218. රෝමයේ නිවාඩුවක් (හැඳින්වීම)


Roman Holiday යනු 1953 වසරේ තිරගත වූ romantic comedy ගණයට අයත් ඇමරිකානු චිත්‍රපටයකි. William Wyler විසින් නිශ්පාදනය කර අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙහි ප්‍රධාන නළු-නිළි යුවළ ලෙසින් රංගනයෙන් දායක වන්නේ Gregory Peck සහ Audrey Hepburn. මෙය එම වසරේ විශිෂ්ඨතම නිළිය සඳහා වූ ඇකඩමි සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනාගැනීමට සමත් විය. සමස්ථ චිත්‍රපටයේම රූගත කිරීම් සිදුව ඇත්තේ ඉතාලියේ රෝමයේදී ය.

ප්‍රධාන චරිත:
ජෝ බ්‍රැඩ්ලි (Joe Bradley) - රංගනය Gregory Peck
රෝමයේ ස්ථාපිත ඇමරිකානු පුවත් සේවයේ (American News Service) වාර්තාකරුවෙකි.

ඈන් කුමරිය (Princess Ann) - රංගනය Audrey Hepburn
රෝමයේ කෙටි සංචාරයකට පැමිණ සිටින විදෙස් රටක කිරුළ හිමි කුමරියකි.

සහය චරිත:
හෙනසි මහතා (Mr. Hennessy) - රංගනය Hartley Power
ජෝ බ්‍රැඩ්ලි සේවය කරන ප්‍රවෘත්ති සමාගමේ සංස්කාරකවරයා ය.

අර්වින් රැඩෝවිච් (Irving Radovich) - රංගනය Eddie Albert
ජෝ බ්‍රැඩ්ලිගේ මිතුරු ඡායාරූප ශිල්පියා ය.

තානාපතිවරයා (The Ambassador) - රංගනය Harcourt Williams
ඈන් කුමරියගේ රට නියෝජනය කරමින් රෝමයේ වෙසෙන තානාපති නිලධාරියා ය.

වියර්බර්ග් ආදිපාදවරිය (Countess Vereberg) - රංගනය Margaret Rawlings
ඈන් කුමරියගේ රාජකීය සහායිකාව ය.

ගියෝවානි (Giovanni) - රංගනය Claudio Ermelli
ජෝ බ්‍රැඩ්ලිගේ කුලී නිවාස හිමියා.


***


ලබන සතියේ පටන් මා ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ මා බෙහෙවින් රසවිඳි මේ අපූර්ව වූ චිත්‍රපටයේ කතාන්දරයයි. තිර පිටපතේ දෙබස් ඛණ්ඩ පරිවර්තනය කරමින්, අවශ්‍ය තැන්වලදී පසුබිම් විස්තර ගෙන එමින් මා ඔබට කියවන්නට දෙන මේ කතාන්දරය, ඔබ ද මා මෙන්ම රසවිඳිනු ඇතැයි බලාපොරොත්තු වෙමි.






10 comments:

  1. ඔව් ඔව්. අපිත් රස විඳින්න බලාගෙන ඉන්නෙ. ලබන සතියෙ හිටං කියවනව.

    ReplyDelete
    Replies
    1. අපොයි හිටං කියවන්ඩ එපා, පුටුවක ඉඳං කියවන්ඩ. :D

      Delete
  2. මෙයත් නිකම් මැතිවරණ කොමසාරිස් වගේ ජනමත විචාර තියලා දෙනවා කිව්වා එව්වා පැත්තක තියලා වෙනින් එකක් අරං ඇවිත් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එව්වා ලියන්ඩ තව කල් යනවා හලෝ. මේ, වැඩිය අනම්මනං කිව්වොත් එහෙම එව්වා ලියන්නෙත් නෑ මෙව්වා ලියන්නෙත් නෑ හරිද! :P

      Delete
  3. ශා මරු මරු... එහෙනම් ඊලඟ සතියේ ඉදන් හොඳ කතාවක් රසවිදින්න පුලුවන් වේවි...

    ReplyDelete
    Replies
    1. මේක මගේ සාමාන්‍ය ස්ටයිල් එක වෙච්ච ඔක්කොම ලියලා ඉවර වෙලා ඔයාලට කියවන්න දෙන ස්ටයිල් එකෙන් බැහැර වෙලා ලියන එකක්. ඉතිං කොයි කොටස කවදා දායිද කියලා කියන්ඩ බෑ ඔන්න. තාම ලිව්වේ ඔය ඔයාලට කියවන්න දීලා තියෙන හැඳින්වීම විතරයි. :|

      Delete
  4. වෙරි ගුඩ් වෙරි ගුඩ්...මමත් කැමතිම ෆිල්ම් එකක්...ග්‍රෙගරි පෙක්ව මම ඉස්සෙල්ලම දැක්කෙ 1978 විතර පෙන්නපු "The Omen" ෆිල්ම් එකේදි. ඒක ඇවිල්ලා හිටං ඉතාම භයංකර අද්භූත කතාවක්....

    ReplyDelete
    Replies
    1. භයංකර අද්භූත කතාවක්නං ඉතිං මං ඕක බලන්නෙ නෑ. මං උන්දැව මුළිංම දැක්කෙ 'To Kill a Mocking Bird' ෆිල්ම් එකේ අප්පොච්චි හැටියට. මේ නළු-නිළියො දෙන්නගෙම මුහුණෙන් ඉදිරිපත් කරන භාව ප්‍රකාශන (expressions) හරිම ලස්සනයි.

      Delete