54. ගණිත විනෝදය...04



ඔන්න එකෝමත් එක රටක හිටියලු තාත්තා කෙනෙකුයි පුත්තු හතර දෙනෙකුයි. මේ තාත්තා මිය යන්න කළින් තමන්ගේ වස්තුව තැන්පත් කරලා තියෙන තැන ගැන පුතාලා හතර දෙනාට දන්නලා කිව්වලු ඒ තියන රන් කාසි පොදිය හතර දෙනාට සමානව බෙදාගන්න කියලා.

ඉතින් ඔන්න මුලින්ම ලොකු පුතා ගියාලු. එයා රන් කාසි ගොඩෙන් හරියට හතරෙන් එකක් අරන් ආවලු.

ඊලඟ දවසෙ දෙවෙනි පුතා ගියාලු. එයා දන්නෙ නෑ අයියා ඇවිත් එයාගෙ ගොඩ අරන් ගිහින් කියලා. එයා ඒ ඉතිරි වෙලා තිබ්බ ගොඩෙන් හතරෙන් එකකුයි, තව වැඩිපුර තමන්ට අයිති නැති රන් කාසියකුයි අරන් ආවලු.

ඊලඟට තුන් වෙනි පුතා ගියාලු. එයා දන්නෙ නෑ අයියලා දෙන්නා ගිය බවක්. එයත් ඉතිරි වෙලා තිබ්බ ගොඩෙන් හතරෙන් එකක් අරගෙන තව වැඩි පුර රන් කාසි දෙකක්ම අරන් ආවලු.

අන්තිමට ගියෙ බාලයා. එයත් දන්නෙ නෑ අයියලා ගිය බවක්. ඒත් එයා අයියලා ගැන කල්පනා කළෙත් නෑ. එයා ඉතිරිවෙලා තිබ්බ මුළු රන්කාසි ගොඩම තනියම අයිති කරගත්තලු.

කතාවෙ ලස්සනම තැන එන්නෙ දැන්. අන්තිමට කොහොමහරි බලද්දි මේ අයියලා මල්ලිලා හතර දෙනා වෙන වෙනම අරන් ඇවිල්ලා අයිති කරගෙන තියෙන්නේ සමාන රන්කාසි ගණනක්! ඒ කියන්නේ නොදැනුවත්වම හරි තාත්තගෙ වස්තුව පුතාලා හතර දෙනාටම සමානව බෙදිලා.

දැන් කාටද කියන්න පුළුවන් මුළු රන්කාසි ගොඩේ රන් කාසි කීයක් තිබ්බද කියලා. කවුද බලමු අද තෑග්ග දිනන්නේ... :)




12 comments:

  1. රන් කාසි 16ක් වෙන්න ඕන..දැන් කාලේ නම් රත්තරං ගණන් හැටියට ලොකු ගානක්..:)

    ReplyDelete
    Replies
    1. මෙන්න ඉන්නවා ජයග්‍රාහිකාව. :D උත්තරේ හොයාගත්තු හැටිත් කිව්වනම් තමයි වඩා හොඳ. ඒකට කමක් නෑ, ඔයාගෙ තෑග්ග මගේ ඊලඟ ලිපියෙන් දෙනවා. :) සුභ පැතුම් රූ!

      Delete
  2. දෙවෙනිය එනකොට රන්කාසි ගොඩෙන් තියෙන්නෙ 3/4 ක්. එතකොට එයා ඒකෙන් ගන්නව 1/4 සහ තව වැඩිපුර එකක්. ඒ කියන්නෙ සම්පූර්න රන්කාසි සංඛ්‍යාව x කිව්වොත් දෙවෙනිය ගන්නෙ 3/16 x + 1 ක්. ඒත් එයාට ලැබෙන්නෙ සම්පූර්ණ රන්කාසි සංඛ්‍යාවෙන් 1/4 නිසා 3/16 x + 1 = x/4 මේ සමීකරණය විසඳපුවම උත්තරේ ලැබෙනව x =16 කියල. ඒ කියන්නෙ රන්කාසි සම්පූර්ණ සංඛ්‍යාව = 16

    1. පළවෙනිය ගන්නව 1/4 ක්. 16/4 = 4

    2. දෙවෙනිය ඉතිරියෙන් 1/4 ඒ කියන්නෙ 12/4 =3 සහ තව වැඩිපුර එකක් , ඒ කියන්නෙ ඒත් 4ක්

    3. තුන්වෙනිය ඉතිරියෙන් 1/4 ඒ කියන්නෙ 8/4 =2 සහ තව වැඩිපුර 2ක් එතකොට ඒත් 4යි

    4. බාලයා එනකොට ඉතිරි වෙලා තියෙන්නෙ රන්කාසි 4 යි. එයා ඒ ඔක්කොම ගන්නව.

    හැමදම මුන්දැගේ තිළිණය කවියක්ලු,
    කන්ටද බොලේ සාහිත්තිය...
    කිව්වේ අපෙ රජතුමෙකි.
    ඒවගෙ කන්ටද බොලේ කියපං මට උඹේ කවී...
    උඹෙ කවි උඹම තියාගං සිත්තමි ගොයියෝ,
    රංකාසියක් වත් දීපං නැත්තං ආයෙම නෝ විසඳුං...:) :)

    ReplyDelete
    Replies
    1. වෙනදා වගේම බොහොම පැහැදිලිව උත්තරේ ලබාගත්තු හැටිත් විස්තර කරලා තියෙන අනු ශූරයාටත් ගොඩාක් ස්තූතියි. :D මේ ගැටළුව යාළුවෙක් මගෙන් මුලින්ම අහපු වෙලාවෙ මමත් ඒක විසඳගන්න වීජ ගණිතය තමයි පාවිච්චි කළේ.

      Delete
  3. Total 16 Coins.

    16/4=4
    Brother1=4

    16-4=12, 12/4=3
    Brother2=3+1=4

    12-4=8, 8/4=2
    Brother3=2+2=4

    8-4=4
    Brother4=4

    ReplyDelete
    Replies
    1. Well done! And clearly explained. But little late. :) Anyway, thank you very much Buro Ayya! :)

      Delete
  4. මට බෑ ගනන් හදන්ට. බෑ. බෑමයි. :D:D:D

    ReplyDelete
    Replies
    1. බෑයි කියලා බෑයි කියලා බෑ
      බෑයි කියලා බෑයි කියලා බෑ
      බෑ කියලා බැරිය මලේ
      බෑ කියලා බැරිය නගේ
      බෑ කියලා බෑ බෑ බෑ
      :D :D :P

      Delete
  5. සිතූ, මමත් ගනං වලට හොරයි අප්පා. මම ආවේ ඔයාට කියන්න, ඔයා දාපු කමෙන්ට් එකක් මම උපුටලා වෙන තැනක දැම්මා ඒක ඒ තරම් අදාල නිසා. හැබැයි ඔයා කියනවා කියලා තමයි දැම්මේ ඈ. ඒක ඔයාටම කිව්වේ නැතිනම් හරි නෑ කියලා හිතුනා. මෙන්න මෙතන.

    http://sithuwili-sithu.blogspot.com/2013/03/blog-post_27.html

    මොනවා මුන් දෙන්නම සිතුවිලිලනේ, මට ඒක දැනුයි ක්ලික් වුනේ. :D

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියට ගොඩාක් ස්තූතියි මේ පැත්තෙ ආවටත්, ඒ පණිවිඩේ මට දුන්නටත්. ඔන්න මං ඒ පැත්තට ගිහින් ඔයාලා දෙන්නටම ස්තූති කරලා ආවා. :)

      Delete
  6. දැන් මේකට උත්තරේ දාන්නේ නැද්ද බොලං? එතකොට හිට් කවුන්ටර්, ෆලෝවර්ස් ලිස්ට් වගේ දේවලුත් මේ බ්ලොග් එකට අකැප වෙන තරම් අල්පේච්ඡ ජීවිතයක්ද මේ සි.සි.නැ.ක.පොත? ඔන්න සිත්තමීගේ නියම නම්. සි.සි.නැ.ක.පොත? :D

    ReplyDelete
    Replies
    1. ඔන්න දාලා තියෙනවා උත්තරේ. :)

      මගේ සම්පූර්ණ නම 'සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත'. දිග වැඩියි නේ? ඉතින් වළව්වේ අපේ පොඩි කුමාරිහාමිනේ කාලෙකට කළින් මට කෙටි නමක් දුන්නා 'සිත්තමී' කියලා. බ්ලොග් යාළුවෝ ගොඩ දෙනෙක් මට ඒ නමින් කතා කරනවා. ඒත් සිත්තමී කියන නම ප්‍රොෆයිල් නේම් එක විදිහටම තියෙන යාළුවෙක් තව ඉන්නවා මම ලඟදි දැක්කා. ඉතින් ඩූඩ් අයියා කැමති විදිහකට මට කතා කරන්න, ඒකට කමක් නෑ. ඒත් අනේ සි.සි.නැ.ක.පො. කිව්වමනම් කැතයිනේ.

      ෆලෝවර්ස් ලිස්ට් ගැන කියනවනම්, මම එහෙම එකක් දාන්නේ නැත්තෙ මෙන්න මේ නිසා. ඔන්න හිතමු මම මේ බ්ලොග් එක ලියලා ලියලා කාලෙකට පස්සේ මට මේක ලියන එක එපා වෙලා අත ඇරලා දානවා කියලා. එතකොට අර මාව ෆලෝ කරන් ආපු අය ටික පවුනේ. ඒ හන්දා තමයි මං එහෙම ලිස්ට් එකක් දාන්නෙ නැත්තේ. හිට් කවුන්ටර්නං ඉතිං මට බ්ලොග් එකේ දාලා වැඩක් නෑ. කී දෙනෙක් මගේ පෝස්ට් බැලුවද කියලා බලාගන්න ඕන උනාම මං බ්ලොගර් එකට ගිහිල්ලා ස්ටැටිස්ටික්ස් බලනවා. ඒ මදෑ.

      ඩූඩ් අයියට ආයෙමත් ස්තූතියි. ඉස්සරහටත් මේ පැත්තේ එයි කියලා හිතනවා. :)

      Delete