16. ගංගාවේ ගීතය...
















ඝනැති මහ තුරු වනය පසු කර
සෙමින් ඒ මග ගෙවා යන සඳ
දැනුණි සා පවසත් වෙහෙස බව
සිතුවෙමි ඉසිඹුවක් ගන්නට
මදක් ඉඳගෙන ගිමන් හරිනට
සොයන අතරේ ඉඩක් හිඳිනට
ඇසෙන මේ හඬ කුමක්දැයි මට
ගලා යන දිය රළක හඬ වෙද
සොයා යමි හඬ ඇසෙන අත වෙත
සොඳුරු දිය පහරක් දකින ලෙස

දිස් වෙනා මා දෑස අභියස
සිනාසෙන දිය කොමල ළදැරිය
හෙමින් ගල් මත ඇදී යන හැඩ
ගලේ රළු බව සුමට කරමින
දෝත පුරවා දිය ලබා මම
දියේ සිසිලෙන් සැනසිලා සිත


ගැඹුරු නැත ඒ පුංචි ළදැරිය
විසල් නැත සුරතල් හඬක් ඇත
සිනා සලමින් බලා මා දෙස
නොනැවතී සිය ගමන යන හැඩ
පතුලෙ ඇත තිරිවාන දිලිසෙන
දෙපස තණ මත පිණි විසුරවන
සරු පසට තෙතමනය එක් කර
කිඳුරු දිය රළ නොනැවතී යන

කොයිද ඔබ මේ යන්නෙ හනිකට
අසන්නට සිතුණෙන් අසමි මම
ලැබුණු පිළිතුර ඇගෙන් පැනයට
කියා දුන්නා ජීවිතය මට

'
මගේ අරමුණ සයුරු තෙරමය
සොයා යමි මම මගේ අරමුණ
කොතෙක් බාධක පෙරට ආවද
නොනැවතී ගමනේ යෙදෙමි මම
යන පමණකින් නොයමි එද මම
දෙපස සරු කරමින් ඇදෙමි මම
ලොවට සිරි බෙදමින් ගලමි මම
අරමුණට යමි ලොවට වැඩ කර
'


No comments:

Post a Comment