මේ කතාව ඔයගොල්ලෝ මීට කළිනුත් කියවලා ඇති සමහරවිට. ඒත් කමක් නෑ, මට හම්බ උන ඉංග්‍රීසි කතාව මම සිංහලයට පරිවර්තනය කළා මේ විදිහට.
***
මගේ අම්මා වතාවක් මගෙන් ඇහැව්වා අපේ ඇඟේ තියෙන වටිනාම ඉන්ද්‍රිය මොකද්ද කියලා.
අවුරුදු ගණනාවක් යනකල් මං එක එක උත්තර ඉදිරිපත් කළා. පොඩි කාලෙදි මට හිතුණේ ඇසීම කියන එක ගොඩක් වැදගත් කියලා. ඒ නිසා මං උත්තරේට දුන්නේ 'මගේ කන්' කියලා. ඒත් අම්මාගේ උත්තරේ උනේ, 'නෑ, ගොඩක් මිනිස්සු ඉන්නවා බිහිරි අය. තව හිතන්න.'
අවුරුදු කීපයකට පස්සේ අම්මා ආයෙම ඒ ප්‍රශ්නේ මගෙන් ඇහුවා. ඒ වෙද්දි මං හිතුවේ පෙනීම තමයි කෙනෙකුට තියෙන වැදගත්ම දේ කියලා. ඒ නිසා මං කිව්වා 'අපේ ඇස්' කියලා. අම්මා මං දිහා බලලා උත්තර දුන්නා, 'ඔයා ඉක්මණට ඉගෙනගන්නවා. ඒත් හරි උත්තරේ ඒක නෙවෙයි. ගොඩක් මිනිස්සු ඉන්නවා ඇස් පේන්නේ නැති.'
මං උත්සාහය අත ඇරියේ නෑ. වසරින් වසර ගෙවිලා ගියා. තවත් දෙසැරයක් මගේ පිළිතුරු වැරදුනා. ඒ දෙවතාවෙදිම අම්මා කිව්වේ 'නෑ. ඒත් ඔයා දවසින් දවස පිළිතුරට කිට්ටු වෙනවා,' කියලා.
අන්තිම වසරේදී මගේ සීයා මිය ගියා. හැමදෙනාම දුක් උනා. හැමදෙනාම වැළපුනා. සීයාට අවසන් ගෞරව දක්වන මොහොත ලඟා උනාම අම්මා මා දිහා බැලුවා. 'ඔයා දන්නවද දැන් කෙනෙකුගේ සිරුරේ තියෙන වටිනාම අංගය මොකද්ද කියලා?' ඒ වෙලාවෙදි අම්මා ඒ ගැන ඇහැව්වාම මම හුඟක් පුදුම උනා. මං හැමදාම හිතාගෙන හිටියේ ඒ අම්මයි මායි අතර පුංචි සෙල්ලමක් කියලා.
මගේ මුහුණේ ඇති වෙච්ච වෙනස අම්මා දකින්න ඇති. 'මේ ප්‍රශ්නය හුඟක් වැදගත්. ඒ ප්‍රශ්නෙනුත්, ඒකට ඔයා දෙන උත්තරෙනුත් පැහැදිලි වෙන්නේ ඔයා ඇත්තටම ඔයාගේ ජීවිත කාලය තුළ ජීවත් වෙලා තියෙනවද කියලයි. මීට කළින් ඔයා දීපු හැම උත්තරේකදිම මම කිව්වා ඔයා වැරදි බව. ඒ එක්කම ඒකට හේතුවත් කිව්වා. අද තමයි ඔයා මේ වැදගත් පාඩම ඉගෙනගන්න ඕන දවස.' අම්මා කෙනෙකුටම පමණක් උරුම බැල්මකින් අම්මා මා දිහා බැලුවා. අම්මාගේ ඇස් වල කඳුළු. 'පුතේ, කෙනෙකුගේ ඇඟේ වටිනාම අංගය එයාගෙ උරහිස,' අම්මා කිව්වා.
'ඒ උරහිස මගේ ඔළුව ඔසවාගෙන ඉන්න නිසාද?' මම ඇහැව්වා.
'නෑ, ඒ ඔයාගේ යාළුවන්ට, සමීපතමයන්ට අඬන්න ඕන වෙලාවට එයාලගේ ඔළුව තියාගන්න පුළුවන් තැනක් නිසා. හැම කෙනෙකුටම ජීවිතේ කොයිම වෙලාවකදි හරි අඬන්න උරහිසක් ඕන වෙනවා පුතේ.'
ඒ මොහොතේදී මම ඉගෙනගත්තා සිරුරේ වැදගත්ම ඉන්ද්‍රිය කිසි විටෙකත් ආත්මාර්ථකාමී දෙයක් නොවන බව. එය අනුගේ දුක වෙනුවෙන් පිහිටි දෙයක්. ඔබ කියන කරන දෙය මිනිසුන්ට අමතකව යා හැකියි. නමුත් ඔවුනට ඔබෙන් දැනෙන දෙය ඔවුනට කිසිදා අමතක නොවනු ඇත.

මේ කියලා තියෙන්නේ සහතික ඇත්ත සිත්තමී...
ReplyDeleteපුලුල් උරතලයක වටිනාකම කියන්ට බෑ. ඕනි වෙලාවක මූන හංගගන්ට, ඒ උඩ හිස තියාගෙන නිදා ඉන්ට. තව කොච්චර ජාතිද?
මෙයාත් රෑ තිස්සේ ඇහැරගෙන වටිනා ඉන්ද්‍රියයන් ගැන කල්පනා කරමින් ඉන්නවා නේද? :D
ඔව් අනේ මගෙ මේ අහිංසක ඇස් දෙකයි ඇඟිලි දහයයි ගැන කල්පනා කර කර තමයි මෙව්වා ලියන්නේ... :)
Deleteහෙහ්, හෙහ්, වටිනාම ඉන්ද්‍රිය ( ඉන්ද්‍රිය කියන වචනෙ හරියටම හරි නම් නෑ ළමයා..තේරුණයි?....ඉන්ද්‍රිය කියන්නෙ Organ කියන එකට...උරහිස Organ එකක් නෙවෙයි. ශරීරයෙ වටිනාම උපාංගය කිව්වොත් සම් ටයිම්ස් හරි..ඒත් ඒකත් හරිම නෑ...) උරහිස වෙන්න ඇති..ඒත් මම නම් දෙන්නෙ නෑ මයෙ උරහිසවත් මයෙ පපුවවත් ඔය කාටවත් ඔලුව තියාගෙන ඉන්ට...හුහ්..එව්ව කොහෙද මාත් එක්ක....අඬන්ටම ඕන නං අර කොට්ට තියෙන්නෙ. ගං ඒකක්..අරං අඬාපිය ඇතිවෙනකල්...මම කියන්නෙ ඔන්න ඔහොමයි.
ReplyDeleteP.S. - Around Peradeniya internet is down these days. :) :)
අයියා හරි. ඉන්ද්‍රිය කියන එක ගැලපෙන් නෑ කියලා මටත් හිතුණා. ඒ උනාට ඩික්ෂනරි පෙරල පෙරල ඕක හොයන්න කම්මැලි හිතුණා. ඔන්න ඔහෙ දැම්මා ඇදුරු තුමා ඉන්න බව දන්න හින්දා අපේ වැරදි පෙන්නලා දෙන්න. :)
Deleteආ ඒ පැත්තෙ ඉන්ටනෙට් නැති උනාට කාරි නෑ, මට ඕනනං ප්‍රින්ට් කරලා අරං තැපෑලෙ යවත හැකි අක්කට මේක. :D :D :D
ම්.අහලා තිබුනේ නැති කතාවක් සිත්තමී..
ReplyDeleteමම හිතං හිටියෙ හදවත කියලා..
මං හිතන්නෙ රූ ඒක මගේ පරිවර්තනයේ වරදක්. මේක ඉංග්‍රීසියෙන් තිබුණේ 'Most Important Body Part' කියලා. ඒක හරි විදිහට තේරුම එන්න ලිව්වනම් ලියන්න වෙන්නේ 'වැදගත්ම ශරීර අවයවය' කියලා. ඒත් ඉතිං ඒ වචන ටිකේ හැටි සාහිත්‍යමය රසයක් නැති නිසා මං අර විදිහට දැම්මේ 'වටිනාම ඉන්ද්‍රිය' කියලා. ඉතින් අවයව කියන කොටසට ඇතුල් වෙන්නේ සාමාන්‍යයෙන් ශරීරයේ බාහිරට පෙනෙන කොටස්නේ. ඒ අතරින් එකක් තමයි අම්මා පුතාගෙන් පිළිතුර විදිහට බලාපොරොත්තු වෙන්න ඇත්තේ.
Deleteගොඩාක් ස්තූතියි ඔයාගෙ කොමෙන්ටුවට. :)
ReplyDeleteහ්ම්ම්ම්.. පුදුමාකර අහම්බයක් .. මේ මම මීට ටික දවසකට කලින් ලිව්ව කවියක් ... ඇත්ත.. උරහිසක් සෑහෙන්න වටිනවා ...
ඇබෑර්තුව ..
රිදෙන හිස
හොවන්නට
නෙත කඳුලු
දරන්නට
අසලින්ම
රැඳෙන්නට
< උරහිසක් >
අවශ්‍යව ඇත .. !!
හප්පේ මෙයාට මේ පැත්ත මතක් වෙච්ච කල්! :D
Deleteඔව් නේන්නං, ඔයාගේ කවිය ඇතුලේ ඒ මුළු කතාවම තියෙනවා...