0 - අවුරුදු ගාණකට එපිට - අද වාගේ එක දවසක
5 - ඉස්කෝලේ මුල්ම දවස - මතකයි තාමත් හොඳටම
10 - සිස්සත්තෙන් පාස් වුනා - ඉස්කෝලෙත් මාරු වුනා
11 - කළු සුදු කොටු කොටු අතරේ - යුද හරඹෙකි ඇරඹුනේ
15 - පෑනට අත හුරු වුනා - අකුරෙන් සිත්තම් ගෙතුවා
16 - ඒ දහයයි - හරි සතුටුයි
19 - යාන්තමින් ගොඩ ගියා - මදෑ ඔයින් බේරුණා
19 - කොම්පියුටර් පන්තියේ - පෙර මග තරු දිලිසුණේ
20 - පළවෙනියට රස්සාවට - පිටත් වුනා සුබ මොහොතින
21 - හඳුන් පොත ගැහෙන නද - වෙනස් විය නොසිතු ලෙස
24 - සුළැඟිලි එකිනෙක බැඳුනා - රන් මුදු අත පැළැඳවුනා
28 - කිරි සුවඳින් හද පිරුණා - රන් පුතු දෝතට ආවා
29 - පළමු රන් අස්වැන්න - මතකයේ රැඳි පිය සටහන
19 - කොම්පියුටර් පන්තියේ - පෙර මග තරු දිලිසුණේ
20 - පළවෙනියට රස්සාවට - පිටත් වුනා සුබ මොහොතින
21 - හඳුන් පොත ගැහෙන නද - වෙනස් විය නොසිතු ලෙස
24 - සුළැඟිලි එකිනෙක බැඳුනා - රන් මුදු අත පැළැඳවුනා
28 - කිරි සුවඳින් හද පිරුණා - රන් පුතු දෝතට ආවා
29 - පළමු රන් අස්වැන්න - මතකයේ රැඳි පිය සටහන
ප/ලි: දැන් මේ සිත්තමීගේ පිංතූර කතාව කියවලා යමක් කමක් ඉගෙනගත්තු ළමයි ඉන්නවනං, සිත්තමීගේ හැබෑ නම වගේ දේවල්, ආයෙ ඉතිං නොදන්නවා වගේම ඉන්න එකයි ඇත්තෙ. සිත්තමී බ්ලොග් ලෝකෙදි ඉන්න කැමති සිත්තමී විදිහටමයි. වයස ගැනනං කිසි අවුලක් නෑ. සිත්තමීගේ අදට වයස හරියටම අවුරුදු තිහයි. මෙච්චර කල් අයියා අක්කා නංගී මල්ලී ආමන්ත්‍රණ වැරදියට යෙදුනානං එහෙම ඕං දැන් නිවැරදි කරගන්න පුළුවං. :D













අගෙයි පින්තූර කතාව. මම හිතුවෙ දින තිහටම එක එක මතක අමුණලා ඇති කියලා.
ReplyDeleteසුබ උපන් දිනයක් සිත්තමී!..
දින තිහයි නෙවෙයි බොලේ මගෙ වයස අවුරුදු තිහයි! :D ස්තූතියි සුබ පැතුමට සඳ වියමන්.
Deleteසුභ උපන් දිනයක් වේවා!
ReplyDeleteහෆෝ.. තිහත් වයසක්ද මෙයා? හතලිහ තමයි ජොලි වයස.. ;)
ස්තූතියි කල්‍යාණේ. ඔව් නේ, හතළිහ ගැන හැමෝම එහෙම කියනවා 'නෝටි ෆෝටි' කියලා. :D
Deleteමට මේක කියවද්දි මතක් වුනේ අර අපි පොඩි කාලෙ කියෝපු 'පින්තූර කතා' පොත.. පින්තූරෙයි-කවි පදයයි..
ReplyDeleteහැපී බර්ත්ඩේ එකක් වේවා! කේක් කන්ට හැන්දෑකරේ ඒ පැත්තෙ එඤ්ඤංකො..
පලි: මෙච්චර කල් මට බුරා අයියා බුරා අයියා කිවුවට මේකි මගෙ නැන්දගෙ වයසෙනෙ.. :-P
යස්, පින්තූර කතා මතක් කරගෙන තමයි මමත් මේක ලිව්වේ. මාතෘකාවට වරහන් ඇතුළේ (පින්තූර කතාවක්) කියලා දාන්නත් ගිහින් ආයෙම නිකන් හිටියා බලන්න එන අයට කොහොමත් ඒ බව තේරෙනවනේ කියලා. මං මීට කළිනුත් ලිව්වා පින්තූර කතාවක්, හැබැයි කවි පද එක්ක නෙවෙයි කතන්දරයක් විදිහටම. අපේ ඤාව් බොස්ගෙ කතාව.
Deleteස්තූතියි සුබ පැතුමට බූරා පුතේ. (මං මේ 'රා' යන්න වෙනුවට 'රු' යන්න නොලියා හිටියේ බොහොම අමාරුවෙන්, දන්නවද?) :P
මටත් ඉන්නවා හැබෑටම දුරින් නෑදෑ වෙන පුතාලා මට වඩා වයසින් වැඩි. :D
සුබ උපන්දිනයක් වේවා සිත්තමී අක්කේ.
ReplyDeleteපින්තූර කතාවත් නියමයි.
කේක් එහෙම දෙනවැයි?
ඒවත් බ්ලොග් එකෙන්ම එවන්ඩෝ...
මෙන්න කේක් තියෙනවා, කට්ටියත් එක්ක රණ්ඩු නොවී බෙදාගෙන කන්නකෝ එහෙනං. :)
Deletehttp://birthdaysi.com/wp-content/uploads/2015/06/happy-birthday-cake-clip-art-HedA.jpg
සුබ පැතුමට ගොඩාක් ස්තූතියි කසුන් මල්ලි. :)
ෂෙහ්..මේක නම් මල් හතයි බොලේ…..මල් හතයි, පහන් දාහතරයි, …...මෙහෙම ජොලි උපන් දින සැමරුම් කතන්දරයක් මම ජීවිතේට කියවල නෑ.
ReplyDeleteConsidering how long I have lived under this sun & moon, it's not something to be treated lightly. you get what I mean Madam, don't you ?
නුහුගුණයෙන් පිරි සොඳිනා,
තිස් වසරට පිය තබනා,
ලොව දන තුඩ තුඩ රැඳෙනා,
සිත්තමී යයි පසිඳු වුනා,
Happy Birth Day Dear Madam, Happy Birth Day!!!
තැන්ක් යූ වෙරි වෙරි මච් බිග් බ්‍රදර්. :)
Deleteඅයියා මෙහෙම පෝස්ට් එකක් දානවං එහෙම දැන්ම ඉඳං පින්තූර එකතු කළොත් හැට වෙනි උපන්දිනේට වගේ එකක් දාගන්න පුළුවන් වෙයි. ඇයි එසේ මෙසේ සිදුවීම් කන්දරාවක්යැ තියෙන්නේ? :D
ජීවිතයේ පියසටහන් අපූරුවට ඉදිරිපත් කරලා තියෙන්නේ.
ReplyDeleteසුභ උපන්දිනයකට ආසිරි!
ගොඩාක් ස්තූතියි හෙන්රි අයියා. :)
Deleteමේක ෆලෝ කරන්ට තැනක් නැහැ නොව අක්කණ්ඩි
ReplyDeleteඅනේ නගෝ මට ඒ ගැජට් එක හොයාගන්න බෑනේ. :(
Deleteසිත්තමී අක්කේ,ඔන්න මනෝ මල්ලිත් පරක්කු වෙලා හරි සුබ පතන්න ආවෝ.ඔය ඉතුරු වෙච්චි කේක් කෑල්ලක් හරි තියේනම් අපිටත් දෙන්ටකෝ.:(
ReplyDeleteස්තූතියි මනෝ මල්ලී. ආයෙ ඉතුරු වෙච්ච කේක් මොකෝ, අළුතෙන් හදලම දෙන්නංකෝ. :)
Delete(මං දන්න කේක් හැදිල්ල, කඩෙන් ගෙනැල්ලා තමයි දෙන්නේ :D)
සිත්තමී අක්කේ,
ReplyDeleteමේක කියවලා හැකිනම් ප්‍රතිචාර දක්වන්න
හයියෝ, මට පාර මග ඇරිලානේ තිබ්බේ. ඔයාගෙ ලිපි ගොඩාක් මගඇරිලා. ඔන්න ආයෙ එහෙම වෙන්නෙ නෑ, මම ඊමේල් සබ්ස්ක්‍රිප්ෂන් එක දාගත්තා. ගොඩාක් ස්තූතියි මල්ලි මේ ලින්ක් එක දුන්නටත්, ඒ සමාජ මෙහෙවරට දායක වෙන්න අපිටත් අවස්ථාවක් උදා කරලා දුන්නාටත්.
Delete