40. හීන ලෝකය සහ හැබෑ ලෝකය...
හීන බල බල නිදාගත්ත හොඳ සැප නින්දකට පස්සේ උඩ විසි වෙලා ඇහැරෙන්නේ අම්මගේ කෑගැහිල්ලට. දෙතුන්වතාවක් හොඳින් කතා කළාට ඇහැරෙන ජාතියේ නෙවෙයි මම. ඉතිං ඔන්න උඩ විසිවෙලා ආපහු ඇඳට වැටිලා බිමට බැහැලා නිදිමතේම ගිහිං කට හෝදලා තේත් බීලා බාත් රූම් එකට රිංගගෙන දතුත් මදිනවා. මෙන්න අම්මා ආයෙත් කෑගහනවා ඇහෙනවා. ඇයි අනේ, තාම මගේ වෙලාව ඉවරත් නෑනේ. අපි හැමෝටම උදේට බාත් රූම් එකේ ඉන්න ලැබෙන විනාඩි ගාණක් තියෙනවා. ටයිම් ටේබල් එකක්. ඕක විනාඩියක් හරි පැන්නුවොත් ඉතිං ගෝරි තමයි. ඉතිං මගෙ වෙලාව පහු වෙන්නත් කළිං මොකද මේ ආයෙ කෑ ගහන්නේ.....
දඩෝං!!! මං ඇඳෙං බිමට වැටෙනවා...
අර මුළින්ම ඇහැරුණ වෙලාවේ ඉඳලා මගේ එක කකුලක් විතරයි ඇඳෙන් බිමට බැහැලා ඉඳලා තියෙන්නේ. මං ඇඳ උඩම ඉඳගෙන හීනෙන් තමයි කට හෝදලා, තේ බීලා බාත් රූම් එකට ගිහින් තියෙන්නේ....
හැබැයි ඉතිං හීනෙ දකිනකල් මං දන් නෑ මං මේ දකින්නේ හීනයක් කියලා. ඔයාලටත් වෙලා ඇති ඕනතරං මෙහෙම දේවල්. මං මේ කිව්වේ මට වෙච්ච එව්වැයිං එකම එකක් විතරයි. හැබැයි මේ වැඩේ එක දවසක්නං නෙවෙයි, මට ගණං කරන්න බැරි තරං දවස් ගාණක වෙලා තියෙනවා. තව එකක් මට මතකයි මං ඉස්කෝලේ ලොකු පන්තියක ඉන්න කාලෙක දවසක් මට හීනෙං පෙනුනා මං මුළින්ම එක වසරේ ඉස්කෝලේ ගිය දවස. හීනෙ ඇතුළෙදි මං හිටියේ ආපහු එක වසරේ ළමයෙක් වෙලා. හීනෙ දකිනකල් මං ජීවත් උනේ ඒ හීනේ ඇතුළේ.
ඒ මගේ හැබෑ ජීවිතයට සම්බන්ධ හීන. ඇයි තව ඕන තරං දැකලා තියෙනවා බය හිතෙන එව්වත්. හොඳ වෙලාවට ඒවනං අර වගේ මතක නෑ.
ඉඳලා හිටලා පේන සමහර හීන තියෙනවා, ඒවා පෙනෙද්දි මං දන්නවා මේ හීනයක් තමයි කියලා. ඒක හරියට පොතක් කියවනවා වගේ, චිත්‍රපටයක් බලනවා වගේ. මං දන්නවා මේක පොතක තියෙන, චිත්‍රපටයක කතාන්දරයක් කියලා, ඒත් මං ඒක ඇතුලේ ජීවත් වෙවී රසවිඳින්නේ. අන්න එහෙම පේන හීන වලදිනං මට ඇතියි කියලා හිතුණ තැනිං හීනෙ නවත්තලා ඇහැරෙන්න මට පුළුවං. හරියට පොත වහලා දැම්මා වගේ, චිත්‍රපටය බලන එක මගදි නතර කරනවා වගේ.
මං මේ හීන ගැන මෙච්චර කිව්වේ හීන දකින අතරෙදී අපි ඒ හීන ඇතුළේ ජීවත් වෙන හැටි ඔයාලට මතක් කරන්නයි. ඒ එක්කම ඒ ගැන කතා කරන්න පුළුවන් සංකල්පයක් ගැන කියන්නයි.
මේ සංකල්පය මගේ අදහසක් නෙමෙයි. මගේ පාසැල් වියේ ගුරුවරයෙකුගේ. එතුමාත් ඒ සංකල්පය කොහෙන් හෝ අහපු, කියවපු දෙයක්ද කියලනම් දන්නෙ නෑ.
මේ හැම දෙයක්ම හීනයක් වෙන්න බැරිද? අපි මේ දකින, අහන හැම දෙයක්ම? අපි ආදරේ කරන අය, අපේ ගෙදර, අපේ පාසල, අපේ රැකියා ආයතනය - මේ හැමදෙයක්ම අපේ ඒ හීනයේ කොටස් විතරක් වෙන්න බැරිද? අපි මේ අපේ ස්වරූපය කියලා හිතාගෙන ඉන්න මිනිස් රූපයත් ඒ හීනයෙන්ම අපේ හිතේ මැවිච්ච දෙයක් විතරක් වෙන්න බැරිද? මේ ගහ කොළ, සතුන්, කඳු වැටි, මහ මුහුද - මේ හැම දෙයක්ම අපේ පරිකල්පනයෙන් අපේ හීනයට ඇතුල් කරපුවා විතරක් වෙන්න බැරිද? මම මේ ලියන ඒවා කියවන ඔයාලා මගේ හීනය ඇතුළේ මම මවාගත්ත පිරිසක් විතරක් වෙන්න බැරිද? අපි මේ ඉගෙනගන්න දේවල්, ගණිතය, විද්‍යාව, සාහිත්‍යය - ඒවාත් මගේ ඒ හීනය තුළින්ම මගේ හිතේ කොතැනක හෝ හැංගිලා තියෙන දෙයක් මම ආපහු මතක් කරනවා විතරක් වෙන්න බැරිද?
කොහොමද බැහැයි කියලා කියන්නේ මම තාම ඉන්නේ හීනේ ඇතුළෙනම්? ඒ හීනෙන් අවදි වෙනකල් මම දන්නෙ නෑ මම දකින්නේ හීනයක් බව.
මේ සංකල්පය අහද්දී මම බොහොම පොඩියි, හත වසරේ නැතිනම් අට වසරේ විතර ඇති. එදා ඒ දේ තේරුම් ගියාට වඩා යම් ගැඹුරකින් අද ඒ දේ ගැන හිතන්න පුළුවන්කම ලැබුණත් අදටත් මට සියයට සියයක් සම්පූර්ණයෙන් ඒක තේරුම් ගන්න අමාරුයි. හැබැයි ඒක පුදුම ඇත්තක් කියලානම් තේරෙනවා. මම කැමතියි මේ ගැන ඔයාලගේ අදහසුත් දැනගන්න.
Subscribe to:
Post Comments (Atom)

කවුද අනේ ඔයාගෙ ඔය සර්? කවුරු උනත් හොඳ ගුරුවරයෙක්....ඒ වගෙ දෙයක් බය නැතුව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙ මනසට දාන්න සාමාන්‍ය ගුරුවරයෙකුට නම් බෑ. ඒ සංකල්පය දැනට විද්‍යාත්මකව ලෝකෙ සාකච්ඡාවෙන දෙයක්....අපි හැමෝම ඉතාම අපිට හිතාගන්නවත් බැරි තරම් දියුණු Entity එකක ( මේ තරම් දියුණු තත්වයකට පත් උනාම ඔවුන් හඳුන්වන්නෙ Entity කියන නමින්) මනසේ උපන් සංකල්ප වෙන්න බැරිද?....එක්කො ඔවුන්ගෙ පර්යේෂණයක චරිත..එහෙම නැත්නම් ඔවුන්ගෙ ක්‍රීඩාවක ක්‍රීඩකයන්......ඔලුව නරක් වෙනව නේද?....ඒත් එහෙම වෙන්න පුලුවන් කියලයි ඒ ගැන හුඟක් දුරට හොයල බලපු දැනුම් තේරුම් තියෙන උදවිය කියන්නෙ...
ReplyDeleteThe Matrix ෆිල්ම් එක බලල තියනවද?...ඒකෙ කියන්නෙ මේ වගෙ කතාවක්...අනාගතයෙ පෘථිවියෙ ඇතිවන දියුණු මනසින් යුත් Machine Entities වල සිතුවිලි ධාරාවන් තුල ජීවත්වන මිනිසුන්.අතථ්‍ය තථ්‍යතාවය ( Virtual Reality ) ඉතාම දියුණු මට්ටමකට ගෙනගිය අවධියක් ඒ....
මෙහෙම වෙන්න බෑ..මේ සිදුවීම් අභව්‍යයයි කියල හිතෙනවද?..හෙහ්, හෙහ්, Arthur C. Clarke මහත්මය මෙහෙම කියල තියනව. The Truth is not only stranger than you think , it’s even stranger than you can imagine ever.....තව අවුරුදු දස දහස් ගණනකට පස් සෙ මොනව වෙයිද කියල කාටද කියන්න පුළුවන්...
May be we are all characters in a computer game stimulated in a mind of a super being billion of years in future. May be just may be he or she or it is getting tired of the game and will decide to terminate the game tomorrow…heh, heh, scary isn't it? think about it when going to sleep..okay?..you would have a very peaceful sleep..take my word for it ...:)
/*කවුද අනේ ඔයාගෙ ඔය සර්? කවුරු උනත් හොඳ ගුරුවරයෙක්....*/
Deleteඇත්තටම හොඳ ගුරුවරයෙක් තමයි අයියේ. අපිට පාසලේ විෂය මාලාව උගන්නපු ගුරුවරයෙක් නෙමෙයි මේ. මම පාසලේදී සහභාගි වෙච්ච විෂය පරිබාහිර ක්‍රියාකාරකමක අපේ පුහුණුකරු. ද්‍රවිඩ ජාතික තරුණ ගුරුවරයෙක්.
The Matrix කතා මාලාවේ චිත්‍රපට තුනම බැලුවා. ඒත් මට ඒ වැඩිහරියක් තේරුනේනම් නෑ. අමුතුවෙන් තේරුං ගන්න උත්සාහ කළෙත් නෑ. ඔන්න ඔහේ මගේ මොළේ ඒ ගානට හැදිච්ච කාලෙක තේරෙන් නැතෑ කියලා නිකම් ඉන්නවා. මං ඔය too scientific දේවල් ගැන මොළේට වද දිදී හිතන්න කැමති නෑ. ඊට වඩා මගේ හිත යන්නේ සෞන්දර්යාත්මක දේවල් වලට. මම අර දඩයක්කාරයගෙ කතාවෙ සමහර කොටස් කියෙව්වෙවත් නෑ කියලා අයියා දන්නවනේ. :)
ස්තූතියි අයියේ වටිනා කමෙන්ට් එකට. :)
The Matrix ෆිල්ම් එකේ බෞද්ධ දර්ශනයේ සමහර දේවල් වලිනුත් ආභාෂයක් අරන් තීනවා කියල හිතුන මට. රවී අයියට මතකද මේ සීන් එක?
DeleteThere is no spoon
සිත්තමි නඟා : ඇත්තටම Matrix කියන්නේ ලොකු විද්‍යාත්මක පදනමක් තියෙන ෆිල්ම් එකක් නෙවෙයි. මට ඒකෙ විද්‍යාවට වඩා පෙනෙන්නේ දර්ශනය...ම්ම්ම් ඒකෙ ගොඩක් දේවල් වල 'යටි අරුත්' තියෙනව- සංකේතාත්මකව හිතන්නට යමක් තියෙනවා ගොඩක් තැන්වල...
මේ සිත්තං ගොයිය බොලොග් එකේ ෆොන්ට් එක අමුතු පාට වලින් දාල අපිට වැඩ පෙන්නන්ඩ ගිය එකෙන් වෙලා තියෙන්නෙ දාන ලින්ක් පේන්නෙ නෑ එතනට මවුස් පොයින්ටර් එක අරගෙන ගියෙ නැත්නම්..මගෙ කමෙන්ට් එකේ The Matrix සහ May be we are all characters in a computer game කියන දෙතැනම ලින්ක් දෙකක් තියනව...:)
Deleteහැබෑව නෙවෙන්නම්...මං මේ එකක් කියෝලා අහවර කොලා විතරයි...බොහොම ස්තුතියි රවී අයියේ...
Deleteමයේ කමන්ට් එකේ ලින්ක් එකත් පෙනෙන්නේ නැතිව ඇති...මයේ ඔය 'there is no spoon' කියන තැන තීන්නේ ලින්ක් එකක්
ඔය කියන්නෙ අමා බ්‍රහ්මන් සංකල්පය ගැන. ඒක මට මතක විදිහට තියෙන්නෙ හින්දු චතුර් වේදයෙ සහ උපනිෂද් ග්‍රන්ථ වල. සරලව කිව්වොත් බ්‍රහ්මන් සංකල්පයෙන් කියන්නෙ අපි හැමෝම බ්‍රහ්මන් කියන මහා ආත්මයෙ කොටස් කියලයි. ඕම් කියන්නෙත් ඒ මහා ආත්මයටමයි.බ්‍රහ්මන් සංකල්පය මිනිස් වර්ගයා කියන්නෙ බ්‍රහ්මයගෙ සිතුවිල්ලක්ය කියල අර්ථ දක්වන්නත් පුලුවන් සමහරවිට. :)
Delete@ Ravi Ayya
Deleteඒ ගමන ආයෙත් නමක් දාලා මට! ඉඳහල්ලකෝ, මං වෙලාවක අයියට දානවා හොඳවැයිං නමක් ආයෙ ජීවිතේට අමතක නොවෙන්න! ඉස්තූතියි ලින්ක් වලට ඈ? :)
@ Ama Akka
The Matrix මම හිතාපු තරම් scientific කතාන්දරයක් නෙමෙයිද? එහෙනම් ආයෙත් බලන්න ඕනෙ. බලමු මේ සැරේවත් තේරෙයිද කියලා. :)
"So 'to be or not to be' is not the whole question. The question is also who we are? Are we really human beings of flesh and blood? Does our world consist of real things - or are we encircled by the mind?"
ReplyDelete- George Berkeley -
ස්තූතියි අයියේ මේ කියමන උපුටා දැක්වුවාට. මම අපේ ඒ සර් ඒ ගැන කියපු දේ ඇරෙන්න ඒ අදහස වෙන කොහෙදිවත් අහලවත් කියවලවත් තිබ්බෙ නෑ. :)
Deleteමම දන්නා තරමින්, බර්ක්ලේ තමා මේ වගේ අදහසක් මුලින්ම ඉදිරිපත් කලේ.. ඔහු 18වන සියවසේ හිටපු පූජකයෙක් හා දාර්ශනිකයෙක් (හරියටම කියනවානම් අනුභූතිවාදියෙක්).. ඒ වෙනකොට වැඩෙමින් තිබුනු ද්‍රව්‍යවාදය නිසා 'දෙවියන් විසින් ලෝකය මැවුවා හා පවත්වාගෙන යනවාය' කියන ආගමික විශ්වාසයට තර්ජනයක් එල්ලවෙන හැටි ඔහු දැක්කා.. ඉතින් ඔහු තර්ක කලා "පවතින එකම දේ අපි ප්‍රත්‍යක්ෂ කරන දේ පමනයි, කායික ලෝකය හැදෙන්න යොදන සංකල්පවලට හේතු වන වෙනින් ප්‍රාණේන්ද්‍රියක් තිබිය හැකියි, හැම දේටම හේතුව ඒ ප්‍රාණේන්ද්‍රියයි" කියලා.. ඔහු තව දුරටත් කිවුවා "අප වටේ තියෙන ලෝකයත්, අපේ ජීවිතත් පවතින්නේ දෙවියන්ගේ මනසේ විතරයි" කියලා.. ද්‍රව්‍යමය දේ විතරක් නෙවෙයි කාලයට හා අවකාශයට පවා ස්වාධීන පැවැත්මක් තිබිය හැකිද, ඒකත් අපේ මනසේ ප්‍රත්‍යක්ෂයේ කොටසක් නෙවෙයිද කියලා ඔහු ප්‍රශ්න කලා.. දැන් අපි අහන ඔය සමහර කතා තියෙන්නෙ, 'අපේ දවසක් දෙවියන්ට තත්පරයක් විතරයි, අපේ අවුරුද්දක් දෙවියන්ට විනාඩි කීපයක් විතරයි' කියලා.. ඇත්තටම සිද්ධවෙන්නෙ ඒක විය හැකියි කියලා ඔහු තර්ක කලා..
Deleteබුරෝ ඒ විස්තර ටිකට ගොඩක් ස්තුතියි. ඔය George Berkeley ගැන පොඩ්ඩක් හොයද්දි මට හම්බුනා එයා කියල තීන එකක්:
Delete"Does a failing tree in the forest make a sound when there is no one to hear?"
එතකොට මට මතක් උනේ Terry Pratchett. මේ වගේ මාතෘකා ගැන කතන්දර පොත් ලියන සිරා පොරක්. එයාගේ පොතක තිබ්බ මෙහෙම:
"One of the recurring philosophical questions is:
"Does a failing tree in the forest make a sound when there is no one to hear?"
Which says something about the nature of philosophers, because there is always someone in a forest. It may only be a badger, wondering what that cracking noise was, or a squirrel a bit puzzled by all the scenery going upwards, but someone."
--Terry Pratchett, Small Gods
යකෝ ජොලි පොරක් නෙව මේ ටෙරී බුවා..ඕකයෙ පොත් හොයාගෙන කියවන්න ඕන..Thanks Ama,
Deleteකැලේ ගස් වැටෙන පිලොසෆි එකට මම ආසයි. That means I have done nothing wrong if I didn’t get caught..heh, heh….thats going to be my life motto from today onwards……
මේ ටෙරියගෙ තව කියමනක්...:)
Light thinks it travels faster than anything but it is wrong. No matter how fast light travels, it finds the darkness has always got there first, and is waiting for it.
හප්පා, මං මේ නිදිමරගාතේ හීන බල බල ලියපු පෝස්ට් එකට සෑහෙන වටින කමෙන්ට් ටිකක් එකතු වෙලානේ. මේ කියාපු බර්ක්ලේ ගැනයි ටෙරී ගැනයි තව හොයලා බලන්න ඕනෙ නිවාඩු පාඩුවේ. බූරෝ අයියටයි, අමා අක්කටයි, රවි අයියටයි ගොඩා......ක් ස්තූතියි මේ සංවාදයෙන් වටින කරුණු ගොඩාක් මෙතනට එකතු කළාට. :) :) :)
Delete@ Ravi,
Delete// Light thinks it travels faster than anything but it is wrong. No matter how fast light travels, it finds the darkness has always got there first, and is waiting for it. //
Can't agree to this, well, scientifically.. Darkness doesn't travel, it is just there always.. It's one of the basics of the universe, same as cold, emptiness, ie.. When there isn't light dark is there, when there isn't heat, cold is there..
@ Buratheno,
DeleteWell I asked Terry about your disagreement and this was his reply…
Dear Bura,
Well okay, in that case I would say light doesn't travel either, either it's there or not. You say that darkness is a basic of the universe, that means light is not...Well, there should be light simultaneously if darkness is to exist. Every thing is in perspective. No light means neither darkness. Then what's actually there?...Vast emptiness, absolute nothingness, or else you could say Nirvana
Nope. Darkness can exist without light. That's why it is one of the basics. It is part of the vast emptiness you mentioned above. You can't tell darkness is made of something, thus it can't travel. On the other hand, light is made of photons & these photons can travel.
DeleteHayyo Buroo!!!
Deleteof course its not scientifically accurate. Thats because its not meant to be :P :P
its metaphysics..not physics :P
මටත් වෙලාවකට හිතෙනවා මම ඉන්නේ හීනෙක කියලා. ජීවිතෙත් එක අතකට හීනයක් වගේ. අන්තිමට තියෙන්නේ මතකයක් විතරයි.
ReplyDeleteහපොයි මම දකින හීන. සමහර ඒවා සුදු සහ කලු. සමහර ඒවා වර්ණ. ගොඩක් වෙලාවට දුවන්ට ගිහින් වලක වැටිලා උඩ ගිහින් විසිවෙන හීන දකිනවා. දැකපු භයානකම හීනේ තමයි, ආපහු ඉස්කෝලේ ගිහින් විභාගෙකට ලියන්ට වාඩිවෙලා, ඒක කරගන්ට බැරි උනු එක. එදා දවසම හිටියේ බයෙන්. ආයෙම කරපු විභාග ඔක්කොම කරන්ට උනා නම් කියලා පුදුම බයක් දැනුනේ. :D
/*ගොඩක් වෙලාවට දුවන්ට ගිහින් වලක වැටිලා උඩ ගිහින් විසිවෙන හීන දකිනවා.*/
Deleteඅක්කා වැටෙන්න ඇත්තේ එහෙනං අඩියේ ස්ප්‍රිං හයිකරලා තිබ්බ වළකට වෙන්ඩැති. :D :D :D
/*දැකපු භයානකම හීනේ තමයි, ආපහු ඉස්කෝලේ ගිහින් විභාගෙකට ලියන්ට වාඩිවෙලා, ඒක කරගන්ට බැරි උනු එක.*/
හපොයි ඔව් නේන්නං. විභාගෙ අමාරුම විෂය තියෙන දාට කළින් දා මටත් ඔහොම හීන පේනවා. :-o
සිත්තමී මතු කරලා තියන ප්‍රශ්නෙ අර අගමුල නැති වැල් වගේ..කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා තේරුමක් නැහැ..
ReplyDeleteකොහොම වුනත් අපි ඉන්නෙ මේ හීනෙක නම් මම ඒ හීනෙට කැමතියි..බොහෝ වෙලාවට මම දකින අග මුල ගලපගන්න බැරි හීනත් ඒකක බලනකොට මම හැබෑ ලෝකෙට ආදරෙයි..:)
/*මම හැබෑ ලෝකෙට ආදරෙයි*/
Deleteඅහන්නත් සතුටුයි රූ... මමත් හැබෑ ලෝකෙට ආදරෙයි. ඒ එක්කම, මගේ හිතේ මැවෙන හීන වලට (මට පාලනය කරගන්න බැරි විදිහට නින්දෙදී පේන හීන නෙමෙයී) මම ඊටත් වඩා ආදරෙයි. :)
/*සිත්තමී මතු කරලා තියන ප්‍රශ්නෙ අර අගමුල නැති වැල් වගේ*/
ප්‍රශ්නෙ විතරක් නෙමෙයි අනේ, මේ මුළු පෝස්ට් එකම එහෙමයි. :D හුස්ම ගන්න තරංවත් විවේකයක් නොලැබිච්ච සති අන්තයක නිදිමරගාතේ ලියපු එකක් මේ...
මම අහල තියෙනවා හින්දු දර්ශනයේ එහෙම එකක් තියෙනවලු...මේ සියල්ල - ඒ කියන්නේ අපි, මේ ලෝකේ, මේ සියල්ල 'මායාවක් '...මහා බ්‍රහ්මයා දකින සිහිනයක් කියල...
ReplyDeleteභගවත් ගීතාව කියෝලා තීන කෙනෙක් ඉන්නවද මෙතන? ඔන්න පොඩි උදව්වක් කරන්ට...
රවි අයියා මෙතනට දාන්න ඕන කමෙන්ට් එකක් ආන්න උඩින් දාලා. බලනකොට හුඟක් තැන් වල මේ ගැන කියවිලා තියෙනවා නේද අක්කේ. :)
Deleteමේ පෝස්ට් එකට කමෙන්ට් එකතු කරපු මගේ යාළුවෝ හැමදෙනාටම ගොඩාක් ස්තූතියි. වැඩපළේ රාජකාරි අතරේ හුස්මගන්න නතර වෙන විනාඩි දෙක තුනකදී ඔයාලගෙ කමෙන්ට් කියවලා උත්තර බැන්දේ. දැන් තමයි නිවීහැනහිල්ලේ ඉඳගෙන ඒ ටික ආයෙත් හොඳ සිහිබුද්ධියෙන් කියෙව්වේ. එහෙම කියවද්දි තමයි මට තේරුම් ගියේ බූරෝ අයියා, අමා අක්කා, රවි අයියා කියලා තියෙන ගොඩක් වටින අදහස්, සංකල්ප වලින් කියවෙන්නේ අපි වෙන කෙනෙකුගේ හීනයක් ඇතුලේ ජීවත් වෙනවා වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වෙන කෙනෙකුගේ සිතුවිලි මත අපේ පැවැත්ම රඳා පවතිනවා වෙන්න පුළුවන් වගේ දෙයක්. ඇත්තටම ඔයාලගේ කමෙන්ට් කියවලා මෙහෙම හෙමින් සීරුවේ ඒ ගැන හිතනකල් මට ඒක හරියට තේරුම් ගිහින් තිබ්බෙ නෑ. මේ පෝස්ට් එක ලියන මොහොතෙදි මට එහෙම දෙයක් හිතිලාවත් තිබ්බෙ නෑ. මගේ ලිපියෙන් මම ඉස්මතු කරන්න උත්සාහ කරපු සංකල්පය උනේ මේ හැම දෙයක්ම මම දකින හීනෙක කොටස් වෙන්න පුළුවන් නේද කියන එක. මම වෙන කෙනෙකුගේ හීනෙක කොටසක් වෙන එක... (අපොයි මට ඒක එච්චර දිරවන්නෙ නෑ) ඊට වඩා හොඳයිනේ ඔයගොල්ලෝ හැමෝම මගේ හීනේ ජීවත් වෙන අය කියලා හිතන එක. :D මං හිතන්නෙ මගේ හිතේ ඒ ගැන තියෙන සම්පූර්ණ අදහස පැහැදිලි කරන්න මං දන්න වචන මදි අනේ. කමක් නෑ, ඔයාලගේ අදහස් වලින් මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා. ගොඩාක් ස්තූතියි! :) :) :)
ReplyDeleteසිත්තමී..
ReplyDeleteමේ පෝස්ට් එක දැක්කම නම් මට ඇස් අදහගන්න බැරි උනා. දන්නවද .. මමත් හිතනවා මම ඉන්නේ හීනෙක කියලා. මටත් හිතෙනවා මේ වෙන කිසි දෙයක් ඇත්ත නෙමෙයි කියලා.. මේ හැමදේම කොටින්ම මම කියන චරිතෙත් වෙන කාට හරි පේන හීනෙක ඉන්න කෙනෙක් කියලා.. මට හිතෙනවා ඒ කෙනා කොයි වෙලේ හරි ඇහැරුනාම මේ ඔක්කොම ඉවරයි කියලා.. මම කියන චරිතෙත් පැවැත්මත් එතනින් ඉවරයි කියලා ... මට හරියටම පැහැදිලි කරන්න තේරෙන්නේ නෑ.. මම මේක කියන්න උත්සාහ කල හැම වතාවෙදිම මිනිස්සු මගේ දිහා බැළුවේ අමුතුවට :) හිතන්න ඇති මට භින්නෝන්මාදේ කියලා ... :D :D කොහොමින් කොහොම උනත්, මට සතුටුයි මට හිතෙන හැටි තේරෙන කවුරුම හරි ඉන්න එක ගැන
ස්තූතියි රෝස මලේ. ඔන්න බලන්නකෝ, එකම සංකල්පයක් විශ්වාස කරපු අපි දෙන්නා, අවුරුදු ගාණක් එකම ඉස්කෝලේ ඉඳලා, ඒ සංකල්පය ගැන කතා කරන්න බ්ලොග් ලෝකේ හරහාම හමු වෙච්ච හැටි! :D
Deleteමේක අපිට කියලා දීපු සර්ව ඔයත් දැකලා තියෙනවා, හැබැයි ඔයා ඒ සර්ගෙන් ඉගෙනගෙනනම් නෑ.