64. කෙලෙස දැනෙනු ඇතිද නුඹට...



කුතුහලෙන් පිරී ඇත
මේ හිත
අසන්නට ඇත
දහසකුත් එකක් පැන
නුඹෙන්
නුඹේ සිත ඇතුළාන්තයෙන්

කිරුළු පලන් සුභ නැකතෙන්
ඒ සතුටෙන් ඉපිලෙන විට
නොසිතූ ලෙස මහ අඳුරක්
ඇවිදින් නුඹ වෙලාගත්ත 
ඒ මොහොතේ
දැනුණේ කෙලෙසින්ද නුඹට

බුදු ගුණ බල මහිමෙන් දිලි
පෙරමග තරු එළිය දිගේ
මිහිමත දෙවිඳුන් දිගු කළ
අත්වැල අල්ලා එනකල්
ගෙවු ඒ දිගු හෝරාවන්
දැනුණේ කෙලෙසින්ද නුඹට

දිව රෑ නැති දින ගණනක්
නිදි නැති නෙතු දල්වාගෙන
කඳුලැලි සඟවා දිරියෙන්
ගෙවුනු සිහිනයක් විලසින
යන එන හැම ගමනකදී
දැනුණේ කෙලෙසින්ද නුඹට

අවසන දුක් සැම පරදා
එක පොකුරට සිනාසෙමින්
කිරුළු පලන් මාළිගයට
නොබසින හිරු එළිය අරන්
පා තැබු සුභ හෝරාවේ
දැනුණේ කෙලෙසින්ද නුඹට

නොඅසා බැරි මේ පැනයද
වද දෙයි සිත අසන ලෙසට
ඒ අඳුරින් එළියට එන
පාර සොයාගත නොහැකිව
අතරමංව සැඟවුණිනම්
කෙලෙස දැනෙනු ඇතිද නුඹට


දනිමි පිළිතුරු නොලැබෙනා බව
පබැඳුම පමණක් ඇගයෙනා වග

5 comments:

  1. එදවස…….
    බොහෝ නොවුවද කලකට පෙර,
    අත් වින්දෙමි ඒ මූසළ හැඟුම,
    ගත සිතම දෙකම හිරි වට්ටවන,

    සිරස මුදුනත……
    එක්වනම ලෝදියෙන් නැහැවෙනා සේ දැවෙත,
    එසැණ සිහිල් හිම දියත්තක් වගුල සේ සිහිල් වෙත,

    අනතුරුව…….
    ඇය ද මවෙතින් පිළිවිසියාය මෙළෙසම,
    නිරුත්තරව බලා සිටියෙමි විදහා දෑස,

    අවසන.......
    කඳුලු පිරි දෑසින් තොල් මදක් විවරකොට
    සිනාසුණෙමි මම,

    ඇය……….
    බලාහිඳ බොහෝ වෙලා මා දෑස දෙස,
    ඉක්බිති කඳුළු සැළුවාය මා ගෙල වැලඳ
    තදින් පියාගතිමි ඇසිපිය,
    ගලායනු පිණිස සීතල කඳුලු කොපුල්තල දිග,

    ReplyDelete
    Replies
    1. වදන් කළ නොහැකි ඒ පිළිතුර
      දෙනෙතින් දෝරේ ගලා යන සෙනෙහසේ කැටි වී
      හදවත තුළට කිඳා බැස
      සංසාරගත රිද්මයකින්
      සිතුවිලි සංසිඳවනා අපූරුව...

      ස්තූතියි අයියේ කොමෙන්ටුවට.
      /*සිරස මුදුනත……
      එක්වනම ලෝදියෙන් නැහැවෙනා සේ දැවෙත,
      එසැණ සිහිල් හිම දියත්තක් වගුල සේ සිහිල් වෙත,*/
      හ්ම්ම්ම්ම්ම්.......

      Delete
  2. පිළිතුරු නොම දීගත හැකි
    ප්‍රශ්න පෙලට ලියා තබා
    යන එන මං නැති ලෙසකට
    අප අසරණ වී ඇති කල
    දැනගන්නට කැමතියි අපි
    කෙලෙස දැනෙනු ඇතිද නුඹට...

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා අනේ
      මේක ලිව්වෙ එක්කෙනෙකුට
      ඒ උනාට උත්තර නෑ
      ඒ හන්දා ලීව එකෙන්
      වැඩක් ගන්න හිතලා මම
      ඒක මෙන්න මෙහෙම මෙතන
      කවි පොතේම ඇලෙව්වා... :)

      Delete
  3. හම්මේ........... අම්මේ...... බුදු අම්මේ...!!!

    ReplyDelete