72. ගණිත විනෝදය...06
මහාචාර්ය ඩේවිඩ් ඇතුළු ගවේශණ කණ්ඩායම ඉන්නෙ බොහොම අවදානම් තත්ත්වෙක. තවත් විනාඩි දා හතකින් නෝවෙල්ස්ට්‍රයින් ගිනිකන්ද පුපුරනවා. මේ කණ්ඩායම ඊට කළින් වැල් පාලමෙන් එගොඩ වෙලා මේ පැත්තට එන්න ඕනේ. ඒත් පාලම බොහොම අබලන් වෙලා, ප්‍රවේශමෙන් අඩිය නොතිබ්බොත් කෙළින්ම ඇදගෙන වැටෙන්නේ දරුණු සැඩ පහරකින් ඇදී යන නෙයුස් ගංගාවට. ගිනිකන්දෙන් පිට වෙච්ච දුමෙන් ආකාසෙ වැහිලා, පළාතම අඳුරුයි. විදුලි පන්දමක් නැතුව පාලමෙන් එගොඩ වෙන්න බෑ. ඒත් කණ්ඩායමටම තියෙන්නේ එක විදුලි පන්දමයි. එක සැරේකට පාලමෙන් එගොඩ වෙන්න පුළුවන් දෙන්නෙකුට විතරයි.
ගිනි කන්ද ලඟට මේ කණ්ඩායම ලඟා උනෙත් මේ පාලමෙන්ම එගොඩ වෙලා නිසා ඒ එක් එක්කෙනාට පාලමෙන් එගොඩ වෙන්න ගත වෙන කාලය ගැන කට්ටියට දැනුමක් තිබ්බා.
ඇලෙක්ස්ට විනාඩි 1 යි.
බෙන්ජමින්ට විනාඩි 2යි.
කෝඩිට විනාඩි 5යි.
මහාචාර්ය ඩේවිඩ්ට විනාඩි 10යි.
ගිනි කන්ද පුපුරන්න කළින් මේ හතරදෙනාම පාලමෙන් එගොඩ වෙන්නේ කොහොමද?
Subscribe to:
Post Comments (Atom)

ben + alex go = 2 mins
ReplyDeletealex come back = 1 min (total 3 mins)
prof david + cordi go = 10 mins (total 13 mins)
ben come back = 2 mins (total 15 mins)
ben + alex go = 2 mins (total 17 mins)
Very correct, well done! :) Did I say there's a gift this time? ;)
Deleteඅපි මේ නිවාඩු දවසෙ පොඩි කර්මාන්තයක් එහෙම කරල සුට්ටක් නිදාගෙන කාරිය ඇහැරල නාකියාගෙන සැට් උනේ එහෙම ගිනිකඳු කේස් එක විසඳන්ට .
ReplyDeleteරෑ ඩිනර් එහෙකට ආපු ආරාදනාවත් ප්‍රතික්සේප කලා මම කොටිම්ම.." මචං වෙරිම සොරි. අද මට තියනව මහා ගිනිකඳු ප්‍රස්නයක් විසඳන්ට. අපේ සිත්තමී නෝම් මහත්තය එවාපු"
ඔහොම කියල ඉඳගත්ත පුල්ස්කැප් කොල දුසිම් බාගයක්, පාට පැංසල් පෙට්ටියක්, පෑන් දෙකක් සහ ඇබකසයක් එහෙම ළංකරගෙන. කෝකටත් පුරස්නෙ ආයම බලල ඉම්මුය කියල ගිහිං බැලින්නං මේං බූරාස් ඒක විසඳල...ඉතිං මොකේදැයි දං වළඳන්නෙ? :(
එහෙම තමයි ඉතිං. අපායට යතත් කළිං යන්ට කියනවනේ. :P
Deleteබුරාස් හලී නලකයි. බලාන්ට මම මෙච්චර ගනං වලට ආසා එකාට මේක විසඳගන්න ඉඩ දුන්නේ නෑනේ. මම කෙලින්ම ස්ක්‍රෝල් කරලා බැලුවා බුරා උත්තරේ දීලා. ඉතින් ගාන කියෙව්වෙත් නෑ. හලී නලකයි.
ReplyDeleteසිත්තමී, සිරාවටම අපි උඹට කල වරද මොකක්ද මේ වගේ ගණං හදන්න දෙන්න?
Guys, what can I do?? It's totally Mrs. Siththamee's fault.. She disabled comment moderation, so when I submitted my answer it was published straightaway.. Blame her.. :-)
Delete@ Henry Ayya
Deleteගණං විතරක්යැ, මෙතන ලස්සන ඇඩ්වෙන්චර් ස්ටෝරියකුත් තියෙනවනේ. ගණං හදන්න කැමති අයට එහෙමයි, කතන්දර කියවන්න කැමති අයට එහෙමයි. :D
@ Buro Ayya
Hmm... forgot to re-activate it. :(
මං නං කියන්නේ බෙන්ජමින් සහ ඇලෙක්ස්ට බේරෙන්න තියන ඉඩ අඩුයි... විශේෂයෙන් බෙන්ජමින්ට.... කවුරු කා එක්කද යන්නෙ කියන එක විසඳගන්නත් විනාඩියක් දෙකක් ගියොත් උන් දෙන්නාට යන්න ලැබෙන්නේ නෑ.
ReplyDeleteරවි අයියට තිබ්බේ, යාළුවට කතා කරලා "මචං ගිනි කන්ද ඕල්රෙඩි පුපුරලා, අපි අර ඩිනර් එකට එන්නම්" කියලා යන්න....
Thisara,
Delete/ කවුරු කා එක්කද යන්නෙ කියන එක විසඳගන්නත් විනාඩියක් දෙකක් ගියොත් උන් දෙන්නාට යන්න ලැබෙන්නේ නෑ./
ආන්න ඒකනෙ මල්ලි කියන්නෙ..ඔය වගෙ වෙලාවට Conventional thinking හරි යන්නෙ නෑ. You have to start doing something extraordinary, In other words think out of the box got it? ....කොහොමද මේ වැඩේ කරන්නෙ? කවුද ඉස්සෙල්ල යන්නෙ කියල හිත හිත ඉන්ට ගියොත් කෙලියා. ඔක්කොම සෙත්ත පෝච්චි.
ඔය වෙලාවට කරන්න තියෙන්නෙ හිත හිත ඉන්නෙ නැතුව කවුරුහරි දෙන්නෙක් යනව එහා පැත්තට. ඒ දෙන්නගෙන් කවුරු හරි ආපහු මෙහාට එනව. මෙහෙ ඉන්න තව කවුරුහරි ආයම යනව ..ආයම කවුරු හරි මෙහාට එනව. ඔහොම කරන කොට විනාඩි 17 ගෙවිල ඉවර උනොත් ආයම වෙන දෙන්නෙක්ගෙන් පටන් ගන්නව. ආන්න තේරුණාද ක්‍රමේ?
මට ෂුවර් ඔය බූරාස්ගෙ විසඳුම හරි වගෙ පෙනුනට ඒකෙ මොකක් හරි තියනව කොස්සක්. මම මේ ඒකෙ කොස්ස හොයමින් ඉන්නෙ. හොයාගත්තු ගමං බොලාට දැනුම් දෙඤ්ඤා හොඳද?
පලි - ඔන්නම් සිත්තමීගෙං අහල බලාපල්ල. මගෙ ක්‍රමේ තමයි හරි කියල එවුන්දැත් කියනවට මෙන්න කැට.
@ Thisara Ayya
Deleteමේ, ඔන්න ඔය ඕන නැති තර්ක හදාගෙන එන්න ඔට්ටු නෑ හරිද? :P
@ Ravi Ayya
අයියා ඔය හොයන කොස්ස හම්බ උණොත් මට එහෙම කියන්න එපා හොඳේ, මේන්න මේගොල්ලන්ට කියන්න. http://www.mathsisfun.com/puzzles/the-collapsing-bridge-solution.html එතනිං තමයි මං ඕක උස්සගත්තේ. ඒකෙ හැටියටනං බූරො අයියගෙ උත්තරේ තමා හරි. :)
@ තිසර & රවි,
Deleteමචංස්ලා, ඔතන සීන්ස් එක මෙහෙමයි.. ගිනිකන්දක් පුපුරන්ට එද්දි "කවුද ඉක්මනටම යන්නෙ?", "කවුරු කාත් එක්කද යන්නෙ?" වගේ ප්‍රශ්න අහ අහා ඉන්ට යාම ප්‍රැක්ටිකල් නෑ තමා.. එතන වුන ඇත්තම සීන්ස් එක තමා ප්‍රොෆා හෙමින්ම යන නිසා ඇලෙක්ස් බුවාව කරට අරන් ඔරේ රන් එකක් දුන්නා පාලමෙන් එහාට.. එහෙම කරලා විනාඩි 10ක්ම ඉතුරු කරගත්තා.. අනික් කට්ටිය හෙමිහිට පාලමෙන් එගොඩ වුනා... ඕන්න ඔහොමයි වුනේ..
ඒත් ඉතිං අර රවියා කොහේදෝ මන්දා කිවුවා වගේ මේක ඉතිං feminine logic එකනෙ.. ඔය සිත්තමීලා වගේ නුහුගුණාපේතිත ලලනාවො ඔය වගේ අනතුරුදායක වෙලාවට කාල වෙලාව අරන් තර්ක කරනවාලු "කවුද මුලින්ම යන්නෙ?", "සුමනත් එක්ක මාලාත් ගියොත් හරිද?" වගේ ප්‍රශ්න මතු කර කර.. ඉතිං මම ඒ feminine logic එකට හරි යන උත්තරයක් තමා දුන්නෙ.. ආය මක්කටැයි නිකං ඉල්ලං කන්නෙ.!? :-D
ඔහෙ හිටු හොර බුරම්පියා! ඒ වැල් පාලමේ දුවලා තියෙයි කරේ තියං, හුහ්! :P
Deleteහපොයි, මේ මොකෑ වෙලා තියෙන්නේ!!! :-O
ReplyDeleteමගෙ ආදරණීය යාළුවනේ, මගෙ අතිං වස වැරැද්දක් වෙලා තියෙන්නේ. මේ බ්ලොග් එකේ මම කළින් කමෙන්ට් මොඩරේෂන් දාලා තිබ්බේ. ඒ නිසා කළින් ගණිත ගැටළු වලදී මම හැමෝටම ගැටළුව විසඳන්න ඉඩ ලැබෙන විදිහට හරි උත්තර පහු වෙලා තමයි පබ්ලිශ් කළේ. ඒත් වැඩ වැඩි කමත් එක්ක මට නිතර බ්ලොග් එක පැත්තේ එන්න වෙන්නෙ නැති නිසා මම කමෙන්ට් මොඩරේෂන් අයින් කළා දැන් සති කීපයකට උඩදී. මේ ගණිත ගැටළුව දාද්දී ඒක ආපහු ක්‍රියාත්මක කරන්න මට අමතක උනා. සමා වෙන්න ඕනෙ ඒ ගැන හැමෝම. ඒත් එහෙම වෙලා තියෙද්දිත් මෙතන ඇවිත් ලෝබ නැතුව කමෙන්ට් කරළා ගිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි. :)
Delete