පැරාමවුන්ට් ප්‍රවෘත්ති ප්‍රකාශනයකින් ඈන් කුමරිය යුරෝපයේ රටවල් කිහිපයකම සංචාරය කරමින් සිදු කෙරෙන 'සුහද චාරිකාවේ (Goodwill Tour)' තොරතුරු ගෙන ආ අන්දමට ඇගේ සංචාරයේ පළමු සංධිස්ථානය වූයේ ලන්ඩන් නුවරයි. තෙදිනකට පසුව ඇම්ස්ටර්ඩෑමය බලා ගිය ඇය අනතුරුව ළඟා වූයේ පැරිසියට ය. මේ සෑම නගරයකදීම නොයෙක් නිළ උත්සව හා පොදු උත්සව රැසකට නොකඩවා සහභාගී වුවද, යුරෝපයේ පැරණිතම රජ පෙළපතක කිරුළට උරුමකම් කියනා මෙම තරුණ කුමරියගේ මඳ සිනහ රැඳි මුවින් කිසිදු වෙහෙසකර බවක් පළ වූයේ නැත.
![]() |
| කුමරිය සිය සංචාරය අතරතුර රැස්වීමකට සහභාගි වෙමින් |
ඇගේ මීළඟ ගමනාන්තය වූයේ ඉතාලියේ රෝමය යි. එදින සන්ධ්‍යාවේ එහි තානාපති කාර්යාලයේදී ඈ වෙනුවෙන් ප්‍රිය සම්භාශනයක් හා නර්තන සාදයක් සංවිධානය වී තිබුණි.
***
එම සන්ධ්‍යාවේ දී තානාපති කාර්යාලයේ උත්සව ශාලාව අමුත්තන්ගෙන් පිරී ඉතිරී ගියේය. තුර්ය වාදන නාදයකින් පසුව උත්සවයේ පරිනායකවරයා (Master of Ceremonies) පැමිණ කුමරියගේ සම්ප්‍රාප්තිය නිවේදනය කළ මොහොතේ ඔහු ඉදිරියේ වූ සෙනග දෙපසට වී හිස් මං තීරුවක් ශාලාව මධ්‍යයේ විවර කර දුන්හ. වාදක වෘන්දයේ වාදනය ආරම්භ වීමත් සමග දොරටුව අභියස අලංකාර දිගු ගවොමකින්ද, කුඩා දියමන්ති ඔටුන්නකින් හා මාලයකින්ද සැරසුණු ඈන් කුමරිය තානාපතිවරයා හා පෙනී සිටියාය. ඔවුනට පසුපසින් වියර්බර්ග් ආදිපාදිවරිය, ප්‍රොව්නෝ ජනරාල්වරයා සහ අනෙක් උදවිය ද රැස්ව සිටියෝය. අමුත්තන් මධ්‍යයෙන් සිය පිරිස සමග ඇවිද යන අතරේ ඈන් කුමරිය ඔවුනට මද සිනා පාමින් හිස වනා ආචාර කළාය. අවසානයේ ඔවුන් ශාලාව කෙළවර කුඩා වේදිකාව මතට ගොඩ වූ මොහොතේදී වාදනය නතර විය.
![]() |
| තානාපතිවරයා ඇතුළු පිරිස සමගින් උත්සව ශාලාවට පිවිසෙන ඈන් කුමරිය |
වේදිකාව මත සාමාන්‍ය අසුන් පෙළක් හා ඒ මධ්‍යයේ සුඛෝපභෝගී අසුනක්ද තබා තිබුණි. මොහොතක් වේලා අමුත්තන් දෙස සිනහමුසු මුහුණින් බලා සිටි ඈන් කුමරිය ඒ මත අසුන් ගන්නට සූදානම් වත්ම තානාපතිවරයා ඈ වැළැක්වූවේය. ඉන් අනතුරුව ඈ හට ආචාර කරන්නට පෙළගැසුණු අමුත්තන් එකිනෙකා පරිනායකවරයා විසින් හඳුන්වා දෙනු ලැබුණි. ඔවුන් සැම දෙනාටම ප්‍රියමනාප මුහුණෙන් ප්‍රතිචාර දක්වන අතරේ සිටගෙන සිටීමෙන් විඩාවට පත් කුමරිය වරින්වර සිය දකුණු පාදය පාවහනින් ඉවතට ගෙන වම් පයේ අතුල්ලාගත්තාය.
බොහෝ වේලා ගතවන තුරු මෙම ආචාර සමාචාර චාරිත්‍රය සිදු කෙරෙන අතරවාරයේදී ඈන් කුමරියගේ පය ලිස්සා ගොස්, මුදා තිබූ පාවහන ඇගේ පාදයේ සීමාවෙන් ඈතට පෙරලී ගියේය. අමුත්තන් සමග කතාබස් කරන අතරවාරයේදී ගවොමට යටින් රහසේම පය දිගු කර යළි එය තමා වෙත ළඟා කරගැනීමට ඈ උත්සාහ කළද ඉන් සිදුවන්නේ එය තවත් ඈතට පෙරළී යාම ය. අවසානයේ, පෝලිමේ සිටි අවසන් අමුත්තාගේ ආචාරයද ලබාගැනීමෙන් අනතුරුව තානාපතිවරයාගේ උපදෙස් මත ඇයට අසුන් ගැනීමට සිදු විය. ඒ මොහොතේ ඇගේ අසුනට ඉදිරියෙන් සියල්ලන්ටම පෙනෙන සේ ඉතිරිව තිබූ පාවහන දැක තානාපතිවරයාද, වියර්බර්ග් ආදිපාදවරියද, ජනරාල්වරයාද භීතියට පත් වූවෝය.
![]() |
| වේදිකාව මත පෙරළී ඇති සපත්තුව, එය පාදයෙන් ඇදගැනීමට උත්සාහ දරන කුමරිය සහ එදෙස ත්‍රස්ත වී බලා සිටිනා වියර්බර්ග් ආදිපාදවරිය |
පාවහන ළඟා කරගැනීමට උත්සාහ කරමින් අසුන මත නළියන කුමරිය වෙත පළමු නර්තන ඇරයුම ඉදිරිපත් වූයේ තානාපතිවරයාගෙනි. ඒ මොහොතේ සිය පාවහන් මෙහෙයුම සාර්ථක කරගන්නා කුමරිය ඔහු හා නර්තන භූමියට පිවිසියාය. අනතුරුව නොනවත්වාම කියවන මිටි ප්‍රබෝධමත් ස්පාඤ්ඤ මහතෙකුද, ඉන් පසු මිටි වියපත් මහතෙකුද, එයිනුදු අනතුරුව ඉවත බලාගෙන බුම්මාගෙන සිටි තැනැත්තෙකුද සමගින් ඇයට නර්තනයේ යෙදෙන්නට සිදු විය.
![]() |
| බුම්මට්ටා සමගින් උදාසීන මුහුණෙන් යුතුව නර්තනයේ යෙදෙන ඈන් කුමරිය |
***
එදින රාත්‍රියේ නින්දට සූදානම්ව දිගු නිදන ගවොමකින් සැරසුණු ඈන් කුමරිය ඇඳ මත සිටගෙන සිය හිස පීරමින් සිටියාය. සිය ඇඳුම මඳක් ඉහළට ඔසවා බලා යළි පහත හෙලූ ඇය නෝක්කාඩු මුහුණින් කතා කළාය. "මං ආස නෑ මේ ඇඳුමට. මගේ එක රෑ ගවුමකටවත් මං කැමති නෑ. යටගවුම්වලටත් කැමති නෑ."ඒ මොහොතේදී රාත්‍රී ලෝගුවකින් හා උපැස් යුවළකින් සැරසී සිටි වියර්බර්ග් ආදිපාදවරිය ඈ අසළට පැමිණියාය. "ඔයාට තියෙන්නේ ඉස්තරම්ම ඇඳුම්නේ වස්තුවේ, ඒවා කොච්චර ලස්සනද."
"මේවා හොඳයි අවුරුදු දෙසීයක් තරං නාකි අයට!" ඈන් කුමරිය ඇඳ මතට කඩා වැටුණාය. "ඇයි මට පිජාමාවක් ඇඳං නිදියන්න බැරි?"
"පිජාමා?"
"ඔව්. උඩ කෑල්ල විතරක්." උපැස් යුවළද ගලවා කුමරිය දෙස තැතිගත් දෑසින් බැලූ ආදිපාදවරිය කවුළුව වෙත ඇවිද ගියාය.
ඇඳ මත යළිත් හිඳගත් කුමරිය පොරෝණාව ඉහළට ඇදගත්තාය. "ඔයා දැනං හිටියද මුකුත්ම අඳින්නෙ නැතුව නිදියන මිනිස්සුත් ඉන්නවා කියලා?"
"හොඳ වෙලාවට මං එහෙම දෙයක් අහලාවත් තිබ්බෙ නෑ," ආදිපාදවරිය කවුළුව විවර කරමින් පිළිතුරු දුන්නාය.
ඈන් කුමරිය ඇඳ විට්ටමට හේත්තු වී කිසිවකට ඇහුම්කන් දුන්නාය. "ඇහුණද?" ඇය ඇඳ මතින් පැන කවුළුව වෙතට දිව විත් පිටතට එබී බැලුවාය.
ආදිපාදවරිය කලබල වූවාය. "අයියෝ සෙරෙප්පු දාගන්න!" ඇය ඇඳ වෙත ගොස් කුමරියගේ රාත්‍රී මිරිවැඩිසඟල රැගෙන එන තෙක් කුමරිය කවුළුවෙන් එබී ඈතින් දිස් වූ එළිමහන් නර්තන සාදය දෙස ආශාවෙන් බලා සිටියාය. "අනේ මේ සෙරෙප්පු දෙක දාගෙන ඔය ජනේලෙ ළඟින් අහකට වෙන්න," යළි පැමිණි ආදිපාදවරිය කීවාය. කුමරිය දුර්මුඛ මුහුණින් යළි ඇඳ වෙත පැමිණි අතර කවුළුව වසා දැමූ ආදිපාදවරිය පෙරදී සූදානම් කර තිබූ බන්දේසියක්ද රැගෙන ඇඳ වෙත ආවාය. "ඔබතුමියගේ කිරියි විස්කෝත්තුයි."
![]() |
| කවුළුවෙන් පිටතට ආශාවෙන් නෙත් යොමා සිටිනා කුමරිය |
"ස්තූතියි," ඈන් කුමරිය උදාසීන හඬින් කීවාය.
"-ඔබතුමිය ඒක බාරගන්නෙ නෑ!" ආදිපාදවරිය සිහිපත් කළාය.
"ස්තූතියි, එපා," කුමරිය පෙර ස්වරයෙන්ම කීවාය.
"දහයයි තිස් පහට, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ පරික්ෂාවකින් පස්සේ ඔබතුමියට එහෙන් ලැබෙනවා ඔලිව් පැළයක්-"
"ස්තූතියි, එපා."
"-ඒක බාරගන්නවා."
"ස්තූතියි."
"දහයයි පණස් පහට, නිව්ෆවුන්ඩ්ලිං අනාථ නිවාසය. එහෙ මුල්ගල තියෙන උත්සවේ ඔබතුමිය තමයි මුලසුන හොබවන්නේ; ගිය සඳුදා කතාවම තමයි දෙන්න තියෙන්නේ." ආදිපාදවරිය දීර්ඝව පැහැදිලි කළාය.
"අර වෙළඳ සබඳතා ගැන?"
"ඔව්."
කුමරිය විස්කෝත්තුවක් සපමින් කල්පනා කළාය. "අනාථ ළමයින්ට?"
"නෑ නෑ, අනිත් එක."
"තාරුණ්‍යය සහ සංවර්ධනය."
"අන්න හරි. එකොළහයි අතළිස් පහට ආපහු මෙහෙට එනවා පොඩි විවේකයක් ගන්න. ආ නෑ නෑ, වැරදුණා... එකොළහයි හතළිස් පහට මෙහෙ පුවත්පත් සාකච්ඡාවක්."
"ප්‍රියමනාපව විනීතව ඉන්න ඕනෙ," ඈන් කුමරිය දෑස් කරකවමින් සුසුමක් හෙළනා අතරේ කීවාය.
"හරියටම එකට, විදේශ අමාත්‍යාංශයේදී දිවා ආහාරය. ඔබතුමිය අර සුදු රේන්ද සාළුව පළඳින්න ඕනෙ, තව පොඩි මල් පොකුරකුත් අතේ තියාගන්න ඕනෙ, ඒකෙ තියෙන්න ඕනෙ..."
"පුංචිම පුංචි රෝස පාට රෝස මල්."
ඈන් කුමරියගේ බාධා කිරීම පිළිබඳව නොසතුටු මුහුණින් හිස එසවූ ආදිපාදවරිය යළිත් සිය කාර්යය ඇරඹුවාය. "තුනයි පහට, ඵලක ප්‍රදානය."
"ස්තූතියි."
![]() | |
|
"හතරයි දහයට පොලිස් ආරක්ෂණ පරීක්ෂාව."
"ස්තූතියි, එපා!"
"හතරයි හතළිස් පහට-"
"කොහොමද සැප සනීප?"
"-ආපහු මෙහෙ එනවා ඇඳුම් මාරු කරගෙන-"
"හමුවීම සතුටක්." කුමරියගේ හඬෙන් හැඟවුණේ පීඩාවට පත් බවකි.
"-ඔබතුමියගේ නිළ ඇඳුම ඇඳගන්න."
"හරිම සතුටුයි."
"ඊළඟට මුණගැහෙන්න තියෙන්නේ ජාත්‍යන්තර-"
"නවත්තන්න!" කුමරිය කෑ ගැසුවාය. අනතුරුව ඉවත බලාගෙන අවුල් වූ හිසකෙසින් මුහුණ වසාගෙන වැළපුණාය. "අනේ නවත්තන්න! නවත්තන්න...!"
ආදිපාදවරිය කුමරියගේ උකුල මතින් බන්දේසිය අරගත්තාය. "ඔක්කොම හරි වස්තුවේ, මේක හැලුනේ නෑනේ."
"ඕක හැලුණත් නැතත් මට වැඩක් නෑ." කුමරිය සිය හිස කොට්ටයේ ඔබාගත්තාය. "මං ඕකෙ ගිලිලා ගියත් මට වැඩක් නෑ!"
ආදිපාදවරිය ඈ සනසවන්නට උත්සාහ කළාය. "වස්තුවේ, ඔයා අසනීපෙන්. මං දොස්තර බොනාකොවෙන්ට එන්න කියන්නම්."
"මට ඕන දොස්තර බොනාකොවෙන් කෙනෙක් නෑ; මට පාඩුවෙ මැරෙන්න දෙන්න!" ඈන් කුමරිය අනෙක් පසට හැරී විලාප දුන්නාය.
"ඔයා මැරෙන්නෙ නෑ."
කුමරිය ආදිපාදවරිය දෙස බැලුවාය. "යන්න මෙතනිං." ඇය ඇඳ මත හිඳගත්තාය. "යනවා මෙතනිං!"
"ඔයා කලබල වෙලා; සන්සුන් වෙන්න ඈන්."
කොට්ටය මතට කඩා වැටුණු කුමරිය එයට දෑතින් පහර දුන්නාය. "මට බෑ! මට ඕනෙ නෑ සන්සුන් වෙන්න!"
නොසන්සුන් කුමරියගේත්, ඈ අස්වසන්නට තැනූ ආදිපාදවරියගේත් හබය නිමා නොවූ තැන ආදිපාදවරිය පිටව ගොස් බොනාකොවෙන් වෛද්‍යවරයා කැඳවාගෙන ආවාය. ඔහු පැමිණෙන මොහොතේ කුමරිය නිදා සිටි බවක් දිස් වුවද එතෙක් නොනිදා සිටි ඇය නැවත අරගල කරන්නට පටන්ගත්තාය. වෛද්‍යවරයා වහා නිදි ඔසු එන්නතක් ඇගේ අතට ලබා දුන් අතර එදෙස බලා සිටි ජනරාල්වරයා සිහිසුන්ව ඇද වැටුණේය. එන්නතෙන් තමාට කිසිදු වෙනසක් නොදැනෙනා බව කුමරිය පැවසූ අතර එය ක්‍රියාත්මක වීමට තරමක වේලාවක් ගත වන බවත් එතෙක් හාන්සි වී විවේක ගන්නා ලෙසටත් වෛද්‍යවරයා උපදෙස් දුන්නේය.
"මං එක ලයිට් එකක් විතරක් දාලා තියාගත්තට කමක් නැද්ද?" වෛද්‍යවරයා පිටව යාමට පෙර ඈන් කුමරිය විමසුවාය.
"අපොයි කමක් නෑ. මං දන්න හොඳම දේ තමයි කෙනෙක් පොඩි වෙලාවකට හරි තමන් කැමති දෙයක් කරන එක," ඔහු පිළිතුරු දුන්නේය.
කුමරිය ඔහුට ස්තූතිවන්ත වූ අතර සිහිසුන්ව සිටින ජනරාල්වරයා ඔවුනගේ ඇස ගැටෙන්නේ ඒ මොහොතේදීය. කුමරියගේ මුවින් එක්වරම පනින සිනහව ඇය ඉක්මණින්ම මකාගත්තාය. ඔහුව නැගිටුවාගැනීමෙන් පසුව කුමරිය තනි කොට සියල්ලන්ම පිටව ගිය අතර, කුටිය තුළ හුදෙකලා වන කුමරිය ඇඳ මත වැතිරී හිස ඒ මේ අත හරවමින් විසල් කුටියේ ගෘහ නිර්මාණ අලංකරණ හා ඇගේ ඇඳ විට්ටමේ වූ විසල් කැටයම දෙසද බලා සිටියාය. නිදිමත ඈ සොයා පැමිණෙන තෙක් ඈ බලා සිටියද එවැන්නක් සිදු නොවූයෙන් යළිත් කදිම යමක් සිහිපත් වූ ලෙසින් විගසින් ඇඳෙන් බසින කුමරිය කවුළුව වෙත ගියාය. ඉන් දිස් වන එළිමහන් නර්තන සාදයේ අපූර්වත්වය ඇයට අත්විඳින්නට උවමනා විය.
මඳ වේලාවකට පසුව දිගු විහිදුනු සායකින්ද, එයට යටකර හැඳි අත් දිග සුදු බ්ලව්සයකින් හා කුඩා කර පටියකින්ද සැරසුණු කුමරිය අත් වැසුම් පැළඳ නිදන කාමරයේ දොරටුව විවර කර එබී බැලුවාය. බරාඳය කෙළවර අසුනක හිඳ නිදි කිරා වැටෙන මුර සෙබළා දැක යළිත් දොර වසා දමන ඇය පැති කවුළුව වෙත ගොස් ඉන් පිටතට පැන සඳළුතලයට පිවිසුණාය. කිසිවෙකුගේත් ඇස නොගැටී, තානාපති කාර්යාලයට පැමිණ තිබූ ට්‍රක් රථයක පටවා තිබූ පෙට්ටි අතර සැඟවී කාර්යාල භූමියෙන් පිට වීමට සමත් වන කුමරියට කෙමෙන් නිදි මත දැනෙන්නට විය. පාර හරහා මාරු වන පිරිසකට ඉඩ දෙමින් ට්‍රක් රථය නතර වූ මොහොතේ සිය අඩ නින්දෙන් අවදි වූ කුමරිය ඉන් බිමට පැන මාවත අයිනේ ගසකට හේත්තු වී ඈනුමක් ඇරියාය. අනතුරුව මද දුරක් ඇවිද ගොස් පාර හරහා මාරු වූ ඇය ඒ අසළම නවත්වා තිබූ අශ්ව කරත්තයක මගී මැදිරියේ එක් පසෙකින් නැග අනෙක් පසින් බැස පදික වේදිකාවට ගොඩ වී නොනැවතීම ගමනේ යෙදුණාය. එම අස් රිය නවතා තිබූ තැන ආසන්නයේම වූ ගොඩනැගිල්ලක දෙවැනි මහලේ වූ කාමරයක් තුළින් විදුලි පහන් ආලෝකය ගලා එමින් තිබුණි.

- මතු සම්බන්ධයි -

හුරේ.. මෙන්න දාලා... ඉන්ට කියෝලා එන්නම්
ReplyDeleteනියමයි... ඉතින් දැන් කොහෙද ගිහිල්ලා මේ කුමාරියට නින්ද යන්නේ?
Deleteකවුද දන්නෙ නින්ද යයිද නැත්තං අර ජනේලෙන් දැක්ක සාජ්ජෙට ගිහිල්ලා නටන්න පටන්ගනියිද කියලා.
Deleteස්තූතියි ලිඛිතා. ඊළඟ කොටසත් ඉක්මනට ලියන්නම්කෝ. :)
ඔය කතාව ඇත්තම සිද්ධියක්ලු. ඔය ඈන් කුමරිය කියන්නෙ අපේ එළිසබෙත් අක්ක කියලයි ටටු ඩට්ටෝ කියනවයි කියන්නෙ...:)
ReplyDeleteඑහෙමත් එකක්ද? වෙන්ඩත් බැරි නෑ තමයි. එතකොට එයැයිගෙ කොණ්ඩෙත් මේ ඇඩ්වෙන්චර් එකට කළියෙං මෙහෙම දිගට තිබිලද? ආ, අනික මෙයාගෙ මේ මුළදි විස්තර කරන සංචාරෙදි ලන්ඩන් බකිංහැම් පැලස් එකටත් ගියා කියනවනේ. ඒ මේ කතාවෙන් ඒ කවුද කියලා හොයාගන්න බැරි වෙන්න වෙන්නැති සමහරවිට.
Deleteඅයියා කිව්ව හන්දා මං නිකමට හොයලා බැලුවා. මේන්න කතාව ඇත්තලු. හැබැයි එළිසබත් අක්කා නෙවෙයි, එයාගේ නගා මාග්‍රට් කුමාරි අක්කාලු ඔය ඉන්නේ. එහෙම'ලු' ඈ ඔන්න රට්ටු තමයි කියන්නේ, අපිනං නෙවෙයි. Was Audrey Hepburn's Princess Ann character in "Roman Holiday" inspired by any real royals? And how did the production team gain access to such regal sets?
Delete