49. ගණිත විනෝදය...03



ඔන්න අද ලේසිම ලේසි ප්‍රශ්නයක්. 

දවසක්දා යාළුවො තුන්දෙනෙක් කැලයක් මැද්දෙන් යන කොට හොරු කණ්ඩායමකට අහු උනා. හොරු උනාට මොකද, හොඳට කල්පනා කරන්න පුළුවන් බුද්ධිමත් මිනිස්සුන්ට මේ හොරු මුකුත් කරදරයක් කරන්නෙ නෑ. ඉතිං මොකද කළේ, හොරු මේ තුන්දෙනාට තොප්පි පහක් පෙන්නුවා. එයින් තුනක් සුදු පාටයි, අනිත් දෙක කළු පාටයි. ඊලඟට තුන් දෙනාව එක්කෙනා පිටිපස්සෙ එක්කෙනා හිටවලා, ඇස් බැඳලා එක්කෙනාට එක තොප්පිය ගානේ දාලා අනිත් තොප්පි දෙක හැංගුවා. ඊට පස්සෙ ආපහු ඇස් ලිහලා කිව්වා තුන් දෙනාගෙන් එක්කෙනෙකුට හරි තමන් දාගෙන ඉන්න තොප්පියෙ පාට හරියට කියන්න පුළුවන් උනොත් තුන් දෙනාවම නිදහස් කරනවා කියලා. 

දැන් මේ තුන් දෙනා ඉන්නෙ එක්කෙනා පිටිපස්සෙ එක්කෙනා හිටගෙන. අන්තිමයට තමන්ගෙ තොප්පිය පේන්නෙ නෑ, ඉස්සරහ දෙන්නගෙ තොප්පි පේනවා. දෙවෙනියට තමන්ගෙ එකයි පිටිපස්සෙ එක්කෙනාගෙ තොප්පියයි පේන්නේ නෑ, ඉස්සරහාම එක්කෙනාගෙ තොප්පිය පේනවා. ඉස්සරහාම ඉන්න කෙනාට කාගෙවත් තොප්පි පේන්නෙ නෑ.

ඉතිං අන්තිමයා මුළින්ම කිව්වා 'මං දන්නෙ නෑ' කියලා.

දෙවෙනියත් කිව්වා 'මං දන්නෙ නෑ' කියලා.

ඉස්සරහින්ම හිටපු එක්කෙනා හරි උත්තරේ කිව්වා. තුන් දෙනාම නිදහස් උනා.

අද ප්‍රශ්නේ, ඉස්සරහම හිටපු එක්කෙනාගෙ තොප්පියෙ පාට මොකද්ද, එයා ඒ බව හරියටම දැනගත්තේ කොහොමද?

අදත් තෑග්ගක් තියෙනවා. :D


6 comments:

  1. I answered this question already in Kathandara blogspot a while ago. So I'm not gonna answer this because;

    1. I already know the answer.
    2. I'm too lazy to type it again.

    Please go and check in Kathandara, hand me my present. ;-)

    ReplyDelete
    Replies
    1. හනේ හනේ හොර කම්මැලියෝ! ඔය කළිං ලියාපු තැනකිං කොපි කරන් ඇවිල්ලා මෙතන පේස්ට් කරන්න බැරි තරමටම කම්මැලියිද? :P

      Your present? Well, I'm not going to give you - the lazy boy - a present this time. :D But the winner has a special gift for you. Wait till I publish it, okay? :D

      Delete
  2. ඕක වෙන්නෙ මෙහෙමයි. කළු තොප්පි දෙකයිනෙ තියෙන්නෙ. ඒ නිසා ඉස්සරහ දෙන්නා කළු තොප්පි දෙකක් දාගෙන ඉන්නවනම් ඒ කියන්නෙ අනිවාර්යයෙන් තුන්වෙනිය දන්නව තමන්ගෙ ඔළුවෙ තියෙන්නෙ සුදු තොප්පියක්ය කියල. එයා දන්නෙ නෑ කිව්වය කියන්නෙ එක්කො 1. කළු 2. සුදු වෙන්න ඕන නැත්නම් 1. සුදු 2. කළු වෙන්න ඕන..එහෙමත් නැත්නම් දෙන්නම සුදු තොප්පි දාගෙන ඉන්න ඕන.රයිට් දැන් එතකොට දෙවෙනියට පේනව පලවෙනියගෙ තොප්පිය ඒක කළු නම් අනිවාර්යයෙන් දෙවෙනිය දාගෙන ඉන්නෙ සුදු එකක්. දෙවෙනියත් දන්නෙ නෑ කිව්ව කියන්නෙ පළවෙනිය දාගෙන ඉන්නෙ සුදු තොප්පියක් වෙන්නම ඕන..

    පලි - බූර්ස්ගෙ කමෙන්ට් එක දැකල මට පොඩි කතාවක් මතක් උනා..:) :)

    මේ භූගෝල විද්යා ප්‍රශ්න පත්තරේට ආපු එක ප්‍රශ්නයක්...

    පෘථිවිය බිහිවූ අන්දම විස්තර කරන්න... එක ලමයෙ ලිව්ව මෙහෙම...විශ්වයේ ඇති සියල්ල දෙවියන් වහන්සේ මැවූ සේක. පෘථිවියද උන්වහන්සේම මැවූ සේක.

    හරි වැරදි බලල ඔන්න ප්‍රශ්න පත්තරේ ආපහු මිනිහට හම්බ උනා. ඒකෙ තිබ්බ මෙහෙම සටහනක්. දෙවියන් වහන්සේට ලකුණු සීයක් දුන් සේක. එලෙසම ඔබට ළකුණු බින්දුවක් දුන් සේක. :)

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ රවි අයියගෙ උත්තරේ බොහොම පැහැදිලියි. අද ජයග්‍රාහකයාට මෙන්න එහෙනම් තෑග්ග. :)

      සැමදා නොවැරදිම ඇවිත් මගේ කවි කතා කියවයි
      ලස්සන රස පිරුණු වදන් එක් කර එහි අගය වඩයි
      බොහොම කාලෙකට කළියෙන් වළව්වෙදී මුණ ගැහුණයි
      නිදහස් සිතුවිලි වල රස පිරුණු කතා යසට ගොතයි

      කළින් ගණිත ගැටළු වලදි හම්බ උනේ දෙවෙනි තැනයි
      තොප්පි කතන්දරේදිනම් පළවෙනි තැන අරගත්තයි
      මේ දෙන්නේ පළවෙනියට මං දෙන කවි තෑගි මිටයි
      එක් කළ රස වදන් වලට පිදෙනා තුති මල් පොකුරයි

      Delete
  3. අන්තිමයට උත්තරේ කියන්න පුළුවන් එකම අවස්ථාව ඉස්සරහ දෙන්නම කලු තොප්පි දාගෙන හිටිය නම් විතරයිනේ. එහෙනම් එහෙම වෙලා නැහැ.

    ඉස්සරහම එක්කෙනාගෙ කළු තොප්පියක් තිබ්බ නම් දැන් මැද්දේ කෙනාට කියන්න පුළුවන් ස්ථිරවම තමන්ගේ ඔලුවේ තියෙන්නේ කලු තොප්පියක් නෙමෙයි කියලා. මොකද කලු එක තිබ්බ නම් අන්තිමයාට උත්තර දෙන්න පුළුවන්නේ.

    එහෙනම් දෙන්නම බෑ කියන්නෙ ඉස්සරහම ඉන්න කෙනාගෙ ඔළුවේ අනිවාර්යයෙන් තියෙන්නෙ ඕනෙ සුදු තොප්පියක්.

    ඔන්න අපි නම් කතන්දර එකෙන් බැලුවේ නෑ :D

    ReplyDelete
    Replies
    1. තිසර අයියත් හරි උත්තරේ දීලා තියෙනවා. ඒකනේ, එහෙම ගිහින් බලන්නේ මොකටද මෙච්චර ලේසියෙන් උත්තර හොයාගන්න පුළුවන් ප්‍රශ්නෙකට. :)

      Delete