13. වසන්ත සිහිනයේ සිත්තරා...




සීතල අඳුර දසත වසාගෙන
සුව දනවන සිහිල් මඳ පවන
හෙමි හෙමින් ඇද හැලෙන
වැහි බිඳු මුමුණයි මොනවද...
දසත නිසලයි මමයි වැස්සයි
පියා ගතිමි දෑසද දෙකනද
පා තැබුවෙමි ඒ සොඳුරු කෙම් බිමට
මගේ සිහින ලෝකයට...
පිණි දියෙන් වැසී ගිය
හරිත වන් තණ නිල්ල
මල් සුවඳ පිරී ගිය
සිත්කළු සමනළ උයන
හා මුවන් කෙළි දෙලෙන්
සියොත් ගී රාවයෙන්
එකළු වී ගිය සොඳුරු වන ගැබ
ඈතින් පෙනෙනා නිල්වන් කඳු වැටිය
සුදු වළා රොද සිප සනහන
වැහි බිඳු රැඳුණු සියපත් සුපිපුණු
ගලා බසිනා සීත දිය දහර
අසබඩ විසල් රුක් සෙවණක හිඳ
මේ සොඳුරු වසන්ත සිහිනය
සිතුවමට නගනා
සිත්තරා කවුරුන්ද... 

~ පින්තූරය මෙතනින්: http://www.royal-painting.com


No comments:

Post a Comment