12. සමනළ ආචරණය...



"When a butterfly flaps its wings in one part of the world, it can cause a hurricane  in another part of the world." 
~ Author Unknown 

පුංචි සමනළ පියාපතකට
කළඹවාලිය හැකිද සක්වළ
නොසිතු මොහොතක
නැගුණු වියරුව
මහා වා සුළි
කළඹවා ලොව
අහස ගුගුරා
අනෝරා වැසි 
ඇද හැලී බිම්
ගිල ගනිද්දී
සොයා බැලු කළ
මන්ද මේ හැම
.....

වග කියන්න ඕනෙ 
සමනළයෙක්ලු!

සමනළ ආචරණය, එහෙමත් නැත්නම් Butterfly Effect ගැන වැඩි විස්තර දැනගන්න ඕනෙනම් මේ ලිපි සබැඳි වලින් උදව්වක් ලැබේවි. ඉහළින්ම දක්වාපු වැකිය උපුටාගත්තෙත් මේ මුල් ලිපියෙන්.

http://www.myteacherpages.com/webpages/rszuszkowski/index.cfm?subpage=917383

http://en.wikipedia.org/wiki/Butterfly_effect

No comments:

Post a Comment