"දෝණී... ඔන්න අපි දැං පාලම උඩින් යන්න හදන්නේ... හයියෙං මගෙ අත අල්ලං ඉන්න හොඳේ..."
"නෑ, තාත්තා මගේ අත අල්ලගන්න..."
"ඉතිං ඒ දෙකේ වෙනසක් නෑනෙ..."
"ඇයි නැත්තේ? මං තාත්තගෙ අතිං අල්ලං ඉද්දි මාව වැටෙන්න ගියොත් මට තාත්තගෙ අත අත ඇරෙන්න පුළුවං. ඒත් තාත්තා මගෙ අතිං අල්ලං හිටියොත් මට බය නෑ. මොකද, මං දන්නවා තාත්තා මගේ අත කවදාවත් අත ඇරෙන්න දෙන්නෙ නෑ කියලා..."
~ පරිවර්තනය කළේ email ලිපියක් ඇසුරෙනි

Yeah, I would never let you go,
ReplyDeleteeven if my life's at stake,
would be there holding your hand,
to eternity & even beyond,
හිත සසල කරවන කතා පොඩ්ඩක් නංගි....ලස්සනයි..
කාලෙකට ඉස්සර නවයුගය පත්තරේ මේ වගෙ පොඩි කතා පලවුනා මට මතකයි..මාතෘකාව තිබ්බෙ '' පුංචි ළිඳේ වතුර රසයි ''
Readers Digest සඟරාවෙත් මේ වගෙ චූටි අපූරු කතා තියනව '' Life is like that '' කියල.
අයියට පුදුම මතකයක්නෙ තියෙන්නෙ. මට නවයුගයෙ මතක තියෙන්නේ පඬිතුමාව විතරයි. Readers Digest වලින් මතක තියෙන්නෙ අර ලස්සන ඇඳපු චිත්‍ර එක්ක තියෙන නවකතාවයි, Points to Ponder කියලා ලස්සන කියමන් තියෙන කොටසයි විතරයි. මේ වගේ ලස්සන කතා තියෙන තව තැනක් ගැන ඔත්තුවක් දෙන්නද? http://www.4minutesperday.com බ්ලොග් ගැන මං අහලවත් නැති කාලේ අපේ සර් කෙනෙක් තමයි මේ අඩවිය ගැන කිව්වේ. පුදුම ලස්සන කතන්දරයි පින්තූරයි තියෙනවා. ලඟකදිනම් අළුතෙන් දෙයක් එකතු වෙලා නෑ වගේ හැබැයි.
ReplyDeleteගොඩක් ස්තූතියි අයියගෙ කමෙන්ට් එකට. ඒ කතාව තරමටම සංවේදියි අයියා ලියලා තියෙන පද හතරත්. දුකයි. :(
පඬිතුමා????..හරි හරි එහෙනම් මෙහෙම වෙන්නැති..ඔයා නවයුගය කියවන කාලෙ පඬිතුමා ඉන්න ඇත්තෙ ඒකෙ වෙන්න ඇති...ඔයා ඔය කියන්නෙ පඬිතුමයගෙයි යෝදයගෙයි කතාව ගැන වෙන්න ඇතිය කියල මම හිතනව...අපේ කාලෙ ඒ දෙන්න හිටියෙ මිහිර පත්තරේ....බූ, බබා, තුල්සි සහ බටකොල ආච්චි ඉන්න කතාවකුත් ඒකෙ තිබ්බ..නම මතක් වෙන්නෙ නම් නෑ......:( :(
ReplyDeleteඅන්න හරි. පඬිතුමයි යෝධයයි තමයි. යෝධයගෙ වැඩේ පඬිතුමාගෙ ප්ලෑන් ඔක්කොම අවුල්කරලා දාන එක. තුල්සියි, බූ බබායි, බටකොළ ආච්චිගෙයි කතා මමත් කියවලා තියෙනවා, මතක නෑ මොකේද කියලා. එස්. ඒ. දිසානායක මහත්තයාගෙ නේද ඒ ඔක්කොම නිර්මාණ? මට මතක ඒ වගේ නමක්.
ReplyDelete