලියුම ඉස්සරහට දීලා ඕන කරන මුදල් අරගන්න."
ඔවුන් දෙදෙනා හිඳගත් වනම ඔහු දෙස බලා සිටියේ කුමක් සිදුවන්නේදැයි සිතාගන්නට බැරුව. ඒ අතර කඩදාසියක යමක් ලිවූ ඔහු එය දෙකට නවා ඈ අතේ තැබුවා.
"පින් සිද්ද වෙනවා මහත්තයෝ," ඔහු බලාපොරොත්තු දැල්වුණ දෑසින් යුතුව කතා කළා. ඇය ඒ වනවිටත් කතා කරගත නොහැකි තත්ත්වයකට පත් වෙලා සිටියේ.
"ඒක සුළු දෙයක්," කළමණාකාරතුමා උත්තර දුන්නා. ඊලඟට ඒ වෙනකොටත් මේසේ උඩ තිබ්බ බැංකු පොත ආපහු අතට ගත්තා. "මේ පොතේ වටිනාකම, මේ ගිණුමේ තියෙන මුදලට වඩා බොහොම වැඩියි. මේක හොඳට පරිස්සම් කරගන්න." ඊලඟට ඔහු මේසේ ඉදිරියට නැඹුරු උනා. "මේ අම්මයි තාත්තයි ඉන්ටනෙට් ගැන දන්නවද?"
ඔහුත් ඇයත් නැවතත් මූණෙන් මූණ බලාගත්තා. ඔහු මඳ සිනහවක් පෑවා. "පුතා කම්පියුටර් එහෙම පාවිච්චි කරනවා ඇති නේද?"
"අපොයි දවස තිස්සෙම ඒකෙම තමයි ඇලිලා ඉන්නෙ. වැඩට ගිහිං ආපු වෙලේ හිටං එතනම තමයි."
කළමණාකාරතුමාගේ සිනහව පුළුල් උනා. "එහෙනං මේ ගැන අනිවාර්යෙන්ම දන්නවා ඇති. මං මේ ලියලා දෙන එක ගෙදර ගිහින් පුතාට පෙන්නන්නකෝ." කළමණාකාරතුමා බැංකු පොතේ පිටිපස්සේ පැන්සලකින් මෙන්න මෙහෙම ලිව්වා. http://sithumkavipotha.blogspot.com/2012/12/23.html
ඊලඟට මෙහෙම කිව්වා. "මං මේ අම්මයි තාත්තයි ගැන මීට කළින් දැනගත්තේ මෙන්න මෙතනින්. පුතාට පෙන්නන්නකො ගිහිල්ලා."