හිතට කරදරයක්, දුකක් දැනුණු වෙලාවට අපි සාමාන්‍යයෙන් මොකද කරන්නේ? එහෙම වෙලාවට කරන්න ඕන දේවල් ගැන කියවෙන ගීතයක් අහලා තියෙනවා, මතක් වෙනවද? අපි හැමෝම ආදරේ කරන The Sound of Music චිත්‍රපටයේ My Favorite Things ගීතය මතකද?
මේ බලන්න ඒකේ වචන. අපේ හිත කරදරයට පත් උනාම අපි ආස කරන දේවල්, අපේ හිතට සතුට ගේන දේවල් ගැන හිතන්න කියලයි ඒ ගීතයෙන් කියන්නේ.
Raindrops on roses and whiskers on kittens
Bright copper kettles and warm woolen mittens
Brown paper packages tied up with strings
These are a few of my favorite things
Cream colored ponies and crisp apple streudels
Doorbells and sleigh bells and schnitzel with noodles
Wild geese that fly with the moon on their wings
These are a few of my favorite things
Girls in white dresses with blue satin sashes
Snowflakes that stay on my nose and eyelashes
Silver white winters that melt into springs
These are a few of my favorite things
When the dog bites
When the bee stings
When I'm feeling sad
I simply remember my favorite things
And then I don't feel so bad
මේ තියෙන්නේ ඔය ගීතයේ මගේ වර්ෂන් එක. කාලෙකට ඉහතදී කොළේක ලියලා පොතක් අස්සේ දාලා තිබිලා ඊයෙ අස් කරන වෙලාවක හම්බ උනේ. ඔයාලටත් ඇති මේ වගේ, හිත සැහැල්ලුවට පත් කරන දේවල්. ඒවා එකතු කරලා තියාගන්න, ඕන වෙන්න පුළුවන්. :)
පිණි තුහින මැද පිපුණ - සුදෝ සුදු පිච්ච මල
තුරු හිස'ග මත රැඳුණු - සුමුදු පෙඳ පිහාටුව
ගලන දොළ පතුල දිලි - රුවැති තිරිවාන කැට
මෙහැම මා සිත නිවයි - සොම්නසින් පුරවාන
වැටෙන හිරිපොද වැස්ස - නගන සුමිහිරි රාව
හමන මඳ පවන් රැල් - ගෙනෙන අමයුරු නාද
ගලන නිල් දිය දහර - ගල් මතින් විසුල පෙණ
මෙහැම මා සිත නිවයි - සොම්නසින් පුරවාන
මඳ නලින් නැලැවෙනා - තුරු පතින් නැගි සරය
නිල් ගුවන සිසාරා - ගැයෙන කෝකිල ගීත
සුවඳ පිරි මකරන්ද - ගෙන එනා මල් සුවඳ
මෙහැම මා සිත නිවයි - සොම්නසින් පුරවාන
නෙළුම් පත මත නටන - දඟකාර පිණි බිඳුව
පිපුණු මල් වට නටන - සිඟිති සමනළ කැලත
ගෙමිදුලේ සිරි මවන - සුමුදු සුදු සඳ එළිය
මෙහැම මා සිත නිවයි - සොම්නසින් පුරවාන

බොගෙ කවිපෙල නම් ආය කියල වැඩක් නෑ ….හරිම අපූරුයි බොලේ....පිස්සුද හැටිද පිස්සුවේ හැටිද කියල ඇහුවලු කවුඩං ගොල්ලෙ කිරි අත්ත.....හෙහ්, හෙහ්...
ReplyDeleteසවුන්ඩ් ඔෆ් මියුසික් කතාවෙන් හදපු ටෙලි චිත්‍රපටයක් ප්‍රචාරය උනා 2003 /04 වගෙ මට මතක ජාතික රූපවාහිනියෙ...පාලිත සිල්වා හිටිය අර කැප්ටන්ගෙ චරිතෙට.මරීයාට හිටියෙ වසන්තිද කොහෙද...මතක නෑ හරියටම...
******************************
සුදු පිච්ච මලේ රුව ඔබ දෝත රැඳුනු සඳ,
පොද වැස්ස යටින් ඔබ මා වෙතට එන කලට,
රැළි නඟන දිය දහරෙ වත කමල දුටු විටෙක,
සොබා දම් සිරි කුමට ඔබ මවෙත නැතිදාට,
අහස ඇඳි විදුලි දහරා ඔබේ නෙතු කැල්ම,
එකින් එක වැටෙන වැහි බිඳු නෙතඟ පිණි කඳුළ,
පිණි ඉහුණු පිච්ච මල් සිනා දෝතක් සමඟ,
සැඳෑ හිරු එළියෙ දැවටිලා මා වෙත එන්න.
ස්තූතියි අයියෙ ලස්සන කමෙන්ට් එකට. ඒ කතන්දරේ මාරියාට හිටියෙ චාන්දනී සෙනෙවිරත්න. කොණ්ඩෙත් කපලා. ඒකෙ හැබැයි එයාගෙ නම මාරියා නෙමෙයි, වෙන නමක් තිබ්බෙ මට මතක හැටියට. මාත් බැලුවා මුළු කතාවම. :)
Deleteඅම්මප ඇත්ත නෙවන්නං..ඔන්න දැනුයි මට මතක් උනේ..චාන්දනී තමයි ඒ චරිතෙට හිටියෙ. මගෙ ප්‍රියතම නිළියක්. " ජීවිතයට ඉඩ දෙන්න" " රළ බිඳෙන තැන " මම කැමතිම ටෙලි චිත්‍රපට දෙකක්....
DeleteMy favourite song in my favourite movie... ★★★★★
ReplyDeleteNice to hear that Buro Ayya. :) Nothing to say about my version?
Deleteලස්සන ගීතය වගේම.. ලස්සන කවි පංතිය....
ReplyDeleteඇත්තම කියන්න මට නම් සොබාසෞන්දර්යෙන් ඒ හැටි වැඩක් නෑ, හිතට දුකක්, කණගාටුවක් දැනුන වෙලාවට. එහෙම වෙලාවට මම තනියම ඉන්න කැමතිත් නෑ... මම කරන්නේ මගේ හිතවත්ම මිතුරෙකුට හරි මිතුරියකට හරි කතා කරන එක තමයි. ලඟ පාතක ඉන්නව නම් ගිහින් හම්බවෙනවා.
අදහසක් හුවමාරු කරගන්න පුළුවන් මිනිස් ප්‍රාණියෙක් නැති තැනක් කොච්චර ලස්සන උනත් මට නම් ඒක දැනෙන්නේ නෑ. රවි අයියගෙ කවියෙත් තියෙන්නේ ඒ වගේ අදහසක් කියලා මට හිතෙනවා... //සොබා දම් සිරි කුමට ඔබ මවෙත නැතිදාට//.
ස්තූතියි තිසර අයියේ වටිනා අදහසට. මගේ හිතටනම් ලොකුම ලොකු දුකක් දැනුණොත්, තදබල හිත් රිදීමක් ඇති උනොත් ඒ වෙලාවෙමනම් මට ඒ ගැන කා එක්කවත් කතා කරන්නවත් අමාරුයි. ටිකක් ඒ පීඩනය අඩු වෙනකල් ඉඳලා තමයි මං ඒ ගැන කා එක්ක හරි කතා කරන්නේ. ඉතින් ඒ ඉන්නකල් ස්වභාව සෞන්දර්යය තමයි මගේ පිහිටට එන්නේ. :)
Delete