63. ගී තුනක්...


දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්  
ප්‍රියයානනේ ඔබ සුරකිම් බැතින් .... //

කළලේ උපන් කොඳ මල් කැලේ .....// 
පොබයා සිසිල් පින්නෙන් දෙවු 
තරිඳුන් ඔබයි ප්‍රියයානනේ ....

දෙවියන් විසින් ....... 

රණ බිම් වැදී සතුරන් දිනා ...... // 
වියවුල් නැසූ විජිතේ මගේ 
නිරිඳුන් ඔබයි ප්‍රියයානනේ .... 

දෙවියන් විසින් ....





නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
මව්නි පියාණනි ඔබ පමණයි
බුදුන් ලඟට අපගේ දුක දන්නේ
මව්නි පියාණනි ඔබ දෙපලයි

කල්ප ගණනකින් අප නුදුටුව මුත්
උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ
පරාජයෙන් අප අසරණ වූ දා
රැකවරණයි ඔබගේ සෙවනැල්ලේ

නැති බැරි මොහොතක...

අපේ නමට ඇස කඳුළු උනන්නේ
ඔබට පමණි මේ සිතිජ වලල්ලේ
සැබෑ පෙමත් සෙනෙහසත් ලබන්නේ
ඔබේ උතුම් නිය රැස් ගඟුලැල්ලේ

නැති බැරි මොහොතක...







විමනේ දිනිඳු මගේ
ඔබ වේ සසර මඟේ
සඳ රැසේ එළිය සේ 
බිළිඳු සිනා සැලේ

ජීවිතේ සිහිනයේ සුවඳ විහිදුවා
ගීතයේ මිහිසරේ මිහිර අතුරලා
සොඳුරු මේ දිවිතෙරේ 
තරුව ඔබය සදා

පුතුගේ සිඟිති නෙතේ
ඔබගේ මුහුණ පෙනේ
සඳ රැසේ එළිය සේ 
බිළිඳු සිනා සැලේ

මිරිඟුවේ තිමිරයේ හැබෑ රුව වෙලා
ගණඳුරේ පහන සේ විමන දිදුළවා
රුදුරු මේ මං පෙතේ 
තරුව ඔබය සදා

ගිනිදැල් සතර දෙසේ
රසුදැල් නගන ලෙසේ
ඔබද හා පුතු සදා 
රකිමි දෙනෙත ලෙසේ