65. ඤාව්වගෙ අළුත් නම...

මේ ඉන්නෙ මං චූටි කාලෙ...


කොහොමද, ලස්සනයි නේ මං? ආ මේ මෙව්වත් බලලා ඉන්ටකෝ...



ඒ දවස් වල හැමෝම මා එක්ක සෙල්ලං කළා...



හැමෝටම මා එක්ක කතා කරන්න වෙලාව තිබ්බා...


මං බඩගිනි වෙලා ඤාව් ගාන පරක්කුවට මට බඩ පිරෙන්න කන්න හම්බ උනා...


මගේ අල්ලපු ගෙදර යාළුවන්ටත් එක්කම...


බඩ පැලෙනකල් කාලා මට හිතුණ තැනක මට හිතුණ තරං වෙලා දොයිය ගත්තා...



ඒත් මේ ලඟදි ඉඳන් ඒ ඔක්කොම වෙනස් උනා...



රෙද්දක ඔතාගෙන පොට්ටනියක් වගේ කාවදෝ අපේ ගෙදරට ගෙනාවා...



ඊට පස්සෙ ඉඳං ගෙදර හැමෝටම එයාව විතරයි ලොකු...



අපිව මතකත් නෑ...


ඔහොම වෙලාවට තමයි මට අපේ කළු මාමව වැහෙන්නෙ...



ඒත් ඉතිං මම උනත් උන්දැට බයයිනේ. ඒ හන්දා කළු මාමව අමතක කරලා ඔහේ ඉන්නවා. මොනා උනත් ඉස්සර හිටං තිබ්බ මගේ හොඳ නාමෙ නැති කරගන්ට ඕනෙ නෑනේ... 



මට ඕනෙනං පුළුවං ඔය ඔක්කෝම අමතක කරලා දාලා එයැයිත් එක්ක යාළු ෆිට් එකේ ඉන්න... මෙන්න මේ වගේ...





ඕනෙනං උම්මා එකක් උනත් දෙන්න බැරියෑ...


ඒත් ඉතිං කෝ ඒගොල්ලොමනේ මට එයා ඉන්න කාමරේ පළාතෙවත් යන්න තහනං කරලා තියෙන්නේ... ඉතිං මං මොනා කරන්ඩද...


ඔය ඔක්කෝමත් හරියි කියමුකො. ඒත් මට ඉවසං ඉන්ඩ බැරිම කාරණාව තමයි ඉස්සර මට ආදරේට කියපු නම් ඔක්කොම දැන් එයාටනේ කියන්නේ. චූටි මැණික... සූකිරි බෝලෙ... උක්කුං පැටියා... සත්තරං කැටේ... හුහ්!


ඔය ඔක්කොම මගෙ නම් ටික අරගෙන මට දීපු අළුත් නම මොකද්ද දන්නවද? හුහ්! මගේ ඇඟේ මාළු නටනවා අනේ ඇත්තට!


දුකත් හිතෙනවා අනේ... ඉහි ඉහි ඉහි...


මට දීපු අළුත් නම තමයි - අළුත් නම තමයි - ඤාව් - ඤාව් - අනේ ඤාව් අංකල්! ඔව් අනේ... ඤාව් අංකල්... මේ යාන්තමට අවුරුදු දෙක පිරිච්ච මගේ අළුත් නම... ඤාව් අංකල්!


8 comments:

  1. Replies
    1. හැහ්! මේ අර මීයො කරේ ගෙජ්ජි බැන්ද ඤාව්වා නේද? හප්පච්චියේ එයාටනං හොඳටම තරහා ගිහිල්ලා වාගේ. අපේ ඤාව්වටනං තරහා ගියත් හරි ස්වීට්. අර අන්තිමට HARUMPH ගාගෙන ඉන්න එක්කෙනා වාගේ. :D

      Delete
  2. මේ කුක්කු පැටියට මාමා කියන එක නම් පව්...:)

    ReplyDelete
    Replies
    1. එයා හොඳ කුක්කු පැටියා. ඉන්නකො ඔයාට මං තැපෑලෙ එවන්න දවසක් තියාගන්න. හැරෙන තැපෑලෙන්ම අක්කා ආපහු එවයි ඤාව්වව. (මේ බැරි වෙලාවත් හැබැයි තියාගන්න හිතුණොත් අනේ තියාගන්න එපා හොඳේ. එයාගෙ දඟ වැඩ කොච්චර තිබ්බත් එයා අර දුඹුරු පැටී වගේ කෝලං පප්පෙක්.)

      Delete
  3. අඩේ මේ සෙල්ලං නෙවෙයි හොඳද? පූස් පාඬි හොඳම නෑ පොඩි එව්වන්ට..අම්බානක ඇලජික්…

    මෙහෙම කරපං..විකල්ප තියනව තුනක්…

    1. ඥාව් අංකල්ගෙ බූල් කෝට් එක ඔක්කොම ගාල දාපං

    2. අර කෙමිෆික්ස් බෝතලයක් අරගෙන අංක්ගෙ රැවුල් ගහේ ඉඳල වලිග කොණට එනකල් ආලේප කරපන් බොහොම සුරුවමට. එතකොට පාඬි ඔක්කොම එකට ඇලෙන හින්ද තැන් තැන් වල හැලෙන්නෙ නෑ.

    3. පරණ පෝර උරයක් ඇරගෙන අංක් ඒකට දාල කට ගැටගහල තියපං..කෑම කන්ට දොට්ට පිළට යන්ට විතරක් දවසට විනාඩි පාළහක් විතර එළියට ගනිං

    ඔය ඇවිල්ල අංකල්ට කරන්ට පුලුවන් ප්‍රතිකර්ම..ඔයිට අමතරව ඔව්ව මොකවත් නොකර පූස් පාඬි නහයට යන එක වළක්ක ගන්ට පොඩි උන්නැහැට කරන්ට පුලුවන් ප්‍රතිකර්මත් තියනව..ඉඳහං බලන්ට..ම්ම් ඒත් හරියටම තුනක්...

    ඒත් බොලේ එව්ව මං කියන්නට යන්නෙ නෑ..හෙහ්,හෙහ්...මොකෝ කිව්වොත් උඹ මයෙ ඉහ නිකටවත් මායිං කරන එකක් නෑ...

    පලි - කතාවයි පින්තූරයි හරිම අපූරුයි නඟේ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අයියා ඔය නොකියා හිටපු ටික නොකියම හිටපු එක බොහොම හොඳා. ආන්න ඒ වගේම කේස් එකක් හන්දා මට ඔය කියලා තියෙන විකල්ප තුනත් අතඇරලා දාන්ඩ වෙනවා.

      පලි - ඉස්තූතියි අයියේ :)

      Delete
  4. ලස්සනට නිර්මාණය කරලා තියෙන කතාවක්.

    කොහොමත් ඔය පූස් පැටවුන්ගේ පොඩො කාලේ තියෙන ආකරශනය ලොකු වෙනකොට නෑ. පූසෝ කොහොමත් බල්ලො වගේ නෙවෙයි, ආත්මාර්තකාමී ජාතියක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ. :)

      අපේ පූසියානං පොඩි කාලේ වගේම ලොකු කාලෙදිත් හරිම ඇට්‍රෑක්ටිව් අනේ. මං බල්ලෝ ගැනනං දන්නේ නෑ. ඒ හින්දා ඒ ගොල්ලන්ට සාපේක්ෂව පූසෝ හොඳද නරකද කියන්න දන්නෙත් නෑ. ඒත් අපේ ගෙදර මං දන්න කාලේ ඉඳං හිටිය පූස් පරම්පරාවම හරිම ආදරණීය පූස් පරම්පරාවක්. ඒගොල්ලන්ගේ ආත්මාර්ථකාමී බවක්නං මට දැනිලා නෑ. ඒ ගොල්ලන්ගෙ මට දැනිලා තියෙන ලොකුම දේ තමයි ඉරිසියාව. ඉරිසියාව නිසා හරි දරුණු වැඩ කරපු පූසෙකුත් හිටියා, අර මං කතාවෙදි කළු මාමා කියලා කිව්වේ එයා ගැන. දැං ඉන්න ඤාව්වානං හරිම අහිංසක, පිස්සු විකාරයක්. :D

      Delete