29. පුංචි පුතාගේ අම්මා සමනළයාට කීව කවි...



අරුණෝදේ සුපිපෙන මල් ගොමු මත
රොන් උරනා රන් සමනළ පැටවුනි
එපා දුවන්නට මා පොඩි පුතු දැක
නපුරක් නෑ මා පුතු මල් කැකුළකි

ගහට කොළට පොඩි කුරුළු පැටවුනට
හරිම ආදරෙයි අවිහිංසක පුතු
හිනැහෙන මල් දැක නටන සමනලුනට
ගීත ගයා තුටු වෙයි මා පොඩි පුතු

නපුරු හිතක් නෑ හිංසාවක් නෑ
නුඹ දෙස බලමින් සතුටින් හිනැහෙයි
නුඹෙ ඔය ලස්සන දේදුනු පැහැයෙන්
මා පොඩි පුතු නුඹ සිත්තම් කරාවි

ඔහු එනු දැක ඔබ සැඟවී ගියහොත්
කඳුළු වැලින් පොඩි මුහුණ තෙමේවී
මා පොඩි පුතුගේ ගීත අසන්නට
රොන් උරමින් ඔතනම ඉනු මැනැවී

8 comments:

  1. සිඟිති මුවඟ නැඟෙනා කිරි හසරැලි,
    දිලෙනා සමනල තටුවක රූ සිරි,
    මවකගෙ සෙනෙහස් ගඟුලකි නිම්නැති,
    කව නුඹෙ මහදේ මැව් රස ගඟුලකි,

    හරිම සුන්දරතම කව් පෙලක් නඟේ....:)

    / නුඹෙ ඔය ලස්සන දේදුනු පැහැයෙන්
    මා පොඩි පුතු නුඹ සිත්තම් කරාවි /

    මෙතන තියනව පොඩි දුරවබෝධයක්.....:) :)

    මේ කියන්නෙ සිත්තරා සුට්ටි කාලෙ ගැනද..එහෙමත් නැත්තං...හෙහ්, හෙහ්, හෙහ්,

    ReplyDelete
    Replies
    1. කවි පෙළ අගය කළාට ගොඩක් ස්තූතියි අයියේ :)
      දුරවබෝධයක් කිව්වෙ? තේරුණේ නෑනේ.

      Delete
    2. / දුරවබෝධයක් කිව්වෙ? තේරුණේ නෑනේ /

      දුරවබෝධ යන වදන ඔබට දුරවබෝධවී ඇති සැටියෙකි..හෙහ්, හෙහ්,

      දුරවබෝධ කියන්නෙ හරියට තේරුණේ නෑ කියන එකයි..:) :)

      Delete
    3. අන්න එහෙම කියන්න එපැයි තේරෙන බාසාවෙන්. :D

      /*මේ කියන්නෙ සිත්තරා සුට්ටි කාලෙ ගැනද..එහෙමත් නැත්තං...හෙහ්, හෙහ්, හෙහ්,*/

      පිස්සුද අනේ. එයාව සුට්ටි කාලෙ මං අඳුරනවැයි. මේ ඇවිල්ලා මං සුට්ටි කාලේ අපෙ අම්මට හිතිච්ච දේවල් වෙන්ඩැති. :D

      Delete
    4. මට නම් හිතෙන්නේ මේ සිත්තර දරු පැටියෙක් ලැබුණු කලට සිත්තමී අම්මට හිතෙන දේ කියල :)

      Delete
    5. හ්ම්... එහෙමත් හිතන්න පුළුවන් නේද ඇත්තට.... :)

      Delete
  2. සිත්තමී....එතකොට අර "පුතුට අපගෙන්" කියන බ්ලොග් එක කාගේද? :O

    ReplyDelete
    Replies
    1. ඒකත් මගේ සයුරි. මේකේ පුතා ගැන ලියන ඒවයි, තව ළමයින් වෙනුවෙන් තියෙන ගීතයි මම ඒකෙත් දානවා. :)

      Delete