![]() |
| https://sunsetwings.bandcamp.com/track/stopping-by-woods-on-a-snowy-evening |
කාගෙද මේ කැලෑ මණ්ඩිය හැබෑටම? ආ, හරි හරි දැං නෙව මතක් වුනේ. උන්දැගෙ ගෙවල් තියෙන්නේ ගම් මැද්දේ. උන්දැ දකින එකක් නෑ මං මෙතැන ඩිංගක් නතර වුනා කියලා මේ දිහා බලා ඉන්ඩ. හිමෙං වැහිලා ගස් ගොන්න ඇතිරිල්ලක් එලාපු ගානට. හැබෑම ලස්සනයි.
මේ බලහල්ලකෝ මේ අස්ස පැටියට වෙලා තියෙන දේ! අවුරුද්දේ අන්දකාරම හැන්දෑවේ හිම මිදිච්ච ඇළ පාරයි ගොම්මං මූකලානයි මැද්දේ ගොවිපොළක්වත් අහළක නැතුව මෙහෙම නතර වුනේ මොකෝ කියලා ඌටත් හිතෙනවා ඇති.
හරියට මට මොකවත් මතක බැරි වුනාද කියලා අහන්නා වගේ ඒකා බෙල්ලේ බැඳපු සීනු හොල්ල හොල්ල ඔළුව වනනවා. ඒ ඇරෙන්න ඇහෙන එකම සද්දේ හීන් සැරේ හමාගෙන යන හුළඟත් එක්ක ඇදිලා එන ලා හිම වැස්සේ නාදෙ විතරමයි.
කැලෑ මණ්ඩිය බලා ඉන්ඩ හරි හැඩයි, මැද්දට යන්න යන්න අන්දකාරයි, ගැඹුරුයි. ඒත් ඉතිං එහෙමයි කියලා මං මෙතන්ට වෙලා බලා ඉන්නෙ කොහොමද. වෙච්චි පොරොන්දු කොයි තරංනං තියෙනවද ඉෂ්ට කරන්ඩ. නිදා ගන්නට කළියෙං තව කොච්චරක්නං දුර කියලා යන්ඩද. හ්ම්ම්... නිදා ගන්නට කළියෙං තව කොච්චරක්නං දුර කියලා යන්ඩද...
***
Robert Frost මහා කිවිඳුන්ගේ සිත්තමීට කවදාවත් අමතක නොවන පැදි පෙළ Stopping by the Woods on a Snowy Evening.
හපොයි මහන්සියි අප්පා. තව කොච්චරක්නං දුර කියලා යන්නද......

මමත් ආසයි කොච්චර දුර වුනත්,මහන්සි වුනත් සීතලෙන් ගල් වෙලා තියෙන හිමකඳු අතරේ අශ්වයෙක් පිට ඇවිදින්න.
ReplyDeleteඔව්. ඒත් එහෙම තැනක නතර වෙලා ඉන්න විදිහක් නැති එකනේ වැඩේ. නිදාගන්න කළින් ගොඩක් දුර යන්න තියෙන නිසා අපිට ආස හිතෙන තැන් වල මග නතර වෙලා ඉන්න විදිහක් නෑ.
Deleteස්තූතියි මනෝජ්. :)
ඔයා කියවල තියනව මට සහතිකයි රොබට් ෆ්‍රොස්ට්ගෙම අර සුප්‍රසිද්ධ කවි පංතිය…The Road Not Taken...පියමං නොකළ මාවත... මම කාලෙකට ඉස්සර ඒක පරිවර්තනය කරන්න පටන් ගත්ත. ඒත් ඉවර කරන්න බැරිවුනා. හොඳ ළමයා වගේ ඒක කරන්නකො...:)
ReplyDeleteඒක කළින් කියවලා තිබුණෙ නෑ අයියේ. මම ඔය කියාපු කවි පංතිය මම ඉගෙනගත්තෙත් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍යය කරන කාලෙ. ඒක කවි පංතියක් විදිහටම පුදුම ලස්සනට සිංහලට පරිවර්තනය කරලා තියෙනවා මට හම්බවුනා: "හිමවැටෙන සැඳෑවක වනපෙත අසබඩ නැවතී" ඒ අඩවියේ තව ලස්සන වටින පරිවර්තන මහ ගොඩක් තියෙනවා, අයියා සමහරවිට දැකලත් ඇති.
DeleteThe Road Not Taken එකත් ගොඩක් ලස්සනයි වගේ දැනෙනවා. අයියම පරිවර්තනය කළානම් මොකෝ? ස්තූතියි මට ඒ ගැන කිව්වට. :)