207. ශ්‍රී සුභ මංගලම්...

හදවතක හැඩය මතු වන සේ හිඳින හංස යුවළකි. රූපය අන්තර්ජාලයෙනි.


රන් හිරු රැස් දැක හිනැහෙන මල් ලෙද 
දෙහදක් සිනාසුණා
මල්මුවරද දැක රඟන බිඟුන් ලෙද 
දෙසිතක් කතා කළා
සුබ මංගල ආසිරි මල් වැසි මැද 
අතිනත ගෙනැ බැඳුනා
සිනහව සෙනෙහස සැමදා සපිරුණ
සුබ ගමනක් වේවා!


වියුණු ලොව තුළදී මා හට හමු වුණ අපූර්වතම සොයුරියකගේත්, සොයුරෙකුගේත් ආදර කතාවේ ලස්සනම පරිච්ඡේදය ලියවෙනා මොහොතකදී ඒ ගැන මගේ හිතට දැනෙන දේ ලියන්න මං දන්න වචන මදි. ආදරණීය නිර්මාණි නංගී, කසුන් මල්ලී... ලෝක පුදුම ගැන අපි හැමෝම ඉස්කෝලේ යන කාලේ ඉඳන් ඉගෙනගන්නවා. ඒ අතර, මම දැකපු ජීවමාන ආශ්චර්යයන් බොහොම අල්පයි. ඒ අතරින් ඉදිරියෙන්ම ඉන්න දෙන්නෙක් ඔය දෙන්නා. ඔයාලාගේ යාළුවෙක් වෙන්න ලැබුණ එක ගැන මට හරිම සතුටුයි, ඒ වගේම හරිම ආඩම්බරයි. මේ ලස්සන මොහොතේදී ඔයාලාගේ ඒ සතුට බෙදාගන්න එන්න බැරි වෙන එක ගැන මට ආයෙ ආයෙමත් සමාවෙන්න. ඈතින් හිටියත්, මගේ හෘදයාංගම සුබ පැතුම් හැමදාමත් ඔයාලා දෙන්නා එක්කමයි. ඔයාලා දෙන්නාගේ ලස්සන හදවත් තව තවත් ආදරෙන්, සිනහවෙන් පිරෙන්න කියලාත්, හැම දේම හොඳින් ඉටු වන සාර්ථක යුග දිවියකටත් මගේ මුළු හදවතින්ම සුබ පැතුම් එක් කරනවා. ගොඩාක් ආදරෙයි.



2 comments:

  1. //ඔයාලා දෙන්නාගේ ලස්සන හදවත් තව තවත් ආදරෙන්, සිනහවෙන් පිරෙන්න කියලාත්, හැම දේම හොඳින් ඉටු වන සාර්ථක යුග දිවියකටත් මගේ මුළු හදවතින්ම සුබ පැතුම් එක් කරනවා.// ++++++++++

    ReplyDelete
  2. අලුත් ජෝඩුවගේ පින්තුර මුහුණු පොතෙන් දැක්කා.හරිම ආදරණීයයි,ලස්සනයි.දෙන්නටම සුබ මංගලම්...!

    ReplyDelete