![]() |
| Image Source: http://www.steuartholidays.com/destinations-in-sri-lanka/anuradhapura-sri-lanka/ |
නන් සුරන් බැතියෙන් පිදූ සරු පින් බිමක් විය මිහිතලේ
රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ
දෙස් විදෙස් පතාලවු කිත් යසසින් ලෙවන් පසුබා සැදී
මී මුතුන් සුවහස් දනන් විය මව් බිමේ නාමෙන් බැඳී
සීහලේ සුවඳින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී
උන් මළත් අපගේ විකුම් විමසා සදා නොනිඳා ඉඳී
දැන් නැතත් ඒ ශ්‍රී විභූතිය ඒ ලෙසින් සදනා යුගේ
උන් ගැයූ අභිමාන ගී ස්වරයෙන් සැළේ හදවත් අපේ
මින් මතුත් මේ මව් කුසේ උණුසුම් පැතූ දරුවන් ලෙසේ
පින් පුරව් සිහළුනි සදා ඉපදී මියෙන්නට සිංහලේ
ගායනය: බණ්ඩාර ආතාවුද
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
සංගිතය: රෝහණ වීරසිංහ
රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ
දෙස් විදෙස් පතාලවු කිත් යසසින් ලෙවන් පසුබා සැදී
මී මුතුන් සුවහස් දනන් විය මව් බිමේ නාමෙන් බැඳී
සීහලේ සුවඳින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී
උන් මළත් අපගේ විකුම් විමසා සදා නොනිඳා ඉඳී
දැන් නැතත් ඒ ශ්‍රී විභූතිය ඒ ලෙසින් සදනා යුගේ
උන් ගැයූ අභිමාන ගී ස්වරයෙන් සැළේ හදවත් අපේ
මින් මතුත් මේ මව් කුසේ උණුසුම් පැතූ දරුවන් ලෙසේ
පින් පුරව් සිහළුනි සදා ඉපදී මියෙන්නට සිංහලේ
ගායනය: බණ්ඩාර ආතාවුද
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
සංගිතය: රෝහණ වීරසිංහ

Den nethath e Sri vibuthiya... adenawa thani eheta.. :'(
ReplyDeleteඇඬෙනවනං තමයි. ඒ ඇඬෙන එක නවත්තගන්න විදිහක් නැද්ද අපිට?
Deleteකැමතිම හඬක් තියන ශිල්පියකු ගේ කැමතිම ගීතයක් :)
ReplyDeleteඔව් කසුන්, මමත් ගොඩක් කැමති ගීතයක්. කනට ඇහිච්ච පළවෙනි දවසේ ඉඳලා මම මේ ගීතයට ආදරේ කළා. පද රචනය කුමාරදාස සපුතන්ත්‍රී ශූරීන්ගේ බව දැනගත්තාම තවත් සතුටු හිතුණා. මගේ ප්‍රියතම ගීත අතුරින් බොහොමයක් රචනා වෙලා තියෙන්නේ එතුමන් අතින්. :)
Deleteබණ්ඩාර අතාවුදගෙ ඔයිට වඩා හොඳ ගීත තව තියනවනෙ...:)
ReplyDeleteආශාවේ මල් වැටෙව් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කලූ ඔබ මගේ කලූ
නයන කලූ ඔබ මගේ කලූ
රෑ නිල් අහසේ නිදන සඳවතී
අඳින සළු මිදුලෙ එලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කලූ මට කියනු කලූ
පායන සඳ සේ රුසිරු හසරැලී
දෙතොල වෙලූ නයන කලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කලූ මට කියනු කලූ
ගී පද මාලාව : ඩෝල්ටන් අල්විස්
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද
අල්ලපු ගෙදර කළු පූසි දිහා බලාගෙන අපේ ඉඟුරු පාං මල්ලි ඤාව්වා ඕක කියනවා මට ඇහිලා තියෙනවා.
DeleteA nice rejoinder!!! ...Heh..heh.
DeleteWhy? Should I give you a not-nice one? :)
DeleteNo of course not… :)
DeleteBTW your comment gave me an idea for a blog post…well it goes like this. The lion in Dehiwala Zoo is not well. So the Vet with his assistants goes to it's cage and takes a blood sample.
While coming back to the lab with the lion blood sample they dance like a Hindi film singing this song … ..heh,heh
Huh? Didn't get it. :(
Delete1. My which comment gave you the idea?
2. Which lion in Dehiwala Zoo is going to be in your story?
3. How did the vet at his assistants got the lion's blood sample without getting harmed? Was the lion injected with sleeping drugs beforehand? Or was the lion restrained with ropes and chains? Was the lion bridled? Or was he just tamed to be an innocent and obedient lion?
4. Why were they dancing?
5. Which song, my one or your one?
පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ මයි වන් හෙවත් සිත්තමි ගේ වන්.. ඒකෙනේ තියෙන්නේ.. සිංහ ලේ.. කියලා.. (හයියෝ මේ උන්දලට කවද මේවා තේරෙයිද මංදා.. හැක හැක හැක..)
Deleteවැරදියිනේ අයියා. ඒ සින්දුවේ 'සිංහ ලේ' කියලා නෙවෙයි තියෙන්නේ 'සිංහලේ' කියලා. (no space in-between) සිංහයෙකුගෙ ලේ ගැන නෙවෙයි සිංහලේ කියලා හඳුන්වපු රටක් ගැනනේ. සිංහල දේශය, හෙළ බිම කියලා එහෙමත් ඒ රටට කියලා තියනවනේ. තව සින්දු ගොඩක් තියෙන්නේ අහලා නැද්ද - සෙංකඩගලපුර දළදා බුදු රැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ - සිංහලයන් හට සිංහල දේශෙට සරණයි දළදා සමිඳුන්නේ කියලා. :)
Deleteඅපිත් එහෙම තමයි හිතං හිටියේ හිටං.. ඒත් මේ දැන් දැන් කට්ටිය කියන කතා ඇහුවම...............
Deleteදැං කට්ටිය මොනවා කිව්වත්, ඒ කියන ඒවට විරුද්ධව කතා කරන අය මොනවා කිව්වත් ඉතිහාසය වෙනස් වෙන්නෙ නෑනේ. හැබැයි ඉතිං මේ යන විදිහට ඒකත් බලෙන්ම වෙනස් කරන්න බැරි නෑ. :)
Deleteඉතිහාසය වෙනස් කරන්න ඕන නෑ එකඟයි..ඒ වගේම ඒ ඉතිහාසය ආය කරතියාගෙන යන්න ඕනත් නෑ.
Deleteඉතිහාසයට කරදර කරන්න එපා…Please Leave history alone……:)
ඉතිහාසය යනු අධ්‍යනය කලයුතු විෂයයක් මිස යලි පණ දිය හැකි ජීවන විලාසිතාවක් නොවේ.
අයියා මේ කියන්නේ ඉතිහාසය අමතක කරලා දැම්මට කමක් නෑ වගේ දෙයක් නෙවෙයි කියලා මං හිතනවා. මොකද ඒක අපි අමතක කරලා දැම්මොත් තව කට්ටිය බලාගෙන ඉන්නවා ඒක ඒගොල්ලන්ට ඕන හැටියට ලියාගන්න. :)
Deleteකොහෙත්ම නෑ..ඉතිහාසය අමතක කරල දාන්න කියල හෝ අපේ ඉතිහාසය ඉගෙන ගන්න, හදාරන්න ඕන නෑ කියල මම කිසිසේත්ම කියන්නෙ නෑ. ඇත්තම කියනවනම් පුරාවිද්‍යාවට සහ ඉතිහාසයට සම්බන්ධ ආයතනයක මගේ මුල්ම රැකියාව කිරීමට ලැබීම මගෙ ලොකුම වාසනාවක්. ඒ කාලෙ මම ඉගෙන ගත්තු දේ පස්සෙ කාලෙ මට ජීවිතේ බොහොම ප්‍රයෝජනවත් වුනා.
Deleteමම කියන්නෙ අපේ ඉතිහාසය කාගෙවත් බලෙං ඇඟේ ගහන්න යන එක වැරදියි කියලයි. අනික ඒ අපේ ප්‍රෞඩ ඉතිහාසය ගැන අපි ආඩම්බර වෙන්න ඕන අනික් අයට කරදරයක් නොවෙන්න.
අන්‍යාගමික ව්‍යාප්තිවාදයක් තියනව. එහෙම නෑ කියනවනම් ඒක අර පැස්බරා වැල්ලෙ ඔලුව හංගගත්ත වගෙ වැඩක්. ඒත් ඒකට මුහුණ දෙන්න ඕන මේ විදිහට නෙවෙයි. තාප්ප ගානෙ සිංහලේ කියල ලිව්වට කිසිම වැඩක් වෙන්නෙ නෑ.
/*ඒත් ඒකට මුහුණ දෙන්න ඕන මේ විදිහට නෙවෙයි. තාප්ප ගානෙ සිංහලේ කියල ලිව්වට කිසිම වැඩක් වෙන්නෙ නෑ.*/
Deleteඒකෙයි මේකෙයි සම්බන්දෙ මොකද්ද? :O
දැන් ඔබතුමිය ඕල් ඔෆ් සඩ්න් මොකද මේ සිංහලේ ගැන කියන සින්දු එහෙම දාල පිටපොට ගහන්නෙ? වෙන මොකවත් නෙවෙයි සිංහලේ කියන නමට මුවාවෙලා මහින්ද ගොයියා ආපහු එන්ඩ හදන උත්සාහයට සහයෝගයක් විදිහට නෙවෙයිද?.....:)
Deleteඅන්න ඒ හින්දයි මම කිව්වෙ මේ වෙලාවෙ ඔහොම කරන එක වැරදියි කියල.....අන්ඩස්ටෑන්ඩ්?
ආන්න බලන්න අයියණ්ඩි වැඩේ කොච්චර දරුණු වෙලාද කියලා. මම ඒ ගීතය මේකේ පළ කළේ ඒක මම ආදරේ කරන ජාතිකාභිමානී ගීතයක් නිසා, කළින් දවසේ තිබ්බ නිදහස් දිනය වෙනුවෙන්. අයියා ඔය කියන කාරණාව කොහෙත්ම මේකට අදාළ නෑ. දන්නවද, ඒ වචන දකින කොට ඒකට විරුද්ධවම කතා කරන්න හිතෙන එක, ඒ වචන කරේ තියාගෙන යනවා වගේම වැඩක් තමයි. :P
DeleteOK then...Extremely sorry for the misunderstanding...Mea Culpa..:)
DeleteMy Sincere Apologies!
This comment has been removed by the author.
ReplyDeleteමේ මොකෝ මේක මකලා?
Deleteඅන්තර්ජාල සබඳතාවේ දෝෂයක් නිසා සිදුවූ බව කරුණාවෙන් සලකන්න :D
Deleteහාකො. මගෙ ලියුං පෙට්ටියෙ තියෙනවා ඒක හැබැයි. :D
Deleteඅදයි මේ පැත්තට ආවේ. සිංදුව ලස්සනයි.
ReplyDeleteමේ පැත්තට ආවට බොහොම ස්තූතියි. ආයෙත් එන්න. සින්දුව හුඟක් ලස්සනයි, මමත් කැමතිම සින්දුවක්. :)
Delete