![]() |
| The universe always falls in love with the stubborn heart! - Meghana Khurana |
මං නිතර යන එන, ලස්සන සටහන් පිරුණ ඉසව්වක් තමයි හෂාන් රන්දිකගේ 'The Traverlers Blog'. මේ එතන හෂාන් ලියලා තිබුණ පැදි පෙළක් සහ, මං එකතු කරපු පිළිතුර.
හෂාන්ගේ පැදි පෙළ - 'තවමත් එහෙම ද?':
රාත්‍රිය කලුවරට
තනිකමක් දැනෙනව ද?
මද සුළඟ මේ දැනුත්
සුවඳ ගෙන හමනව ද?
වාරුවට උරහිසක්
නැති අඩුව දැනෙනව ද?
තාරකාවෙන් තවත්
මග නොමග අහනව ද?
මල් නැතත් ඒ උයනෙ
ලිය මඩුලු එතෙනව ද?
කණාමැදිරින් රෑන
ඔහේ සැරිසරනව ද?
මගහැරී ගිය යමක්
උන් අදත් හොයනව ද?
මං නැතත් තවම ඔහෙ
හඳ එළිය වැටෙනව ද?
මං ලියාපු පිළිතුර:
රැයේ කලුවර - නැතේ තනි කම
පිපේ ගිනිකණ - වැටෙන එළි වට
මද සුළං පොද - ගෙනෙන වා රළ
මුසුව ඇත්තෙද - පාසි මුඩු ගඳ
වාරු ගන්නට - උරහිසක් මොට
දෑත ඇත මට - හිස හොවන්නට
මග අසන්නට - තරු ඇවැසි නැත
හිස හැරුණු අත - වේය හරි මග
මල් වැරූ ලිය - මඩුලු උදුරා
ගිනි තබා අළු - වළ දමා ඇත
කණා මැදිරින් - සරා දස අත
සොයයි නැති වූ - එළිය කොයිබද
මිලින සඳ වත - අතු පතර සර
බිඳුනු හද හැඩ - මවයි ගෙමිදුල
තනි කමක් නැත - පාළුවක් නැත
තවම එහෙම ය - මුරණ්ඩුය මම

//තවම එහෙම ය - මුරණ්ඩුය මම// උත්තරේ කියෝගෙන එද්දී මම දාන්න හිතාගෙන ආපු කමෙන්ට් එක.. :)))
ReplyDelete:D
Deleteබොහොම ස්තූතියි මේ සටහනට! කවියකින් තවත් කවි උපදිනකොට තමා ලස්සන......
ReplyDeleteපිළිතුරු විදිහට කවි කතන්දර ඉබේ ලියවෙන තරමට නිර්මාණ කරන එක තමයි හපන්කම! ස්තූතියි ඔබටත්! :)
Deleteකවියත් පිළිතුරත් දෙකම හරිම රහයි. ස්තූතියි.
ReplyDeleteස්තූතියි සඳවතී! :)
Deleteලස්සනයි කවි දෙකම
ReplyDeleteස්තූතියි ගොඩාක්! :)
Delete