33. ගණිත විනෝදය...01
ඔන්න එක ගමක හිටියලු නිවුන් සහෝදරයො දෙන්නෙක්. එක වගේමයි, කාටවත් අඳුරගන්න බෑ දෙන්නව වෙන් කරලා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් කට ඇරියොත් බොරුමයි කියන්නේ. කිසිම මොහොතක ඇත්ත කියන්නෙ නෑ. අනිත් සහෝදරයා ඇත්ත විතරමයි කියන්නේ, කිසිම බොරුවක් කියන්නේ නෑ.
දවසක් මේ ගම හරහා එහා ගමට යන්න ආපු අමුත්තෙක් පාර දෙකට බෙදෙන තැනකදි කොයි පාරෙද යන්න ඕනෙ කියලා කල්පනා කර කර ඉන්න කොට ඔන්න අර නිවුන්නු දෙන්නා මෙතනට ආවා. මේ දෙන්නා ගැන අහළ ගම් වලත් ප්‍රසිද්ධයි, ඒ හින්දා මේ අමුත්තා දැනං හිටියා මේ දෙන්නගෙන් එක්කෙනෙක් බොරු කාරයෙක් අනිත් එක්කෙනා ඇත්තම විතරක් කියන එක්කෙනෙක් කියලා. ඒත් ඒ කවුද කියලා අඳුනගන්න බෑනේ පෙනුමෙන්.
ඉතිං මේ අමුත්තා කල්පනා කළා. ඊට පස්සෙ එක සහෝදරයෙක්ගෙන් එකම එක ප්‍රශ්නයක් ඇහැව්වා. හැබැයි ඒ ඇහැව්වේ බොරු කාරයගෙන්ද ඇත්ත කියන කෙනාගෙන්ද කියලා එයාවත් දන්නෙ නෑ. ලැබුණ උත්තරෙන් අමුත්තා හරි පාර හොයාගෙන කිසිම කරදරයක් නැතුව එහා ගමට ගියා.
දැන් ඉතින් ප්‍රශ්න අහන වාරෙ. මෙච්චර වෙලා කතන්දරේ අහගෙන හිටිය ළමයි ටික දැං කියන්නකො බලන්න අර අමුත්තා අහපු ඒ එකම එක ප්‍රශ්නෙ මොකද්ද? එයා ඒක ඇහැව්වෙ බොරුකාරයගෙන්නම් එයාට ලැබුණ උත්තරේ මොකද්ද? ඒක ඇහැව්වෙ ඇත්ත කියන කෙනාගෙන්නම් ලැබුන උත්තරේ මොකද්ද? ඒ මොන උත්තරේ ලැබුණත් එයා හරි පාර හොයාගෙන ගියේ කොහොමද?
ඔය හතරටම හරි උත්තර මුළින්ම දෙන කෙනාට තෑග්ගක් තියෙනවා!!!
Subscribe to:
Post Comments (Atom)

Answered this question so many times.. here's the answer.. :-)
ReplyDelete"If I ask your brother, which road lead me to the next village, which road he going to show me?"
The person just has to ignore the road they show and take the other road..
:D
Deleteමෙන්න අපේ ජයග්‍රාහක නිළමේ තුමාගේ තෑග්ග...
සුරංගනා කතන්දරේක හිටියලු ලී බෝනික්කෙක්
ඒ ලස්සන නම අරගෙන හිටියලු තව නිළමෙ කෙනෙක්
බ්ලොග් ලෝකේ බුරතීනෝ නාමෙන් වැජඹෙනා කෙනෙක්
තැන තැන හැඩ වැඩ කොමෙන්ටු ලියනා අපෙ හොඳ මිතුරෙක්
වළව්වෙ මහ ආරස්සක මුලාදෑනි එතුමා තමා
කිරිකැට් මල් පැණි කිව්වම වෙන මොකවත් ඕනෑ නැතා
පළවෙනියට හරි උත්තර දුන්නේ මේ හපනා තමා
මෙන්න ඉතිං කිව්වා වගේ තෑග්ග පිළිගන්ට හොඳා
:D :D :D :D :D
1. අර අමුත්තා අහපු ඒ එකම එක ප්‍රශ්නෙ මොකද්ද? - අමුත්තා ඇහුවෙ ගමට යන පාර මොකක්ද කියල මම ඔබේ සහෝදරයගෙන් ඇහුවොත් ඔහු මට පෙන්නන්නෙ කුමන පාරද?
ReplyDelete2. එයා ඒක ඇහැව්වෙ බොරුකාරයගෙන්නම් එයාට ලැබුණ උත්තරේ මොකද්ද? - බොරුකාරය හැමවෙලේම කියන්නෙ බොරුනෙ. ඉතිං එයා කරන්නෙ අනිත් ඇත්ත කියන කෙනා පෙන්වන ඇත්ත පාර වෙනුවට බොරු පාර පෙන්වනව.
3. ඒක ඇහැව්වෙ ඇත්ත කියන කෙනාගෙන්නම් ලැබුන උත්තරේ මොකද්ද? - ප්‍රශ්නෙ ඇහැව්වෙ ඇත්ත කියන කෙනා ගෙන්නම් ඒ කියන්නෙ අනික් එක්කෙනා තමයි බොරුකාරය. බොරුකාරය පෙන්නන්නෙ බොරු පාරනෙ. ඉතින් ඇත්ත කියන කෙනා පෙන්නන්නෙත් ඒ බොරු පාර.
4. ඒ මොන උත්තරේ ලැබුණත් එයා හරි පාර හොයාගෙන ගියේ කොහොමද? - දැන් මේ ප්‍රශ්නෙ ඇහුවම ප්‍රශ්නෙ ඇහුවෙ ඇත්ත කියන කෙනාගෙන්ද බොරු කියන කෙනාගෙන්ද කියල වෙනසක් නැතුව දෙන්නම පෙන්නන්නෙ බොරුපාර.අමුත්තා කරන්නෙ ඒ පෙන්නපු පාරෙ නැතුව අනික් පාරෙ යන එක…
මේකට ටිකක් විතර සමාන මම අහල තියන තව කතාවක් කියන්නද?...නස් රුදීන් ගැන දන්නව නේද්? අවුරුදු තුන්සීයකට වගෙ එහා පර්සියාවෙ හිටියයි කියන නස් රුදීන් ගැන තියන කතා අප්‍රමාණයි.
නස්රුදීන් ගෙ රටේ රජ්ජුරුවො එක ජාතියක මැන්ටල් කේස් එකක්. දවසක් මිනිහට හිතුන මගෙ රටවැසියො ඔක්කොම ඇත්ත කතාකරන අය කරන්න ඕන කියල..මිනිහ කරපු වැඩේ නගරයට ඇතුළු වෙන දොරටුව ළඟ හිර ගෙයක් හැදුව. ඒ කරල රජ්ජුරුවො ඉන්නව එතනට වෙල. නගරයට ඇතුල්වෙන හැමෝගෙන්ම රජ්ජුරුවො ප්‍රශ්නයක් අහනව. ඒ කරල රජ්ජුරුවොම තීරණය කරනව දෙන උත්තරේ ඇත්තද බොරුද කියල ඒ තීරණය අනුව එක්කො ඒ මනුස්සය හිරේට දානව නැත්නම් නගරයට ඇතුල් වෙන්ට ඉඩ දෙනව.
ඔහොම බර ගානක් නිරපරාදෙ හිරේට දැම්මට පස්සෙ නස්රුදීන්ට මේක ආරංචි උනා.හිටපල්ලකො මම ඔය පිස්සු වැඩේ නවත්වන්ට..කියල නස් රුදීනුත් ගියා නගරෙට ඇතුල් වෙන්ට..
'' තමා කොහෙද යන්නෙ?.... '' ඔන්න රජ්ජුරුවන්ගෙ ප්‍රශ්නෙ.
'' මම මේ හිරේට යන්ට කියල…..'' නස් රුදීන් කිව.
'' ඒක බොරුවක්.... '' රජ්ජුරුවො කෑගැහැව්ව.. '' මේකව හිරේ දාපල්ලා……''
" ඒත් රජතුමනි…" රාජ පුරුෂයා බොහොම යටහත් පහත්ව කිව්වා. " අපි මේ මනුස්සයව හිරේට දැම්මොත් ඒ මනුස්සයගෙ උත්තරේ ඇත්ත වෙනවනෙ…"
" ඒකත් හරි තමයි, එහෙනම් මිනිහට යන්ට දීපල්ලා..'' රජ්ජුරුවො ආයෙම අණ කලා.
රජ පුරුෂය ආයෙම ඔළුව කැසුවා. '' ඒත් රජතුමනි මේ මනුස්සයට නගරයට ඇතුල් වෙන්ට දුන්නොත් මිනිහ කිව්වෙ බොරුවක් වෙනව. ඔබ වහන්සෙගෙ නියෝගය අනුව බොරුවක් කියන කෙනෙක් හිරේට දමන්ටම ඕනෙ. "
රජ්ජුරුවන්ටත් උතුර දකුණ මාරු උනා...මොකද මේකට කරන්නේ?.... අහස පොළව ගැටගන්නට වගෙ කල්පනා කරන්ට ගත්තා.
'' දැන් තේරෙණව නේද ඔබ තුමාගෙ නියෝගය මොන තරම් මෝඩ එකක්ද කියල? " නස් රුදීන් හෙමිහිට රජ්ජුරුවන්ට කිට්ටු වෙලා ඇහුව.
ඒ රජ්ජුරුවො හැබැයි ඔය වගෙ නුහුගුණ වැඩ හිටපු ගමන් කලාට ඔලුවත් ටිකක් විතර තියන මනුස්සය. තමන්ගෙ වැරැද්ද පිළිඅරගෙන නස් රුදින් රාජකීය උපදේශක හැටියට පත් කර ගත්තා.
රවි අයියාගෙ උත්තරේ හරිම පැහැදිලියි. මං බලාපොරොත්තු වෙච්ච විදිහටම ප්‍රශ්න හතරට හොඳට පැහැදිලිව උත්තර දීලා තියෙනවා. හොඳ ළමයා! :D
Deleteඅයියා කියපු නස්රුදීන්ගේ මේ කතාවනම් මං අහලා තිබ්බෙ නෑ. එයාගෙ මං ආසම එයාගෙ කතාව මතක් උනා. කියන්නද. ඔන්න දවසක්දා නස්රුදීන් ගේ ඇතුළේ ඉන්දැද්දී එයාගෙ නෝනා එළියේ මොකද්ද වැඩක් කර කර හිටියලු. එකපාරටම ගේ ඇතුළෙන් මහා සද්දයක් ඇහුණලු. නෝනා කෑ ගහලා ඇහැව්වලු 'මොකද්ද ඒ පෙරලුනේ?' කියලා. නස්රුදීන් කෑ ගහලා උත්තර දුන්නලු 'මේ මගේ කබාය වැටුනනේ' කියලා. නෝනා පුදුම වෙලා ඇහැව්වලු 'ඔච්චර සද්දෙන්?' කියලා. නස්රුදීන් ආයෙත් උත්තර දුන්නලු 'කබාය ඇතුලේ මං හිටියනේ' කියලා. :D
නස් රුදීන්ගෙ තව කතා දෙක තුනක් කියන්නෙයි? බලන්ට කලින් අහල තියනවද කියල?
Deleteඅර මම කලින් කියාපු රජ්ජුරුවන්ගෙ ප්‍රශ්නෙ සිද්ධියෙන් පස්සෙ එතුමා නස්රුදීන්ව පත් කලා ප්‍රධාන නඩුකාරය හැටියට. ඔන්න දවසක් දෙන්නෙක් ආව නස්රුදීන් ඉස්සරහට..චෝදනාව එක්කෙනෙක්ගෙ කණ අනික් මනුස්සය හපා කෑවයි කියල.
" ඒ චෝදනාව සම්පූර්ණ බොරුවක් ස්වාමීනී. මේ මනුස්සයමයි එයාගෙ කණ හපා ගත්තෙ. ඒ කරල දැන් බොරුවට මට චෝදනා කරනව…" විත්ති කාරය එකහෙලාම කිව්ව.
" ඈ..ඒ කොහොමද තමන්ගෙ කණ තමන්ම හපා ගන්නෙ?..කණ තියෙන්නෙ කටට උඩින් නෙව.." නස් රුදීන්ට මේ කතාව මහ පුදුමයක්.
" එහෙම පුළුවන් ස්වාමීනී...මේසයක් උඩට නැග්ගම තමන්ගෙ කණ තමන්ටම හපාගන්ට පුළුවනි… " විත්ති කාරය දහ අතේ දිවුරුව.
" හරි. පැයකට උසාවිය කල් තබනව..පැයකින් පස්සෙ ආයෙ රැස් උනාම මම මගෙ තීන්දුව දෙනව.."
නස්රුදීන් මෙහෙම කියල විනිශ්චායසනයෙන් නැඟිටල තමන්ගෙ පෞද්ගලික කමරයට වෙලා දොර වගගත්ත. ඒ කරල දහ අතේ කල්පනා කලා තමන්ගෙ කණ තමන්ටම හපාගන්ට ක්‍රමයක් තියද කියල. අන්තිමට මිනිහ කාමරේ තියන මේසෙ උඩට නැඟල තමන්ගෙ කණ හපන්ට උත්සාහ කලා. වෙච්චි වැඩේ බැලන්ස් නැතුව ගිහිල්ල මිනිහ මේසෙන් පල්ලට වැටිල වම් තට්ටම බිම වැදිල නිල් උනා.
හරියටම පැයකට පස්සෙ කොර ගහමින් ගිහිල්ල නස්රුදීන් විනිශ්චයාසනයට ගොඩ උනා. රාජ පුරුෂයින්ට මෙහෙම අණ කලා.
" විත්තිකාරයයෙ කලිසම පාත්කරල බලනවල වම් තට්ටමේ නිල් පාට තැල්මක් තියනවද කියල..එහෙම තියෙනවනම් විත්තිකරු වැරදිකාරය. එහෙම නැත්නම් පැමිණිලි කරු වැරදි කාරය…" නස් රුදීන් තීන්දුව දුන්නා.
****************************************
ආයෙම දවසක නස්රුදීන් මස් රාත්තල් දෙකක් ගෙදර ගෙනාව. භාර්යාවට මස් උයන්න දීල මිනිහ ගියා නාගෙන එන්න. නස්රුදීන්ගෙ භාර්යාව ටිකක් විතර කෑමට ප්‍රියයි. මස් ඉදීගෙන එනකොට හට්ටියෙන් ආපු සුවඳ ඉවසගන්ඩ බැරි තැන මේ මනුස්සය කලේ මස් ඔක්කොම කාල දැම්ම.
නස්රුදීන් නාහෙන එනකොට මස් කෑල්ලක්වත් නෑ.
" හරි වැඩේනෙ ඒයි, මම වතුර බාල්දියක් ගේන්න ළිඳ ළඟට ගිය වෙලාවෙ බළල මස් ටික ඔක්කොම කාලනෙ…" භාර්යාව කිව්ව.
නස් රුදීන් කිසිම කතාවක් නැතුව තරාදිය ගෙනල්ල බලලව කිරුව. හරියටම රාත්තල් දෙකයි.
" මම මස් රාත්තල් දෙකක් ගෙනාව. දැන් මේ බලලගෙ බරත් රාත්තල් දෙකයි. මේ බළල නම් කෝ මස්?...එතකොට මේ මස් කියමු..එතකොට කෝ බළල? " නස් රුදීන් ඇහුව ප්‍රියම්බිකාවියගෙන්
****************************************
නස් රුදීන් හැම තැනම ඇවිද්දෙ මාළු දැලකුත් කරේ තියාගෙන.
" මම ජීවිතේ පටන් ගත්තෙ මාළු අල්ලල..මම කවදාවත් ඒක අමතක කරන්නෙ නෑ. මම ඇවිල්ල කළගුණ දන්න මිනිහෙක්……"
ඒ ගැන අහපු හැමෝටම නස්රුදීන් කිව්වෙ එහෙමයි. මේ කතාව රජ්ජුරුවන්ටත් ආරංචි වෙන්න වැඩි කාලයක් ගියේ නෑ..මේ වගෙ අවංක ගුණ යහපත් මිනිස්සු හොයන එක ලේසි නෑ...රජ්ජුරුවො එහෙම හිතුව. නස් රුදින්ව ගෙන්නල භාණ්ඩාගාරය භාරකරු විදිහට පත් කලා.
ඒත් පහුවදා ඉඳල නස් රුදීන්ගෙ කරේ අර මාළු දැල නෑ..
" කෝ නස් රුදීන් මාළු දැල?..." මිනිස්සු ඇහුව.
" මාළුව අල්ලගත්තට පස්සෙ ආයෙ දැළ කරේ තියන් යන්නෙ අහවල් දේකටද?..." නස් රුදීන් ඇඟට පතට නොදැනී කිව්ව.
අනේ මන්දා මේ නස්රුදීන් කියන්නේ රවි අයියගෙ පෙර බවයක්ද දන් නෑ. දෙන්නගෙම මේ කියන කතා වල වැඩි වෙනසක් නෑනේ. :D හැබෑවටම මං මේ කතා තුනම අහලා නෑනේ අයියේ.
Deleteමම මේ සැරින් සැරේ ඇවිත් බලනවා කවුරු හරි හරි උත්තරේ දීලද කියලා. හී හී...
ReplyDeleteකල්පනා කරන්ට බෑ අය්යෝ....:(
හරි උත්තරේ මේ වෙද්දි දෙන්නෙක් දීලා තියෙනවා, මම ඒ කමෙන්ට් පබ්ලිශ් කළේ නෑ තාම. අනිත් අයටත් තව හිතන්න ඉඩ දෙන්න එපැයි. කම්මැලි නොවී හිතන්නකෝ අක්කේ. ඔන්න වළව්වෙ නිළමෙලා දෙන්නෙක් තමයි හරි උත්තරේ දීලා තියෙන්නෙ. :)
Deleteහරි උත්තරේ ලැබිලා කියන්නෙ අපිට තෑගි නෑනේ..))
Deleteඒ නිසා උත්තරේ දෙන්නෙ නෑ..!
(ඇත්තම කතාව කිව්වොත් මට උත්තරේ හිතාගන්න බෑ)
ඔන්න දැං දාලා තියෙන්නෙ හරි උත්තර දාපු අයගේ උත්තර ටික. කියවලා බලන්නකෝ. තව ඉස්සරහටත් මං මේ වගේ එව්වා දානවා, ඇවිත් බලන්නකො උත්තර දෙන්න පුළුවන්ද කියලා. :)
Deleteයකඩෝ මෙන්න අපේ සිත්තමී නගාත් ලියන්ට අරන්...හැබෑට මට මේක මග ඇරුන හැටි..
ReplyDeleteහරි හරි කෝ දැන් මම මේක මුල ඉඳන් කියවන් එන්නම්
කෝ ඉතිං, මං මේ පණිවිඩේ අපේ මල්දමේ ඇත්තන්ට කියන කාලේ ඔයා ඇපල් කඩන්ට ගිහිං නෙව. නෑ, මං හිතන්නෙ ඊටත් කළින් කිව්වෙ. ඒ කාලෙදි ඔයා මල් කඩන්න ගිහිං ඉන්ඩැති. ඉතිං කෝමහරි ආවනේ, ඒ මදෑ. ආදරෙන් පිළිගන්නවා අක්කේ. :)
Deleteඔන්න මම කියන්නද..මම කලින් අහල තීනවා. ඉතින් ඒකයි නොකිය හිටියේ.
ReplyDeleteඑයා ඇහුවේ 'ඔබ ඔබේ සහෝදරයා නම් ගමට යන හරි පාර කියා කියන්නේ මොන පාරද?'
ඉතින් ඒකට පෙන්නපු පාර නෙවෙයි අනිත් පාරේ තමා එයා ගියේ.
හරියට හරි අමා අක්කේ! අනිත් දවසේ වේලාසන ඇවිල්ලා කොහොමහරි තෑග්ග ගන්න බලන්නකෝ හොඳද. :)
Deleteඔන්න ඉතින් අමුත්තා සහෝදරයෝ දෙන්නා හම්බ වෙනවා. හම්බ වෙලා එක්කෙනෙක්ගෙන් අහනවා (බොරුකාරයද ඇත්ත කියන කෙනාද කියලා නොදැන) 'අහවල් තැනට මම යන පාර ඔබේ සහෝදරයගෙන් ඇහුවොත් ඒ මොකක් කියලා කියයිද? ' කියලා. බොරුකාරයා බොරු පාර පෙන්නනවා. ඇත්ත කියන එක්කෙනත් ඒ පාරම පෙනනවා. ඉතින් අමුත්තා පෙන්නපු පාරේ නෙමෙයි අනික් පාරේ යනවා...හී හී...
ReplyDeleteඋත්තරේට උදව් කලේ වලව්වේ නිලමේ කෙනෙක්. තෑග්ග එයා එක්ක බෙදාගන්ට ඕනි හන්දා බෙදාගන්ට පුලුවන් විදියේ එකක් දෙන්ට.
මෙන්න පොඩි මැණිකේ හොර කරලා. :D උදව් ගත්තෙ ජයග්‍රාහක ආරස්සක නිළමේ තුමාගෙන්නම් ඔන්න තෑග්ග බෙදා ගත හැකි. කවිකාර නිළමේතුමාගෙන්නම් ඉතින් මං අනුශූරතාවයට තෑග්ගක් දුන්නෙ නෑනේ. :)
Delete