දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්
ප්‍රියයානනේ ඔබ සුරකිම් බැතින් .... //
කළලේ උපන් කොඳ මල් කැලේ .....//
පොබයා සිසිල් පින්නෙන් දෙවු
තරිඳුන් ඔබයි ප්‍රියයානනේ ....
දෙවියන් විසින් .......
රණ බිම් වැදී සතුරන් දිනා ...... //
වියවුල් නැසූ විජිතේ මගේ
නිරිඳුන් ඔබයි ප්‍රියයානනේ ....
දෙවියන් විසින් ....
නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
මව්නි පියාණනි ඔබ පමණයි
බුදුන් ලඟට අපගේ දුක දන්නේ
මව්නි පියාණනි ඔබ දෙපලයි
කල්ප ගණනකින් අප නුදුටුව මුත්
උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ
පරාජයෙන් අප අසරණ වූ දා
රැකවරණයි ඔබගේ සෙවනැල්ලේ
නැති බැරි මොහොතක...
අපේ නමට ඇස කඳුළු උනන්නේ
ඔබට පමණි මේ සිතිජ වලල්ලේ
සැබෑ පෙමත් සෙනෙහසත් ලබන්නේ
ඔබේ උතුම් නිය රැස් ගඟුලැල්ලේ
නැති බැරි මොහොතක...
විමනේ දිනිඳු මගේ
ඔබ වේ සසර මඟේ
සඳ රැසේ එළිය සේ
බිළිඳු සිනා සැලේ
ජීවිතේ සිහිනයේ සුවඳ විහිදුවා
ගීතයේ මිහිසරේ මිහිර අතුරලා
සොඳුරු මේ දිවිතෙරේ
තරුව ඔබය සදා
පුතුගේ සිඟිති නෙතේ
ඔබගේ මුහුණ පෙනේ
සඳ රැසේ එළිය සේ
බිළිඳු සිනා සැලේ
මිරිඟුවේ තිමිරයේ හැබෑ රුව වෙලා
ගණඳුරේ පහන සේ විමන දිදුළවා
රුදුරු මේ මං පෙතේ
තරුව ඔබය සදා
ගිනිදැල් සතර දෙසේ
රසුදැල් නගන ලෙසේ
ඔබද හා පුතු සදා
රකිමි දෙනෙත ලෙසේ



මම මෙතනදි සුබ පැතුවොත් අනේ මේක කවි සිතුවිල්ලක් පමණයි කියයිද දන්නේ නැති නිසා සුභ පැතීම කල්දානවා.
ReplyDeleteකවි නිර්මාණයක් හැටියට ඉතින් සිත්තමීගේ අවි ගැන ආයේ කතා කරන්න දෙයක් නෑනේ.
දෙමාපිය සෙනෙහස ගැන මම ලිව්වා ලඟදි පෝස්ට් එකක් Panic Attack කියලා මගේ ඩෙනිමේ. සිත්තමී දැක්කද දන්නේ නෑ.
මේ එකක්වත් මගේ නිර්මාණ නෙමෙයි ඩූඩ් අයියේ. පළවෙනි එක නන්දා මාලිනීගේ සින්දුවක්. බිරිඳකට තමන්ගේ සැමියා ගැන දැනෙන භක්තිය ගැන කියවෙන්නෙ. ඒක මගේ සිත්තරා වෙනුවෙන්. දෙවෙනි එක කියන්නෙ රෝහණ වීරසිංහ. දරුවන්ට තමන්ගේ දෙමව්පියන්ගේ අගය දැනෙන හැටි කියවෙන ගීතයක්. ඒ සින්දුව අපේ අම්මයි තාත්තයි වෙනුවෙන්. තුන්වෙනි එක අළුත උපන් දරුවෙක් ගැන දෙමව්පියන්ට දැනෙන හැඟීම කියවෙන සින්දුවක්. ඒක කියන්නේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සහ අමල් පෙරේරා. වචන වලින් වාගේම ගායනයෙනුත්, තනු නිර්මාණයෙනුත් හරීම ලස්සන ගීත තුනක්.
Deleteඅයියගේ සාධාරණ සැකය හරියි කියලා හිතාගන්නකෝ ඉතින්. :)
අයියගේ පෝස්ට් එක මම මේ කමෙන්ට් එක දැක්කට පස්සේ තමයි ගිහින් බැලුවේ. එහෙම වෙලාවට හිතට දැනෙන දේවල් කොයි තරම්ද නේද.
ඔබේ කිරි සිනහව දකින්නට,
ReplyDeleteසුමුදු මුව සෙනෙහෙන් සිඹින්නට,
නෙතඟ කඳුලින් බලා උන්නෙමි,
මහද පිරි සෙනෙහේ පුදන්නට,
වැටෙන විට අත්වැලක් වෙන්නෙමි,
කඳුලු සුසුමන් පිස හරින්නෙමි,
දිවි කතර ඉම්පෙදෙස් තෙක් මම,
ඔබේ අත අතනෑර එන්නෙමි.
ගොඩාක් ස්තූතියි රවි අයියේ. මේකට උත්තරයක් කොහොම ගලපගන්නද මන්දා. මගේ සිතුවිලි ඔක්කොම අයියගෙ කවි දෙක ඇතුලේ තියෙනවනේ.
Delete"A Mother's Love for Her Son"
ReplyDeleteA mother's love for her son is pure and special.
It cannot be broken or reckon with.
It's a kind of love that softens even the hardest of hearts.
Love between mother and son is strong and visible from the sea.
It brings peace of mind and dries sad tears.
It can bring a man to his knees and make him weep.
A mother's love for her son is not hidden or shy,
but is ever lasting that grows stronger each day.
Valerie Dupont
මූදු පතුල යටින් ගෙනා චූටි කුමාරයෙක් ගෙනා සිත්තමී හා සිත්තමාට හද පතුලෙන් පැන නගින උණුසුම් සුබ පැතුම්!!!
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා!!!!!!!!!!!!!!!!!!! :D
ලස්සන වටින ඉංග්‍රීසි කියමනටත්, ආදරණීය සුභ පැතුමටත් ගොඩාක් ස්තූතියි පොඩ්ඩි අක්කේ.
Deletep.s. එයා සිත්තමා නෙමෙයි අනේ, සිත්තරා. :)
අර ඩූඩියා උඩ කියලා තියෙන කතාවම තමා ඉතින් මටත් කියන්ට තියෙන්නෙ.. ඒ නිසා 'Congratz Siththamie & Siththara' නොකියා යනවා.. :D
ReplyDeleteඔන්න නොකියා ගිය සුභ පැතුම්ට මාත් Thank You Very Much කියලා නොකියා යනවා. :P
Deleteසිංදු තුනෙන් මතුවෙන අරුත දැනුනත් හෙන් රියාට වාගෙම මටත් පොඩි බයක් තිබ්බා සුභ පතන්න. පොකු අපේ අදහස සනාත කරලා තියන නිසා දැන් බය නැතුව සුභ පතන්නම්.
ReplyDeleteමෙන්න මෙහෙම එකක් දැක්ක ලඟකදි....
"A baby will make love stronger, days shorter, nights longer, bankroll smaller, home happier, clothes shabbier, the past forgotten, and the future worth living for."
එහෙනම් ඉතිං ... අලුත් කුමාරයාටයි, අම්මා තාත්තා දෙන්නටමයි මගෙන් සුභ පැතුම්...
ගොඩාක් ස්තූතියි තිසර අයියේ :)
Deleteඋණුසුම් සුභ පැතුම් සිත්තමී..
ReplyDeleteගොඩාක් ස්තූතියි රූ :)
Deleteසිඟිති පුතුටත් ඔබ දෙපලටත් තෙරුවන් සරනයි.
ReplyDeleteඔබට මගේ සුභ පැතුම් !!!
ගොඩාක් ස්තූතියි සෝන්යා :)
Delete