206. සක්විති කිත් රැස යුත් සිරි ලංකා - වික්මැති පුත් පෙළ ලත් සිරි ලංකා...



සක්විති කිත් රැස යුත් සිරි ළංකා
වික්මැති පුත් පෙළ ලත් සිරි ළංකා
සෙත් සිරි ළංකා - සෙත් සිරි ළංකා
සසිරි අසිරි සිරිනී සිරි ළංකා

මහ සම්මත මනු ලෝ මුල් නිරිඳුන්
රං පරපුර දඹදිවට ද හෙළි දුන්
තෙදණින් කිරණින් පැරැයූ දිනිඳුන්

සසිරි අසිරි සිරිනී සිරි ළංකා
අමල කොමළ ලලනී සිරි ළංකා
මිහිරි රුසිරි කුමරී සිරි ළංකා
                  
රන් ගොයමින පැහැ ගෙනැ බබලන්නී
ගංගා ඇළ දොළ සේල අඳින්නී
සදහම් මිණි කැන් බෙදමින් යන්නී

කඳු බඳු දාගැබ් වළා සිඹින්නී
මූදට නෑ කම් වැවු හඟවන්නේ
මිහිපිට දෙව් ලොව මැනුණා වැන්නේ

අසුර රකුස් යක් නා සිව් හෙළයන් 
එක්සත් වී සුපහළ සිංහළයන්
පෙරැ කළ පින් පල පළ කළ බිම හෙළ

අමළ කොමළ ලලනී සිරි ලංකා
මිහිරි රුසිරි කුමරී සිරි ලංකා  
සසිරි අසිරි සිරිනී සිරි ලංකා.......

~~~~~

පද රචනය: අරිසෙන් අහුබුදු ශූරීන්
තනු නිර්මාණය හා ගායනය: පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන්

4 comments:

  1. නිදහස් දිනේ සමරනවැයි? :)

    ReplyDelete
    Replies
    1. :) ඔයාලා අපේ රට ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කරලා දුන්න දිනය මතක් කරගත්තා අයියේ.

      Delete
  2. ඔයාගෙ උපුටාගැනීම අපූරුයි අක්කෙ...

    ReplyDelete
    Replies
    1. ලස්සන පද වැල් නේද නංගි? මේ වගේ ලස්සනට පද ගලපන්න ලේසිපාසු කෙනෙකුට බෑ.

      Delete