මට තාම මේ රෝම නිවාඩුව ඉවරයක් කරන්න හිතක් නෑ. ඔයාලත් එක්කම ඒ නිවාඩුවට එකතුවෙන්න හිතාගෙන මං ඔන්න ඔයාලට පොඩි හෝම්වර්ක් එකක් දෙන්නයි යන්නේ. මේක කරන්නනම් හැබැයි මම මේ වෙනකල් ලියපු රෝම නිවාඩුවේ කොටස් අටම කියවලා එන්න ඕනෙ.
රෝමයේ නිවාඩුවක් (හැඳින්වීම)
රෝමයේ නිවාඩුවක්...01
රෝමයේ නිවාඩුවක්...02
රෝමයේ නිවාඩුවක්...03
රෝමයේ නිවාඩුවක්...04
රෝමයේ නිවාඩුවක්...05
රෝමයේ නිවාඩුවක්...06
රෝමයේ නිවාඩුවක්...07
රෝමයේ නිවාඩුවක්...08 (අවසන් කොටස)
ඉතිං මේකයි වැඩේ. අපේ ජෝ බ්‍රැඩ්ලි දැන් අර ඩොලර් පන්දාහක් වටින 'අති විශේෂ' ලිපිය ලියන්නෙ නෑනේ. ඒත් එයා අර පොදුවේ පැවැත්වුණු පුවත්පත් සාකච්ඡාවට ගියා, රාජකාරිය නිසා. එයාට ඒ සාකච්ඡාව ඇසුරෙන් ලිපියක් ලියන්න වෙනවා පත්තරේට.
ඔයාලාට තියෙන්නේ ජෝ ලියන අන්න ඒ ලිපිය ලියන්න. මේකට කමෙන්ට් එකක් විදිහට ලිව්වත් කමක් නෑ, කැමතිනම් පින්තූර එහෙමත් දාලා තමන්ගේ බ්ලොග් එකේ ලිව්වත් කමක් නෑ. ඔයාලා එහෙම ලියන ඒවා අතරින් එකක් තෝරගෙන මම මේ ලියලා ඉවර වෙච්ච චිත්‍රපටයේ කතාවට ඈඳුතුවක් (sequel) ලියන්නයි හිතාගෙන ඉන්නේ. :)
හරි එහෙනං, කට්ටියගෙන් ලස්සන වාර්තා ලිපි ලැබෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා. Happy Writing! :)
රෝමයේ නිවාඩුවක් (හැඳින්වීම)
රෝමයේ නිවාඩුවක්...01
රෝමයේ නිවාඩුවක්...02
රෝමයේ නිවාඩුවක්...03
රෝමයේ නිවාඩුවක්...04
රෝමයේ නිවාඩුවක්...05
රෝමයේ නිවාඩුවක්...06
රෝමයේ නිවාඩුවක්...07
රෝමයේ නිවාඩුවක්...08 (අවසන් කොටස)
ඉතිං මේකයි වැඩේ. අපේ ජෝ බ්‍රැඩ්ලි දැන් අර ඩොලර් පන්දාහක් වටින 'අති විශේෂ' ලිපිය ලියන්නෙ නෑනේ. ඒත් එයා අර පොදුවේ පැවැත්වුණු පුවත්පත් සාකච්ඡාවට ගියා, රාජකාරිය නිසා. එයාට ඒ සාකච්ඡාව ඇසුරෙන් ලිපියක් ලියන්න වෙනවා පත්තරේට.
ඔයාලාට තියෙන්නේ ජෝ ලියන අන්න ඒ ලිපිය ලියන්න. මේකට කමෙන්ට් එකක් විදිහට ලිව්වත් කමක් නෑ, කැමතිනම් පින්තූර එහෙමත් දාලා තමන්ගේ බ්ලොග් එකේ ලිව්වත් කමක් නෑ. ඔයාලා එහෙම ලියන ඒවා අතරින් එකක් තෝරගෙන මම මේ ලියලා ඉවර වෙච්ච චිත්‍රපටයේ කතාවට ඈඳුතුවක් (sequel) ලියන්නයි හිතාගෙන ඉන්නේ. :)
හරි එහෙනං, කට්ටියගෙන් ලස්සන වාර්තා ලිපි ලැබෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා. Happy Writing! :)

හත්වලාමයි... දැන් ඉතින් ලියහල්ලකෝ
ReplyDelete:-O
ලිඛිතාට ලියන්ට බැරිනං ඉතිං වෙන කාටද ලියන්න පුළුවං? :D ලියන්ඩ ලියන්ඩ, මං ලබන සිකුරාදා (ඔක්තොම්බර් 13) වෙනකල් කල් දෙනවා.
Deleteටක ටොක ටක ටොක.... ( දනිස් පොල්කටු එකට වදිමින්...!!)
Deleteහත්වලාමයි මට ඔය මරණ ඉරි ( ඩෙඩ් ලයින්) උපතිම්ම ඇලජික්. ඒවා දැක්කහම මාව ගොන්පොරේදී රතුපාට රෙද්ද දැකපු කුළුමීමාට වෙච්ච දේ වෙනවා.....
හුස් .. හුස්.. (පිඹිමින්...)
හපොයි හපොයි බලාගෙන, ඔන්න ඔන්න තාප්පෙ! :D
Deleteහරි හරි ඉතිං තව කල් ඕන්නං ඔය මරණ ඉරට කළිං කියන්ට, මං දෙන්නං. :)
ඒ මරණ ඉර හරියන්නේ නැහැ ලොක්කියේ... ලොරියට තිබ්බ අඩයක් වගේ මොකක්ද්ද එකක් වෙලා. වැඩකරන්නේ නැහැ ඔලුව
Deleteහාකො එහෙනං. :(
Deleteගෙදර වැඩ නොකරපු එකා යටසින් ටීචර් දෙස බලමින්
Deleteටීච... මේකයි උනේ... මම අද ඉස්කෝලේ එනකොට පාර දිගේ.. ඔව් ඔව්.. කවුරුත් හිටියේ නැහැ... ඉතින් මම එන්නේ උදෙන්මනේ... ඉතින් ටීච.. ඔහොම එනකොට එනකොට එකපාරටම තඩි වළහෙක් පැන්නනේ පාරට. පැනපු ගමන් මගේ බෑග් එක උදුරලා අරගෙන , මගේ බිමට හලලා.... එක පොතක් අරගෙන දිව්වනේ කැලේට! අනේ ටීච ඒ පොතේ තමයි මගේ ගෙදර වැඩේ තිබ්බේ. අනේ ඉතින් ටීච මම ඌ පස්සේ පැන්නුවා.. පැන්නුවා..පැන්නුවා..පැන්නුවා..පැන්නුවා..පැන්නුවා.. ඌ කැලේ ඇතුලට ඇතුලට ගිහින්..... අන්තිමට ගල්ගුහාවට වැදිලා දොරේ අගුල දාගත්තනේ ටීච!
ඉතින් ඉස්කෝලේ එන්න පරක්කු වෙන හින්ද මම වෙන මොකක් කරන්නද.. මගේ ටීච මේක තේරුම් ගනී කියලා හිතල එන්න ආව. ඉස්කෝලේ ආපු එකම ලොකු දෙයක්නේ ටීච නේද??
අපෝයි ඔව්, ඔය පොතට පතට ඇල්ම ඇති වලස් තඩියන්ටවත් පාඩුවේ ඉන්ඩ දීලා ඔය ළමයා ඉස්කෝලෙට ආපු එකම මදෑ. ගෙදර වැඩ නොකළට කමක් නෑ, මාත් ඔය පාඩම දැන් අල්ලලා දාන්න ඉන්නෙ. :)
Deleteඅක්කෙ 8 කොටසෙ ලිංක් එක දාන්න පුලුවන්ද..
ReplyDeleteමෙයාව දැක්ක කල්! :D
Deleteමෙන්න මල්ලි අන්තිම කොටසේ ලින්ක් එක: http://sithumkavipotha.blogspot.com/2017/10/226-08.html
අනේ අප්පේ... බැරි වෙයි සුදු ඒක නම්... බලමුකෝ වෙලාවක් හම්බුනොත්...
ReplyDeleteකතාවට නම් ආස හිතුනා
ඒක ආස හිතෙන කතාවක් තමයි සුදූ. :) හා, වෙලාවක් හම්බවුණොත් ලියන්ඩකො එහෙනං මේ ජෝ අයියගෙ ලියමන. :) වෙලාවකුයි, හිතකුයි දෙකම පහළවේවා කියලා මං ප්‍රාර්ථනා කොරනවා! :)
Deleteමේ වැඩේට උත්සහ කරන්න බැරි උන එක ගැන කනගාටුයි... කතාව නම් ඉතින් මල් හතයි අක්කෙ...
ReplyDeleteආ ඒක නෙවෙයි... අර උඩ කසුන් නෙවෙයි ආවෙ... එයාගෙ account එකෙන් මම තමයි ආවෙ...
ස්තූතියි නංගි. කවුරු වුණහම මොකද දැන් දෙන්නම එකයි නෙව. :)
Delete