35. ජීවන රඟමඬල...



විසල් වූ රඟ මඬලක් වන්
මේ විෂම ලෝ තලේ
රඟන්නෙමු අප සැවොම
නෙක වන් ජීවන චරිතයන්...
ගනිමු මඳ ඉසිඹුවක්
සිතන්නට දකින්නට
බසිමු වේදිකාවෙන් ප්‍රේක්ෂකාගාරයට
යතාර්ථය කැටි වූ මහ පොළොවට
විවර කරනෙමු දෙනෙත්
මිරිඟුවෙන් සත්‍යය දෙසට...
මල් යහනාවක්ම නොවන බව
සත්‍යයයි මේ දිවිය
නුමුදු, එය හුදු කටු අකුලක්මද
නොවන බව දත යුතුය
උගනිමු හිනැහෙන්නට
දුක දිනා වීරියෙන්
උගනිමු රසවිඳින්නට
ආත්ම තෘප්තියේ මිහිරියාව...
විටෙක සතුටද විටෙක කඳුලද
උරුම කරගෙන ගලා බසිනා දිවි සැරිය
සොඳුරු වනු ඇත නිසැකයෙන්ම
තොටිලි වැටෙන් ඇරඹී
දිවි මග පුරා හමු වන
නැතක් අභියෝගයන්ගෙන්
පාසි බැඳි කළු ගල් මතින්
නොසැලී නොනැවතී නොබියව
දෙපස සරු කරමින්
ඉදිරියටම ඇදී යන
සොඳුරු දිය දහරක් මෙන්...

4 comments:

  1. අපූරු කවි සංකල්පනාව බං...පාඨක ජීර්ණයෙ Life is like that මතක් උනා....

    “I'm the one that's got to die when it's time for me to die, so let me live my life the way I want to.” 
    ― Jimi Hendrix

    “Just when you think it can't get any worse, it can. And just when you think it can't get any better, it can.” 
    ― Nicholas Sparks, At First Sight

    ReplyDelete
    Replies
    1. අයියා උපුටා දක්වලා තියෙන කියමන් දෙකනං මසුරන් වටිනවා. බොහොම ස්තූතියි අයියේ. :)

      Delete
  2. හ්ම්ම්.. අර කව්දෝ ලොකු මහත්තයෙකුත් කියලා තියෙනවනේ ජීවිතේ රඟ මඩලක්ය අපි එහි නලුවන්ය කියලා ... ලැබුනු චරිතේ පුලුවන් හොඳට රගපාලා, අනිත් නලු නිලියන්ට ඇණයක් නොවී, තක්කාලි පාරවල් නොකා රඟ මඩලෙන් යන්නයි තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. ඒ ලොකු මහත්තයගෙ කියමනට වඩා වටිනවනෙ බොලේ ඔයා මේ දැං කිව්ව එක.

      /* ලැබුනු චරිතේ පුලුවන් හොඳට රගපාලා, අනිත් නලු නිලියන්ට ඇණයක් නොවී, තක්කාලි පාරවල් නොකා රඟ මඩලෙන් යන්නයි තියෙන්නේ*/

      අමූලික ඇත්ත. මං ගානේ සීනි අහුරක් අරං කටේ දාගන්ඩ ඈ? :D

      Delete