නිමිත්ත: “The pessimist complains about the wind; the optimist expects it to change; the realist adjusts the sails.” ~ William Arthur Ward
සුළඟ දරුණුයි
රළුයි වියරුයි
රුවලද කුඹ ගසද
බිඳී ගොස්
අප සයුර මැද
අතරමං වනු ඇත
මේ සුළඟ මැද
පෙරට යන්නේ කෙලෙසකද
නොහැකිය නොහැකිය...
සුළඟ වෙනස් වේ
මොහොතකින් එය හරි යාවි
අපි බලා හිඳිමු
සුළඟ අප ගමනාන්තය කරා
රැගෙන යනු ඇත
එතෙක් අප බලා හිඳිමු
එය සිදු වේවි...
රුවල සකසමු
හමන සුළඟට
යා හැකිය බෝ දුර අපට
වෙනස් කරනෙමු ගමන් මග
මඳකට
නමුත් අමතක නොකරමු
තාරුකා ඇත ඉහළ අහසේ
අපට මග පෙන්වීමට
යාමට ගමනාන්තය කරා...

සුළඟට බැරි වෙයි ගමන නවතන්න...
ReplyDeleteසුළඟත් උදවු කරගෙන ඉදිරියටම යමු....
ලස්සන නිසඳැසක්...
ස්තූතියි ප්රියන්ත අයියේ :)
ReplyDelete/ “The pessimist complains about the wind; the optimist expects it to change; the realist adjusts the sails.” /
ReplyDeleteI am a real realist, I prefer to stay on terra firma :) :)
අපූරු කවි පෙලක්...නංගි :) :)
/* I prefer to stay on terra firma */
ReplyDeleteමේකෙ තේරුම හොයන්න ඩික්ෂනරියත් පෙරළන්ඩ උනා. :D අළුත් වචනයක් ඉගෙනගත්තා අයියගෙන්. තැන්ක් යූ. මේ කියලා තියෙන කතාවත් ඇත්ත තමයි. යසට ගොඩබිම තියෙද්දි මොකට මූදු යනවද. :D :D :D