ජෝ සිය නවාතැනට පිවිස කබාය ගලවා දොර වසා දැමුවේය. ගුවන් විදුලියෙන් මෘදු වාදනයක් නිකුත් වෙමින් තිබුණි. නානකාමරය තුළ නිදන ලෝගුවකින් සැරසී හිස පීරමින් සිටි ඈන් කුමරිය ඔහු පැමිණි බව ඇසී ඉන් පිටතට පැමිණියාය. මේසය අසළ වයින් පානයක් මිශ්‍ර කරමින් සිටි ජෝ ඈ දෙස බලා සිනහවක් පෑවේය. "ඇඳුම ගන්න දෙයක් නැද්ද?"
"නෑ, ඒවා ඉක්මනට වේලෙයි."
"ඕක හොඳට ගැලපෙනවා ඔයාට - ඔයා හැම වෙලාවෙම මගේ ඇඳුම් ඇන්දානං හරි."
"ඒක තමයි නේද," ඈන් කුමරිය මඳ සිනහවක් පෑවාය.
සිනහවක් පෑ ජෝ ඈ අතට වයින් වීදුරුවක් ලබා දුන්නේය. "වයින් පොඩ්ඩක් බිව්වනං හොඳ වෙයි කියලා හිතුණා."
එය අතට ගත් කුමරිය වටපිට බැලුවාය. "මං මොනවාහරි උයන්නද?"
"කුස්සියක් නෑ; උයන්න දෙයක් නෑ; මං නිතරම කන්නෙ එළියෙන්."
"ඔයා එහෙමද කැමති?"
"ජීවිතේ ඉතිං සිද්ධ වෙන හැම දෙයක්ම අපි කැමති විදිහට වෙන්නෙ නෑනේ," ජෝ කීවේය. ඔහු මොහොතක් වේලා කුමරිය දෙස බලා සිටියේය. "එහෙම වෙනවද?"
"නෑ," ඉවත බලාගත් කුමරිය ඇඳ මතින් හිඳගත්තාය.
"මහන්සිද?"
"ටිකක්."
"අද මහ පුදුම දවසක්නෙ ඉතිං."
"ලස්සන දවසක්," කුමරිය මඳ සිනහවක් පාමින් කීවාය.
ගුවන් විදුලියේ සංගීත නාදය නිමා වී නිවේදකයෙකුගේ හඬ ඇසෙන්නට විය. "මේ විශේෂ පුවත් නිවේදනය ඔබ වෙත ගෙන එන්නේ රෝමයේ ඇමරිකානු විකාශන සේවයෙන්. අද රාත්‍රිය වනතුරුද රෝමයේ සංචාරයක නිරත වන-" ඈන් කුමරිය නැගිට ගුවන් විදුලිය වෙත ඇවිද ගිය අතර ජෝ නොසෙල්වී ඇයට පිටුපා සිටගෙන සිටියේය. "- ඊයේ දිනයේ හදිසියේ රෝගාතුර වූ ඈන් කුමරියගේ ශරීර සෞඛ්‍යය පිළිබඳව කිසිදු තොරතුරක් මාධ්‍යයට අනාවරණය වී නොමැත. යුරෝපා රටවල් අතර කෙරුණු ඇයගේ සුහද චාරිකාවේ අවසන් නවාතැන වූයේ රෝමයයි. ඇගේ තත්ත්වය බරපතල බවට කටකතා පැතිරෙමින් ඇති අතර ඇගේ රටේ ජනතාව මහත් තැතිගැන්මටත් නොසන්සුන්තාවයටත් පත්ව ඇතැයි සැළ වේ. මෙන්න එම පුවත් නිවේදනය නැවතත්-" ඈන් කුමරිය ගුවන් විදුලිය වසා දැමුවාය. "හෙට වෙනකල් ඉන්න බැරියැ ඕකට," ඇය කීවාය.
"ඔව්," ජෝ එකඟ විය.
ඇය ඔහු වෙත පැමිණියාය. "මට තව වයින් ටිකක් දෙනවද?" ඔහු ඇගේ වීදුරුවට තවත් වයින් වත් කළේය. "අපරාදෙ මට අපි දෙන්නට කන්න මොනවාහරි උයන්න විදිහක් නැත්තෙ," කුමරිය කීවාය.
"ඉස්කෝලෙදි උයන්න ඉගෙනගත්තද?"
"ම්ම්ම්, මට හොඳට උයන්න පුළුවන්; මට කෑම උයලම හම්බ කරගන්නත් පුළුවන් ඕනෙනං. මට මහන්නත් පුළුවන්, ගෙවල් අස් කරන්නත් පුළුවන්, ඇඳුම් මදින්නත් පුළුවන් - මං ඒ හැමදේම ඉගෙනගෙන තියෙනවා. ඒත් මට කවදාවත්-" ඇගේ හඬ මඳක් අඩු වූ අතර ඇය ඉවතට හැරුණාය. "-කා වෙනුවෙන්වත් ඒවා කරන්න ඉඩක් ලැබිලා නෑ."
ජෝ නිසල දෑසින් ඈ දෙස බලා සිටියාය. "මට නවාතැන මාරු කරන්න වෙයි වගේ එහෙනං; කුස්සියක් තියෙන අලුත් තැනකට යන්න වෙයි වගේ," ඔහු කීවේය.
කුමරිය බිඳී ගිය හදවතින් යුතුව ඔහු වෙත හැරුණේය. "ඔව්," නොදැනීම ඇගේ මුවින් පිට විය. ඔවුන් දෙදෙනා බොහෝ වේලා එකිනෙකා දෙස බලා සිටි අතර අවසානයේ සිය දෑස් ඔහුගේ බැල්මෙන් මුදවාගත් කුමරිය අතේ වූ වයින් වීදුරුව හිස් කර අපහසුවෙන් මුව විවර කළාය. "මං... මට යන්න වෙනවා දැං." මොහොතක් එලෙසම හිටගෙන සිටි කුමරිය අනතුරුව ඔහු වෙත දිවවිත් ඔහු වැළඳගෙන උරහිසේ හිස හොවාගෙන වැළපෙන්නට වූවාය.
ජෝ ඈ වැළඳගෙන මහත් සෙනෙහසින් ඇගේ මුහුණ සිපගත්තේය. "ආන්යා... මට... ඔයාට කියන්න දෙයක් තියෙනවා," ඔහු කීවේය.
"එපා, අනේ එපා." ඇය හිස ඔසවා ඔහුගේ මුහුණ සිපගත්තාය. "මුකුත් කියන්න එපා." තවත් මොහොතක් වේලා එකිනෙකා වැළඳගෙන සිටීමෙන් අනතුරුව කුමරිය ඔහු වෙතින් ඈත් වූවාය. "මං ලෑස්ති වෙන්න ඕනෙ," ඇය කීවාය. ඇය නාන කාමරය වෙත ඇවිද යන අතරේ ඇයට පිටුපා මහත් වේදනාවෙන් දෑස් පියා සිටි ජෝ අනතුරුව සුසුමක් හෙලා සිය කබාය රැගෙන ඇඟලාගත්තේය.
මඳ වේලාවකට පසුව ඔවුන් දෙදෙනා සිටියේ මෝටර් රථයක් තුළ ය. ජෝ නිහඬව රිය පදවමින් සිටි අතර කුමරිය ඔහු පසෙකින් හිඳ නිහඬව ඉදිරියට දෑස් යොමු කරගෙන සිටියාය. "අර වංගුව ළඟින් නවත්තන්න," ඇය එක් මොහොතකදී ජෝට පැවසුවාය.
හිස සැලූ ජෝ රථයේ වේගය අඩු කොට ඉදිරියට හමු වූ වංගුවේදී එය නතර කළේය. ඉදිරියට නැවී වංගුවෙන් එපිටට නෙත් යොමු කළ ඔහු වීදියේ කෙළවර වූ තානාපති කාර්යාලයේ ගේට්ටුව දුටුවේය. "මෙතනද?"
කවුළුවෙන් පිටතට නෙත් යොමු කළ කුමරිය "ඔව්" යැයි පැවසුවාය. අනතුරුව ඔහු දෙස නොබලා බිම බලාගෙන මහත් අපහසුවෙන් කතා කළාය: "මට දැන් ඔයාව දාලා යන්න වෙනවා. මං අර කෙළවරට ගිහින්, අර වංගුවෙන් හැරිලා යනවා. ඔයා කාර් එකේම ඉන්න, මං වංගුවෙන් හැරුණාට පස්සේ ආපහු යන්න. මං එතනින් හැරිලා ගියාට පස්සේ තවත් බලං ඉන්න එපා. යන්න, මාව දාලා යන්න," ඇය ඉකි බින්දාය, "මං ඔයාව දාලා යනවා වගේම."
"හරි," ජෝ සන්තාපය මුසු පහත් හඬින් කීවේය.
ඈන් කුමරිය ඇසි පිය හෙලමින් අපහසුවෙන් සිය කඳුළු වළක්වාගන්නට උත්සාහ කළාය. "මං දන්නෙ නෑ සමුගන්නෙ කොහොමද කියලා. මොනවා කියන්නද කියලා මට හිතාගන්න බෑ."
"මුකුත් කියන්න එපා," ඉදිරිය බලාගෙන එසේ තෙපලූ ජෝ ඈ දෙස බැලුවේය. තවත් ඉවසා සිටිය නොහැකි වූ ඈන් කුමරිය ඔහුගේ පපුවට තුරුළු වී ඉකි බිඳින්නට වූවාය. ඔහුද දෑස් පියාගෙන තරයේ ඈ වැළඳගත්තේය. මොහොතක් වේලා එකිනෙකා සිපගත් ජෝ සහ ඈන් කුමරිය තවත් මඳ වේලාවක් වේදනාවෙන් පිරි හදවත්වලින් යුතුව එකිනෙකා වැළඳගෙන සිටියෝය.
අවසානයේදී ඔවුන් දෙදෙනා එකිනෙකා වෙතින් මිදුණු අතර කුමරිය හිස හරවා තානාපති කාර්යාලය වෙත විහිදුණු වීදිය දෙස බැලුවාය. අනතුරුව කුමරිය යළි ජෝ වෙත හැරුණාය. ඔහු දිරිගන්වනසුලු මඳ සිනහවක් ආයාසයෙන් මුවගට නගාගත්තේය. පෙනෙන නොපෙනෙන තරමේ මඳ සිනහවකින් ඔහුට ප්‍රතිචාර දැක්වූ කුමරිය අනතුරුව බිම බලා හිඳ, මොහොතකට පසුව රථයේ දොරටුව හර පිට වූවාය. යළිත් හැරී ඔහු දෙස බැලීමෙන් වැළකුණු කුමරිය වංගුව වෙත ඇවිද ගොස් වීදිය ඔස්සේ දිව යන්නට වූවාය. ජෝ ඈ නොපෙනී යන තුරුම ඇසි පිය නොහෙලා බලා සිටියේය. ඉන් අනතුරුවද තවත් මොහොතක් වේලා දෙගිඩියාවෙන් යුතුව තානාපති කාර්යාලයේ ගේට්ටුව දෙස බලා සිටි ඔහු අවසානයේදී සිය දෑස් ඒ වෙතින් මුදවාගත්තේය. අනතුරුව, උදාසීන ලෙසින් රථයේ එන්ජිම පණ ගැන්වූ ජෝ එතැනින් පිටව ගියේය.
තානාපති කාර්යාලය තුළ ඈන් කුමරිය නිදන ඇඳුමින් සැරසී සිටි තානාපතිවරයා, කඳුළු සළමින් සිටි වියර්බර්ග් ආදිපාදවරිය සහ මුහුණ ඇඹුල් කරගෙන සිටි ජනරාල්වරයා ඉදිරියේ සිටගෙන සිටියාය.
"කුමරියනි," තානාපතිවරයා කතා කළේය. "ගෙවුණු පැය විසි හතර සම්පූර්ණයෙන්ම හිස් වෙන්න බැහැ කියලා මං හිතනවා."
"නෑ, හිස් නැහැ."
"ඒත් මං මොනවද රජතුමාට කියන්නේ?"
"මං අසනීපෙන් හිටියා. දැන් සනීපයි."
"උත්තමාවියනි: ඔබතුමියට මං ගෞරවයෙන් සිහිපත් කරනවා මගේ වගකීම, ඒ වගේම ඔබතුමියගේ වගකීම-"
ඈන් කුමරිය ඔහුට බාධා කරමින් කතා කළාය. "තානාපතිතුමනි, ඔය වචනය ආයෙමත් පාවිච්චි කරන්න ඔබට කිසිම හේතුවක් ලැබෙන එකක් නැහැ කියලා මං විශ්වාස කරනවා. මගේ පවුල සහ මගේ රට වෙනුවෙන් මගේ වගකීම ගැන මං හොඳටම දන්න නිසා නෙවෙයිනං මං අද රෑ ආපහු එන්නෙ නැහැ." දරදඬු හඬින් එසේ පැවසූ ඈන් කුමරිය මඳක් සසළ වූ හඬින් "එහෙනම් කවදාවත්ම මං ආයෙ එන්නෙ නැහැ," යනුවෙන් එකතු කළාය. අනතුරුව ඇය රාජකීය ලීලාවෙන් කාමරය හරහා ඇවිද ගියාය. "අපිට හෙට ලොකු වැඩ සැලැස්මක් තියෙන බව මම දන්නවා. ඒ නිසා ඔබ හැම දෙනාටම මෙතැනින් පිටව යාමට අවසර."
මොහොතක් එලෙසම රැඳී සිටි නිලධාරීන් අනතුරුව කුමරියට හිස නමා ආචාර කොට දොරටුව වෙත ඇවිද ගියෝය. දොරටුව අසළදී සේවිකාවකගෙන් බන්දේසියක් අතට ගත් වියර්බර්ග් ආදිපාදවරිය එයද රැගෙන යළි කුමරිය වෙත එන්නට සූදානම් වත්ම "කිරි - විස්කෝත්තු - උවමනා නැහැ," යැයි කුමරිය පැවසුවාය. බන්දේසිය යළි සේවිකාවට දුන් ආදිපාදවරිය දොර වසා යළි කුමරිය වෙත එන්නට සූදානම් වත්ම "ඔබේ සේවාවට ස්තූතියි, හෙට මුණගැහෙමු," යැයි කුමරිය කීවාය. මොහොතක් විපිළිසරව බලා සිටි ආදිපාදවරිය කුමරියට ආචාර කොට කාමරයෙන් පිටව ගියාය. තානාපති කාර්යාලයේ නිදන කාමරය තුළ හුදෙකලා වූ කුමරිය කවුළුව වෙත ඇවිද ගොස් නිහඬව නගරය දෙස නෙතු යොමා සිටියා ය.

***

- මතු සම්බන්ධයි -

ayyoooooooooooo
ReplyDeleteදුකයි නේ? :(
Deleteමම ඔය කතාව ලිව්වනම් ලියන්නෙ මෙහෙම...
ReplyDeleteකුමරිය කවුලුවෙන් ඈත බලාගෙන ඉන්න අතරෙ අර ජෝවා ආරක්සක සෙබලු රවටල තානාපති කාර්යාලයට ඇතුල් වෙනව ඉලැට්ට්‍රීසන් කෙනෙක් විදිහට වෙස් මාරුකරගෙන ඇල්මේනියන් ඉනිමඟකුත් කරේ තියාගෙන.
ඊට පස්සෙ ඉනිමඟ කුමරියගෙ ජනේලෙට තියල කාමරේට ඇතුල් වෙනව...
ඊට පස්සෙ ජෝවා පියානෝ එක ලඟ වාඩිවෙලා පියානෝව වාදනය කර කර ප්‍රේම ගීතයක් කියනව.....
I don't care whether you are a princess or not...
I didn't knew you were such when I saw you...
Sleeping on that bench in the park...oh..oh...oh...
Oh..my highness...I love you so much...oh...oh...oh...
හෙහ්, ඉන්ටනැට් එකේ හොයලා බලන්ටකො මේ කතාවට sequel විදිහට ලියවිල තියන fan fiction ගොඩ! හැබෑවටම sequel චිත්‍රපටියක් ක්‍රෙන්නත් ගොහිං වැඩේ හබක් වෙලා ගියාලු. වැඩි විස්තරනං දන්නෙ නෑ ඒ ගැන.
Deleteඒයි මේ ඒක නෙවෙයි...උඹ දවසක් කිව්ව මතකද කතාවක් ලියද්දි ඒකෙ චරිත උඹට වැහෙන කතාවක්.
ReplyDeleteඅර ලීසල් කුමාරි ගැන ලියද්දි සිත්තරාට කිව්වයි කියල කීවෙ බොට ලීසල් කියල කතා කරන්න කියල එහෙම.
ඒ වගෙ මේ දවස්වල ඈන් කුමාරි ආවේස වෙලාද ඉන්නෙ එහ්?... :)
අමුතුවෙන් හිතලා ලියද්දි තමා අයියෙ ඔය ආවේසවීම වෙන්නෙ. මමම චරිත ගොඩනගන කොට. මෙහෙම වෙන කෙනෙක් මවාපු චරිත ගැන කතාකරද්දි එහෙම වෙනවා අඩුයි.
Deleteමේ දවස්වල හැබැයි ඉතිං මේ ඈන් කුමාරි නැතුවට වෙන කෙනෙක් ආවේස වෙලා ඉන්නේ. අර මං ජනමත විචාරණයක් තියාලා ලියන්ට පොරොන්දු වෙච්චි කතාවෙ කෙලී. :)
හරි දුකයි අනේ... අක්කෙ මට කොටස් 5 6 මග හැරිලා... ඒ කොටස්වල ලිංක් දාන්න පුලුවන්ද...
ReplyDelete5 කොටස ඔයා කියෙව්වා නංගි, අර ස්කූටර් ඇඩ්වෙන්චර් එක.
Deleteමේ තියෙන්නේ 6 කොටස, කියවන්නකො එහෙනම්. :)
http://sithumkavipotha.blogspot.com/2017/09/224-06.html
කෝ අනේ සින්දුව.
ReplyDeleteඒක දෙනවා කිව්වේ කතාන්දරේ ඉවර වුණාමනේ. තාම ඉවරයැ? අර පේන් නැතෙයි 'මතු සම්බන්දයි' කියලා ලියලා තියෙනවා? :P
Delete