17. මගේ දිවමන් කවි පෙළයි ඔබ ~ ඔබේ ජීවන සිතුවමයි මම...


තෙලිතුඩෙන් නෙක රටා මවනා
නිසල තල රූ සසල කරනා
සිතුම් නෙක පැහැයෙන් සරසනා
ඔබයි මා හද දිනූ සිත්තරා

පන්හිඳෙන් කවි ගී පබඳිනා
සඳැස් නිසඳැස් කතා ලියනා
මිහිරි ලෝකෙක සිහින මවනා
මමයි ඔබ ලොව කිවිඳි සැමදා

සිතුම් සියොතුන් දසත සරනා
කලා සමුදුරු රළ තරංගා
සොඳුරු ලෝකෙක සිරිය මවනා
මා ඔබේ ඔබ මගේ වූවා

මගේ දිවමන් කවි පෙළයි ඔබ
ඔබේ ජීවන සිතුවමයි මම
පන්හිඳෙන් ඇඳි සිතුවමයි ඔබ
තෙලිතුඩෙන් ලියු කවි පෙළයි මම

Painting is poetry that is seen rather than felt, 
and poetry is painting that is felt rather than seen.  
~Leonardo da Vinci

2 comments:

  1. සැඳෑ අහසේ රත් පැහැය ගෙන,
    තෙලිතුඩග තවරා එසඳ ඔබ,
    සෙනෙහෙ දියරෙන් තෙමා ඵලකය,
    ලියූ කව් පෙල මම ය පිය බඳ,

    සුලඟ මුමුණන සෙනෙහෙ පද ගෙන,
    පිපුණු කුසුමේ රහස කලතා,
    නෙතඟ නැඟි කඳුලක සිහිලසෙන්,
    ඇඳුනු සිත්තම ඔබය මා හද,

    හරිම අපූරුයි නංගි....කියල වැඩක් නැති නිසාම මොකවත් කියන්නෙ නෑ...මම නොකියන දේ ඔයාට හිතාගන්න පුලුවන් කියල මම දන්නව...ඒ නිසා අන්න ඒ ටික හිතා ගන්න....හෙහ්, හෙහ්,

    ReplyDelete
  2. හිතාගත්තා හිතාගත්තා. :D :D :D

    ගොඩාක් ස්තූතියි අයියේ ලස්සන පිළිතුරු පද පෙළට.

    ReplyDelete