19. උපමාවෙක රැඳුනු රහස...


තුරු පත අද්දර රැඳි පිණි බිඳුවක
හිරු කිරණින් පිබිදෙන මල් කැකුළක
රෑ අහසේ දිලෙනා තනි තරුවක
රහස රැඳුනු මුව අද්දර මදහස

දිය පතුලේ දිලෙනා මිණි කැටයක
දාහය නිවනා හිරිපොද වැස්සක
නිසල සමුදුරේ දියඹේ ගැඹුරක
රහස රැඳුනු සුන්දර නිල් නෙතු යුග

තුරු හිස් සිඹ හමනා මඳ පවනක
ගලනා ගං දිය නැගෙනා රැල්ලක
සුළඟට අත වනනා නිල් ගොයමක
රහස රැඳුනු සිත් බඳනා මුහුළස

වදනට නැගි සුන්දර උපමාවෙක
සරි කළ නොහෙනා සොඳුරු හදවතක
වැයෙනා රාවය මියුරු මියැසියක
පබැඳූ කවියා ඔබමය හිමි සඳ 


No comments:

Post a Comment