තානාපතිවරයා සහ ජනරාල්වරයා ගුවන් තොටුපොළ නැරඹුම් මැදිරියේ හිඳගෙන සිටියෝය. මොහොතකට පෙර ගොඩබට රාජකීය ලාංඡනයක් සහිත එන්ජින් හතරේ විශාල ගුවන් යානයක් ධාවන තීරුව ඔස්සේ පැමිණ නතර කෙරුනි. එහි විවර වූ දොරටුවෙන් එක හා සමාන කළු ඇඳුමින් හා හිස්වැසුම්වලින් සැරසුණු මිනිසුන් පෙළක් බැස එන්නට විය. පියගැටපෙළ පාමුල සිටි නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ඔවුහු පිළිගැනුණි. තානාපතිවරයා එදෙස බලා සිටියේ ඔරවාගත් දෑසිනි.
"බලනවා අරුන් දිහා!" තානාපතිවරයා කීවේය. "රහස් නිලධාරීන් ඔහොමත් එන සිරිතක් තියනවද? ඇඳුම් පැළඳුම්වලින් ලේසියෙන් අඳුරගන්න බැරිවෙන්න නේද ඉන්න ඕනෙ?"
"ඉතිං ඔබතුමානේ කිව්වේ වැඩිය කැපිලා පේන්නෙ නැති ඇඳුමක් ලෑස්ති කරන්න කියලා. ඉතිං කළු හොඳයිනේ," ජනරාල්වරයා ඇඟටපතට නොදැනී පිළිතුරු දුන්නේය.
මේ අතර කුඩා වෙස්පා ස්කූටරයක නැගි ජෝ ඈන් කුමරියද එහි පිටුපසින් හිඳුවාගෙන නගරය පුරා සංචාරය කරමින් සිටියේය. ඉදිරියෙන් දිස් වූ පෞරාණික රංග පීඨය හෙවත් කොලෝසියම වෙත ස්කූටරය ඇදී යන අතරේ ඇය සිය දෑතින් ඔහුගේ බඳ තරයේ අල්ලාගෙන ප්‍රීතියෙන් වටපිට බලමින් සිටියාය. කොලෝසියම වෙත ළඟා වීමෙන් පසු ඈන් කුමරිය මාර්ගෝපදේශකයෙකු හා ගමන් කරමින් එහි තොරතුරු අසාගන්නා අතරේ ජෝ ඔවුනට පසුපසින් ඒ ආසන්නයෙන්ම ඇවිද ගියේය. එහිදී අර්වින්ද යළි ඔවුනට එකතු විය. සිගරට්ටුවක් දල්වාගන්නා ලෙසින් ඈන් කුමරිය දෙස බලමින් ලයිටරය අතට ගත් අර්වින් එය ක්‍රියාත්මක කළේය. ජෝ ඔහු හා මිතුරා පමණක් දත් රහස් ඉඟියකින් එය අනුමත කළේය.
කොලෝසියමෙන් පිටතට පැමිණීමෙන් පසු ජෝ සහ කුමරිය යළිත් ස්කූටරයට ගොඩ වූ අතර අර්වින් වහළය රහිත කුඩා මෝටර් රථයක නැගී ගමන් කළේය. ස්කූටරය පසු කර සිය රථය ඉදිරියට ගත් අර්වින්, ජෝ කුමරියගේ අවධානය වෙනතක යොමු කරන අතරේ පසුපස හැරී විගසින් ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් ගත්තේය. මාවතෙන් ඉවතට ඇදී යන්නට වූ වාහනය ඔහු යළි පාලනය කරගත්තේ අපහසුවෙනි. ස්කූටරය එහි හැපීමෙන් වළක්වාගැනීම පිණිස ජෝ හට මාර්ගයේ විසල් අන්තර් ඡේදනයක් වෙත එය යොමු කරන්නට සිදු විය. එහි රථ වාහන හසුරවමින් සිටි පොලිස් නිලධාරියා නළාව පිම්බේය. අර්වින්ද සිය රථය නතර කරගත්තේය. ජෝ සහ කුමරියද ස්කූටරයෙන් බිමට බැසි අතර ජෝ නිලධාරියා සමග කතා කිරීම පිණිස ඔහු වෙත ගියේය. අර්වින් කැමරාවක්ද අතැතිව වීදිය කෙළවරින් එබී බැලුවේය. ජෝ නිලධාරියා සමග කතා කරන අතරේ ඈන් කුමරිය ස්කූටරය පිරික්සා බැලීම පිණිස යළි එහි ගොඩ වී රියැදුරු අසුනේ හිඳගත්තාය. ඇය ලිහිල් ලෙස එහි පාලක යතුරු කරකවා බලන අතරේ අර්වින් ඡායාරූපයක් අරගත්තේය. නමුත් එක්වරම ස්කූටරය පණගැන්වී ඉදිරියට ඇදෙන්නට වූ අතර ඈන් කුමරිය යටි ගිරියෙන් කෑ ගැසුවාය. වහා හැරී බැලූ ජෝ පොලිස් නිලධාරියාගෙන් සමාව ඉල්ලමින් ස්කූටරය පසුපස දිව ගියේය. අර්වින් තුෂ්නිම්භූතව බලා සිටියේය. පදික වේදිකාව මතින් ඒ මේ අත වැනෙමින්, පදිකයන් බිය ගන්වමින් ඇදී ගිය ස්කූටරය පසුපස දිව ගිය ජෝ එය නවත්වන ලෙස කුමරියට කෑ ගැසුවේය. අර්වින්ද යළි සිය රථයට ගොඩ විය. ප්‍රීතියෙන් ඉපිළෙමින් සිටි කුමරිය සිනහසෙමින් නොනවත්වා ස්කූටරය පැදවූ අතර ජෝද අවසානයේ සිනාසෙමින් ඒ මතට පැනගත්තේය. ස්කූටරයේ වේගය එක්වරම වැඩි වූ අතර වංගුවකින්ද හැරී තව තවත් පදිකයන් බිය ගන්වමින් ඉදිරියටම ඇදී යන්නට විය.
"කෝ කෝ මට දෙන්න ඕක," ජෝ සිය දෑත් අත් පොලු මතින් තබාගනිමින් කීවේය.
නමුත් කුමරිය ඔහුගේ දෑත් ඉවතට තල්ලු කර ඒ මතින් යළි ඇගේ දෑත් තබාගත්තාය. "බෑ බෑ, මට පුළුවං, මට පුළුවං."
මෝටර් රථයක්ද බයිසිකලයක්ද යාන්තමින් මග හරිමින් ස්කූටරය රථ වාහන පිරි ප්‍රධාන මාවතට පිවිසුණි. එය මග හැරීමට ට්‍රෑම් රථයකට වැරදි මංතීරුවට පිවිසෙන්නට සිදු වූ අතර එහි රියැදුරු කෝපයෙන් නළාව ශබ්ධ කළේය. ස්කූටරය පසුපසින් අපහසුවෙන් සිය රථය පැද ආ අර්වින්ගේ මුහුණට වරෙක ජල නලයකින් විසි වී ආ දිය දහරාවක් හේතුවෙන් ඔහුගේ දර්ශන පථය වැසී ගියේය. යළිත් පදික වේදිකාවට ස්කූටරය නැංවූ ඈන් කුමරිය කඩ පිළක සිටි මිනිසුන් රොත්තක් මැදින්ද, තවත් කඩපිලක සිත්තරෙකු සිය ගැණුම් කරුවන්ට පෙන්වමින් සිටි සිතුවමක් මැදින්ද ස්කූටරය ධාවනය කළාය. පදික වේදිකා අවන්හළක හිඳ සිටි උදවිය නැගිටුවමින්, පළා යවමින්, මේස පුටු පෙරළමින් ඇදී ගිය ස්කූටරය යළි මාවතට පිවිස වටරවුම වටා කරකැවුණේ මාර්ග නීතිරීතිවලට පටහැණි අන්දමකිනි. ඒ සමගම ඔවුනට පසුපසින් පොලිස් නිලධාරියෙකුගේ විසිල් හඬද, ඉන් අනතුරුව පොලිස් වාහනවල නළා හඬද ඇසෙන්නට විය. පොලිස් නිලධාරීන් රැගත් යතුරු පැදි දෙකක් දෙපසින්ද, සයිරන් නළා හඬ නංවන පොලිස් රථවාහන පෙළක් පිටුපසින්ද පිරිවරාගෙන ඈන් කුමරිය හා ජෝ රැගත් ස්කූටරය නොනැවතී ඇදී ගියේය.
මඳ වේලාවකට පසු ඈන් කුමරිය, ජෝ සහ අර්වින් සිටියේ විනිසුරුවරයෙකුගේ මේසය පෙසෙකින් සිටගෙනය. ජෝගේ හා ඈන් කුමරියගේ ස්කූටර් වික්‍රමයෙන් අලාභහානි ලැබූවෝ මේසය ඉදිරියේ පෙළගැසී සිටියෝය.
විනිසුරුවරයාගේ පැනයන්ට පිළිතුරු දෙමින් සිටි ජෝ සිය හැඳුනුම්පත ඔහු වෙත ඉදිරිපත් කළේය. එහි ඇති ඔහුගේ ඡායාරූපය දෙසත් ඔහු දෙසත් විනිසුරුවරයා සැකමුසු දෑසින් බලන්නට වූයෙන් ජෝ සිය හිස ඇළ කර හැඳුනුම්පතේ ඡායාරූපයේ ඔහුගේ මුහුණ සටහන් වී ඇති කෝණයට මුහුණ හැරවූවේය. විනිසුරුවරයා එහි සඳහන් ජෝගේ කාර්යාලයේ නම උච්ඡාරණ කළ අතර ජෝ එයට පිළිතුරු දෙන අතරේ ඈන් කුමරිය වටා අතක්ද දමාගත්තේය. අර්වින්ද මැදිහත් වී යමක් පැවසූ නමුත් විනිසුරුවරයා ඉන් සෑහීමකට පත් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. අවසානයේ ජෝ විනිසුරුවරයාගේ මේසය මත වූ යමක් වෙත ඔහුගේ අවධානය යොමු කළ අතර එයින් විනිසුරුවරයාගේ මුහුණ එළිය වැටුණි.
මොහොතකට පසු අර්වින්ද, අතිනත පටලාගත් ජෝ හා ඈන් කුමරියද සිනාසෙමින්, ඔවුනට විරුද්ධව සාක්ෂි දීමට ආ සාක්ෂිකරුවන්ට අත්ද වනමින් පිටතට ඇවිද ආවෝ ය. දොරටුව අසළ සිටි පොලිස් නිලධාරියාට නෑසෙන මානයට ඇවිද ගිය පසු ඔවුහු නතර වූහ. "ඇමරිකානු පුවත් සේවය?" ඈන් කුමරිය ජෝගෙන් විමසුවාය. "ඇයි එයා එහෙම කිව්වෙ?"
"ඈ? ආ, මෙහෙමයි: අපි මාධ්‍යයට සම්බන්ධ අය කියලා කිව්වහම ඔය ඕන තැනකින් ගැලවෙන්න ලේසියි, ඒකයි." ජෝ පිළිතුරු දුන්නේය.
ඒ වන තුරුද සිනහව නවතාගත නොහැකිව සිටි අර්වින්ද කතා කළේය. "ඒකනං නියම වැඩේ! ස්කූටරේක නැගලා පල්ලියට යන ගමං - කසාද බඳින්න! මූනං මහ පච මෝලක්!" ඈන් කුමරිය ඔවුන් දෙදෙනා දෙස ගැටළුකාරී මුහුණින් බලනා අතරේ පොලිස් ස්ථානය තුළින් පිටතට පැමිණි සාක්ෂිකරුවෝ සිනහමුසු මුහුණින් ඔවුන් වෙත පැමිණ ජෝට හා ඈන් කුමරියට සුබ පතන්නට වූහ. අවසානයට පැමිණි තරබාරු තැනැත්තෙක් ඈන් කුමරියගේ දෙතොල් සිඹ සුබ පැතූ අතර ජෝගේද මුහුණ දෙපසම සිපගත්තේය.
ඔවුන් සියල්ලෝම පිටව ගිය පසුද තිදෙනාම ගල් ගිල්ල ලෙසින් බලා සිටි අතර මුළින්ම මුව විවර කළේ ඈන් කුමරිය ය. "ඔහොම බලං ඉන්න ඕන නෑ ඉතිං," ඇය විපිළිසර මුහුණින් පසුවන ජෝට කීවාය. "මං ඔයාට වරද පටවන්නෙ නෑ."
"ඇති යන්තං. බොහොම ස්තූතියි."
"නෑ ඉතිං, ස්තූති කරන්න ඕනේත් නෑ!"
"හා එහෙනං."
තිදෙනාම සිනාසෙමින් ඇවිද යන අතරේ ඈන් කුමරිය යළිත් කතා කළාය. "මමත් නියම බොරුකාරියක් නේද?"
"ආයෙත් අහලා," ජෝ පිළිතුරු දුන්නේය. "මට හම්බවෙලා තියෙන හොඳම බොරුකාරි." අර්වින්ද එය අනුමත කළේය.
"බොහොම ස්තූතියි," ඈන් කුමරිය කීවාය.
ජෝ ඉදිරියේ වූ ගොඩනැගිල්ලක් වෙත දෑස් යොමු කළේය. "අන්න... එන්න මාත් එක්ක," ජෝ කුමරියගේ අතින් අල්ලාගෙන ඔහු පෙන්වූ ගොඩනැගිල්ල වෙත කැඳවාගෙන ගියේය. කුඩා අඳුරු කුටීරයක් බඳු වූ එතුළ බිත්තියේ දැවැන්ත පාශාණමය මුහුණක් කැටයම් කොට තිබුණි. "මේක අතමයි 'සත්‍යයේ මුහුණත'," ජෝ පැහැදිලි කළේය. ඔහු මුහුණෙන් එක් පසෙකද, ඈන් කුමරිය අනෙක් පසද සිටගෙන සිටි අතර අර්වින් දොරකඩ අසළ රැඳී හිඳිමින් තවත් සිගරට්ටුවක් පිටතට ගත්තේය. "කතන්දරවල කියවෙන හැටියට කෙනෙක් බොරුවක් කරනවනං, එයා මේ කට ඇතුළට අත දැම්මාම අත හපලා කඩාගන්නවාලු."
"හපොයි!"
"බලමු ඔයාට පුළුවන්ද කියලා අත බේරගන්න." ජෝ අභියෝග කළේය. මුළදී මදක් පැකිළුණු ඈන් කුමරිය අනතුරුව සිත දැඩි කරගෙන සෙමින් සෙමින් සිය අතක් පාශාණ මුහුණතේ මුව වෙත ළං කළාය. අර්වින් සිය සිගරට්ටුව 'දල්වා ගත්තේය'. ඈන් කුමරිය අත මුව ආසන්නයටම ගෙන ආවද අවසන් මොහොතේදී සිය ධෛර්යය සිඳී ගියෙන් සිනාසෙමින් යළිත් අත ඇදගත්තාය.
"ඔයාට පුළුවන්ද බලමු," ඇය කීවාය.
ජෝද මොහොතකට පැකිළුනි. නමුත් අනතුරුව සිය දකුණත මුව වෙත ගෙන ආ ජෝ සෙමින් සෙමින් මුව තුළට සිය අතැඟිලි ඇතුළු කළේය. ඈන් කුමරිය ඇසි පිය නොසලා බලා සිටියාය. කිසිවක් සිදු නොවූයෙන් ජෝ සිය මැණික් කටුවද නොපෙනී යන තුරුම අත ඇතුළු කළේය. නමුත් එක්වරම මරහඬ තැලූ ජෝ සිය අත ඉවතට ඇදගැනීමට උත්සාහ දරන්නට විය. නමුත් අත ඉවතට පැමිණියේ නැත. ඈන් කුමරියද වැළපෙමින් ඔහුට සහය වූ අතර අවසානයේදී පාශාණ මුහුණතේ මුව ලිහිල් වූ බවක් දැනුණි. ජෝ අත එළියට ගත්තේය. නමුත් එහි ඔහුගේ අතේ මැණික්කටුවෙන් පහළ කොටස තිබුණේ නැත. ඈන් කුමරිය භීතියෙන් තැතිගැන්වී සිය මුහුණ වසාගෙන ලතෝනි දුන්නාය. සිනාසෙන්නට පටන්ගත් ජෝ සිය කබා අත තුළ සඟවාගෙන සිටි අත පිටතට ගත්තේය.
විශ්මයට පත් ඈන් කුමරිය කඳුළු අතරින් සිනාසෙන්නට පටන්ගත් අතරේ ජෝ සිය දෑත් විවර කළේය. වහා ඔහුට ඔහු තුරුළට පිනූ ඈන් කුමරිය ඔහුගේ පපුවට මිටි කරගත් දෑතින් පහර දෙන්නට වූවාය. "නපුරා! බලන්න, අතට මුකුත් වෙලා නෑනේ!" ඇය වැළපෙමින් කීවාය.
"සමාවෙන්න සමාවෙන්න, මං පොඩි විහිළුවක්නේ කළේ," ජෝ පැවසුවේය.
නමුත් ඈන් කුමරියගේ තැතිගැන්ම පහව ගොස් තිබුණේ නැත. ඇය නොනැවතී වැළපෙමින් සිනාසුණාය. "ඔයාගේ අතට මුකුත් වෙලා නෑනේ."
"අනේ හරි හරි ඉතිං, සමාවෙන්න, පුංචි විහිළුවක්නේ. හරිද?" ජෝ ඈ අස්වැසුවේය.
ඈන් කුමරිය තමා පාලනය කරගෙන මුහුණ පිසදාගත්තාය. "හරි."
"හරි එහෙනං, අපි යං."
ඉන් අනතුරුව තිදෙනාම අර්වින්ගේ රථයේ නැගී ගමන් ගත් හ. එක් නිහඬ මාවතක් අසළ අර්වින් රථය නතර කළේය. "මං මේක අයිනෙං නවත්තලා එන්නං," ඔහු කීවේය. ජෝ ඈන් කුමරියගේ දොර විවර කළ අතර ඇය පිටතට බැස්සාය. ජෝ වහළය රහිත රථයේ ඉහළින් බිමට පනින්නට සූදානම් වුවද කුමරිය තමා වෙනුවෙන් දොර විවර කර අල්ලාගෙන සිටිනා අන්දම දුටු ඔහු අපහසුවෙන් අසුන් අතරින් රිංගා බිමට බැසගත්තේය. අර්වින් රථය ඉවතට පැද යන අතරේ ඔවුන් දෙදෙනා පුළුල් මං තීරුවක් ඔස්සේ ඇවිද ගොස් විශාල පවුරක් ඉදිරියේ නතර වූහ. එය මුළුමණින්ම කුඩා ඵලක දහස් ගණනකින් වැසී ගොස් තිබුණි. ඔවුනට මදක් ඔබ්බෙන් පවුර අභියස දණ නමා යාඥා කරමින් සිටි කාන්තාවක් නැගිට කුරුසිය සිය පපුව මත සලකුණු කොට පිටව ගියාය.
"මේ මොනවද?" කුමරිය විමසුවාය.
ජෝ ඈ හා පවුර අසළින් ඇවිද යන්නට විය. "මේ හැම සටහනක්ම කාගේ හරි ඉෂ්ඨ වෙච්ච ප්‍රාර්ථනාවක්. මේක පටන්ගත්තෙ යුද්ධ කාළෙ. අහස් යාත්‍රාවලින් ඇවිත් බෝම්බ ගහන්න පටන්ගත්තා. හරියටම අන්න අතන-" ඔහු පවුරේ එක් තැනක් පෙන්වුවේය, "-එක තාත්තා කෙනෙක් එයාගෙ දරුවො හතර දෙනත් එක්ක හැංගිලා හිටියා. ඒ තාත්තා එතන ඉඳන් පවුලේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාර්ථනා කළා. ඒ ළඟටම බෝම්බ වැටුණත් කාටවත් මුකුත් වුණේ නෑ. පස්සෙ දවසක ඒ තාත්තා ඇවිත් තමුන්ගේ ඉෂ්ඨ වෙච්ච ප්‍රාර්ථනාව වෙනුවෙන් පළවෙනි ඵලකය මේ තාප්පේ හයි කළා. එදා ඉඳං ඉතිං මේක හරියට සිද්ධස්ථානයක් වගේ තමයි; මිනිස්සු එනවා, ප්‍රාර්ථනා කරනවා, ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙච්ච දවසක ආයෙ ඇවිත් මේ වගේ පුංචි සිහිවටනයක් එල්ලනවා."
ඈන් කුමරිය පවුර ඔස්සේ නෙත් යොමු කළාය. "හරි ලස්සන කතාන්දරයක්."
"කියවලා බලන්න ඔය ලියලා තියෙන ඒවා දෙක තුනක්," ජෝ ඈ පවුර ආසන්නයට යැවුවේය. ඈ හිස ඔසවා එහි ඇති සටහන් කියවනා අතරේ ඒ අසළම සිටි අර්වින් තවත් සිගරට්ටුවක් දල්වාගත් අතර ජෝ යළිත් ඈ අසළට පැමිණියේය. "ප්‍රාර්ථනාවක් කළාද?" ඈන් කුමරිය නෙතු බිමට යොමාගෙන හිස සැලුවාය. "දොස්තර මහත්තයාට කියන්න කැමති නැද්ද?" දහවල ඔහුගේ නවාතැනේදී ඔහු බොනාකොවේන් වෛද්‍යවරයා ලෙස සලකා ඈ ඔහුට සියල්ල පවසන්නට සූදානම් වූ අයුරු සිහිපත් කරමින් ජෝ කීවේය.
නමුත් කුමරිය ඉවතට හැරුණාය. "වැඩක් නෑ, ඒක හරි යන්න තියෙන ඉඩ බොහොම අඩුයි," ඇය කීවාය.
ඒ මොහොතේදී අර්වින් ඔවුන් වෙත ළඟා විය. "ඉතිං, දැං මොනවද අපි කරන්නේ?"
ඈන් කුමරිය උද්‍යෝගයෙන් හිස එසවූවාය. "මට ආරංචියි මෙහෙ බෝට්ටුවක නැටුම් සාදයක් තියෙනවලු, හරි ලස්සනයිලු."
"ආ, ඔය කියන්නේ ශාන්ත ඇන්ජලෝව ළඟ ගඟේ තියෙන උත්සව පාරුව."
"ඔව් ඔව්! අපි රෑට ඒකට යමුද?"
"මොකද බැරි?" අර්වින් කීවේය.
"ඔයා කැමති ඕන දෙයක්," ජෝද එකඟ විය.
"ඊට පස්සෙ රෑ දොළහට මං වට්ටක්කා ගෙඩියක් වෙලා, මගේ වීදුරු සපත්තුවත් දාගෙන අතුරුදහන් වෙනවා," කුමරිය හැඟීම් විරහිත මුහුණෙන් පැවසූවාය.
"එතනිං ඉතිං සුරංගනා කතාව ඉවරයි," ජෝ කීවේය. අනතුරුව ඔහු අර්වින් වෙත හැරුණේය. "උඹට දැන් ලොකු වැඩක් තියෙනවා කිව්වා නේද?"
"මට?" අර්වින් පුදුම වී ඇසුවේය.
"ඔව් අර ලොකු ව්‍යාපාර 'වර්ධන'-" ජෝ එහිදී හඬ මඳක් බර කළේය. "-වැඩේ? හෙට බාරදෙන්න තියෙන එක?"
එවර අර්වින්ට සිහිපත් විය. "ආ, හරි හරි, වර්ධන වැඩේ."
"ඔව්, ඒකට පළයං. නැත්තං අපරාදෙනේ."
"ඒක හරි," හිස සැලූ අර්වින් ඈන් කුමරිය වෙත අත දිගු කළේය. "පස්සෙ හම්බවෙමු ස්මිත් නෝනා."
"වර්ධන කටයුත්තට මගේ සුබ පැතුම්," කුමරියද ඔහුට අතට අත දෙමින් කීවාය.

***

- මතු සම්බන්ධයි -

ඒ දැන් නම් කතාව කියල වැඩක් නැ... හරිම ශෝයි... අර ස්කූටරේ ගමන නම් මල් හතයි.. ඈන් කුමාරිට මේ වගේ අද්දැකීමක් ආයෙ ගන්න ලැබෙන්්නෙ නැති වෙන්නත් පුලුවන්....
ReplyDeleteඔව්, ඒ හින්දා එයා ලැබිච්ච අවස්ථාවෙන් පුළුවන් තරම් විනෝද වෙනවා. :)
Deletehe he he hilarious!
ReplyDeleteYes. Try to find and watch the movie too. But wait till I finish this story-telling. :)
Delete/තවත් කඩපිලක සිත්තරෙකු සිය ගැණුම් කරුවන්ට පෙන්වමින් සිටි සිතුවමක් මැදින්ද .../
ReplyDeleteමෙහෙම සිත්තරෙක් ගැන ඔරිජිනල් කතාවෙ තිබ්බෙ නෑ නේද? මේක නම් ඔහේ අතිං දාපු කෑල්ලක්..නෑ..කියන්ට එහෙම එපා ඔන්න...හෙහ්,හෙහ්,
/අවසානයේ ජෝ විනිසුරුවරයාගේ මේසය මත වූ යමක් වෙත ඔහුගේ අවධානය යොමු කළ අතර එයින් විනිසුරුවරයාගේ මුහුණ එළිය වැටුණි. /
මොකක්ද ඒ විනිශ්චයකාරයගෙ මේසෙ උඩ තිබ්බෙ? මට හිතෙන්නෙ එදා පත්තරේ වෙන්න ඇති නේ අර කුමරියගෙ ෆොටෝ එකක් පලවෙලා තිබ්බ?
PS- වැඩේ යනව ටිප් ටොප් එකට...Atta girl... keep it up...
ඔය සිත්තරා ෆිල්ම් එකේ ඉන්නවා, අයියා පල්ලා ඇත්තම ඇත්ත. අර නඩුකාර උන්නාන්සේ ඉස්සරහා උන්දැ දෙකට ඉරිච්ච සිත්තරෙත් උස්සලා පෙන්නනවා.
Deleteඒ පෙන්නන්නෙ මොකද්ද කියලනං මට ඒ හැටි පැහැදිලි නෑ. ෆිල්ම් එකෙත් ඔය ටික යන්නේ දෙබස් නැතුව, පසුබිම් සංගීතයක් විතරක් එක්ක. ස්ක්‍රිප්ට් එකේ තියෙන්නෙත් '....showed something....' කියලා විතරයි.
Ps - Thank you so much ayya! :)
ඔබතුමා අතින් දාන කෑලිවල හැටියට ඔහොම එකක්වත් නොදැම්මොත් වැඩක් නැහැ වගේනේ. ඔබතුමා ලිව්වා නම් ඔතර සර්කස් කාරයෝ එක්ක අලි පවා පෙරලගෙන යන්නත්, කුමාරියගේ ඇඳුමේ මොස්තරේ පවා ඉතිහාසේ ඉඳල කියවෙනවා! ආයේ ඉතින් මොකටද අපි භගත් පවා දැන් සැක කරනවනේ...
Deleteනැගල යනවය කියන්නේ දෙය්යනේ කියල දවසට එක ගානේ සැනසිල්ලේ කියෝනව. පේනවද එහෙම කලාම තියෙන සිරියාව?
(සිසිනැකපෝ මේ..... මම අපේ ගෙවල් පැත්තෙත් මුන්දට කැකිරි කපලා තියෙන්නේ... ඇවිල්ල සපෝට් හෙල්ප් එකක් එහෙම කාරිය දෙන්ට... යුතුකම්නේ!! නැද්ද?)
ඔව් ඔව්, මටත් හිතුණා රවි අයියා මෙහෙම එකක් ලිව්වනං මෙහෙම කොටස් හත අටෙන් ඉවර වෙන්නෙ නෑ, පැය දෙකේ ෆිල්ම් එක, දවස් දෙකක් විතර දික් වෙලා තමයි අපිට කියවන්න හම්බවෙන්නේ. :D
Deleteලිඛිතෝ, ඔය 'සිසිනැකපෝ' කියන ආමන්ත්‍රණේට ඉස්සර මට නහුතෙට නගිනවා. දැන්නං ඉතිං එහෙම කේන්ති යන්නෙ නෑ. ඒ වුණාට ඉතිං පුළුවන්නං ඔය අනිත් යාළුවො වගේ 'සිත්තමී' කියලා කියන්ඩ. ඒ නම මට දීපු ඇත්තිනං ඉතිං දැං බ්ලොග් පළාතෙවත් එන්නෙ නෑ. :/
කොයි කැකිරි කපලා තියෙනවා කිව්වා? අර අහස් යන්තරේ කතන්දරේ මුළ කොටසෙද? එව්වා පරණයි නෙව දැං.
හත්වලාමයි.. එහෙමද? මම ඉතින් කෙටියෙන් ලියන්නය කියල ඕක ලිව්වේ.. හරි හරි මිට පස්සේ සිත්තමී !! ( ඉතින් ළමයෝ අපූරුවට ඒ නම දාන්න පුළුවන්නේ ප්‍රොෆයිල් එකට? බ්ලොග් එකේ නම තියෙද්දී!)
Deleteකොතන කැකිරි කැපුවද කියල හරියට මතකයක් නැහැ.. ආ.. එයාගේ අර සති ගානක් තිස්සේ කුරුමානම් අල්ල අල්ල ඉන්න , වෙඩි තියන්නය කියල තාම හිතලවත් නැති ස්නයිෆර් පෝස්ට් එකේ.. ආ.. මේ තියෙන්නේ..... කොහෙද ඉතින් කොකු දාගන්නවා මිසක් තැනක් මතකේ නැහැනේ
අහස යන්තරේ කතාව.... මටත් හිතයි රබර් කරන්ට! අපොයි ලෙඩේ බෝ වෙයිද?
බෑනෙ. ඒ නමින් වෙන ප්‍රොෆයිල් එකක් තිබ්බා ඒ දවස්වල. ළඟකදිනං දැක්කෙ නෑ, ඒත් ඒ නමින් වෙන කෙනෙක් හිටියා.
Deleteදැන් ඉතින් 'වර්ධන'යේ තරම දැන ගන්න බැරිය පත්තරේ ආවම.
ReplyDeleteඒකනෙ නේද? :)
Delete