58. ගණිත විනෝදය...05


ඔන්න අද ලේසි කම්මැලි ගැටළු ටිකක්. හොයන්නකො බලන්නකො එහෙනං උත්තර. :)

  1. ඔන්න එක ගඟකින් එගොඩ වෙන්න බලාගෙන ළමයි දෙන්නෙක් ඉන්නවා. එගොඩ වෙන්න පුළුවන් එකම විදිහ බෝට්ටුවක් විතරයි. ඒත් එක සැරේට යන්න පුළුවන් එක්කෙනාටයි. තොටියෙකුත් නෑ. බෝට්ටුවට තනියම ආපහු මෙහා ඉවුරට එන්නත් බෑ. ලණු, පාලම් ඒ මුකුත් නෑ. ඒත් කොහොමහරි අන්තිමේදී ළමයි දෙන්නම ගඟෙන් එගොඩ උනා. ඒ කොහොමද?

  2. 5 සහ 9 කියන ඉලක්කම් දෙක අතර මොන ගණිත සංකේතය පාවිච්චි කළොත්ද 5ට වැඩි සහ 9ට අඩු සංඛ්‍යාවක් ලබාගන්න පුළුවන් වෙන්නේ?

  3. 101 - 102 = 1 මේ සමීකරණය වැරදියි කියලා හැමෝටම තේරෙනවනේ. එහෙනම් මෙතනින් එක ඉලක්කමක් විතරක් එහා මෙහා කරලා මේ සමීකරණය නිවැරදි කරන්නේ කොහොමද? (පොඩි උප්පරවැට්ටියක් පාවිච්චි කරන්නයි තියෙන්නේ)




8 comments:

  1. කාලෙකට පස්සෙ ගණිත ගැටළුවක්.. හිතා ගන්න අමාරුයි.

    1. ළමයි දෙන්නෙක් නිසා බාග ටිකට්නෙ... දෙන්නම එක සැරේ ගියාට අවුලක් නෑ.
    2. <
    3. පොඩි වැඩක් නම් කරන්න පුළුවන්, හැබැ‍යි එහා මෙහා කරන්න පුළුවන් ඉලක්කමක් විතරයි නම් ඒක හරි යන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. තිසර අයියගේ උත්තර ටිකනම් වැරදියි ඕන්. :( ඒත් කමක් නෑ, හැමදාමත් වගේ කොහොමහරි ඇවිත් කියවලා බලලා උත්තර දීලා ගියාට ගොඩාක් ස්තූතියි. දෙවනියට උත්තර දීපු එක්කෙනා තමා දිනුම්. ඒ උත්තරේ අද හවසට පළ කරන්න හිතාගෙන ඉන්නවා.

      Delete
  2. හෙහ්....කාලෙකට පස්සෙ මෙන්න ඇවිල්ල ගණං ටීචර්.....:)

    1. ළමයි දෙන්න ඉන්නෙ ගඟේ එක ඉවුරක නෙවෙයි. දෙපැත්තෙ.එහෙම උනාම අවුලක් නෑනෙ.

    2. යෙදෙන්නෙ දශමස්ථානය. එතකොට ලැබෙන්නෙ 5.9 ඒ සංඛ්‍යාව 5 ට වැඩියි 9 ට අඩුයි.

    3. 101- 102 = 1
    101- 10 ² = 1

    ReplyDelete
    Replies
    1. දක්ෂ විදිහට පිළිතුරු දීලා ජයග්‍රහණය කළාට සුභ පැතුම් අයියට!!! තෑග්ග ඊලඟ පෝස්ට් එකේ එනෝ!!! :) :) :)

      Delete
    2. හප්පේ මෙයාලා වැඩ කරන්නෙ 3D ස්ක්‍රීන් වලනෙ... තුන්වෙනි එකේදි 2 ඉලක්කම Z අක්ෂය දිගේ ඇතුලට ගෙනිහින්.... :) නැත්තං සයිස් එක වෙනස් කරන්න පුළුවන් කියලා කියල තිබ්බෙ නෑනේ.

      Delete
    3. /*නැත්තං සයිස් එක වෙනස් කරන්න පුළුවන් කියලා කියල තිබ්බෙ නෑනේ.*/

      ආ, එහෙම නොකිව්වට මං පොඩි උප්පරවැට්ටියක් පාවිච්චි කරන්න කියලා කිව්වනේ. :P

      Delete
  3. උත්තර දැක්කම මට් මම ගැනම දුක හිතෙනවා.කොහොමටවත් මෙහෙම උත්තර ගැන නම් කල්පනා වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ දුමිනි. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට. සමාවෙන්න පිළිගන්න එන්න පරක්කු උනාට. හැමදාම එන්න මේ පැත්තේ, ඉස්සරහදි තව ගණිත ගැටළුත් තියෙයි, ඒවත් විසඳන්න පුළුවන්නේ. තෑගි දිනාගන්නත් පුළුවන්. :)

      Delete