48. ස්වාධීනත්වයේ අභිමානය...



මල් උයන් සැරිසරා
ජීවිතයේ රස විඳින්නට සැරසුණ
පුංචි සමනළ පෝතකය,
සිත් පිත් නැති අමානුෂිකත්වය
නුඹේ පියාපත් සිඳ බිඳ දමා ඇත
අසරණව වැටී සිටිනා ඔබ හට
නැතිද පිළිසරණක් කිසිවෙකුගේ?
ප්‍රාතිහාර්යයක්ම වනු ඇත එය
පීඩිතයන් තලා පෙළා
රජවරුන්ම වැජඹෙන්නට වලි කන
මේ රුදුරු සමාජයේ...

සිඳී බිඳී ගිය පියාපතක් මත
නැගැගත් විෂඝෝර දිමියෙක්
ඩැහැගන්නට තතනයි
ඉතිරිව ඇති ජීවනාලිය...

එනමුදු,
අත් නොහරියි ධෛර්යය
ඉඩ නොදෙයි මැඩලන්නට
ස්වාධීනත්වයේ අභිමානය...

සිඳී ගිය පියාපත් සලමින්
නැවතත් සුපුරුදු නිදහස සොයා යන්නට
වෙර දරන සමනල පෝතකය
නුඹට මාගේ උත්තමාචාරය... 




11 comments:

  1. සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියන ලදී?

    ReplyDelete
    Replies
    1. හරියටම හරි! දෙයියනේ, කොහොමද තිසර අයියේ හරියටම දැනගත්තේ?

      Delete
  2. ම්..පියාපත් සිඳුනු හැමෝම මෙහෙම හිතනවා නම්..

    ReplyDelete
  3. thatu kada damapu samanalunta vunath uvamana nam puluvan peratath vada saviyen negitinna neda?

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි. හැබෑ ලෝකෙ උනත් ඒකට උදාහරණ බොහොමයි. ඒත් පුදුම ධෛර්යයක් තියෙන්න ඕනේ.
      ස්තූතියි කමෙන්ටුවට.

      Delete
  4. ඔය කිව්වෙ.. ඔන්න කිව්ව....ඔන්න කිව්ව....අනේ, මෙයයිගෙ උත්තමාචාරෙ.... මිත්තණියගෙ වස්ත්‍රය....ඔන්න ඕකනෙ කියන්නෙ..අඩේ මේ එහෙම වැටි වැටි ඒත් නැඟිටින්ඩ හදන එවුං දැක්කම උංට සප් එකක් දීපං..එහෙම නෙවෙයි මේ අම්මණ්ඩි කොරන්නෙ... සීරුවෙං ඉඳල එවුංට සැලියුට් ගහන එක..අනෙ අම්මප...උඹල වගෙ ජාතියක්!!!!

    ReplyDelete
    Replies
    1. අයියා විහිළුවට ලියපු කතාවකට පළවෙනි වතාවට අද මට දුක හිතුණා. දුක කියන්නේ, හිතේ තිබ්බ පසුතැවීම වැඩි උනා. මේක මං මීට අවුරුදු හය හතකට විතර උඩදි ලියපු එකක්. තිසර අයියට කිව්වා වගේ ඇත්තම ඇත්ත සිද්ධියක්.

      දවසක් උදේ මම බස් එක එනකල් හෝල්ට් එකට වෙලා ඉන්න කොට තටු කැඩිච්ච සමනළයෙක් බිම වැටිලා ඉන්නවා දැක්කා. ඒ සමනළයට පියාඹන්න බෑ. ඒත් ඒ වෙද්දිත් පණ තියෙනවා. ලොකු දිමියෙක් ඒ සමනළයව ඇදගෙන යන්න හදනවා. සමනළයා කැඩුණු තටු වලින් පියාඹන්න හදනවා. මම ඇයි ඒ සමනළයව බේරගන්න මුකුත් නොකළේ කියලා මට මතක නෑ. ඒ ගැන ඒ වෙලාවෙදි මම හිතුවද කියලවත් මට මතක නෑ. ඒත් මේ දැකපු දේ මගේ මතකයේ තාමත් තියනවා. එදා ඒ සිද්ධිය දැකලා ටික කාලෙකට පස්සෙ තමයි මම මේක ලිව්වේ.

      ඔය බස් හෝල්ට් එකේදිම මම තව දවසක් දැක්කා එතන තිබ්බ බෙලි ගහ උඩ අත්තෙන් අත්තට පැන පැන නටන කුරුල්ලෙක්. එක පාරටම ඒ කුරුල්ලා බිම වැටුණා. මුකුත් හිතාගන්න කළින් පාරෙන් එහා පැත්තේ කොහේදෝ හැංගිලා හිටිය තඩි පූසෙක් පැනගෙන ඇවිල්ලා ඒ කුරුල්ලව අල්ලගත්තා.

      මේ සිද්දි දෙකම මගේ හිතෙන් අමතක කරගන්න බැරුව ඉන්නේ. :(

      Delete
    2. අනේ සමාවෙන්න ඕන නඟේ.. :( …..මම හිතුවෙ තිසරට ඔයයි දුන්නු උත්තරේ Sarcastic answer එකක් කියලයි.

      පලවෙනි වතාවට විහිලුවට ලියපු කතාවකට මම සමාවෙන්නෙයි කියල ඉල්ලනව. But that’s okay, there's got to be a first time for every thing …eh?

      Delete
    3. කිව්වනෙ ඉතිං මං සොරි කියන්න ඕන නෑ කියලා. :)

      Delete
    4. රවි අයියේ මං කල්පනා කලේ සමනලයට සප් එක දෙනවද, දිමියට සප් එක දෙනවද කියලා...

      Delete