රූපයක්, සිනහවක් හෝ මතකයේ රැඳුණු කියමනක්
රඳවයි අපේ ආදරණීයයන්
සදාකල් අප මතකයේ...
නෙක අයුරින් අපට සමීප කරවයි
හිරු බැස යන සැන්දෑව කොපමණ වරක්
ගෙවී ගිය අතීතයේ අප ඔවුන් හා ගත කළ
ඒ සොඳුරු මතකයන් සිහිපත් කරවනු ඇත්ද...
ඇස ගැටෙන මලක් හෝ ගිම්හාන ආකාසය
කොපමණ වරක් ඒ ගෙවී ගිය සොඳුරූ දිනයන්
නැවත අප වෙත කැඳවාගෙන එනු ඇත්ද...
එය සැබෑවකි,
මතකය විශ්මයජනකය,
අපේ ආදරණීයයන් අප වෙත රඳවා ගැනීමට එයට හැකිය...
හදවතින්ද ආත්මයෙන්ද
සැමදා ඔවුන් අප සමගමයි...
~ Marjorie Frances Ames ගේ Ever Close In Mind And Heart නිර්මාණයේ සිංහල පරිවර්තනයයි

No comments:
Post a Comment