11. සඳ කුමරු වඩින සඳ ලොවක සිරි මෙලෙසිනා...



දිදුලනා රන් සළුව අහස් ගඟ පලඳවා
හිරු කුමරු සමුදුරේ සැඟව නොපෙනී ගියා
අඳුරු වූ සුදු වළා රොද එකළු කරමිනා
සඳ කුමරු සොබමන්ව කරළියට වඩින්නා

එකින් එක මතු වෙවී පුංචි තරු දිලිහෙනා
සඳ කුමරු දෙස බලා ඉඟි කරන විලසිනා
හිරු රැසට සැඟව උන් කුමුදු මල් පිපෙන්නා
රෑ කුමරි මල් සුවඳ දස අතම විහිදෙනා

සඳ එළිය අතු පතර පෙරී මිදුලට එනා
පන් පැදුරෙ රටා සුදු ලවැලි මත අඳිමිනා
හමා එන මඳ පවන විඩා සිත් නිවමිනා
සඳ කුමරු වඩින සඳ ලොවක සිරි මෙලෙසිනා


2 comments:

  1. සඳ කුමරු වඩින සඳ වලා පෙල අතරිනා,
    පිපි කුමුදු සුවඳ දස දෙස පැතිර විහිදෙනා,
    සොබා රූ අසිරි කවි සිත්තමක කැටිවෙනා,
    නුඹ සොඳුරු කවි සිතට සුබාසිරි පතමිනා,

    ReplyDelete
  2. සුබාසිරි පැතුම් තුති මල් පුදා පිළිගනිමි
    තව තවත් සොබා රූ අසිරි කවි පද ගොතමි :)

    ගොඩක් ස්තූතියි රවි අයියේ! :)

    ReplyDelete