99. සිත්තමීගේ ප්‍රථම ප්‍රේමය...

බ්‍රහස්පතින්දා. සතියේ බ්‍රහස්පතින්දා දවස උදා වෙනකල් තමයි සිත්තමී පුල පුලා බලං ඉන්නේ. ඇත්තම කියනවනං බ්‍රහස්පතින්දා රෑ 9.30 උදා වෙනකල්. ඒ මොකද කියනවනං, සිත්තමීගේ වීරයා රූපවාහිනී තිරය හරහා ඉගිල්ලෙන වෙලාව ඒක නිසා. මේ ඇවිල්ලා 1999. සිත්තමී ළමා කතන්දර වල ඉඳන් යොවුන් කතන්දර වලට, ප්‍රේම කතන්දර වලට මාරු වෙලා වැඩි කාලයක් නෑ. අර කුච් කුච් හෝතා හේ තදටම දැනෙන කාලේ. ඒ කාලේ ඔය කියපු වෙලාවට, ඒ කියන්නේ බ්‍රහස්පතින්දා රෑ 9.30ට රූපවාහිනී තිරය හරහා සිරස නාලිකාව ඔස්සේ පියාඹලා ගියේ... සුපර් මෑන්. Lois & Clark: The New Adventures of Super Man...



ඒ කාලේ සිත්තමී ලොයිස් ලේන්ට ඉරිසියා කරපු තරමක්!!!

ඇයි සිත්තමීගෙ යාළුවෝ! ඉස්කෝලේ ගියාම ඕක ඇරෙන්න ඒ දවස් වල සිත්තමීටයි යාළුවන්ටයි කියවන්න වෙන මාතෘකාවක් ඇත්තෙම නෑ. වෙන එකක් තියා සිත්තමී ඔය කතාන්දරේ පින්තූර එකතු කරලා අලවලා පොතකුත් හැදුවා. සුපර් මෑන්ගේ ලාංඡනේ ඇඳලා පාට කරලා මේසේ උඩ පොත් ගොඩට යටින් පරිස්සමෙන් අරන් තියාගෙන හිටියා. ඒකට ලස්සන දිලිසෙන ඉෆෙක්ට් එකක් දෙන්න කැරම් බෝඩ් එකට දාන පවුඩර් අරගෙන ඒකෙ ඇතිල්ලුවා. එදා ඉඳන් සිත්තමීගෙ ගෙදර කැරම් බෝඩ් එක එළියට ගත්තු ගමන් එතන සිත්තමීට සුපර් මෑන්ව මැවිලා පේනවා.

ඒ ඇවිල්ලා සිත්තමීගේ හිරිමල් යොවුන් වියේදී සිත්තමීට තදටම, උණ සන්නිපාතෙ හැදෙන තරමටම දැනිච්ච ලව් එක. හැබැයි ඒ සිත්තමීගේ ප්‍රථම ප්‍රේමය කිව්වොත් ඒක වැරදියි. සිත්තමීගේ ප්‍රථම ප්‍රේමය සිත්තමී තුන වසරේ හිටපු කාලෙට තරං ඈතකට දිව යනවා. 

සිත්තමී තුන වසරේ ඉන්න කාලෙදි සිත්තමීගෙ තාත්තා සිත්තමීට අත් අකුරු ලියන්න දීලා තිබුනා දවසට පේළි පහ ගානේ. ඕක ඉතිං මහ කම්මැලි හිතෙන වැඩක්නේ. 

සිත්තමීගෙ වැඩේ ඉතිං ඕක ලියන්න එක එක අල්ලස් ඉල්ලනවා. ඉල්ලන හැම එකම ලැබෙන්නෙ නෑ තමයි. ඒත් ඔය අල්ලස් ඉල්ලන්න හිතේ තියාගෙන ඉන්න වෙලාවක සිත්තමී දැක්කා අලි ඉන්න ෆිල්ම් එකක ඇඩ් එකක්. තාත්තත් එතන හිටියා. සිත්තමී ගත් කටටම කියපි අකුරු ලියන්නනං ඒක බලන්න ඕනේ කියලා. ඒ දවස් වල අයි. ටී. එන්. එකේ බදාදා රෑ 9.30ට ගියා හින්දි චිත්‍රපට. තාත්තත් පරණ හිදි චිත්‍රපට වලට ගොඩක් කැමතියි. සිත්තමියි සිත්තමීගේ නගායි පරණ හින්දි සින්දු වලට ආදරේ කරන්න ගත්තේ තාත්තා නිසා. ඉතින් කොහොමහරි සිත්තමීට ජීවිතේ පළවෙනි හින්දි චිත්‍රපටය ඒ විදිහට නරඹන්න අවස්ථාව උදා වුනා.



හාති මෙරේ සාති.

ඒ චිත්‍රපටයේ අලි එක්ක සෙල්ලම් කරපු ඒ ලස්සන නළුවා තමයි සිත්තමීගෙ ප්‍රථම ප්‍රේමය.



රාජේශ් ඛන්නා

එදා මෙදා තුර හින්දි සිනමාවේ සිත්තමීගේ ප්‍රියතම හින්දි නළු ලයිස්තුවෙ මෙයා තමයි උඩින්ම ඉන්නේ. සිත්තමීගේ පණ තියෙනකල් ඊට වඩා උඩට ඒ ලැයිස්තුවේ වෙන කෙනෙක් එන එකක් නෑ. මෙයාට වඩා රඟපෑම අතින් ගොඩක් දක්ෂ අය හිටියා, ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් මේ මූණ, ඇස් දෙක. 



ඒවා පරද්දන්න ඒ කාටවත් බෑ. බලන්න, වයසට ගියත් ඒ ඇස් දෙක එහෙමමයි.



1966දී Aakhri Khat චිත්‍රපටයෙන් සිනමාවට පිවිස චිත්‍රපට 180ක පමණ රඟපෑ එතුමන් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී තෙවතාවක්ම හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත් අතර දහ හතර වතාවක්ම ඒ සඳහා වූ නිර්දේශිත නාම අතරට ඇතුළත් විය. වසර 25ක් තුළදී තම සමකාලීනයන් අතුරින් වැඩිම වාර ගණනක් ප්‍රධාන චරිතය රඟපෑ නළුවා එතුමන් වූ අතර 1991දී ෆිල්ම්ෆෙයාර් විශේෂ සම්මානයටද පාත්‍ර විය. 2005 වසරේදී 'Filmfare Lifetime Achievement' සම්මානයද එතුමන්ට හිමි විය. සැමගේම ආදරය දිනාගත් නළුවෙකු ලෙස පමණක් නොව නිශ්පාදකයෙකු හා පසුබිම් ගායකයෙකු ලෙසද එතුමන් භාරත සිනමාව පෝෂණය කරන්නට දායක විය. (තොරතුරු මූලාශ්‍රය: Wikipedia - Rajesh Khanna)


Aakhri Khat - 1966
Aradhana - 1969
Kati Patang - 1971
Anand - 1971
Amar Prem - 1972
Apna Desh - 1972
Riyasat - His last film - Released on 18th July 2014 on his 2nd death anniversary

අද ජූලි 18. 2012 ජූලි 18 වෙනිදා තමයි මෙතුමා අප අතරින් වියෝ වුනේ. වයස අවුරුදු 69දී.





මේ සටහන එතුමන්ට උපහාරයක්ම වේවා.








භාරත රිදී තිරයේ සිහින කුමරාණෙනි... ඔබ සදා අමරණීයයි...

ප. ලි.: සිත්තමීගේ ප්‍රියතම හින්දි නළු ලැයිස්තුවේ රාජේෂ් ඛන්නා තවමත් ඉහළින් වැජඹුනාට, ඊටත් වඩා ලස්සන ඇස් දෙකක් තියෙන කෙනෙක් තමයි සිත්තමීගේ සිත්තරා. එයාව ගෑණු ළමයින්ගෙන් බේරගන්න තිබ්බ අමාරුව දන්නේ සිත්තමී විතරයි. සිත්තමී සිත්තරාව අඳුනන්නේ නැති කාලෙදි ගත්තු, සිත්තරාගේ කැම්පස් අයි ඩී එකේ තියෙන ෆොටෝ එකේ තමයි තමයි සිත්තමී මේ ලෝකේ දැක්ක ලස්සනම පිරිමියා ඉන්නේ.

සිත්තමී මේ සටහන ලියන්න පින්තූර හොයන අතරේ සිත්තරාටත් පෙන්නුවා ඒ පින්තූර. එයා දන්නවා සිත්තමීට තියෙන ඔල්මොරොන්දං ගැන හොඳට.

සිත්තමී: මේ 18 වෙනිදට එයා නැති වෙලා අවුරුදු තුනයි. ඒකට මං පෝස්ට් එකක් දාන්න මේ ලෑස්ති වෙන්නේ.

සිත්තරා: න්නෑ..හ්???!!! මං හිතුවේ දානයක්වත් දෙන්න ලෑස්ති වෙනවා ඇති කියලා!





8 comments:

  1. ඒයි අඩේ එහෙම ඔට්ටු නෑ හරිද? රාජේෂ් ඛන්නා ඇවිල්ල අපේ පරපුරේ නළුවො. උඹ කාගෙන් අහලද රාජේෂ්ට ප්‍රේමකලේ? බොලාගෙ කාලෙ ඔය ඉන්නෙ කාන්ලා රොත්තක්...ෂාරුක්, අමීර්, සල්මන් ..ඒ එකෙකුට ප්‍රේම කරන්ට බැරි වුනාද බොට?....:)

    ආරාධනා මම බැලුවෙ 1972 විතර කෑගල්ලෙ. මම බොහොම හිච්චි එකා. ඒත් මට මතකයි ගෙදර ඇවිල්ල මෙරෙ සපුනොකි රනි කටු අයි කියූ....කිය කිය මාස දෙක තුනක් තිස්සෙ කෑගැහුව. කටු ඇනිල ආයි කියවුනා කියලයි මම ඒ කාලෙ හිතාගෙන හිටියෙ.

    Mere sapnon ki rani kab aayegi tu.
    Aayi rut mastaani kab aayegi tu
    Beeti jaaye zindagaani kab aayegi tu
    Chali aa, tu chali aa

    Mere sapnon ki rani kab aayegi tu
    Aayi rut mastaani kab aayegi tu
    Beeti jaaye zindagaani kab aayegi tu
    Chali aa, haan tu chali aa

    Pyaar ki galiyaan, baagon ki kaliyaan 
    Sab rang raliyaan poochh rahi hain
    Pyaar ki galiyaan, baagon ki kaliyaan 
    Sab rang raliyaan poochh rahi hain
    Geet panghat pe kis din gaayegi tu 

    Mere sapnon ki rani kab aayegi tu 
    Aayi rut mastaani kab aayegi tu 
    Beeti jaaye zindagaani kab aayegi tu 
    Chali aa, tu chali aa 

    Phool si khilke, paas aa dil ke 
    Door se milke chain na aaye
    Phool si khilke, paas aa dil ke 
    Door se milke chain na aaye
    Aur kab tak mujhe tadpaayegi tu 

    Mere sapnon ki rani kab aayegi tu 
    Aayi rut mastaani kab aayegi tu 
    Beeti jaaye zindagaani kab aayegi tu 
    Chali aa, tu chali aa 

    Kya hai bharosa aashiq dil ka 
    Aur kisi pe yeh aa jaaye
    Kya hai bharosa aashiq dil ka 
    Aur kisi pe yeh aa jaaye
    Aa gaya to bahut pachtaayegi tu 

    Mere sapnon ki rani kab aayegi tu 
    Aayi rut mastaani kab aayegi tu 
    Beeti jaaye zindagaani kab aayegi tu 
    Chali aa, haan tu chali aa 
    Chali aa, tu chali aa 
    Chali aa, haan tu chali aa 

    Queen of my dreams, when will you come 
    The amorous season has come, when will you come 
    My lifetime will pass, when will you come 
    Come, yes you come 

    The alleys of love, flower buds in gardens
    All the surrounding nature is asking
    On what day will you sing a song on the well?

    Blossoming like a flower, come close to my heart
    Meeting from far, I get no rest
    For how much longer will you torture me?

    What faith can you have upon a romantic heart?
    It will come upon (fall in love with) someone else
    If it does that, you will repent

    Queen of my dreams, when will you come
    The amorous season has come, when will you come
    My lifetime will pass, when will you come
    Come, yes you come
    Come, you come
    Come, yes you come

    / සිත්තමී: මේ 18 වෙනිදට එයා නැති වෙලා අවුරුදු තුනයි. ඒකට මං පෝස්ට් එකක් දාන්න මේ ලෑස්ති වෙන්නේ. /

    / සිත්තරා: න්නෑ..හ්???!!! මං හිතුවේ දානයක්වත් දෙන්න ලෑස්ති වෙනවා ඇති කියලා! /

    " පින්වත්නී, අද අප මේ රස මසවුළින් පිරි සංඝගත දක්ෂිණාවෙන් පසු පිං අනුමෝදන් කරන්නට සූදානම් වන්නේ ..හ්ම්ම්ම්..ඔය සිත්තමී උපාසිකා මහත්මිය පොඩ්ඩක් මෙහාට ආවනම්…"

    ( සිත්තමී උපාසිකාව ගෞරව පෙරදැරිව හාමුදුරුවන් වෙත පැමිණේ. ) " හාමුදුරුවනේ.... "

    " දැන් කාට පින් පමුණුවන්ටද මේ දාන කටයුත්ත පිළියෙල කලේ? "

    " මේ ..මේ..මේ... රාජේෂ් ඛන්නාට අපෙ හාමුදුරුවනේ.."

    " හා එහෙමද? නුපුරුදු නමක්...."

    " එහෙමයි අපෙ හාමුදුරුවනේ එයා ලංකාවෙ නෙවෙයි ඉන්දියාවෙ.."

    " ඒකත් එහෙමද? එතකොට මේ නෝනා මහත්මියට තියෙන ඥාතී සම්බන්ධකම මොකක්ද කියල කිව්වොත්? "

    " හාමුදුරුවනේ ඒ මගේ සිහින කුමරා….."

    " හැබෑටම?....... හා හරි හරි....එහෙනම් පින්වත්නි..මේ සිත්තමී උපාසිකා මහත්මියගේ සිහින කුමරා වන රාජේෂ් ඛන්නා මහතාට පිං පිණිස ඒ මහත්මිය විසින් ඉතාමත් සැලකිල්ලෙන් පිළියෙල කොට සඟ සතුකොට පූජා කරන ලදමේ දාන වස්තුව පිදීමෙන් උපයා ගන්නා ලද වූ පුණ්‍ය සම්භාරය මිය පරලොව ගිය රාජේෂ් ඛන්නා මහතාට අනුමෝදන් වීමෙන්...."

    ReplyDelete
    Replies
    1. ඒ ඛාන්ලා එක්කෙනෙක්වත් මේ ඛන්නා තරං හොඳ නෑ අනේ. :) ඒ ඛාන්ලා තුන් දෙනාගෙන් මගේ ලැයිස්තුවේ උඩ හරියේ ඉන්නවා අමීර් සහ ෂාරුක්. සල්මන්නං පළාතකවත් නෑ. ඒ ලිස්ට් එකේ තව ඛන්නා කෙනෙකුත් ඉන්නවා, අක්ෂේ ඛන්නා. රාජේෂ්ගේ බෑනා අක්ෂේ කුමාරුත් ඉන්නවා. තව ඉන්නවා ජෝන් එබ්‍රහම් ඇන්ඩ් රිතික් රෝෂන්. තව ඉන්නවා අමිතාබ්. අමිතාබ්, ෂාරුක්, රිතික් තුන් දෙනාම ඉන්න Kabhi Kushi Kabhi Gham ෆිල්ම් එකට මම හරීම ආසයි.

      Mere Sapanoki මුළු සින්දුවම මටත් පාඩම්. ඒත් ආරාධනා එකේ මම කැමතිම සින්දුව Kora Kagaz Tha Yeh Man Mera

      අර අන්තිම බණ කතාවට සාදු සාදු සා...දු!!! :D

      Delete
  2. සිත්තරා. ඔය අන්තිමට ඔයාගේ ඇස් ගැන දාලා තියෙන බටර් පාරට අහුවෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. රහසෙන්: ෂ්!!! කෑ ගහන්ඩ එපා බං අයියෙ!!!

      හයියෙන්: බටර්!!! හහ්, කවුද කියන්නෙ ඒ බටර් කියලා??? ඒ ඇවිල්ලා චීස්! පැණි බේරෙන චීස්!!!

      Delete
  3. සිත්තරා නියමයි අප්පා. කීවා නම් දානෙකුත් දෙයිනේ. පෝස්ට් එකේ අන්තිමට සිත්තරාගේ ඇස් දෙකකුත් දැම්මා නම් නියමයි.

    හැන්ඩි නලුවෙක්. අර යට තියෙන ෆොටෝ ටික හරි හැඩයි.

    ReplyDelete
    Replies
    1. සිත්තරා නියමයි තමා! ඒකනෙ එයා මාව බැන්දෙ. :D අක්කා සිත්තරාගෙ පින්තූරයක් දැකලා තියෙනවා මීට කළිං. මතක් කරලා බලන්ඩකෝ.

      නළුවා හැන්ඩි තමා. මීට කළින් දැකලා තිබ්බෙ නැද්ද? :D

      Delete
  4. හාති මෙරේ සාති මටත් මතකයි.අපිත් ඕක බැලුවේ ටි.වී එකෙන් තමයි."ආරාධනා"එකේ සින්දු ටික නියමයි නේද?
    හැබැයි මම නම් ගොඩක් කැමති "රාජ් කපුර්"ට. ඛන්ලාගෙන් අමීර්ට තමයි කැමතිම.

    ReplyDelete
    Replies
    1. රාජ් කපූර් ගොඩක් දක්ෂයි නේද? මම වැඩිය එයාගෙ චිත්‍රපටි බලලා නෑ. ඒත් බලපු ඒවා ඔක්කොම වගේ ලස්සනයි. සන්ගම් එකේ එහෙම හිටියෙත් රාජ් කපූර් නේද?

      ඔව්, ආරාධනා එකේ සින්දු හරි ලස්සනයි. රාජේශ් හිටපු කටිපතන් එකේ සින්දුත් ගොඩක් ලස්සනයි. අප්නා දේශ් එකේ සින්දුවක් තියෙනවා එයා එයාගෙ අයියගේ ළමයි දෙන්නා එක්ක කියන සින්දුවක්. රෝනා කභි නහි රෝනා කියලා. ඒක හරි ලස්සනයි. මම ඒක ඩවුන්ලෝඩ් කරලා තියාගෙන මගේ පැංචාට ඉඳලා හිටලා පෙන්නනවා. :)

      ඛාන්ලාගෙන් අමීර් ඛාන්ට තමයි මමත් කැමතිම. හාති මෙරේ සාති වලින් පස්සේ මම බලපු දෙවෙනි හින්දි ෆිල්ම් එක තමයි අමීර් හිටපු හම් හේ රාහි ප්‍යාර් කේ.

      Delete